වාලුකා කාන්තාරෙ ජීවත් වෙමින් මැදපෙරදිග ජන ජීවිතය හා භාවිතය මෙන්ම ලාංකික සමාජ, දේශපාලන හා සංස්කෘතික සිද්ධීන් පාදක කොට ලියැවෙන කතිකාවක් ගොඩනගන්න සෙරන්ඩිබ් ඔටුව පටන් ගත්තෙ හරියටම අවුරුද්දකට කලිං.
ඒ කියන්නෙ හරියටම 2014 ජනවාරි මාසෙ.
චොකා බයිලා මැද්දේ... සැමරූ සුනාමියේ සද්දේ...
http://otukatha.blogspot.com/2014/01/blog-post.html
සුනාමිය සමරන්න හැතැප්ම ගව් ගාණක් දුරු රට ඉඳං බාධක කම්කටොලු මැද්දෙ තම හැකි පමණින් කැප වුණ ආදරණීය මිනිසුන් ගැන ලියන්න පටං අරං ඊට පස්සෙ මැදපෙරදිග කතිකාවෙන් ඔබ්බට ගියා.
ගහපු පදයකුත් නැත්තේ...... බෙරේ පලුවකුත් නැත්තේ........http://otukatha.blogspot.com/2014/02/blog-post_20.html
ලාංකික දේශපාලන හැලහැප්පිලි ගැන විවෘත කතා බහක් ආරම්භ කළා.
මේව ගොඩක් ඈයො කතා කරන්න පැකිළෙනව තමයි.
ඒත් සෙරන්ඩිබ් ඔටුවට බලෙන් දා ගත්ත සීමා මායිම් නැහැනෙ.
ඒ අව්අස්සෙ වැඩියෙන්ම නැගල ගියේ
තන පුක දැක නිළියන්නේ.....අනේ අපොයි නළියන්නේ.....
http://otukatha.blogspot.com/2014/02/blog-post_13.html
තන පුක කිව්ව ගමන් කට්ටිය පොර කකා ඔය කියවල තියෙන්නේ්...
හැබැයි ඕකත් රැල්ලට ගිය කතා බහක් නම් නොවෙයි ඔං....
ජ්‍යොතිෂකාරයන්ට රැවටෙන්නෝ........ රැවටි රැවටි වැනසෙන්නෝ..........
http://otukatha.blogspot.com/2014/03/blog-post_20.html
ජ්යෝතිෂකාරයන්ට රැවටෙන්න එපා කිව්ව කතාව නං ඕන් එළිපිටම සිද්ධ වුණා. ජ්යෝතිෂකාරයන්ගේ බයිල වලට රැවටිලා මදැයි තව අවුරුදු දෙකක් ඉන්න එක නැති කොර ගත්ත.
ඔවයින් අපේ ජනතාව පාඩම් ඉගෙන ගනීද මංදාාාා....
සිරි දළදා හාමුදුරුවන්වත් විකුණාගෙන කන බඩගෝස්තරවාදියෝ.............
http://otukatha.blogspot.com/2014/03/blog-post_9.html
බඩගෝස්තරය ගැනම හිතාගෙන පැත්තක අරක්කු බාර් එකක් පවත්තගෙන යන ගමන් තිරේට වැඩම කරල ඉන්න දළදා වහන්සෙ වැඳ පුදාගෙන නිවන් යන්න චිත්‍රපට ශාලාවට එන්න කියල ප්‍රසිද්ධ මාධ්‍යවලින් කටමැත දොඩවන සිංහල සිනමා භක්ෂකයො ගැනත් සෙරන්ඩිබ් ඔටුව කතා කලා ඕං...
කාන්තාවන් මැදපෙරදිග වහල් සේවයට යාම තහනම් කරනු.
කිව්වෙ හේතු සාධක ඇතිව.
ගෘහ මූලික පොන්නයොයි...... දේශපාලන පොන්නයොයි....
මේ පොන්න වැඩේ යහපාලනයෙන්වත් නවත්තල දාන්නෙ නැත්තෙ මේ අහිංසකයින්ගෙන් යහපාලනකාරයො රට රැකගන්න බලන් ඉන්න හිංදද.....
තවත් කළු ජූලියකට අතවනන මෘගයිනි.......! තොපිට හෙන පිට හෙන.....
රටක් විදිහට ම්ලේච්ඡත්වය විදහා දැක්වූ තිරිසන් 80 කළු ජූලියක් නැවත ඇතිවන්නට යන බව දැක ඒ පසුපස ඉන්නා මෘගයින්ට හෙන ඉල්ලීමට සෙරන්ඩිබ් ඔටුවා පැකිළුණේ නැහැ.
"නාමල්ගේ ලියුමට කැම්පස් යන්නත් පුළුවන්" නොහොත් ක්ෂණයෙන් රෙද්ද කඩාගත් ක්ෂණිකා නෝනා...."
දේශපාලුවන්ගේ අන්තනෝමතිකත්වයට යට වන උගත් යැයි කියාගන්නා නෝනලා සහ මහත්තුරු ගැන අශීලාචාර කතාව නොලියාම නොහැකි වුණා.
සම්මාන සහ අවමාන නොහොත් ලේඛකයන්ගේ පුක බිම ඇනීම
සාහිත්‍යයේ අලකලංචි ගැන මැදිහත් වෙන්නත් සෙරන්ඩිබ් ඔටුව අමතක කළේ නැහැ.
විශ්වවිද්‍යාලයට බහිරව සංස්කෘතියක් ගෙනෙන එස්.බී. නම් බහිරවයා.....
සරසවි සිසුන්ට වින කැටූ හිටපු ශිෂ්‍ය නායකයෙකු වූ අම්බරුවා ගැන අපුලෙන් ලියූ ලියවිල්ලක්....
ආඬි හත්දෙනාගේ කැඳහැලිය නොහොත් මෛත්‍රී ජවුසම...........
ආඬි හත් දෙනාගෙ කැඳහැලිය කිව්ව අනාවැකිය ඔය පෙන්නේ...
එක එකා එක එක කතා..
රාජිතගෙ පැටිකිරිය දිග අරින්න ගියොත් ඔටුකතා දුසිං ගාණක් වුණත් ලියන්න පුළුවනි.
හැබැයි ඉතිං බඩගියා වගේ තමයි ඕං....
පැණි වරකා ගහටත් හෙණ වදිනව කියන එක ඉතිං ඉපැරණි උපහැරණයක්නෙ බොලල්ලා.
ඉතිං ඔන්න ඔටුවටත් මේ විගඩං දැකල පණ පලයං පෙරේදා කියල හිතුණා.
ඒ හංදා ටික කාලෙකට දෙන දෙයක් කාල වෙන දෙයක් බලං ඉන්න හිතුවා.
ඔන්න ඉතිං....
"වාලුකා සිතුවිලි" විරාමයකට......දින 100 කට පස්සෙ යහ පාලනයෙන් හමුවෙමු....
එක එකා එක එක කතා..
යහ පාලනයට එක් වූ රාජිතගේ...... * ප්‍රා * ඝාතන පැටිකිරිය ඔන්න බොලේ එළියට ඇදිලා.....
රාජිතගෙ පැටිකිරිය දිග අරින්න ගියොත් ඔටුකතා දුසිං ගාණක් වුණත් ලියන්න පුළුවනි.
හැබැයි ඉතිං බඩගියා වගේ තමයි ඕං....
දින 100යේ පැණි වරකා ගහට හෙණ වැදීම නොහොත් ආඬි හත් දෙනාගේ කැඳ හැළියේ විගඩම
http://otukatha.blogspot.com/2015/01/100_29.htmlපැණි වරකා ගහටත් හෙණ වදිනව කියන එක ඉතිං ඉපැරණි උපහැරණයක්නෙ බොලල්ලා.
ඉතිං ඔන්න ඔටුවටත් මේ විගඩං දැකල පණ පලයං පෙරේදා කියල හිතුණා.
ඒ හංදා ටික කාලෙකට දෙන දෙයක් කාල වෙන දෙයක් බලං ඉන්න හිතුවා.
ඔන්න ඉතිං....
"වාලුකා සිතුවිලි" විරාමයකට......දින 100 කට පස්සෙ යහ පාලනයෙන් හමුවෙමු....