ලොව පුරා බිහි වී ඇති
සම්භාව්‍ය කලා නිර්මාණ ලෙස ප්‍රචලිත චිත්‍ර , මුර්ති, ගල්
කැටයම් පමණක් නොව සිනමා
සිත්තම් ද, වෙනත් සාහිත්‍ය නිර්මාණ ද ලෝකයාගේ මානව වර්ගයාගේ පැවැත්ම නම් වු සොබා දහමේ අරගලය වෙනුවෙන් දායක වන ඒවා බව අමතක කිරීමට අප රට ජනතාවගේ ජන මිශ්‍රනය සකස් කැර
ඇත.
මේ චින්තනය අප රට දිගු
කාලයක් මුළුල්ලේ ගලා ආ සමාජ , ආගමික හා සාරධර්ම චින්තනය විසින් සීමා බන්ධන පැනවීමක් නිසා ඇති වු දෙයකැයි පෙනී යයි.
සොබා දහම ලෝකයත්
මිනිස් ජීවිතයත් පිළිබඳව නියත ගමනක් තීරණය කැර ඇත්තේ එය ඉදිරි ගමන සාක්ෂාත් කැර
ගැනීමේ අරමුණින්ය.
මිනිසුන් හා ගැහැණුන්
සොබා දහමට අයත් ප්‍රපංචයෝ වෙති.
ඔවුහු ලෝකයේ පැවැත්ම
වෙනුවෙන් හැසිරිය යුතු වන්නේය.එය සීමා බන්ධන තහංචි ඔස්සේ කඩා බිද දැමිය යුතු නැත.
ඒ ඒ රටවල සමාජ
සංස්කෘතිය විසින් පනවනු ලබන හා පනවා ගනු ලබන සීමා තිබිය හැකි වුවත් ඒවා මගින් මනුෂ්‍ය ජීවිතය සැපවත් කරන තෘප්තිමත් කරන මානව සිතිවිලි බිහි වීමටත් ඒවා ඇගයීමටත් හැකියි.
නිරවුල් වුත් සරල වුත්, සුගම වුත්, තීක්ෂණ
වුත් මානයක් මිනිසුන් අතර වර්ධනය කළ යුතුය.
මේ මුලික දර්ශනය විද්‍යාව, පරිණාමය, දේශපාලනය හා ලිංගික ජීවිතය පිළිබඳ විචිත්‍ර බවක්
පුළුල් දැක්මක් විවෘත කැර ගැනීමට ඉඩකඩ විවෘත කළ යුතුව ඇත.
ශ්‍රී ලංකාවේ ජනතාවට
මේ ඉඩ හසර ඇහිරී ගොස් තිබීම කනගාටුදායක අත්දැකීමකි.
අපට නිරුවත් චිත්‍ර
මුර්ති කලා අධ්‍යයනයට හා රසවින්දනයට හැකියි.
ඒ විචක්ෂණ භාවය ලං කැර
දීමට අපේ අධ්‍යාපනය වත් අපේ සමාජ විග්‍රහය විසින්වත් ඉඩ ලබා දී නැත.
ක‍්‍රිස්තු වර්ෂ පස්
වැනි සියවසේ සීගිරී චිත්‍ර බිහි වන විටත් ලෝකයේ එබඳු චිත්‍ර බිහි වි නොතිබිණි.
යුරෝපයේ සම්භාව්‍ය කලා කෘති ලෙස බිහි වු චිත්‍ර හා මුර්ති ක්‍රිස්තු වර්ෂ 17-18 සියවස් වලට අයත් ඒවාය.
අපේ රට ඒ වන විට උසස්තම චිත්‍ර බිහි වී සියවස් දොළහක් ගෙවී හමාරය.එහෙත් අපේ රට සිගිරියෙන් පසු ඒ චිත්‍ර කලාව ද අහිමි වී ගියේය.
මේ පසු බෑම අපේ රටේ සමාජ චින්තනයේ කඩා වැටීමක් වෙයි.
එය සිදු වුයේ ඇයි දැයි අප ප්‍රශ්න කළ යුතුය
විමල් රණතුංගගේ ‘සෞන්දර්ය මානව රූප හා කලාව ’ කෘතිය පිළිබඳ “ලංකාදීප” පුවත්පත් වෙබ් අඩවියේ
පළවූ සටහනකින් උපුටා ගන්නා ලදී. මෙහි එන අක්ෂර වින්‍යාශ හා ව්‍යාකරණ වැරදි වල වගකීම පුවත්පත් ලේඛකයා සතුය.
(විමල් රණතුංග මාධ්‍යවේදියෙකි.ගත් කතුවරයෙකි,විශ්‍රාමික රජයේ
සේවකයෙකි.උපාධිධරයෙකි.)
-සෙස්ස පස්සට ෴
පසු සටහන: සෙරන්ඩිබ් ඔටුවට පෞද්ගලිකව යමක් ලියන්න,
වාලුකා කාන්තාරෙ සිද්ධ වෙන තොරතුරු ටිකක් එවන්න,
සමාජ ප්‍රශ්න ගැන හිතෙන යමක් ලියන්න
කැමති ඇත්තො ඉන්නව නං මෙන්න email ලිපිනය.
otukatha@gmail.com
පෞද්ගලිකව තොරතුරු එවන අය ගැන
එළිදරව් කරන්නෙ නං නෑමයි ...ඕං.....
ක‍්‍රිස්තු වර්ෂ පස් වැනි සියවසේ සීගිරී චිත්‍ර බිහි වන විටත් ලෝකයේ එබඳු චිත්‍ර බිහි වි නොතිබිණි///
ReplyDeleteඅජන්තා චිත්‍ර ඊට පරණ නැද්ද... මට මතක ඒ වගේ...
දන්න කෙනෙක් ඉන්නව නං පොඩ්ඩක් කියන්න ඒ ගැන....
අර අක්ක ගැන මට දුකත් හිතෙනව... ඇයි යකෝ වෙන අල්ලගන්න එකෙකහෙිටියෙම නැද්ද
Here is the link to the original article:
ReplyDeletehttp://www.lankadeepa.lk/index.php/articles/222050
මහේෂ් ළමයෝ....ඒ අක්ක අල්ලගෙන ඉන්නෙ කලා නිර්මාණයක්.
ReplyDeleteඇත්ත පුරුෂයෙක් නොවෙයි. මැටි පිඩක්.
ගොඩක් දෙනෙක් වරද්ද ගන්න තැන ඔතැන.
ඕ වුනාට ඔටුවෝ, අක්කත් හෙළුවෙන් නේද?
Deleteහෙළුව දැක්කම හෙනහුරාට නිකං කිති කිති වගේද දන්නෑ එහෙම ඇහුවෙ.
Deleteකලාත්මක රුවක් කලාත්මක ඇහින් බලන්න පුරුදු නොවීමේ මානසිකත්වය එළියට පැනලා වගේ.
කලාත්මක නග්න සේයා රූ ගැන හෙනහුරා අහලවත් නැද්ද හැබෑටම.
ඔටුවට හිතෙනව දවසක උදාහරණ එක්කම ඔය ගැන ලියන්න.
අගනා ලිපියක්
ReplyDeleteනාට්‍යකාරයාගේ අගය කිරීම ළං මැඩියන්ට ආදුරුසයක් ඕං.
Deleteමේ ලංකාවෙ අමුතු තහංචියක් නෙවෙයි. සමාජය පැවැත්මට ලිංගිකත්වය වගේම තහංචියත් අවශ්‍ය බව හිතෙන්නෙ නැද්ද? (ඒ විතරක් නෙවෙයි මේ වගේ ලිපිත් අවශ්‍යයි වගේ බලාගෙන යනකොට.)
ReplyDeleteමෙන්න බොලේ හෙනහුරාගෙ ඇස් ඇරිලා.....
Deleteඅමු අමුවේ ලිංගිකත්වය විකුණං කන ගොබිලන්ට නං තහංචි නොදා බැරි වෙයි. ඒත් තහංචි දාන්නට උඩගෙඩි දෙන්නෙ නැත්තං තමයි හොඳ.
හැබැයි පුතෝ මේ ලිපියත් එක්ක දාල තියෙන්නෙ ලිංගික සංඥා තියෙන රූප නොවෙයි නේද ? කලාත්මක රූප නේද?
ඔටුවට හිතෙනව දවසක උදාහරණ එක්කම නග්න රූප කලාව ගැන ලියන්න.