ඉන්දියාව,
බංගලිදේසෙ, සිරිලංකාව වගේ රටවල කාන්තාවෝ විතරක් නොවෙයි පහල මට්ටම්වල රස්සා කොරන
පිරිමි පාර්සවේ පවා වාලුකා කාන්තාරෙ ඔටු රටවලට වෙලා වැඩ කොරන්නෙ සොච්චං මුදලකට.
ලක්සෙට කොඩි දාගන්න
පුළුවන් තරමෙ උදවියත් නැතුවා නොවෙයි. ඒත් බොහොමයක් දෙනා වැඩ කොරන්නෙ උපන් රටට
ගොහින් කියන්නත් ලැජ්ජ හිතෙන තරමෙ හිඟන පඩි වලට.
තමන්ගෙ රටට වෙලා
කුලියක් මලියක් කළත් ඔය ගාන හොයා ගන්න බැරිවෙන එකක් නෑ. හැබැයි ඒ වගේයැ පිටදේසෙකට
ඇවිත් හාම්පුතාලගෙ පස්ස හේදුවත් ගමේ රටේ උන්ට පේන එකක්යැ.
සිරිලංකාවේ
වැඩියෙන්ම විදේශ විනිමය ලැබෙන්නෙ වාලුකා කාන්තාරෙ ගෙවලවල මෙහෙකාරකොමට ඇවිත් දහදුක්
විඳින ඇත්තියන් රටට එවන කාසි පනං වලින් වුනාට වැඩියෙන්ම අසරණ වෙන්නෙත් උන්දැලම
තමයි ඕං.
විශ්වාස කළෑකිද
අයිබං පෙළක් ඇත්තියො මාසයක් කඹුරලත් අතට ගන්නෙ සිරිලංකාවේ සල්ලි වලින් රුපියල් විසිදාහකටත්
අඩුවෙන් වෙච්චි අවස්ථා තියෙනව කිව්වම.
විශ්වාස කළත්
නොකළත් මේ උන්දැල දරුමල්ලො, දෙමාපියො, සහෝදර සහෝදරියො කොටින්ම දරු පවුල් පිටින්
අතෑර දාල මේ කාන්තාරෙට ඔය වගේ සොච්චං හිඟන පඩියකට එන්නෙ මොන කරුමෙකටද මංදා.
ඉඩමක් කඩමක් ගන්න,
ගෙයක් දොරක් හදා ගන්න, ගෙදරට වටින බඩු මුට්ටු ටිකක් ගන්න, දරුවො දීග තලග දෙන්න,
ඔත්පල වෙලා ඉන්න දෙමාපියන්ට පිළිසරණක් වෙන්න, ණයතුරුස් බේර ගන්න ආදී මෙකී නොකී
හේතු කාරණා හිංද සත් සමුදුර ගෙවාගෙන ගෙවල්වල මෙහෙකාරකමට එන කාන්තාවො මොන තරං
දහදුකක් විඳිනවද අම්මපා.
මෙහෙම හම්බු කොරල
ගං රටවලට යවන සල්ලිත් කාබාසිනියා කොරොන එවුන් ඉන්නව. ඒ වගේම ඒ සල්ලි වලින් කාල බීල,
සූදු කෙළල සුදි කොරන එවුනුත් ඉන්නව. නෙයියාඩගං, නරිනාටක විතරක් නොවෙයි මඟුල් නටන
එවුනුත් ඉන්නව.
අරහෙ ගෑනි දහදුක්
විඳිනව. කන්ඩ දෙන්නෑ කියයි, තඩිබානව කියයි, කටු ගහනව කියයි, උඩ තට්ටුවෙන් පහලට
තල්ලු කළා කියයි, දසවද දිදී වැඩ ගන්නව කියයි. ඒ මදිවට අඹු කොමටත් ගන්න බව නොකියයි.
ඉතිං මේවට මූණ දෙන්නෙ
නැතිව හොරෙන් එළියට පනින අයත් ඉන්නව. ඒජන්සි වලින් එක ගෙදරක වැඩට ඇවිල්ල එතනින්
පැනල ගොහිං හැංගි හැංගි කෑලි ගානට, නැත්තං පැය ගාණට වැඩ කරන අය ඕන තරං.
එතකොට නිදහස තියෙනව
තමයි. අර කිව්ව වද බන්ධන නෑ තමයි. ඒත් ජීවත් වෙන්නෙ පපුවෙ ගින්දරින්. කොයි වෙලාවෙ
ආරක්ෂකයො කුදලං යයිද කවුද දන්නෙ. කුදලං ගියාම හිරේ විලංගුවෙත් දාලා ආපු රටටම ආපහු
පටෝල යවනව.
ඉතිං මේවයින්
බේරෙන්න එක එක උප්පර වැට්ටි දා ගන්නව.
අද ඔටුවගෙ කතාව මේ
ගැනයි ඕං.
ගෙවල් වලින් පැනල
ගිහින් හැංගි හොරා වැඩ කරන කාන්තාවන්ට වැඩි ගාණක් හොයා ගන්න පුළුවන් වෙන්නෙ පැය
ගානටම අය කරන හිංදම විතරක් නොවෙයි හොඳ හයිය තියෙන මෝරෙකුත් අල්ල ගන්න පුළුවන්
නිසයි.
උපන් රටේදි හරි
හමන් සුදුසුකමක් පළ පුරුද්දක් නැතිව අනාථ නාථ වෙච්චි උන්දැලැ මෙහෙ ඇවිත් තමන්ට
හිතා ගන්න බැරි තරමෙ පඩිනඩි වලට වැඩ කොරනව. එක පාරටම ලක්ස ගණන් හම්බු කොරන්න ගත්තම
මේ කට්ටිය මෝරු වෙන එක අහන්ඩත් දෙයක්යැ.
එතකොට උපන් රටේ
ගෙවල් දොරවල්වල ඉන්න දරු මල්ලන්ට සලකන ගමන් වාලුකා
කාන්තාරෙනුත් පවුල් වෙනව. පවුල් කනව.
මේ මෝරුන්ට අහු
වෙන්නෙම හොරාට පැනල තැන් තැන් වල මෙහෙකාරකම් කොරන ගෑනු පරාණම තමයි.
මේකෙන් මෝරුන්ගෙත්
උවමනා එපාකම් ඉෂ්ට සිද්ධ වෙනව.
අර අහිංසක ගෑනු
පරාණ වලටත් සොච්චමක් හරි වැඩියෙන් හොයා ගන්න ලැබෙනව. එහෙම කොරල ඒ ඇත්තියො උපන් රටේ
ඉන්න දරු පවුල් සුඛිත මුදිත කරන්න වලි කනව.
අවුරුද්දකට දෙකකට
වතාවක් ගම රට යනකොට යන්නෙ නං කිරි දියෙන් නාවපු සුද්ධවන්තයො, සුද්ධවන්තියො වගෙයි ඕං.
බොහොමයක් වෙලාවට
ගෙවල් සුද්ධ පවිත්‍ර කොරගන්න, කෑම උයා පිහා ගන්න තමන් ඉන්න පාලු ගෙදරට ගෙන්න ගන්න
ගැටිස්සියෝ විතරක් නොවෙයි මහ අම්මණ්ඩිල පවා මේ ගැටේට අහු වෙනව.
කෑම සමඟ ලෑම.
එක වෙලාවකට ඔටුවට
හිතෙනව මේව එක එක්කෙනාගෙ සාරීරික උවමනාවල් නොවෙද කියලත්.
හැබැයි ඕං හැමෝ ගැනම මෙහෙම හිතනව එහෙම නොවෙයි. ඔටුරටවල තනිපංගලමෙ රස්සාවල් කරන හැමෝම මේ තත්තෙට පත් වෙන්නෙ නෑ.
ඒකත් අවධාරණය කරන්නම ඕනැ.
මෝරුන්ට අහු නොවී තමන් ආව කාරණේටම කැප වෙලා උපන් රටේ ඉන්න දරු පවුල් ගැනම හිත හිත පේවිලා ඉන්න ඇත්තියනුත් නැතුවාම නොවෙයි. තමන් මෝරෙක් නොවී හරි හම්බ කරන සේසතම අඹු දරුවන්ගෙ සුබ සිද්ධියට යවන උන්දැලත් ඕනැ තරම් ඉන්නව.
හැබැයි ඕං හැමෝ ගැනම මෙහෙම හිතනව එහෙම නොවෙයි. ඔටුරටවල තනිපංගලමෙ රස්සාවල් කරන හැමෝම මේ තත්තෙට පත් වෙන්නෙ නෑ.
ඒකත් අවධාරණය කරන්නම ඕනැ.
මෝරුන්ට අහු නොවී තමන් ආව කාරණේටම කැප වෙලා උපන් රටේ ඉන්න දරු පවුල් ගැනම හිත හිත පේවිලා ඉන්න ඇත්තියනුත් නැතුවාම නොවෙයි. තමන් මෝරෙක් නොවී හරි හම්බ කරන සේසතම අඹු දරුවන්ගෙ සුබ සිද්ධියට යවන උන්දැලත් ඕනැ තරම් ඉන්නව.
හැබැයි ඉතිං අවුරුද්දක් දෙකක්
එක දිගට ඇඹේනියන්ගෙන් නැත්නම් ස්වාමි පුරුසයන්ගෙන් ඈත් වෙලා ඉන්න කොට ලිංගික ඕනැ
එපාකං ඉටු කොරගන්න හිතෙන එක වැරැද්දක්මද කියල කෙනෙකුට අහන්න පුළුවනි.
නොදන්නා රටක
තනිවුණාම ආරස්සාවට කෙනෙක් ඉන්නව කියල දැනෙන එකත් සහනයක් වෙන්නැති.
ඒ හංද ඔටුව මේ
නෙයියාඩගං අවකල් ක්‍රියා විදිහට විවේචනය කොරනව හෙම නොවෙයි, කට කහනවට කියල දානව
විතරයි ඕං.
හැබැයි මේ වැඩෙන්
වෙන්නෙ දෙපැත්තෙ ඉන්න දෙගොල්ලොම අනාථ වෙන එකයි. ඒක ඉතිං කොරන කොට තේරෙන්නෙ නෑ. කවද
හරි වැඩේ පත්තු වෙච්ච දවසක තමයි හබක්
වෙන්නෙ.
කකුළුව සැපක් යැයි
හිතාගෙන වතුර පැහෙන කල් හැලියට වෙලා දිය කෙළිනවලුනෙ.
ඒ වගේම නොවෙන්නං මේ පෙං කෙළිල්ලත්.
================================
පසුව ලියන වගයි.....
මෙන්න උදාහරණ
කාට කාටත් හොඳ පාඩම්....
පරෙස්සම් වෙයල්ලා....!
================================
පසුව ලියන වගයි.....
මෙන්න උදාහරණ
කාට කාටත් හොඳ පාඩම්....
පරෙස්සම් වෙයල්ලා....!
-සෙස්ස පස්සට ෴
පසු සටහන: සෙරන්ඩිබ් ඔටුවට පෞද්ගලිකව යමක් ලියන්න,
වාලුකා කාන්තාරෙ සිද්ධ වෙන තොරතුරු ටිකක් එවන්න,
සමාජ ප්‍රශ්න ගැන හිතෙන යමක් ලියන්න
කැමති ඇත්තො ඉන්නව නං මෙන්න email ලිපිනය.
otukatha@gmail.com
පෞද්ගලිකව තොරතුරු එවන අය ගැන
එළිදරව් කරන්නෙ නං නෑමයි ...ඕං.....
ගැල්වෙන්න බැරි උගුලකට අහුවෙනවා ඔය වගේ අය. උත්තර නැහැ කාගාවවත්. කීයක් හරි හොයාගෙන පවුල ගොඩ දා ගැනීම සහ ඒ නිසාම පවුල විනාශ කරගැනීම කියන ගිරයට තමයි අහුවෙලා ඉන්නේ.
ReplyDeleteඅහුවෙන අය හොඳටම උගුලට අහු වෙනව ....ගැලවෙන්න බැරි විදිහටම. කීයක් හරි හොයාගෙන පවුල ගොඩ දා ගැනීම ඉදිරියේ..
Deleteහරිම ඛේදවාචකයක් තමයි.
ඒ වුණාට අහු නොවෙන අය බේරිලාම ඉන්නව.
අනේ මන්දා බං ඔටුවෝ! රට රැකියා වලින් රටට විදේශ විනිමය ලැබෙනවා කිව්වට ඒ වගේම ප්‍රමාණයකට රට වලපල්ලට යනවා
ReplyDeleteලංකාවේ පීඩිත මිනිස්සු ගැන තියෙන අල්ප දැණුම බොහෝම හොඳට පේනවා. එච්චරයි කියන්න තියෙන්නේ. ලිංගිකත්වය ගැන නම් කියන්න තියෙන්නේ ළිං මැඩි චින්තනයේ ප්‍රතිමූර්තියක් කිය්න එක විතරයි.
ReplyDeleteමාතළං ලොක්කා මටත් දැන් ගෙදර ගෑනිගේ බඩ උඩ නැගලා එපා වෙලා. ඔහේ ඉතින් හෙන රැඩිකල් පොර හින්දා දාමුද අපි දෙන්නා ගැනු දෙන්නව මාරුවක්. හැබැයි ඉතිං මට පාඩුයි මොකෝ දැන් ඉතිං ඔහේගේ උන්දැට වයසයිනේ. ඒ හිංදා බෝනස් එකකට වගේ දුවත් එත් එක්ක දෙමු. මම දෙන්නටම හොඳ සැපක් දෙන්නම්.
Deleteඅවුලක් නැනේ ඔහේ දුව දෙන්නේ ලිං මැඩි චින්තනයක් නැති එකෙකුටනේ. ඒ හිංදා පෙට්ටිය කැඩුනත් මක්ක වෙනවද?. හැබැයි ඉතින් ආතල් එක ගත්තට පස්සේ දෙන්නා ගෙදර යන්න බැ කිවොත් මට එහෙම දොස් කියනවා නෙවේ.
නැ ..නැ බය වෙන්න එපා දෙන්නම එකට ඇඳට ගන්නේ නැ. ඔහේ ඉතින් ඒ වගේ දේවල් වලට එරෙහි නොවුනට මට නිකන් ලැජ්ජයි වගේ. මං ඉතින් ඔහේ වගේ පට්ට රැඩිකල් බුවෙක් නෙවෙයිනේ.
ලංකාවෙ වැඩිම සල්ලි ගේන බිසිනොස් ජාත් කීපයම මුල් වෙලා ඉන්නෙ කාන්තාවෙ... තේ රබර් විතරක් නෙවී ඇගලුම් වුණත් ඒ වගේ.... මේ අනික් එක...
ReplyDeleteඑක එක අය රට ගිහිං එක එක දේ කරනව... ඒත් එයාලට හර්ද සාක්සියක් කියල එක්කුත් තියේනෙ.. එයාල දන්නව නෙව එයාල කරේ මොනාද නොකරෙ මොනාද කියල
මොනා කියන්නද කියලා හිතාගන්න බෑ මේ වගේ කතා ඔටු දේශේ විතරක් නෙමෙයි ඔටුවෝ මේ යුරෝපාකරයෙත් අපේ මිනිස්සු අතර යහමින් සිදුවෙන දේවල්. හිනාකාල ඉන්න බැරි මෙහේ තියෙන නීති සංග්‍රහය අස්සේ ඔය කියන ගෑණුම අන්තිමට මොකක් හරි ගැටයක් ගහලා මිනිහව අසරණ කරනවා.
ReplyDeleteකාලා ඉන්න බැරි මුන් ඊට පස්සේ කතා කරන්නේ අර සංස්කෘතියයි උන්ගේ බම්බුවයි තමයි.
එහෙ වගේම මෙහෙත් බ්ලැක් මේල් කරන වෙලාවලුත් තියෙනව ආයිබං.....බම්බුවම තමයි.
Deleteඔන්න ඩුබායි පැත්තෙ ඉන්න ගොයියෙක් නිවාඩුවට සිරිලංකාවට යන කොට ඔය කීප් එකත් උස්සන් යනව. ඇඹේනිය දන්නෙ නෑ මිනිහ ගම රට ආ බව. අර ඇත්තිගෙ මිනිහ දන්නෙ නෑ තමන්ගෙ ඇඹේනි රට ඉඳන් ඇවිත් විත්තිය. ඉතිං මේ ජෝඩුව සතියක් හමාරක් ජවුසං නටනව.
ReplyDeleteඔන්න ඊට පස්සෙ තමයි දරු පවුල් බලන්න යන්නෙ. ගෙනාපු තෑගි බෝග මාරු වුණ දවසට තමයි වැඩේ පෝරියල් වෙන්නෙ. තෑගි බෝග නං මදැයි...ජංගි කොට බෑග් එකේ තිබුනොත් නං ඉඳල හමාරයි.
ලැජ්ජ නැති කොම මහමුදලි කොමටත් වඩා ලොකුයි කියනවනෙ....හිකිස්...
Deleteඅපේ රටේ එච්චරටම කරන්න දේවල් නැත්ද මේ අනුන්ගේ රටවල ගිහිල්ල දුක් විඳින්න? ඒකත් මෙතන තියෙන ප්‍රශ්නයක්.
ReplyDeleteබොහොම හොඳින් රැකියා කරමින්, තම ස්වාමියන්ගේ හිත් දිනාගනිමින්, තම පවුලටද රැකවරණය දෙමින් ජීවිතයගත කරන ගැහැණුන් බොහෝමයක් ඉන්නවා. අතලොස්සක් නිසා මේ දේවල් වන්නේ. මෙය බොහොම සංකීර්න සහ සංවේදී ලෙස සිතා බැලිය යුතු ගැටළුවක්.
Deleteකරන්ඩ දේවල් ඇතා නැතා මේවයෙ ඇවිත් කරන දෙයින් වැඩක් තියේද කියල කිරල මැනල බලන්න එපැයි රට පටවන්න කලියෙං.
Deleteකාන්තාවො මෙහෙකාරකමට යන එකෙන් දරු පවුල් කීයක් නං විනාශ වෙලා ඇද්ද මං අහන්නෙ ?
හම්බ කරන සොච්චං මුදලට අලගු තියන්නවත් පුළුවනිද ඒ විනාසෙ දිහාව බැලුවම. තාත්තල දුවලව තියා ගන්නෙත්, මිනිහ බේබද්දෙක් වෙලා නැති නාස්ති වෙන්නෙත්, නැත්තං මිනිහ වෙන ගෑනු පරානෙකට සැට් වෙන්නෙත්, බාල වයස් දූවරු අරූගෙන් මුගෙන් සල්ලං වෙන්නෙත්, පුත්තරයො කුඩ්ඩො වෙන්නෙත් බොහොමයක් වෙලාවට පවුල අතෑරල කහවනු හොයාගෙන වාලුකා කාන්තාරෙට එන කාන්තාවන්ගෙ පවුල් වල නේද?
අන්තිමේට ඉතිරි කරගත්ත සල්ලියකුත් නෑ...පවුලත් සී සීකඩ ගොහිං.
තමනුත් සමහරවිට අයාලෙ ගෙහුං බොලල්ලා........
එක පරක් මම කටාර් ඉන්නකොට කෝන්cඉ එක දිගෙ යද්දි මගෙ යාළුව්ක්ගෙ තාත්ත ( ඒ කාලෙ යාළුවටත් 23 විතර )මෙන්න ඇන්ටි කෙනෙක් එක්ක ඉන්නව රට ඉඳි ගහක් යට! මාව දැක්කොත් හරි නෑ කියල අනික් පැත්තෙන් යනකොට මෙන්න උන්ගෙ ලොකු තාත්ත , අර කලින් හිටිය අංකල්ගෙ අය්යත් ඉන්නව තව ඇන්ටි එකෙන්ක් එක්ක ඉට එහායින්. පස්සෙ ආරංචි උනා අපේ මිත්‍රයගෙ අම්මත් ලංකාවෙ ස්කූල් වෑන් ඩ්‍රයිවර් කෙනෙක් එක්ක පස්සෙ කාලෙක පැනල ගියා කියල.
ReplyDeleteඒ උනාට මොකද විදේශ විනිමයනෙ අප්ප!
මේක එක අතකට ඉට්ටැයිල් එකක් වේගෙන එනවද මංද.....
Deleteඑහෙම හිටියෙ නැත්තං නිකං මොකක්ද මොකක්ද වගේ ද මංද...
ඔටු පුරේ විතරක් නෙවේ ලංකාවෙන් එලියට ගියොත් කොහෙත් එකයි.
ReplyDelete