තිරිසන් සතෙකු වෙච්චි හරකා මස් කිරීම ගැන විරෝධතා දක්වන උදවිය අමතක කරන කාරණයක් ගැන මතක් කරල දෙන්න ඔටුවට
හිතුණේ අපි හැමෝම එක රැහේ හින්දයි.
තිරිසන්නුනෙ අම්මපා.......
දැන් මෙහෙම ගමුකො ආයිබං. ඔටුවත් තිරිසන්
සතෙක්. කකුල් හතරක් තියෙනව. කුර
තියෙනව. හොම්බක් තියෙනව. වලිගෙ තියෙනව.
හරකත් ඒ වගෙම තමයි. ඔටුවට නම් ටිකක්
ආඩම්බර වෙන්න පුළුවනි හරකට වඩා ලොකු මොල්ලියක් තියෙන එක ගැන.
හැබැයි ඉතිං හරකට තියෙන අං දෙක නං ඔටුවට නෑ ඕං.
ඒක තමයි හරකගෙයි ඔටුවගෙයි අතරෙ තියෙන ලොකුම වෙනස. හරකට අං තියෙන එක ගැන නං
ඔටුවට පුදුමයක් නෑ. පේන්න අං නැති වුණාට අං තියෙනව වගේ ගොං වැඩ කරන මිනිස්සු දැක්කම.
හරක වගේම ඔටුවත් තණකොළ වගේ ආහාර තමයි භක්ෂණය කරන්නෙ. මස් මාංශ කන්නෙ නෑ.
ඔටු කිරිත් හරිම ගුණයි කියල ඔය ඔටු රටවල විකුණන්නෙ. ඒ විතරක්යැ. ඔටු මසුත්
විකුණන්න තියෙනව නොවැ බොලල්ලා.
දැං ඔටුවට තියෙන ඉල්ලුම අඩුයි. ඒ කාලෙ ගමන් බිමන් යන්න, බඩු භාණ්ඩ එහෙ මෙහෙ
ගෙනියන්න තවලම් පිටින් ඔටු රෑන් දක්කගෙන ගියා නොවැ.
ඒ අතින් ඉතිං හරකත් එහෙම නොවෙන්නං. එළදෙනගෙන් කිරි ගත්ත. තිරික්කලේ බැඳල
ගමන් බිමන් ගියා. බරකරත්තෙ බැඳල බඩු ඇද්ද. නඟුලෙ බැඳල හී හෑව. ගොයම් කොළේ වටේ යවල
බැත පෑගුව.
හැබැයි දැං ඒ ඉල්ලුම අඩුයි.
දැන් ඉතිං තිරික්කල් වලින් ගමන් බිමන් යන්න, කරත්තවල බඩු අදින්න, නඟුලෙ
බැඳල හී හාන්න හරක් යොදා ගත්තොත් මේ වේගෙන් ගලාගෙන යන කාලෙත් එක්ක ආපස්සට තමයි යන්න වෙන්නෙ ඕං.
හරක මිනිස්සුන්ගෙ ජීවිත එක්ක වැඩියෙන් බැඳිල උන්නු ඒ කාලෙත් මිනිස්සු හරක්
මස් කෑවෙ නැතෑ.
හරක් විතරක් නොවෙයි.... එළුවො, බැටළුවො, මීමින්නො, තලගොයි, හාවො, මුවෝ,
ගෝන්නු යනාදි වශයෙන් තිරිසන් සත්තු මරා මස් කිරීම ඉතිහාසෙ ඉදං මිනිහගෙ පැවැත්ම
එක්ක බැඳිච්ච දෙයක්.
දැං මෙන්න එකපාරටම හරක් මරණවට, මස් කරනවට විරුද්ධ වියාපාරයක් පටන් අරං.
සිවුරු දරාගත්ත හාමුදුරුවරු තමයි ඕවැයි පෙරමුණ ගන්නෙ. ගිහියොත් ඉතිං ගොංපස් අල්ල
අල්ල පස්සෙන්ම යනව.
අනේ අම්මපා හැබෑටම මුං සේරම හරකුන්ටම ජාතක වේච්චි කොට්ඨාශයක්ද කියල වෙලාවකට හිතෙනව. නැත්තං ඉතිං හරකුන්ට විතරක් මොන සත්ත කරුණාවක්ද?
සත්ත කරුණාව නං හැම සතාටම තියෙන්න එපැයි. ඔටුවත් එකයි, එළුවත් එකයි, බැටළුවත්
එකයි, කුකුළත් එකයි, මාලුත් එකයි. සේරම සත්තු නොවැ.
මිනිස් සමාජෙ මේතාක් වර්ධනය වුණේ ඔහොම තමයි. කොහොමත් බල වන්තයා දුර්වලයාව
මරා මස්කොට ආහාරයට ගැනීම සත්ත ඉතිහාසෙ අමුතු දෙයක් නොවෙයිනෙ. පරම්පරා ගාණක පැවැත්ම
රැඳිල තියෙන්නෙ මේ ඉතිහාසෙත් එක්ක නොවැ.
සත්තු මරං කනවට අකැමති අය ඉන්න පුළුවන්. ඒක ඒ ඇත්තංගෙ අයිතිය. හැබැයි ඒ
උන්දැලට මොකක්ද තියෙන අයිතිය කන කෙනෙකුට සත්තු මරං කන්න එපා කියන්න.
කොටුකරගෙන හදන කුකුළන් සිය දාස් ගාණක් මසට මරණ, ඒ මස් දානෙටත් ගන්නව විතරක්
නොවෙයි දානෙ උයන කෑම ලැයිස්තුවටත් ඇතුළත් කරන, දේවාල වල පූජාවට එළුවන්, කුකුළන්
බිලිදෙන, කැළේ පැත්තට රිංගුවම වල් ඌරෙක්, මීමින්නෙක්, ඉත්තෑවෙක්, හා පැංචෙක් දඩයං
කර ගන්න, ඔය දඩමස් දුමේ එල්ලල තියාගෙන බුදින, රට වටේම තියෙන මූදෙන්, ඇලෙන්,
දොලෙන්, වැවෙන් මාලු කෙළ කෝටියක් අල්ල ගෙන පණ ගැහි ගැහි මැරෙන්න ඉඩ ඇරල උයා
පිහාගෙන බුදින, බාබක්‍යු දාන, පුච්චලත් කන, උම්බලකඩ කරලත් කන, ජාඩිත් දාන මිනිස්සු
ඉන්න රටක හරක් මරණ එක විතරක් පව්ලු.
තිරිසන් වැඩක්ලු.
හරකට තියෙන්නෙ වෙනම පණක්ද? නෑ.........එකම හුස්ම පොද තමයි පිට කොරන්නෙ.
හරකට තියෙන්නෙ වෙනම මොළයක්ද? නෑ.......... තිරිසන් සත්තුන්ට තියෙන ගොං බූරු මොළයක්ම තමයි තියෙන්නෙ.
වෙනස තමයි ඒ කාලෙ ඒ කියන්නෙ අත්තා මුත්ත කාලෙ හරකගෙන් කප්පරක් වැඩ ගත්තු
එක. පළ ප්‍රයෝජන ගත්තු එක. තමන්ගෙ ජීවිතේ කොටසක් කොරගත්තු එක.
ඔටුවත් එහෙම තමයි. මේ වාලුකා කාන්තාරෙ ඔටු රටවල හිටපු ඔටුවො ඔය හරකුන්ටත්
වඩා දහදුක් වින්ඳ. කෙළවරක් පේන්නෙ නැති ගිනි ගහන කාන්තාරෙ වතුර පොදක් නැතිව, තණ
කොළයක් දකින්න නැතිව ඔටුවො මිනිස්සුන්ට කැඹුරුව.
එහෙම කියල ඔටු මස් කන අය කනව. නොකන අය කොහොමත් කන්නෙ නෑ.
ඔටුවට අහන්න තියෙන්නෙ මෙච්චරයි. ඔය හරක් මරණ එකට, මස් කරන එකට, මස් කන එකට
විරුද්ධව ගිනි තියා ගන්න,
මාරාන්තික උපවාස කරන ඇත්තො තට්ට ඔලු
ගෙඩි අතගාල බැලුව නං හොඳයි අං ඇවිල්ලද කියල.
මොකද ........... ඔටුවට සැකයි මේ උන්දැල ජාතක වෙලා තියෙන්නෙ හරකුන්ටද කියල.
සිංහයට ජාතක වුණා කියල කතන්දර හදාගෙන හිතෙන් සිංහ වෙස් ගන්න මිනිස්සු ඉන්න
රටක ඕකත් මොන කජ්ජක්ද ආයිබං.
සෙස්ස පස්සට ෴
පසු සටහන: සෙරන්ඩිබ් ඔටුවට පෞද්ගලිකව යමක් ලියන්න,
වාලුකා කාන්තාරෙ සිද්ධ වෙන තොරතුරු ටිකක් එවන්න,
සමාජ ප්‍රශ්න ගැන හිතෙන යමක් ලියන්න
කැමති ඇත්තො ඉන්නව නං මෙන්න email ලිපිනය.
otukatha@gmail.com
පෞද්ගලිකව තොරතුරු එවන අය ගැන
එළිදරව් කරන්නෙ නං නෑමයි ...ඕං.....
ඔටුවන්ට අහන්න තිබෙන්නෙ මේකයි.ඇයි හරකුන්ට විතරක් ඔය කරුණාව අපි ඔටුවොද කියල තමයි. සමහර අය ඉන්නව මස් කන්නෙ නෑ කියල්;අ ආඩම්බරෙන් කියනව.මමනම් ඒ විදියටම තමයි කියන්නෙ මම මස් කනව කියල. ඒ සත්තු මං වෙනුවෙන් මැරුවත් මට පාන්ද? මොකද සත්තු මරන එක සොබා දහමට එකඟයි කියල මම දන්න නිසා. අස්වාභාවික දේ තමයි මසට සත්තු මරන්නෙ නැති එක . හැබැයි සතුන්ට වධ හිංසා කරන එක,අමානුෂික ලෙස සත්තු මැරීම ,විනෝදයට සත්තු මරන එකට මම විරුද්ධයි.
ReplyDeleteයකා...මේක මොකාවත් ප්‍රසිද්ධියෙ පිළිගන්නැති එකනෙ වෙලා තියෙන්නෙ.
Delete//සත්තු මරන එක සොබා දහමට එකඟයි. අස්වාභාවික දේ තමයි මසට සත්තු මරන්නෙ නැති එක.// කියල කට ඇරල කිව්ව ඇත්තට ඔටුවගෙන් ඔන්න මල් මිටක්......
අනේ මංද... ඒත් අර හැම සතාටම එක සමානව සලකන් නෑ කියන කතානට මං එකගයි මොකද හරක මරන්න එපා නං ඇයා කුකුල එලුව මරන්නෙ... එපා නං ඔක්කම එපා...
ReplyDeleteඅනික අපි හරක් හදනව.. ඒ හිංද මං දන්න කාලෙ ඉදං අපේ ගෙදර අය හරක් මස් කන්නෑ...ඒ එයාලත් පොඩි කාලෙ ඉදං හරක් හදල කිරි අරං ඒවගෙං ජීවත් වෙලා තියෙන හිංද... ඒත් වැස්සි ඒ අයි කරපුවාම එන හැම පැටියම වැස්සි පැටවු නෙවේනෙ... වස්සොත් එනවනෙ... ඒ වගේ අවස්තාවන්ට මුහුණ දෙන්නෙ කෝමද කියල ඔය කෑ ගහන අය දන්නෙත් නෑ... අනික එය හැම සතාම ජීවත් වෙන්න ගියොත් මිනිස්සුන්ට ජීවත් වෙන්න තැනක් නෑ...
සත්තු මරන එක කන එක ගැන එක එක අයට තියෙන්නෙ එක එක මත... මට අදාග නෑ...
මං මස් කන්නෙත් නෑ මරන් අයට අනුබල දෙන්නෙත් නෑ... ඒත් අනික් අයගෙකැමැත්තට මං විරුද්ධ වෙන්න යන්නෙත් නෑ... මෙකද හැම කෙනාටම තමන්නෙ මතයක් තියෙන හංද...
මං අර ටික හරි කීවෙ ඒ ප්‍රශ්නෙ ගැන කවුරුත් කතා නොකරන හිංද... ඇත්තටම ඒක ලොකුම ප්‍රශ්නයක්
මහේෂ් ලමය වගේ මේ ගැන විවෘතව කතා කරන්න සමහරු බයයි. වවිධ මත තියෙන්න පුළුවනි.
Deleteතමන් මස් මාංශ නකවද කියන එකයි ඒ මතය අන් අය මත බලහත්කාරෙන් පටවන්න යන එකයි දෙකක්.
අනෙක හරක් විතරක් ?????
ගෙදර හදපු සතා මරන්න, කිරි වැරූ එළදෙන මරන්න දුක නං එහෙම නොකර ඉන්න තියෙන අයිතිය හැමෝම පිළිගන්නව. හැබැයි එහෙම කියල කැමති කෙනෙකුට හරක් මස් කන්න ඇති අයිතියට විරුද්ධව බලහත්කාරකම් කරන එක හරක් වැඩක්. ඒ ගැනයි ඔටුවට කියන්න ඕනෙ වුණේ...
මෙහෙමයි මම නං ඕන මසක් කනවා . කන කෙනෙකුට කන්ඩත් නොකන කෙනෙකුට නොකන්නත් අයිතියක් තියනවා ,
ReplyDeleteමටනං තියන අවුල දැං මස්වල කිසි ප්‍රමිතියක් නැති එක , ළපටි සත්තු , නාකි සත්තු , ලෙඩ සත්තු . ඔක්කොම ගෙනත් එල්ලනවා කොක්කේ .
මස් වෙළදාමට තව නීති රීති ගෙනත් මේක ක්‍රමවත් ආකාරයට කරන්න ඕන
අන්න බොලල්ලා අටම්පහුර ලියන ළමයා ඉන්නෙ බොහොම ඉදිරියෙන්.
Deleteහරක් මස්කඩ වහන්න වලිකන හරක්ට සටන් කරන්න ඕනෙම නං මෙන්න පොටක් පෑදිලා.
ඇත්තටම ප්‍රමිතියක් තියෙන මස් වෙළඳාමක් ඉල්ලල නේද සටන් කරන්න ඕනෙ. අර කිව්වත් වගේ ළපටි සත්තු , නාකි සත්තු , ලෙඩ සත්තු . විතරක් නොවෙයි එළ හරක් මස් කියල මී හරක් මස් කොක්කෙ එල්ලන එකයි, එළු මස් කියල බලු මස් විකුණන එකයි වගේ අසමජ්ජාති වැඩ වලට විරැද්ධව සටන් කොරන්න එකෙක් නැති කොට අම්මපා....
පැහැදිලිවම මම කියන්නේ මේ මෝඩ හරක් ගැන ලියනවාට වඩා හොඳයි,මසට හදන හරකුන්ට කෑම බීම ලබාදිය යුතු හැටි හෝ, ඒ හරක්ට වැලදෙන රෝග වගේ දෙයක් ගැන ලිව්වානම්. මුන් මොනවා කියනවාද කියලා තේරුම් ගන්න බැහැ. සත්ව අවිහිංසාවයි, හරක් මැරීමයි, ගිනි තියා ගැනීමයි ඔක්කොම එක සූප්පුවෙන් බොන්න හදනවා. රටම ගිනි තියලා තමයි නවතින්නේ.
ReplyDeleteසකිසඳ එලියස් කියන ටෙලියේ තිබුනා වගේ පුරාණ කාලේ ගම්වල මේ ගෙරි මස් කෑමට තිබුණේ ලොකු විරෝධයක්. ඒක ආගමික සහ සංස්කෘතික කාරණයක්.
ReplyDeleteඅරක්කු බීම වගේම මේකත් අපටි දෑවැද්දට ලැබුණු එකක් කියලා සලකන්න පුළුවනි.
අපේ ගෙවල්වලත් හරක් මස් කෑවේ නෑ. මාත් පුරුදු වුනේ පේරාදෙනි ගියාමයි, ඒත් වෙන කන්න දෙයක් නොතිබුණු නිසා.
අපි පොඩි කාලේත් රත්නපුර පැත්තේ මේ ගවමස් විරෝධය හොඳට තිබුණා.
නමුත් අද තියෙන ගවමස් විරෝධය නම් මුස්ලිම් විරෝධය උඩින් දාගත්තු බැටළු හමක්.
පුරාතනයේ හරකා ගැමි ජීවිකය එක්ක අවියෝජනීය ලෙස බැඳී හිටියා. අනෙක හින්දු සංස්කෘතියට අනුව ගවයා පූජනීයයි.
ReplyDeleteඅද හරකා ජන ජීවිතයත් එක්ක පුරාතනයේ දී තරම් සංස්කෘතිකව බැඳී නැහැ.
තව කලක් යද්දි තවත් දුරස් වෙනවා.
ගවයට දේවත්වයෙන් සලකන අය හරක් මස් නොකා ඉඳීම ඉස් මුදුනින් පිළි ගන්න ගමන් එසේ නොවන අයට කෑමට ඇති අයිතියත් පිළි ගනිමු.
දැන් මේ කකුල් දෙකේ හරක් කරන්නෙ මස් නොකන එක නොවේ...මස් විකිණීමත් තහනම් කරල මස් කඩ වහන එකනෙ.
මස් කන එක නොකන එක තම තමන්ගෙ අයිතිවාසිකමක් මම හැබැයි හරක්මස්නම් කන්නෑ මස් කනවා අපි කන්න පුරුදුවෙලා තියෙන හින්දා තමන් කරන කියන දේ තමන්ම ගෙනයන හින්දා ඕවා නවත්වන්න උත්සහා දරලා වැඩක් නෑ කියන් එක තමා මගේ මතයත්
ReplyDeleteතම තමන්ගේ මතවාද තම තමන් කරපින්නා ගත්තොත් හොඳයි. බලහත්කාරයෙන් අනෙකා පිට පැටවීමත් සත්ව හිංසාවක් තමා
ReplyDeleteඇත්ත නොවෙන්නං හසිත ළමයෝ....මස් නොකන එවුං බලහත්කාරයෙන් මස් කන එවුන්ට තහනං නියෝග දාන එකටනෙ ඔටුව විරුද්ධ වුණේ. එහෙම බලං යනකොට උන්දැලමනෙ සත්ත්ව හිංසා කොරන්නෙ.
Delete