මෙවර "වාලුකා සිතුවිලි" වෙනුවෙන් ලියැවෙන ඔටු කතාව සෙරන්ඩිබ් ඔටුවාගේ outkatha@gmail.com ලිපිනයට ලැබුණු සංදේශයක් තමයි.
මේ සංදේශය ලියල
තියෙන්නේ ඔටු රටවල විවිධ සමිති සමාගම්, සමාජ, සංවිධාන, සමූහයන් පිහිටුවා ගනිමින් එක්
පිරිසක් නටන නරිනාටක හා මල කෝලං ගැනයි ආයිබං.
මෙය ලියා එවා
තියෙන ඇත්තා සිරිලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති වාලුකා කාන්තාරයෙත් වසර
ගණනාවක් තිස්සේ කලා කටයුතුවල නියැලෙන ඔටුවෙක් නිසා නම සටහන් කරන්නේ නෑ ඕං.
===========================================
ඔන්න වාලුකා කාන්තාරයේ ඔටුවෝ තවලම් ඇදපු රටවල් බොහෝමයකම ඉන්දියාව, සිරිලංකාව,
බංගලාදේසෙ, නේපාලය, පකිස්ථානය වාගේ රටවල් වලින් විතරක් නොවෙයි පිලිපීනය, චීනය, ඊජිප්තුව,
ඉතියෝපියාව වාගෙ රටවලිනුත් එක එක විදියේ රස්සාවල් කරන්න ජනී ජනයා ඇවිත් පදිංචි
වෙලා ඉන්නවාය.
මේ පිරිස අතරින් වැඩි
වශයෙන්ම ඉන්නේ ඉන්දියානු, පිලිපීන හා සිරිලංකා රටවලින් සංක්‍රමණය වූ ඇත්තන්ය.
සමහර රටවල ඈයින්ගේ දුක
සැප බලන්නට, ප්‍රශ්න නිරාකරණය කර දෙන්නට ආංඩුවේ මහ නිලමේලාගෙ කන්තෝරු නැතිවා මෙන්ම
තියෙන ඒවාද විටෙක නැතිවා වාගේමය.
හැබැයි මේ ජනී ජනයා
වෙනුවෙන් ඒ අයගේ සුබසාධනය සඳහා පිහිටුවා ගත් සමිති, සමාගම්, සමාජ, සංවිධාන, සමූහයන් රාශියක්ම තියෙනවාය. සමහර සමාජවල ඒවාටම අරක් ගත් නිලධාරි මණ්ඩලද ඉන්නවාය.
හැමදාම එකම කට්ටියක් මේවායේ බලය අල්ලාගෙන ඉන්නේ වෙන අයට ළංවෙන්නටවත් ඉඩ නොලැබෙන
විදියට බැරියර් දමාගෙනය.
සමහර සමාජවල තියෙන
බැරියර් වර්ගයක් නම් ටයි කෝට් ඇඳීමය. ටයි කෝට් සූට් බූට් දමාගෙන එන්නේ නැත්නම්
විධායක කමිටුවට තබා උප කමිටු වලටවත් ගන්නේ නැතුවාය.
ඊළඟ බැරියර් එක ඉංගිරිසිය.
ගොත ගහ ගහ හෝ කැඩි කැඩි හෝ අග මුල පටලවා ගෙන හෝ ඉංගිරසියෙන් හායි බායි කියන්න
ඕනෑය. නැත්නම් මේ සමහර සමාජවල සාමාජිකත්වය ගන්නටත් බැරිය.
හැබැයි මේ ගොල්ලෝ කයිය
ගහන්නේ හැබෑම සිරිලාංකියෝ කියාය. සිරිලාංකික ජනී ජනයා නියෝජනය කරන පොල්මඃකාර උරුමක්කාරයෝ
කියාය.
තම තමන් හදා ගත්
පැලැන්තියට අනුගත වෙන්නට බැරි, නැත්නම් ගැලපෙන්නෙ නැති ඈයන්ව හළා දමනවාය. කඩ්ඩෙන්
බය කරනවාය. කළු ටයිකෝට් ඇඳගෙන ඉන්න අය දැක්කාම රෑට කළුවරට බයත් හිතෙනවාය.
( හදාගත් පැලැන්තිය කීවේ
මේ කට්ටියගෙ පැලැන්තිය අංජබජල් බව කරන කියන වැඩ වලින් පමණක් නොව කල්කිරියාවෙන්ද
පේන හංදාය. පැලැන්තියක් නැති අයට පැලැන්තියක් හදා ගන්නට මේවා හොඳ තෝතැන්නක්ය.)
ඉතිං රස්සාවෙන් අඩු කුලේ
ඇත්තන්ට මේ සමාජවලට කිට්ටු වෙන්නටවත් බැරිය.
හැබැයි සල්ලි ගෙව්වොත් සිංහල පංතිවලට
ළමයි දා ගන්න පුළුවන්ය.
මේ ගොල්ලන්ගේ බහුබූත කල්කිරියාව විවේචනය කළොත් පඬියන් ටික
එකතු වී සාමාජිකත්වය තහනම් කරනවාය. එහෙමත් කරල තියෙනවාය.
සිරිලංකා සෙල්ලං සමාජය ලෙස පටන් ගත් සමහර සංවිධානවල සෙල්ලං කෑල්ල හැලී
සිරිලංකා සමාජ ලෙස හීං සීරුවේ නම වෙනස් කරගෙන තියෙනවාය.
සිරිලංකා සමාජ ලෙස හීං සීරුවේ නම වෙනස් කරගෙන තියෙනවාය.
ඒ වුණාට කරන තරමක් කරන්නේ සෙල්ලංමය. හොඳ හොඳ සෙල්ලං
එළිවෙන ජාමෙටය.
මහ නිලමේලාට පන්දං අල්ල
ගෙන, පඬුරු පාක්කුඩං පුදාගෙන, කොඩි සේසත් අල්ලාගෙන, යන යන තැන ගොංපස් අල්ලනට මෙන්
එකත්පස්ව සීරුවෙන් සිටින මේ සමාජවල ලොක්කන් දැක්කාම පුකෙනුත් හිනා යනවාය.
තවත් ජන සමූහ පන්සල් වලටම
පමණක් වෙන් වී තියෙනවාය. පෝයට සිල් ගන්නවාය. පෝය නැතිවත් සිල් ගන්නවාය. පෝයට
බණ කියනවාය, පෝය නැතිවත් බණ කියනවාය. රෑ වෙනකොට ඉන්නේ පන්සලේමය.
බෝධි වෘක්ෂ පිහිටි පන්සල්
තියෙන සමූහ සමාගම් වගේම නැති ඒවා ද තියෙනවාය.
බුදු පිළිමත් තියාගෙන උදේ
හවා මල් පහන් පූජා කරනවාය.
මේවා හොඳ වැඩය. හැබැයි
මේවා විතරක් කිරීම හොඳ මදිය. තමන්ගේ සාමාජික සාමාජිකාවන්ගේ දුක සැප බලන එකත් ප්‍රධාන
කාරියක් විය යුතුය.
දුකේදී සැපේදී අබග්ගයකදී හැකි පමණ උදව් කිරීමෙන් මේ අසරණ
ජනී ජනයාට ලැබෙන හයිය කියා නිම කරන්නට බැරිය. එහෙම කරන අයත් ඉන්නවාය. නැති අයත්
ඉන්නවාය.
සමහර සමිති සමාගම්, සමාජ, සංවිධාන, සමූහ උංහිටි ගමන් දෙකඩ තෙකඩ වනවාය. සීසීකඩද යනවාය.
සමහර සමූහ කැඩී බිඳී
යන්නේ ආංඩුවේ මහ නිලමේගේ කන්තෝරුව පැත්තේ යන්නට ඉඩක් ලබා ගන්නට අවස්ථාවක් නැති
වුණාමය.
මේ උන්දෑලා නං මහම මහ අවස්ථාවාදීන්ය. කඩාගෙන යනවිට තමන් අත ඇති කහවණුද
පොඳි බැඳගෙනම තොලොංචි වෙනවාය.
ලැජ්ජාවක් කියා දෙයක් ඇත්තේම නැත්තේය.
සමහර සමාජ සාමාජික මුදලින් ජවුසං නටනවාය.
ජවුසං නටන්නේ පොඩි පහේ තැන්වල නොවේය. තරු හෝටල් වලය.
මේවායේ වාර්ෂික වැඩ
කටයුතු වල අවසන් ඉලක්කය, නැත්තම් මූලික අරමුණ වන්නේ මේ ජවුසං නැටිල්ලය. කිරිපණු
ගාය හැදී ඇඹරෙන කලක මෙන් ඩිනර් එකත් එක්ක
ජවුසං නටනවාය.
නටන්න බැරි උන්දැලා නටන පංති
වලට ගොහින් නටන්න ඉගෙන ගන්නවාය.
සිරිලංකාවේ ඉන්නැද්දි ඩිනර් ජවුසං නැටිලි පැත්ත පළාතක
නොගිය එවුන්ට මේවා හරිම ලොකුය.
ජවුසං
නැටුවාම සමාජ පිළිගැනීමක් ලැබේ යැයි සිතනවාය. ජවුසං නැටිල්ලට ලස්ස ගණං වියදම් කරනවාය.
ලස්සෙට කොඩි දමනවාය.
පැළැන්තියක් හදාගෙන
වැජඹෙන්නේ ඉතා සුළු පිරිසක්ය.
ඇත්තෝ කති බොති සුඛති
කියන්නේ මේවාටය.
නැත්තෝ මේවා
දිහාවේ බලාගෙන උලා කනවාය. හූල්ලනවාය.
මේ මදිවාට සමිති සමාගම්,
සමාජ, සංවිධාන, සමූහයන් හි නිලවරණත් පවත්වනවාය.
නිලවරණ වලට තමන්ගේ පැළැන්තියේ අය
හෝ කල්ලියේ අයම දාගෙන මාරුවෙන් මාරුවට ඒ අයම රජ වෙනවාය. රජ වී වවාගෙන කනවාය. කකා
ඒවාම වමාරනවාය. වමාර වමාරත් කනවාය. අප්පිරියාවේ බැරිය.
ඒ වගේම තම තමන්ගේ චිත්ත
ප්‍රීතිය වෙනුවෙන් මේ ගොල්ලෝ එක එක නරිනාටකත් නටනවාය.
වෙසක් එකට භක්ති ගීත
කියනවාය. ළමා ළපටින්ගෙ ඉදං වයසක සීයලා ආච්චිලා දක්වාම වේදිකාවට නගිනවාය. බැරි බැරි
ගාතේ ගීත ගයනවාය. ගීත කවි කරනවාය. කවි බයිලා කරනවාය. ඒවා බලන්න එන්නෙත් ඒගොල්ලන්මය.
වෙසක් එකට, පොසොන් එකට
දන්සැල්ද දෙනවාය. දෙන්නෙත් ඒගොල්ලෝය. කන්නෙත් ඒගොල්ලෝමය.
නත්තලට සාද පවත්වනවාය.
ඒකට එන්නෙත් ඒගොල්ලෝමය.
සිංහල පංතිත් පවත්වනවාය.
අවුරුද්දකට වතාවක් පංතියේ ළමුන්ගේ දස්කම් පෙන්නන දවසක් උදා වෙනවාය. ඒවායේ සිංදු
කියන්නෙත්, නටන්නෙත් ඒ ගොල්ලන්ගේ දරුවන්මය.
මේ මොනාටත් නැති දහස්
ගණනක් පැත්තකට වී මේ විගඩං දෙස උපහාසයෙන් බලා ඉන්නවාය. නැත්නම් වේදනාවෙන් බලා
ඉන්නවාය. අනේ අපොයි කියනවාය.
චක්කරේ මේ විදියට හැමදාම
කරකැවෙනවාය.
මේ අතර තුර අවංක
චේතනාවෙන් නැති බැරි අය වෙනුවෙන්ම ඇති හැකි අය පේවී සිටින සමිති සමාගම්, සමාජ, සංවිධාන, සමූහයන් නැතිවාම නොවේය. ඒ ගොල්ලන්ට මල් මිටක් පුදන්නට ඕනෑය.
මොවුන්ට තව තවත් සේවයක් කරන්නට ශක්තිය, ධෛර්යය, නිරෝගී සම්පත්තිය වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෑ යැයි ප්‍රාර්ථනා කරනවා හැර වෙන මොනවා කරන්නද?
==========================================
ඔන්න ඕකයි ඔටු
හිතවතා එවල තිබුණ ලියුං කරදහිය.
නැත්නං ඔටු සංදේශය.
සෙරන්ඩ්බ් ඔටුවා සැබෑ ජ්‍රජාතන්ත්‍රවාදියෙක්
විදියට හිතන්න විතරක් නොවෙයි ක්‍රියා කරන්නත් උත්සාහ කරන නිසා අකුරක්වත් කපන්නේ
නැතිව මේ සංදේශය ගෙඩි පිටින්ම පළ කරනවා එහෙනං ඕං.
තොප්පිය හරිනං දා
ගනිල්ලා.........
පසුව ලියමි.......
ඔන්න බොලල්ලා මේ දැන් දැක්කා තවත් ජවුසමක්.
ජවුසං නැටුවම අපට මොකෝ....
ප්‍රශ්නෙ තියෙන්නෙ රටේ නම විකුණල
ලංකා බැංකුව/මිහින් ලංකා/ එයාර් ලංකා
වගේ අනුග්‍රාහකයො අල්ලගෙන
කට්ටියක් විතරක් ජවුසං නටන එකයි ඕං...
මෙන්න සාක්කි.
සෙස්ස පස්සට ෴
පසු සටහන: සෙරන්ඩිබ් ඔටුවට පෞද්ගලිකව යමක් ලියන්න,
වාලුකා කාන්තාරෙ සිද්ධ වෙන තොරතුරු ටිකක් එවන්න,
සමාජ ප්‍රශ්න ගැන හිතෙන යමක් ලියන්න
කැමති ඇත්තො ඉන්නව නං මෙන්න email ලිපිනය.
otukatha@gmail.com
පෞද්ගලිකව තොරතුරු එවන අය ගැන
එළිදරව් කරන්නෙ නං නෑමයි ...ඕං.....
දැං ඔය කියන සංවිධානවල ඉන්නේ අපේ හිංගල කෂ්ටියම නේ? නැතුව ඉම්පෝර්ටඩ් අය නොවෙයිනේ?
ReplyDeleteඉතිං මොකක් ද අවුල?
කොටින්ම මේ වගේ ඤරු ඤුරු ගාන අයත් ඉතිං වෙන කොහෙන්වත් ඇවිල්ලයැ?
හිංගල කෂ්ටිය හින්දම නේන්නම් කතන්දරකාරයෝ සෙරන්ඩිබ් ඔටුවට අවුලක් දැනෙන්නෙ.
Deleteප්‍රශ්නෙ තියෙන්නෙ රටේ නම විකුණල ලංකා බැංකුව/මිහින් ලංකා/ එයාර් ලංකා වගේ අනුග්‍රාහකයො අල්ලගෙන කට්ටියක් විතරක් ජවුසං නටන එකයි ඕං...
ඕකට කියන්නේ පන්ති වෛරය කියලා..
ReplyDeleteමිනිස්සුන්ගේ සමහර සිහින සැබෑ වෙනවා, සමහර ඒවා සැබෑ වෙන්නේ නෑ.. ඒ වගේම මුදල් හදල් යහමින් තිබුනට හැම දේම ලබා ගන්න පුලුවන් කියන කතාවත් පට්ට බොරුවක්.. මේවා ගැන ෆිල්ම් ටෙලි නාට්‍ය ඕන තරම් නිපදවලා තියෙනවා.. මතක් උන දෙකක් කියන්නම්.. එකක් තමයි කොළඹ සන්නිය, අනික, මැණික් නදිය ගලා බසී..
+++
Deleteතව කෑල්ලක් එකතු කරනවා නං , මේ සංදේශය එවපු ඔටුවත් යම්කිසි ක්‍රමයකින් ඔය සංවිධානයක තනතුරක් ලබා ගත්ත නම් , ඊළඟ වාරෙදි "සැබෑ ජ්‍රජාතන්ත්‍රවාදියෙක් විදියට" අලුත් කෙනෙක්ට ඒ ක බාර දීල එලියට බැහැල එයි ද ?
පංති වයිරය , එම පන්තියට අනුගත වීමෙන් කෙළවර වී ඉන්පසු ධන රින මාරු වෙයි.
වීරවංශට ඇමතිකමක් ලැබුණා වගේ වේවි.
Deleteවීරවංශ ගොයිය නං ඔය ඇමතිකොම අගේට කොරං යන්නෙ. පේන්නැද්ද කඳ බඩ ආරල තියෙන තරම. ඇමැති මංඩලේට අගේට ගැලපෙනව නොවැ..
Deleteහැම කෙනාම යමක් කමක් ලැබෙන කං විතරි උඩ පනින්නෙ ආයිබංඩ... මොකක් හරි පට්ටමක් හම්බුනාම කවුරුත් එකයි... සර්ව සමයි
ReplyDeleteමෙතන තියෙන ප්‍රශ්නෙ කොලුවනේ තනතුරු ලබාගැනීම නොවෙයි.
ReplyDeleteරටේ නම විකුණල, රටම නියෝජනය කරන බවට ප්‍රොචාරය කොරල, පොදුවේ සිරිලාංකිකයින් නමින් අනුග්‍රාහකයින් වෙන් කරන මුදල් සහ සේවාවන් එක කට්ටියක් හැමදාමත් භුක්ති විඳින එකයි ඕං....
තනතුරු වලට ආස අය නං තනතුරු ලබාගත්තට පස්සෙ හැසිරෙන විදිහ කවුරුත් දැකල තියෙනවනේ....
මේ ඔටුව ඔය එක සමිතියකටවත්, සමාගමකටවත්, සමාජයකටවත්, සංවිධානයකටවත්, සමූහයකටවත් බැඳිල නැති නිසාත් බැඳෙන්න අදහසක් නැති නිසාත් තනතුරු මේනියාව අදාළ නැහැ ආයිබං...
මං නං ඔය සංස්ථා සභාපතිකමක් වගේ දුන්නොත් ගන්නවා!
Deleteලංකාෙව් හිටිද්දි මරණාධාර සමිතියකවත් හිටිය නැති අැත්ෙතා් ෙවන්න අැති අායිබං.
ReplyDeleteලංකාෙව් හිටිද්දි මරණාධාර සමිතියක නොවෙයි අකුරු කරන්න යද්දි පංතියෙ සාහිත්‍ය සංගමයකවත් ඉඳල තියෙනවද සැකයි.
ReplyDeleteමැද පෙරදිග වසර දහයකට අධික කාලයක් හිටිය කෙනෙක් හැටියට කියන්නම්. මේවා පටන්ගන්නකොට තියෙන පොදු ලාංකික සුභ සාධන කතා හෙමින් හෙමින් හැලෙනවා. පස්සේ පස්සේ වාර්ශික ඩිනර් ඩාන්ස්, ක්‍රිකට් මැච්වලින් වැඩේ ඉවරවෙනවා. අහිංසක හවුස්මේඩ්ලාගේ සුබසාධන ගැන වගේ වගක් නැහැ. ඒ අයට වෙනම සංගීත ශෝ දාන්නේ. ඒවාට ඔය ලොක්කෝ එන්නෙත් නැහැ. හවුස්මේඩ්ලාගේ ශෝ එක කියලා කියන්නේ. ලොක්කන් සහ අනිත් ලොක්කෝ වගේ අයට තමයි ඩිනර් ඩාන්ස්. මේවා ලියන්න ගියොත් අප්පිරියයි.
ReplyDeleteමේ රෙද්දවල් නැතුව...තමන්ගේ ශක්තියෙන් තමන්ගේ හැකියාවෙන් ඔය සුබසාධන වැඩකරන අය මම දන්නවා. දැනටත් එහෙම කරන අය ඉන්නවා. මට ඕමානයෙන් තවමත් උදාහරණ දෙන්න පුළුවන්. ලියලා වැඩක් නැහැ.
ඕමාන්, සවුදි, කටාර්, කුවේට්, බහෙර්න් වගේ ඔටු රටවල ඉන්න/ හිටිය arugeadaviya ලියන්නා වගේ උදවිය කට අරිනව නං පිං සිද්ධ වෙනවා ඕං....
ReplyDeleteසෙරන්ඩිබ් ඔටුවා කැමතියි ඔය කට්ටිය ඔටුකතා වලට දායක වෙනව නං...
ඒ් ඒක්කම තමන්ගෙ අත්දැකීම් ඉදිරියටත් ෙබදා හදා ගන්නව නං.
තමන් සාමාජිකත්වය දරන සාපේක්ෂව කුඩා සංවිධානයක මේ වගේ අකටයුතු වෙනකොට වෙනසක් කරන්න උත්සාහ නොදරන මිනිස්සුන්ගෙන් කුමක් බලාපොරොත්තු වෙන්නද? තමන් සාමාජික මුදලක් ගෙවනවා නම්, ඒ මුදල් සමිතියේ අරමුණු වලට පටහැනිව පාවිච්චි වෙනවා නම්, ඇයි ඒවා මහා සභා වාර වලදි අහන්නෙ නැත්තේ? එහෙම හිතන පිරිස ගොඩක් ඉන්නවා නම්, ඇයි තනතුරු වෙනුවෙන් තරඟ කරලා ඒක වෙනස් කරන්න උත්සාහ නොකරන්නේ? මේ දේවල් සාමාජිකයන්ට දන්වලා තියනවද? මට නම් හිතෙන්නේ මේක ලියා එවා තියන මහත්තයාටත් මේක වෙනස් කරන්න ඕනේ නෑ, නිකං අදාල නැති තැනක සද්දයක් දාලා පොඩි ආතල් එකක් ගන්න වෙන්න ඇති ඒ මහත්තයාට උවමනා වෙන්න ඇත්තේ.
ReplyDeleteකොහොම උණත් ඒ මහත්තයා මේක එවලා තියෙන්නේ හරි ඊමේල් එකට (outkatha@gmail.com)... ඒ කියන්නේ පිට කතා, නැත්නම් අදාල නැති කතා කියලා කියනන් පුළුවන්... ඔටු රටක නිසා ඕනේ නම් කියන්න පුළුවන් "පිටඔටු" කතා කියලා.
තිසර කොලුවගේ ප්‍රශ්න කිරීමට බොහොමත් ස්තූතියි. හරිම වැදගත් ප්‍රශ්නයක් අහන්නෙ.
ReplyDeleteමෙය ලියල එවපු මහත්මය මොන සංවිධානයක සාමාජිකත්වය දරනවද කියල නොදන්න නිසා ඔටුවට ඒ ගැන නං කියන්න බැහැ. මේ කොමෙන්ටුව දැක්කම සෙරන්ඩිබ් ඔටුව අදාළ පුද්ගලයට ඊමේල් එකක් දාල ඇහුව මේ සාමාජික ප්‍රශ්නෙ ගැන. උන්දැ කියල එවල තියෙනව කමන්ට කිසිම සමිති සමාගමක සාමාජාකත්වය නෑලු. මේ අසාධාරනේ හා ගොංපාට් දැක්කම ගන්න හිතෙන්නෙත් නෑලු.
එයා ලොකු ලොක් තැන්වල සද්ද දාල ආතල් අරන් තියෙන නිසා පොඩි පොඩි තැන්වලින් ගන්න තරම් ආතල් එකක් නෑලු. තමන් සාමාජික මුදලක් ගෙවන්නෙ නැති නිසා මහා සභා වාර වලදි අහන්නත් විදියක් නෑලු. ඒකලු තමන්ට පෙනෙන දේ අනෙක් අයගෙ අවධානයට යොමු කරන්න “වාලුකා සිතුවිලි“ වලට ලියල එව්වෙ.
ප්‍රශ්නයක් වදින තැනකට යොමු කළාම ඒක යටගහන්න හේතු හොයනවට වඩා ඒ ගැන සංවාදශීලී වෙමින් ප්‍රශ්නය හරි තැනින් අල්ලගන්නව නං හොඳලු.
දෙවෙනි ඡේදයෙන් නම් මම කියන්න හැදුවේ, ඊමේල් ලිපිනය සඳහන් කරලා තියනවා වැරදියි කියලා.
Deleteමෙහෙමයි ඔටුතුමා, මමත් විදේශ රටක, ඔය වගේ සමිති සමාගම් තියන නගරයක ජීවත් වෙන නිසා මමත් ඕක පෞද්ගලිකව අත්දැකලා තියනවා. විවේචනය කිරීමේ වරදක් මම දකින්නේ නෑ. ඒකත් ඉතිං ඕන කෙනෙකුට තියන අයිතියක්නේ. හැබැයි තමන් කිසිම සාමාජිකත්වයක නොදරන සමිතියක සාමාන්‍යය ක්‍රියා පිළිවෙත (යම් එක සිද්ධියක් නොවේ) විවේචනය කිරීම නිකං අපි වෙන රටක මිනිස්සු බලු මස් කන එක විවේචනය කරනවා වගේ වැඩක් නේද? ඒ රටේ මිනිස්සුන්ට ඒකෙ අවුලකුත් නෑ... අපිට කවුරුත් බලු මස් කවන්න එන්නෙත් නෑ...
නමුත් තමන්ටත් බලපාන යම් සමිති සමාගමක් නම්, පොඩි මට්ටමෙන් හරි සංවිධානය වෙලා නිවැරදි පැත්තට ඒක යොමු කරගන්න අපි උත්සාහයක් දරන්න ඕනේ. මේක රටක දේශපාලනය කරනව වගේ බැරෑරුම් කාරණයක් නොවෙයිනේ.
ඔහොම හිතන උන්දැල ඉන්න නිසා නොවෙන්නං මෙහෙම වෙලා තියෙන්නෙ.
Deleteලංකාවෙත් ඔහොම තමයි, මොකද රට බල්ලට ගිහින්නෙ. මෙහෙත් එහෙමයි, මොකද බල්ලට රට ගිහින් නෙ.
ReplyDeleteවෙලාවකට තිරිසන් සත්තුන්ටත් අපහාසයක් ආයිබං උන්දැලව බල්ලන්ට සංසන්දනය කරන එක....
Deleteඉන්දික අයියාගේ කතාවට මාත් එකඟයි. අපේ ගමේ තියෙන යෞවන සමාජේ නිසා යෞවනයන්ගේ එකමුතුව, සුභසාධනයට වඩා වෙන්නේ තරහ කරවන එක.
ReplyDeleteහැම පාරම සංවිධානය කෙරෙන අවුරුදු උත්සවයට කලින් ඉදන් ඒකේ සංවිධාන වැඩවලදී මොකක් හරි මරාගැනිල්ලක්. අවුරුදු උත්සවේ දවසේ ඒ වලිය හොඳට ගිහින් එදායින් පස්සේ ඌ එන්නේ නැහැ වැඩවලට.
ඔටුවාගේ විවේචණ තමන්ට වාසි නැති විට පමණක් ම නොවේද....?
ReplyDeleteඔටුවන්ට ඉතිං මොන වාසිද බං. අැරත් මේ වගේ පුස්සංගෙන්.....
Deleteඔය ආතක් පාතක් නැති අනාථ කොරල අනාථ වෙච්චි ගන්ධ+අධික එව්වන්ගෙ බයිල වලට සැලෙන්නෙ නැතිව දිගටම ලියපං ඔටුවෝ......
ReplyDeleteබල්ලෙක් බිරුවට කන්දක් පාත් වේයැ.
සමාව භජනය කරන්නට අවසර. අනාථයෙක් බව අමතක වුණා.
Deleteඉස්සර නං ලූල නැති වළට කණය පංඩිතය වගේ සිංහ ලීලාවෙන් මඩ ගහගහ හිටිය තමයි ආයිබං.
දැං ඉතිං ඔටුව වගේ වැඩකාරයො ඉන්න කොට අපේ ගඳ දැනෙනව කියල අමතක වුණා.
ආයෙම නං ගොං කමෙන්ට් දාන්නෙ නැතෝ....
ලැජ්ජා නැද්ද ගෙම්බෝ දාන comments sensor කරන්න. තමුසෙලගෙ තියෙන නිවට කම තමයි ඔය.
ReplyDelete