Pages

Tuesday, 8 April 2014

සිංහල සිනමාවේ තෙවැනි විප්ලවකරුවාට අත්වැලක් වෙමුද .......? බෑ වගේ නං තරහක් නෑ හොඳේ.......









ලෙස්ටර් ජේම්ස් පීරිස් කියන්නෙ ලාංකික සිනමාවෙ පතාක යෝධයා.
චිත්‍රාගාරයෙන් එළියට බැහැල "රේඛාවවගේ චිත්‍රපටයක් කරන්න ඔහුට තිබුණ ආත්ම ශක්තියට ඔටුවගෙ ප්‍රණාමය. 

පතිරාජ "අහස් ගව්ව" සිනමා පටය නිර්මාණය කිරීමත් එක්ක ලාංකික සිනමාව අලුත් මගකට හැරුණ. පතිටත් ඔටුවගෙ බලවත් ප්‍රණාමය.

හඳගම "මේ මගේ සඳයිතමන්ටම ආවේනික විලාසයකින් සම්මත සිනමා ශාලා ප්‍රදර්ශන රටාවෙන් එළියට පැන්නෙ චිත්‍රපටයත් සම්මත ව්‍යාකරණයෙන් එලියට පන්න ගෙනමයි ඕං.

හඳයට ඔටුවගෙ හෘදයාංගම උත්තමාචාරය.....!



මේ ගැන ලාංකික සිනමාවෙ පතාක යෝධයා පහුගිය සතිඅන්ත පත්තරේකට මෙහෙම කියල තිබුණ. කවදත් සිනමාව ගැන උනන්දු වෙන සුනිල් මිහිඳුකුල කොලුව තමයි ප්‍රශ්නෙ විචාරල තිබුණෙ.


"ඔබ අපේ සිනමාවේ යුග හතරක පරම්පරා හතරක් දැක තිබෙනවා. එය සුවිශේෂයි?
          - මිහිඳුකුල

ඔව්. මට කලින් හිටපු බී.ඒ.ඩබ්ලිව්., විමලවීර මං දැකලා තියෙනවා. මගේ රේඛාව සිංහල සිනමාවේ පළමු කැරැල්ල ලෙස විචාරකයන් හඳුන්වනවා. ඊළඟට පතිරාජගේ අහස් ගව්ව. තුන්වැනි කැරැල්ල හඳගමගේ මේ මගේ සඳයි’. මේ පරම්පරා සියල්ල සමඟ මම සමගාමීව ඉඳලා තියෙනවා. ඒක එක අතකින් ලොකු භාග්‍යයක්. හඳගම, ප්‍රසන්න, විමුක්ති නියෝජනය කරන අලුත් පරපුර අපේ සිනමාවට ඉතා වැදගත් සේවයක් ඉටුකරලා තියෙනවයි කියලා මම හිතනවා. ඒ තමයි අලුත් තේමා, අලුත් ශෛලි ඔස්සේ චිත්‍රපට නිර්මාණය කරමින් නව සිනමාවක් බිහි කිරීම. ඒක තමයි අවශ්‍ය. හඳගමගේ අක්ෂරයචිත්‍රපටයේ තහනමට එරෙහිව මා නැඟී සිටියා. එය ප්‍රකාශන නිදහස වෙත එල්ලවූ මරු පහරක් ලෙසයි මා දුටුවේ."
          - ලෙස්ටර් මහත්තයා 


මං අහන්නෙ කටේ මසුරං දාන්න වටින කියමනක් නොවෙයිද මේ ලෙස්ටර් ගොයිය කියල තියෙන්නෙ. 

මේ කතාව මීට කලකට පෙරත් උන්නැහේ කියල තිබුණට ඒ ගැන වැඩිමනත් පොරචාරයක් නොලැබුණේත්, කතාබහක් ඇති නොවුණෙත් ක්ෂේත්‍රයෙ උන්දැලගෙ තියෙන කුහක කොමට නොවෙන්නං.

දැං ඔන්න හඳගම අලුත් අභියෝගයකට අත ගහල.


අන්තර්ජාලයෙ සැරිසරන සිනමා ලෝලීන්ට ආරාධනය කරල හඳගමගෙ නවතම චිත්‍රපටයට නිෂ්පාදනයෙන් දායක වෙන්න කියල.

තම තම හැකි පමණින්.

චිත්‍රපටිය හදන්න යන මුලු මුදලින් 1/3 තමයි හඳය බලාපොරොත්තු වෙන්නෙ.

ඉලක්කය ඩොලර් 50,000 ක් ඔන්න.

ඩොලර් 20 ඉඳල 1000 වෙනකල් මුදලින් දායක වෙන ඇත්තන්ට එක එක විදිහෙ ප්‍රතිලාභ.


මෙන්න එතෙන්ට යන ලින්ක් එක

http://crimso.com/project/film_by_handagama

ඔන්න ඔතනින් කාසි යවන්න ඇහැකි. 

කම්මැලි නැතිව පොඩි මහන්සියක් ගත්තම ලොකු වැඩකට දායක වෙන්න පුළුවනි ඕං...

පිටරටවලින් සල්ලි ගන්නවය, බටහිර සුද්දන්ගෙ සල්ලි වලින් සුද්දන්ට ඕනෙ විදිහෙ චිත්‍රපටි හදනවය, රාජ්‍ය නොවන සංවිධාන වලින් සල්ලි අරන් රටේ සඟිස්කුරුතිය, සබ්බියත්වය විනාස කොරනවය කියල පාරංබාන එව්වන්ට ඔන්න අවස්ථාව තමන්ම දායක වෙලා හඳයට චිත්‍රපටියක් කරන්න උදව් වෙන එක.

මේක හිඟාකෑමක් හෙම නොවේ ඕං.

දෙන්න අකැමැති නං පැත්තකට වෙලා ඉන්න එකයි ඇත්තෙ.

කවුරුත් බල කරන්නෙ නෑ.

කැමැති ඇත්තෝ දායක වෙත්වා.....!



-සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා  








පසු සටහන:  සෙරන්ඩිබ් ඔටුවට පෞද්ගලිකව යමක් ලියන්න, 
වාලුකා කාන්තාරෙ සිද්ධ වෙන තොරතුරු ටිකක් එවන්න,
සමාජ ප්‍රශ්න ගැන හිතෙන යමක් ලියන්න 
කැමති ඇත්තො ඉන්නව නං මෙන්න email ලිපිනය.
otukatha@gmail.com
පෞද්ගලිකව  තොරතුරු එවන අය ගැන 
එළිදරව් කරන්නෙ නං නෑමයි ...ඕං.....

4 comments:

  1. මේ කඩ ඉම හඳයාට ජයගන්න හැකිවේවි ඔටුවා.... අපට හොද සිනමාපටයක් ලැබෙන හැඩයි... ස්තුතියි සටහනට.බලමු හැකි දෙයක් කරන්නත්.

    ReplyDelete
    Replies
    1. පිටදේශවල ඉන්න සමහර ඇත්තන්ට ඩොලර් 20 කියන්නෙ සොච්චං මුදලක් නොවෙන්නං....අඩුම තරමෙ ඒ තරමින්වත් දානව නං හොඳා.
      වෙන මොනාටවත් නොවේ... හොඳ කාරියකට සම්මාදං වීමේ චිත්තප්‍රීතිය ලබා ගන්න.

      Delete
  2. අක්ෂරය බලල තියේ... ඒකෙ අපේ උංට අවුල් යනව නං අවුල් යන්න එකම තැනයි මං දැක්කෙ... ඒ තමා අර අම්ම ළමය එක්ක නිරුවතින් නාන සීන් එක... ඒත් මට නං ඒක ලොකුවටම දැනුන්නෑ... මොකද එතන ශෘංගාරාත්මක රසයක් ඔප් නැංවිල පේන් නැති හංද...

    මං හිතන්නෙ ඔබග ඉල්ලීමට මටත් යමක් කරන්න පුලුවං වෙයි

    ReplyDelete
  3. සිංහල සිනමාවේ තෙවැනි විප්ලවකරුවාට අත්වැලක් වෙමුද ............

    ඇත්තටම අපූරු යෝජනාවක්. මගෙත් තිබ්බ ලොකු හීනයක් තමයි චිත්‍රපටයකට කීයකින් හරි දායක වෙන්න.
    දැන් ඉතිං ඩොලර් 20 ක් හරි දෙන්න පුළුවන්නේ.......
    හඳගමයන්ට ජය............!

    ReplyDelete