Pages

Friday, 18 April 2014

තානාපති නිලමෙලාගේ පැටිකිරිය නොහොත් සට්ටම්බියන් ඇටයා කොට ගැනීම


ලෝකෙ වටේ තියෙන විවිධාකාර රටවල් වලට තමන්ගෙ නියෝජිතයන් විදියට නිලමෙවරු පත්කොරොන එක බොහෝමයක් රටවල සම්ප්‍රදායක් නොවැ.

ඕං ඉතිං ඒ වගෙ නිලමෙවරු රට රට වලට සිරිලංකාවෙ ආණ්ඩුව නියෝජනය කරන්න යවනව කියමුකො.

අද ඔටු කතාව ලියවෙන්නෙ මැද පෙරදිග වාලුකා කාන්තාරෙ ඔටු රටවලට පත්වෙල එන නිලමෙලාගෙ පැටිකිරිය දිග අරින්නයි.

තරහා අවසර ආයිබං......!

මේ ලියවෙන්නෙ එක එක ඔටු රටවල ඉන්න සෙරෙන්ඩිබ් ඔටුවගෙ සහෝදර ඔටු රැලෙන් දැන කියා ගත්තු කයි කතන්දර තමයි ඕං.

සමහර නිලමෙ පත්වීම් සිදු කෙරෙන්නෙ දේශපාලුවන්ට ඕන විදයටයි.

ඒකියන්නේ මුට්ටිය ඇල්ලුව උන්දැලා, නැත්තං බලයට පත්වෙච්චි දේශපාලුවන්ගෙ පක්ෂෙට පන්දං අල්ල ල නොයෙකුත් සට්ටම්ඹිකං කොරපු උන්දෑලට දෙන වරදානයක් නොවැ ඔය නිලමෙ පට්ටම.

සමහර වෙලාවට තමන්ට කඩේ ගිය ආණ්ඩුවේ නිලධාරීන්ට, 

හමුදා ප්‍රධානින්ට, කලාකාරයන්ට, ආචාර්ය මහාචාර්ය

වරුන්ට විටින් විට එක එක රටවල නිලමෙ පට්ටම් ලැබිල තියෙනව.

විදේශ සේවයට පංදං අල්ලල හෝ නොඅල්ලල නිකංම කඩා පාත් වන නිලමෙල කොටහකුත් මේ අතර ඉන්නව.

මැද පෙරදිග වාලුකා කාන්තාරෙ ඔටු රටවල ඔය කොයි වර්ගෙත් නිලමෙල ඉන්න බව ඔටුව අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නොවැ.

“කොකාගෙ සුද පෙනෙන්නෙ ඉගිලෙන විටලු“ කිව්වලු. 

නැත්තං “හැංගි හැංගි වෙස් බැන්ඳත් නටන්න වෙන්නෙ එළිපිට“ කිව්වලු. 

එහෙමත් නැත්තං “පුහුල් හොරා කරෙන් දැනේ“ කිව්වලු.

ඒ මදිවට මෙහෙමත් ආප්තෝපදේශයක් තියෙනවලුනේ. “කුම්බලා මාලු කෑව නම් විඳෝපං බළලෝ“ කියල.

ඔන්න සමහර නිලමෙල එන්නෙම ගානක් කඩා වඩාගෙන තමන්ගෙ මඩිය තර කර ගන්නලු. විදේශ ගමන් බල පත්‍රය හදල දෙන එකේ ඉදන් වීසා මුද්දරේ ගහන එක වෙනකං හැම දේටම නොමනා තරමිං කාසි සූරා කනවලු. එහෙම සූරාකාලත් කලට වෙලාවට වැඩේ කොරල දෙන්නෙ නෑලු.

දහදුක් විඳල සොච්චං පඩියකට කඹුරල හරි හම්බ කරන ඇත්තන්ගෙන් කඩා වඩා ගන්න කාසි පනං යටිමඩි ගහ ගන්නවලු. 

එක එක්කෙනාට වෙන වෙනම තැපැල් ගාස්තු අය කළාට සේරම ලියකියවිලි එක පොදියකට යවන්නෙ මාසයකට වතාවක්ලු. එතකොට හැමෝගෙන්ම එකතු කරන කාසි පනං යටිමඩි ගහ ගන්න පුළුවන්ලු.

ඒ විරක්යැ හැට කනට පේන ඇත්තියක් උදව් ඉල්ලන් ආවොත් වැඩේ දුර දිග යනවලු. හම්බු වෙන්න වෙලාවක් දෙන්නෙත් රෑ දෙගොඩ හරි ජාමෙටලු. එන්න කියන්නෙත් කාරියාලයට නැතිව නිල නිවාසෙටලු.

හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙටලු.

ඉතිං මේ අසරණ එකීලට තමන්ගෙ වැඩේ කොර ගන්න නිලමෙගෙ වැඩේ කොරල දෙන්නත් වෙනවලු. ඒ කියන්නෙ මේ උඩ බැලියෙන් යට වෙලා ඉන්නත් වෙනවලු.

සමහර කාන්තාවො කරදරේ වැටිල පිළිසරණ පතාගෙන ආවහම නිලමෙල ඒ ඇත්තියන්ව ආයෙමත් කරදරේ දානවලු.

බොහෝමයක් ඔටු රටවල අහිංසක, අසරණ, අගතියට පත් ඇත්තියන්ට නිලමෙලාගෙන් ලැබෙන පිළිසරණක් නෑලු.

කාරියාලයට මුණ ගැහෙන්න ආවමත් කරදරකාරයෝ කියල පන්න ගන්නවලු. පරුෂ වචනයෙන් බනිනවලු.   

සමහර කාරියාලවල මුරට, ආවතේව කොරොන්ට, පියුම් වැඩේට ඉන්න බංගලියො, නේපාලයො, පක්කො බාසාව නොදන්න කොමටයි, මහන්තන්ත කොමටයි මේ උන්දැලව ගනන් ගන්නෙවත් නෑලු. ඇතුළට ගන්නෙත් පස්ස දොරෙන්ලු.

අනේ හැබෑටම මේ නිලමෙල රට රටවලට ඇවිත් සුර සැප විඳින්නෙ, කාරියාල ගොඩනැගිලි වලට නොවටිනා තරං කුලී මලී ගෙවල කාසි මාටිය ගහන්නෙ .... 
පොඩ්ඩක් හිතන්න බැරිද තමන්ව එවල තියෙන්නෙ අසරණ වෙච්චි ජනතාවට සේවයක් කරන්න කියල.

ඔය ටයි කෝට් ගහ ගත්තු ලෝකෙටම ඉර පායන්නෙ තමන් හින්දයි කියල හිතන් ඉන්න සමිති, සමාගම්, සමාජ, සංවිධානවල සට්ටම්ඹියොත් නිලමෙ පස්සෙන් වැටිල එතනම ලැගගෙන ඉන්නවලු. 

නිලමෙගෙ ඇටය වෙලා ඉන්නවලු.

නිලමෙට උපදෙසුත් දෙනවලු.

එක එකාව කොටෝනවලු.

එක එකාට චරිත සහතික දෙනවලු.

නිලමෙලත් ඒවා ගෙඩි පිටින් ගිලිනවලු.

නිලමේලාට ගිල්ලන්න බැරිනං ඇඹේනියන්ට ගිල්වනවලු. 
තකොට ඇඹේනියෝ නිලමෙලාව අල්ලෙ නටවල එක එක ජවුසං නටනවලු.

මේවා කොයි හැටි වෙතත් අපහාසෙ රටටලු. 
සිරිලංකාවටලු. 
සිරිලංකා ආණ්ඩුවටලු.

අනේ කාලේ වනේ වාසේ.....................

-සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා  








පසු සටහන:  සෙරන්ඩිබ් ඔටුවට පෞද්ගලිකව යමක් ලියන්න, 
වාලුකා කාන්තාරෙ සිද්ධ වෙන තොරතුරු ටිකක් එවන්න,
සමාජ ප්‍රශ්න ගැන හිතෙන යමක් ලියන්න 
කැමති ඇත්තො ඉන්නව නං මෙන්න email ලිපිනය.
otukatha@gmail.com
පෞද්ගලිකව  තොරතුරු එවන අය ගැන 
එළිදරව් කරන්නෙ නං නෑමයි ...ඕං.....





13 comments:

  1. මාත් ඔය කේස එක ටිකක් එහෙන් මෙහෙන් අහල තිනෙව...
    තව ඔය ගෙවල් වල කරදර හිංද එම්බසියට ඇවිත් ඉන්නවනෙ එම්බසිවය උං ඒ එන ඇත්තියන්ව හයර් කරනවලු... දවස දෙකේ..(මට මේක කීවෙ එම්බසියෙ මාස කීපයක් ඉදල බුදු කට්ටක් කාල ලංකාවට ආව අක්ක කෙනෙක්...) සවුදියෙ එහෙම ඔය කේස් එක ජයටම යනවලු....

    මං ලු යන්නක් දැම්මෙ මං අහපු ෙදයක් හිංද... නැත්තං මං දන්නව ඔය සමහරක් ඈයො ඕක අල්ලගෙන මට මඩ ගහනව... එක පාරකුත් ඕම වුනානෙ

    ReplyDelete
    Replies
    1. පැත්ත ගියත් ඇත්ත නතා කරන මහේෂ් ළමය වගේ උදවියට ඔටුවාගේ ප්‍රණාමය.

      Delete
  2. Anonymous21:11

    අපරදේ කියන්න බෑ ඇමරිකාවේ වොෂින්ටන් වල ලංකාවේ එම්බසියේ වැඩ නම් හොදයි. මම අපේ දුවගේ උප්පැන්න සහතිකය හදා ගන්න වැඩකට කතා කලාම හොදට කතා කරලා වැඩේ කරලා දුන්නා.
    හැබැයි වැඩ කෙරෙන වේගේ නම් අර ආණ්ඩුවේ කන්තෝරු වල වේගෙම තමා.
    අපිට නම් මේවා කොහොම හරි කරගතහැකි. පව් වැඩේ කියන්නේ ඔක්කොම චාටර් පොරවල් ගෙම්බර් දාන්නේ, මැදපෙරදිග කඹුරන අහිංසක ගෑණුන්ට තමා.

    ReplyDelete
    Replies
    1. ගෙම්බර් විතරක් දානව නං ඉවසතෑකි ආයිබං....
      තව තව ඒව දාන්න යන එකනෙ ප්‍රශ්නෙ.

      Delete
  3. අනේ කාලේ වනේ වාසේ....

    ReplyDelete
  4. මැද පෙරදිග විතරක් නෙවේ අනිත් ගොඩක් තැන් වලත් ඔය වගේ තමා. මේ කන් දෙකින් අහලා මේ ඇස් දෙකින් දැකලා තියන හින්දා ආය බොරු නෙවේ ඔං.

    ReplyDelete
    Replies
    1. එහෙනං ඔටුකතාව අන්තර්ජාතිකව ගැලපෙනව නොවැ බොලල්ලා....

      Delete
  5. Anonymous17:34

    ඇස් දෙකෙන් දැකපු දේවල් බොහොමයි. යුරෝපයේත් ඔය ටිකමයි. විදේශ සේවය කාලා විනාශකරලා ඉවරයි. අත්දැකීමෙන් කියන්නේ. තව කන්න දෙයක් ඉතිරි කරලා නැහැ.

    ReplyDelete
    Replies
    1. යුරෝපයෙත් විදේශ සේවය කාලා විනාශ කළාට මැදපෙරදිග වාළුකා කාන්තාරෙ තරම් කාන්තා හිංසනය ඔඩු දුවල නැතිව ඇති නේද ආයිබං....

      Delete
  6. ඇම්බැට්ටයා20:41

    මුතු දූපතේ කලිං හිටි ජනරාල්තුමා නං ඔය රාත්‍රී රාජකාරි කළා ලු. මිනිහ නියම අනාදියලු. දැන් ඉන්න පතෝල නිලමෙ නං ඔව්වට නෑ වගේලු....කොරන දේකුත් නෑලු....එක එක සංගම් සංවිධානය කොරන උත්සව, චොකා බයිල වලට ගිහිං පෙනි හිටල හිත හදා ගන්නවලු.
    නිදහස් ප්‍රසංගයක් කරල ඇන ගත්තට පස්සෙ ඇඹේනිය පටන් ගත්තු කාන්තා වැඩත් හබක් වෙලාලු. ඒව පටන් ගත්තේ ඇති හැකි අයටමලු. නැති බැරි අයට වෙලා තියෙන්නෙ කට බලියං ඉන්න විතරලු.
    අනේ කාලේ වනේ වාසේ....ලු.

    ReplyDelete
    Replies
    1. අම්මපා.....ඔය කියවෙන්නෙ පැටිකිරිය යස අගේට.

      Delete
  7. Ravi21:01

    හා...හා... කට...කට...මේ.....නිලමෙට බනිනව හෙම නොවෙයි....මටයි ඕකෙන් මේකෙන් යන එන මං නැති වෙන්නෙ. මහරජ්ජුරුවොත් එන අව්අස්සෙ....

    ReplyDelete
  8. කෝලමා14:01

    අනේ අපොයි. බලන් ගියාම ලංකාවේ නම ගෑවිච්ච හැම එකෙක්ම එකයි වගේ. අපේ එවුන්ට තියෙනවනේ උපතින්ම ආව පුහු උද්දැච්චකමක්. ඉතිං උන් හිතන්නෙ පොරවල් අපි තමයි කියල.
    කොයි කාරි වෙතත් හැමදාම ඉතිං බැට කන්නේ දුප්පතාම තමයි බං ඔටුවො. මං මේ ළඟදී දැක්කා පත්තරේ දාලා තියෙනවා සෞදියේ තානාපති කාරියාලයෙන් ගැහැනියකට කරපු අරියාදුවක්. අනේ ඉතිං සරණක් පතාගෙන ආවම මුන් කරන්නෙ මේ මිනිස්සුන්ව තවත් අමාරුවේ දාන එකනෙ. මේකටද මුංට ආණ්ඩුවෙන් පඩි ගෙවන්නෙ. ඇත්තටම මෙවුන් ඔය උපාධි සහතිකේ ගත්තේ මොන විස්සවිද්‍යාල වලින්ද දන්නෙ නෑ නේද?
    අපේ මහින්ද ලොක්කා මේවා ගැන දන්නෙ නැතුව ඇති නේද......? (නොදන්නා ගානට ඉන්නවා මිසක්) නැත්නම් ඉතිං මෙලහලකටත් ඔය උන්දෑලව ගෙදර යවන්න එපැයි. පිං පඩි දිදි ඉන්නෙ නැතිව.

    ReplyDelete