Monday, 22 May 2017
Thursday, 4 May 2017
බීරි අලින්ට වීණා නොහොත් පොන්නයින් ගැන කතාව
තව හොයලත් දීපල්ලකො.
ලැජ්ජ නැතිව හොයල දෙන්න කියනවනෙ අම්මපා...

මේවම ආංඩුද...? පාංඩුද...?
ගෑනු රට යවන සේරම පොන්නයෝ බව මේවයින් පේන්නෙ නැද්ද?
අතුරුදන් වුණා, කටු ගැහුවා, අඬු කැඩුවා, මරල දැම්මා කිය කිය තවත් අපේ කාන්තාවන් රට යවල ජීවත් වෙන්න ලැජ්ජ නැත්තෙ පොන්නකම නොවෙන්නං වෙන මොකක්ද?
ඇත්ත නොවෙන්නං...රට කරවන උනුත් පොන්නයො වගේනෙ හැසිරෙන්නෙ.

මේ තියෙන්නෙ කාලයක් තිස්සේ මැදපෙරදිග ඉඳං කිව්ව කතා තමයි.
මේව ඉගිං බීරි අලින්ට වීණා වයනව වගේ වුණත් අපිත් අත අරින්නෙ නෑ. දිගටම කියනව.
-සෙස්ස පස්සට ෴
- සෙරන්ඩිබ් ඔටුවා
Saturday, 15 April 2017
කුණු කන්දේ චම්පික
2016 ඔක්තෝබර් 08 දා "සත්හඬ" පත්තරේ ලිපිය
චම්පික ඉසුරු කුණු කන්ද උඩ සටනක
විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට විදේශීය සමාගමක් සම්බන්ධ කර ගනිමින් මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කිරීම සඳහා අදාළ ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය විසින් වන අතර මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙම යෝජනාවට අනුමැතිය ලබා නොදීම මෙම මත ගැටුමට ප්‍රධාන හේතුව වී තිබේ.
චම්පික ඉසුරු කුණු කන්ද උඩ සටනක
මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කිරීමට ඉදිරිපත් වී ඇති ව්‍යාපෘතියක් හේතුවෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ බරපතළ මත ගැටුමක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ.
විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට විදේශීය සමාගමක් සම්බන්ධ කර ගනිමින් මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කිරීම සඳහා අදාළ ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය විසින් වන අතර මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙම යෝජනාවට අනුමැතිය ලබා නොදීම මෙම මත ගැටුමට ප්‍රධාන හේතුව වී තිබේ.
අප වෙත වාර්තා වී ඇති එම සිදුවීම මෙසේය.
මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කිරීමේ කටයුත්ත සම්බන්ධව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය විසින් එස්.ජේ.පී. ටෙස්ට් එනර්ජි නම් බ්‍රිතාන්‍ය සමාගම ඉදිරිපත් කළ ව්‍යාපෘති යෝජනාවක් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇත. එම ව්‍යාපෘති යෝජනාවට අනුව අදාළ සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 30 කට මීතොටමුල්ල කුණු කන්ද වසර 4ක් තුළ මුළු මනින්ම ඉවත් කිරීම භාර ගැනීමට සූදානම්ය. ඒ වෙනුවෙන් අවශ්‍ය යන්ත්‍ර සවි කිරීම සඳහා කුණු කන්ද ආසන්නයෙන් පර්චස් 60ක ඉඩමක් ද රජයෙන් ලබා දිය යුතුය. එසේම මෙම කුණු ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් අනතුරුව විදෙස් ගත කිරීමට අදාළ සමාගම බලාපොරොත්තු වන අතර එම ප්‍රතිචක්‍රීකරණය කළ කුණු ආශ්‍රිත නිෂ්පාදන විකුණා එම ආදායමින් කොටසක් ද පෙරළා රජයට ගෙවීමට සූදානම් බව ද සමාගම යෝජනා කර ඇත.
මෙම යෝජනාව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඒ පිළිබඳ සිහිකැඳවීම් කිහිප වාරයක් සිදු කර ඇතත් ඊට ප්‍රතිචාර ලැබී නොමැත. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු විමසීම වෙනුවෙන් අප බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇමතූ නමුත් ඔහු අප හා සම්බන්ධ වූයේ නැත.
මේ අතර ව්‍යාපෘති යෝජනාව සිදු කර ඇති සමාගම මේ සඳහා සවි කිරීමට නියමිතව ඇත්තේ ඊකමැ ඨරදමච හී ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රයක් වන අතර එම එක් යන්ත්‍රයක මිල ඇමරිකානු ඩොලර් මිලියන 10ක් පමණ වන බව ද අප වෙත වාර්තා වී ඇත. එසේම අදාළ සමාගම පර්චස් 60ක් මේ ව්‍යාපෘතිය වෙනුවෙන් ඉල්ලා සිටියත් ඒ වෙනුවෙන් අක්කර 04 ක අවම භූමියක් අවශ්‍ය බව ද දැනගන්නට ඇත.
කෙසේ නමුත් මෙම ව්‍යාපෘති යෝජනාව පෞද්ගලික මට්ටමේ යෝජනාවක් බවත් අවම වශයෙන් ව්‍යාපෘති යෝජනාව ගෙනැවිත් ඇති සමාගම පිළිගත් එකක් නොවන බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. එසේම ඇමරිකානු ඩොලර් මිලියන 30 ක් තරම් විශාල ගනුදෙනුවක් සිදු කිරීමට තරම් විශ්වසනීයත්වයක් නොමැති සමාගමක් සම්බන්ධ කරගැනීම පවා තම අමාත්‍යාංශයට ගැටලුවක් බව පෙන්වා දෙන එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ අදාළ සමාගම විසින් ඉදිරිපත් කර ඇති සමහර කොන්දේසි පවා සැක සංකා මතු කරන බවය. ඔවුන් එහි දී විශේෂයෙන් පෙන්වා දෙන්නේ එක් රටක කසළ විදෙස්ගත කිරීම ජාත්‍යන්තරව තහනම් කර ඇති පසුබිමක අදාළ කසළ විදේශයන් වෙත ගෙන යන බවට අදාළ සමාගම පවසා ඇත්තේ ඒ කෙසේද යන්න ගැටලුසහගත බවය.
මේ සම්බන්ධව අප නාගරික සංවර්ධන අධිකාරියෙන් විමසීමක් කළ අතර එහි දී එහි අධ්‍යක්ෂ ජනරාල් සුමේධ රත්නායක සඳහන් කර සිටියේ අමාත්‍යාංශය විසින් අනුමත කරනු ලබන යෝජනාවක් ඇත්නම් තමන්ට ගැටලුවක් නැති බවය. එසේම කිසියම් සමාගමකට අක්කර කිහිපයක භූමියක් අවශ්‍ය නම් ඒ වෙනුවෙන් ඉඩ ගැනීමට සිදු වන්නේ කසළ ඇති ප්‍රදේශය වෙතින්ම වන බව ද ඔහු සඳහන් කර සිටියේය.
මේ අතර අප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයාගෙන් විමසූ අවස්ථාවේ දී ඔහු සඳහන් කර සිටියේ මීතොටමුල්ල කුණු කන්ද සම්බන්ධව තීරණ ගැනීමට අයිතියක් පළාත් සභාවට නොමැති බවත් එය නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමියක් වන බවත්ය. එසේම ඩොලර් මිලියන ගණන් වියදම් වන ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් පටිපාටි අනුගමනය නොකර තීන්දු ගැනීමට හැකියාවක් නැති බවත් කවුරුවත් ගෙන එන විදෙස් සමාගම් වෙත මෙරට ධනය නිකරුණේ වැය කිරීමට තම ආණ්ඩුව කටයුතු නොකරන බවත් ඔහු පැවසීය.
එසේම තවදුරටත් මරික්කාර් මන්තී‍්‍රවරයා සඳහන් කර සිටියේ “අගමැතිවරයා ඔය කුණු කන්ද සම්බන්ධව පැහැදිලි උපදෙස් නිකුත් කරලා තියෙනවා. මුලින්ම අපි තවදුරටත් ඒ වෙත කුණු නොදා සිටීමට කටයුතු කළ යුතුයි. ඒ වගේම අපි පොරොන්දු වූ විදිහට ඉදිරියේ දී මේ ප්‍රශ්නය විසඳනවා. දැනටත් මේ කුණු තාක්ෂණය යොදාගෙන ප්‍රතිචක්‍රීකරණය කරනවද, නැත්නම් වෙනත් ප්‍රදේශයකට යොමු කර ඉන් අනතුරුව ප්‍රතිචක්‍රීකරණය කරනවද කියන කාරණය සලකා බලමින් ඉන්නෙ. අනිවාර්යයෙන් අපි එය විසඳනවා. ඒ නිසා අර කලින් ආණ්ඩුව කළා වගේ නාස්තිකාර වැඩවලට කවුරුත් යන්න ඕන නෑ” කියාය.
මේ අතර අප මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියකු ඇමතූ අතර ඔහු සඳහන් කර සිටියේ අදාළ ව්‍යාපෘති යෝජනාව පිළිබඳ නිල වශයෙන් කිසිවක් තමන්ට ප්‍රකාශ කළ නොහැකි බවය.
කෙසේ වුවත් අක්කර 19ක් පුරා විසිරී ඇති ටොන් ලක්ෂ 4 ක් පමණ වන කුණු කන්ද හෙට දිනයේ ද මෙසේ පවතින අතර ඒ විසඳීම වෙනුවෙන් වන ගැටීම්වල අඩුවක් නැත.
- සංජය ලියනගේ
Saturday, 1 April 2017
ජංගිය පාත් කර ගැනීම
ජංගිය පාත් කර ගැනීම කිව්වට මෙතන තියෙන්නෙ ඊට එහා බරපතල කාරණයක්.
ජංගිය පාත් කර ගත්ත නං මදැයි.
ගෑනු ළමය ජංගිය පාත් කරගෙන පිරිමි ළමයගෙ අත තමන්ගෙ චූ පැත්තට තියල තද කරගෙන පිරිමි ළමයගෙ තොල් හපා ගෙන ඉන්නව පංතියෙ අනෙක් ළමයි එබි එබි බලනව.
එසේ මෙසේ නොවෙයි දෙකේ පංතියෙ.
මේ බ්ලොග් එක ලියන්නෙ හරිම කම්පාවකින්. මේ වයසට ඔටු පැටව් වත් නොකරන වැඩක්.
ඒත් අද දවසෙ ළමා මානසිකත්වය වෙනස් වී ඇති හැටි හෝ වැරදි දේට ළමයින් හුරු කොට ඇති බව තමයි මේ සිද්ධියෙන් පේන්නෙ.
කතාව මේකයි.
දෙකේ පංතියෙ ටීචර් උදේ පංතියට යද්දි ළමයි සේරම අල්මාරිය පිටි පස්සට එබී ගෙන ඉන්නව දැක්ක.
ටීචර් සද්ද නැතිව ගිහිං බැලුව.
එතකොට දැක්ක දසුන තමයි ඔය ලිව්වෙ.
ටීචර් කලබල නොකර ළමයින්ව පංතියෙන් ඉන්දුව.
ඒත් අර දෙන්න එහෙමමයි.
පිරිමි ළමය ගැලවිලා එන්න දඟලනව. ගෑනු ළමය තද කරගෙන ඉන්නව.
එක්කෝ මේ පුංචි දරුව දැක්ක දෙයක් අත් හදා බලනව. නැත්තං වැඩිහිටියෙක් දරුව අපචාරයට පුරුදු කරල.
කොයික වුණත් දෙමාපියන් දරුවන් ගැන වැඩියෙන් සැලකිලිමත් වෙන්න ඕනෙ කියල තමයි කියන්න වෙන්නෙ.
ලොකු පංතියකදි නොවේ.
දෙකේ පංතියෙදි.

සෙස්ස පස්සට ෴
- සෙරන්ඩිබ් ඔටුවා
Tuesday, 28 March 2017
බ්ලොග් සම්මාන දෙන හා ගන්නා පකීර්ලාට
බ්ලොග් සම්මාන දෙන හා ගන්නා පකීර්ලාට තරුණ බ්ලොග්කරුවෙක් තමන්ගේ ෆේස්බුක් ගිණුමේ කළ අභියෝගය.
++++++++++++++++++++++++++++
Pamuditha Zen Anjana feeling amused .
1. මේ ඉස්ටේටස් එක දාන්නේ මාත් මේ බොග් සීන්ස් එක ගැන ඩිංගිත්තක් ඉතර දන්නවා කියන්ඩ ය.
2. මේක කියවා පුක් ගැට්ට රිදවා ගන්නා එකාලා ඕනෑනං ඔය පල්ලෙහා නිකං තියෙන ඉඩේ තමංලාගේ අඳෝනා, අඬෝවැඩියා කන්නලව් කනිපිංදං ඔක්කෝම දාලා ගියාට කමක් නැති ය. ඒ පිළිබඳව මම කිසිදු ෆකක් නොදෙමි ය.
3. ඕනෑ එකෙක් බ්ලොග් වලට සම්මාන දුන්නාට අවුලක් නැති ය. බ්ලොග් වලට ඉතරක් නොව ලොකුම බොග, ගඳම බොග, තද තදම බොග, කියා බොගවල් වලට සම්මාන දුන්නද කමක් නැති ය. මොකද කැමති හුයන්නකට සම්මාන දෙන එක සහ ලැබෙනවානම් සම්මාන ගන්නා නොගන්නා එක ඒ අදාළ පුග්ගලයන්ගේ කර්තව්වියක් නිසා ය.
4. ඉතිං එහෙව් එකේ ඊළඟට වෙන කියන්නට හුයන්නක් නැති තැන ඒකට අරූ ගෙන්නපූ එක වැරදියි, උගේ අහවල් එක ළඟ ත්‍රෛලෝකාධිපති අතිපූජනීය රොම්බ ලොකු එකේ "නිදහස්" බ්ලොග්කරුවන් නැවුණු එක වැරදියි බ්ලොග් වලට සම්මාන දීපු එක වැරදියි අරක වැරදියි මේක වැරදියි මේකේ දේශපාලනය වරක් එනිමන් නම් කළු ජාතික ගැන්ස්ටා රැපා තමංග් චූස්කැපිටාල් ග්‍රන්ථයේ කියා තිබෙන අන්දමට දේශපාලනිකයිය කිය කියා බෑගිරි නොගා හිටියානම් එළ ය.
5. එක අතකට බැලුවාම බ්ලොග් එකක් ලියන එකත් බ්ලොග් වලට සම්මාන දෙන එකත් ඒ සම්මාන ගන්න එකත් මරණ තුනක් මැද පැණි කන්නා සේ කළ යුතු වැඩ ය. මොකද නැත්තං හාවල් එකේ නිදහසට කෙළ වෙනවාලු ය.
6. අන්තිමට කියන්නට ඇත්තේ මේ රටේ එකාලාට මොකක් හරි කළත් වැරදියි ය, නොකළත් වැරදියි ය, ඒක එදා ඉඳම්ම එහෙමමයි ය, කවදාවත් වෙනස් වන එකක් ද නැති ය කියා විතර ය.
#අම්මගේතර්ක #බ්ලොග්කරුවන්ගේහාවල්නිදාසසුරකිව් #සම්මානදෙන්ඩඑපෝ#ටහික්ස්ලොල් #මටඑපාඒනිසාඋන්ටත්දෙන්නෙපා #මව්බිමේඋරුමයටකැපවෙමි#බ්ලොග්නිදහසසුරකිමි #අමුතුඇටේ #nelumyaaya2016 #lka
7. ප. ලි.
අවධානය තියෙන වෙලාවේ මේ ඉස්ටේටස් එකෙන්ම මගේ බ්ලොග් ටිකත් ගොඩ දාගන්නට ඕනෑ ය කියා අයිඩියාස් එකක් මගේ ටිකිරි මොළේට පහළ වුණා ය. මේ පහත තියෙන්නේ මං ලියන බ්ලොග් වගේ එවුවා තුන ය. කැමති කට්ටිය ගිහින් කියෙව්වාට කවුරුත් තරහා වෙන්නේ නැති ය. නොකියෙව්වද ඒ හැටි අවුලක් නැති ය. මම නම් ඔය රොම්බ එකේ බ්ලොග් කරුවන්ට ද වඩා නිදහස් ය කියා කියන්නට මම බය නැති ය. කේතැක්ස්බායි ය.

ඇත්තටමයි අහන්නෙ..ඔය සම්මාන දෙන පකීර්ල මෙහෙම බ්ලොග් තියෙන බව දන්නවැයි ???
-සෙස්ස පස්සට ෴
- සෙරන්ඩිබ් ඔටුවා
Monday, 27 March 2017
සිංහල බ්ලොගර්සලා තුට්ටු දෙකට විකීණීම
ඔන්න ඒකත් කම්මුතු කළා.
කිව්ව නාහන ගුරු ඉහළ ගියොත් ඉහළ- පහළ ගියොත් පහළ කියන්නැහෙ 2016 නෙළුම්යාය බ්ලොග් සම්මාන උළෙල වෝටර්ස් එජ් හෝටලේ බෝල් රූම් එකේදි කම්මුතුම වුණා...
නෑ...සංවිධායකයො නොවෙයි...ඒ ගොල්ල වැඩේ අහවර කොරල ජයපැන් බොන්න ගියා.
කම්මුතු වුණේ හතරදිග් බාගෙන් ආව බ්ලොග් ලියන්නන් හා ලියන්නියන්.
සෙරන්ඩ්බ් ඔටුව මේ ලියන්නෙ කාගෙන්වත් ඇරියස් ගන්න නොවෙයි. "වාලුකා සිතුවිලි" ඔය සම්මාන වලට තෝරගත්තෙ නැති එක ගැනත් කිසිම අවුලක්. නෑ. ඔය සම්මාන දෙන සුපිරි බලොග් අස්සෙ මේව නිකං ලපයි සිපයි ගාණෙ වැඩ නොවැ.
ඇරත් "යහපාලනේට..." ඕනැන්නෙ නෑ..කට...කට...
බ්ලොග් ලියන කොල්ලන්ට කෙල්ලන්ට විතරක් නොවෙයි වැඩිහිටි දැනුමුත්තන්ට වුණත් සම්මානයක් කිව්වම පොඩි ත්‍රිල් එකක් නැත්තෙ නෑ.
එහෙම නැතිව සම්මාන පස්සෙ නොයෙන්නෙ කීයෙන් කිදෙනාද බොලල්ලා.
කෙහොමත් සම්මාන ගන්න එන අයට කිසි වරදක් කියන්න බෑ. ඒ වගේම අවංක චේතනාවෙන් දෙනව නං දෙන අයටත් කිසිම වරදක් කියන්න බෑ.
හැබැයි සරසතුමා වගේ කීප දෙනෙක් මුල ඉඳන්ම මේකට විරුද්ධව කෑ කොස්සන් ගහල නිකං ඉන්නෙ නැත්ව බාල්දි පිට බාල්දි පෙරලන්න ගත්තම ඔටුවටත් කුතුහලයක් ආව මොකක්ද මේ අස්සෙ තියෙන හිඩොං ඇජෙන්ඩාව කියල හොයන්න හිටං.
ඉතිං හී සීරුවෙ ගොහිං පස්සෙන්ම ඉද ගත්ත කියමුකො.
ඇතුල් වෙන දොර ගාවදිම නෑම්බියෙක් ගුඩු ආප්ටනූන් කියල පිළි අරං තර්ඩ් ෆලෝ සර්...ලිෆ්ට් ඊස් දෙයා කියපි. කඩ්ඩෙන්. හිතන්නැත්තෙ ඉංගිරිස් බ්ලොග් රචකතුමෙක් කියල වෙන්ටැ.
ඉතිං මාත් 3 ඔබල ගෙහුං වටපිට බලද්දිම වල්කොං බීම (කොම්බුවක් ඇලපිල්ලක් එහෙ මෙහෙ වුණාද මංද ආයිබං) එකකුත් ලැබුණෙ නැතෑ.
කොළඹ ගමය හෙම කළු කෝට් කබා ඇඳං ජැන්ඩිපහට කොටට කොටේ බකල ගගහ එහෙ මෙහෙ දුවනව...හෙහ්..හෙහ්.. නිකං ජෝකර්ට ඇඳල වගේ. මේ සීතල එංගලන්තෙ නොවේ ගමයො කියල කියන්න කටට ආවත් සද්ද නැතිව ගෙහුං පස්සෙන්ම ඉඳගත්ත කියමුකො.
බෝල් රූම් එක වටේම තරු. ස්ටේජ එක මරේ මරු. පෝඩියොං දෙකක් දෙපැත්තෙ. රෝස පාට කණු දෙකක් ඊටත් පිටතිං. බැක් ඩ්‍රොප් එකට වීඩියෝ ප්‍රොජෙක්සොං. බොහොම ගාම්භීර පාටයි. ඇස් නිලංකාර වුණා කිව්වම.
ඔටුවො කවද කාපු ටකරංද කිව්වලු.
ඔන්න නදී කෙල්ලයි, ගැමුණු කියල හාදයෙකුයි දෙන්න තියාගත්තෙ නැතෑ ළුළිමහන් සංදර්ශනේක අනවුන්ස් කරන්නැහෙ ලවක් දෙවක් නැතිව. අනෙක් පැත්තෙන් දෙමළයි ඉංගිරිසියි පැටික්කියො දෙන්නෙක්. කට්ටියට සෑහෙන ගාණක් ගෙවන්න ඇති.
සම්මාන දෙන්න සල්ලි නැතිවට ඒව දන්නෙ ගත්තු එවුන්නෙ. ලෝකෙට පරකාසෙත් එපැයි.
නැතිව පුළුවනෑ...ආඩංබරේට තියෙන්න එපැයි. ඔය සරසතුමාට රිදෙන්නත් එක්ක කියනවනෙ ඔය මඩවලේ (ඒ ඉස්සර..දැං ගොඩ කරල) මේ සම්භාවනීය උත්සවේ ගත්තෙ. කොළඹ හෝල් එකක ගත්ත නං ඉතිං ගතිය අඩුයිලුනෙ. සම්මාන වල වටිනාකොම එන්නෙ බිස්නොස් කාරයො ස්ලිම් අවෝඩ් උත්සවේ ගන්නව වගේ හෝටලේකම ගත්තමලුනෙ.
නැතිව ඔය රාජ්‍ය සම්මාන, පුස්තක, සරසවි, රයිගම් වගේ සම්මාන ගන්න සම්මන්ත්‍රණ ශාලාවෙ හරි එතන තියෙන හෝල් එකක ගත්තත් ගතියක් නෑ. මහවැලි කේන්ද්‍රෙ නං ගතියක් ඇත්තෙම නෑ.
ඔන්න පායයි හිරු- ආවොත් කරු වැඩම කළා. ගමය එකත්පස්ව ඇකිලුණා.
මැතිවරණ කොමිසමේ සභාපති කොමඩි කතා අස්සෙ යහපාලනකාරයො තියන්නෙ නැති මැතිවරණෙ වටිනාකම ගැනත් කිව්ව. ෆෝන් එකයි ටැබ් එකයි පෙන්නන්න ගෙහුං ඇස් කණ්නාඩිය පෝඩියම් එක උඩ දාල ආව. නදී මුළු සභාවටම ඇහෙන්න කිව්ව ඒක ඕනෙ නං අරං යන්න කියල. මහින්දතුමා (රාජපස්ස නොවේ දේසප්රිය) ආයෙම ගෙහුං ඒක අරං එද්දි තව ෆෝන් එකකුත් දිග් කළා. ඒක මගේ නොවෙයි කියල එතුම හැරිල ආව. අන්න නියම කොමඩි වලින්ම පටන් ගත්ත.
සම්මාන දෙන්න ගත්ත. සමහරු ඇවිත්. සෑහෙන්න දෙනෙක් ඇවිත් නෑ.
කොටින්ම ගිය වතාවල සම්මාන ගත්තු මාතලං, කකා, බස්සි එහෙමත් නෑ. මීට කලිං හොඳම බ්ලොග් සම්මාන ගත්තු බස්සිට මෙදා පාර තුන්වෙනි තැනද කොහෙද තිබුණ. බස්සි පල්ලං බැහැලද නැත්තං සම්මාන කොලිටිය ඉහළ ගෙහුංද කියල ඔටුව කල්පනා කළා.
කලිංම ඉවත් කොර ගත්ත සමහර නිර්දේශත් තිරයෙ පතිත වුණා. ඒත් හොඳ වෙලාවට සම්මාන නොදී හිටිය. එතකොට දන්නෙ නැති අය හිතන්නෙ අරක නිර්දේශ වුණාට ඒක වැඩක් නෑ. ඒකනෙ සම්මාන නැත්තෙ කියල. එහෙමත් බ්ලොග් ලියන්නො බලෙං අවමානෙට පත් කළා. ඇයිවදේ බ්ලොග් ලිව්වම හිතුමතේට බලෙං නිර්දේශ කොරල මට එපෝ කිව්වම ඒක නිර්දේශෙන් අයින් නොකර තිරේ දැම්මම අවමානයක් නොවෙයිද මං අහන්නෙ ? අඩුම ගාණෙ ඒක ඉවත් කරන්න අමතක වුණා නං එනවුන්ස් කරද්දි කියන්න තිබුණ මෙන්න මේව නිර්දේශ කළාට අදාළ රචකයා ඉවත් කොට ගන්නා ලදී කියල.
කොහෙද සංවිධායකයන්ට ඒ තරං සදාචාරයක්.
සදාචාරයක්, ලැජ්ජාවක් තියේ නං රාජිත වගේ හොරගෙඩි, සංහාරකයෙකුව ගෙන්නයිද? සංහාරය ගණනින් 1222 ක් කියල ළඟදි කොහෙදෝ තියෙනව දැක්ක. ගෙන්නුව මදිවට නූතන සේනක බිබිලේ කියල අන්දයිද? හැබැයි නදී කෙල්ල නං දිවේ තොලේ නොගෑවීම කිව්ව මට මෙහෙම කියන්න කිව්වෙ ලංකා නිව්ස් වෙබ් එකේ චන්දිම කියන හාදය කියල. හොඳ වෙලාවට උන්දැ එංගලන්‍තෙ. නැත්තං එතනම රෙදි ගැලවෙනව.
ඇයි රාජිතව එහෙම අන්දද්දි කටටියක් නැගිටල එළියට ගිය එකම මදිද..කොටින්ම සම්මාන ප්‍රදානෙට ආරාධනා කරල තිබුණ උපුල් ශාන්ත සන්නස්ගලත් නැගිටල ගියා කිව්වම. නැගිටල ගියා නං මදැයි. අන්තිම හරියෙ සම්මාන දෙන්න ස්ටේජ් නගිද්දි බලෙං මයික් එක අතට ගත්තු සන්න කිංඩියට ඇහුවෙ නැතැයි අර සේනක බිබිලෙ ගියාද කියල. රෙදි නෑ ඕයි.
ඒ අස්සෙ එකම ගායක කණ්ඩායමක් සැරෙන් සැරේ වේදිකාවට ඇවිත් සිංදු කියල ගියා. සැරෙන් සැරේ කිව්වෙ සම්මාන ටිකක් දෙනව, සිංදුවක් කියනව, ආයෙම සම්මාන දෙනව, ආයෙම සිංදුවක් කියනව. ඒ අස්සෙ ජනයි-ප්‍රියයි ඇවිත් හිනා යන්නෙ නැති ජෝක් කියනව. ගිහිං සම්මාන කීපයක් දීල ආයෙ ගෙන්නනව.
වැඩේ ඇදෙනව. සම්මාන දෙන්න ආරාධනා කළාම ආරාධිතයො නෑ. ඉතිං නදී ගම බලතල පරිදි නාලක ගුණවර්ධනට කෝකටත් තෛලය වගේ ආයෙම ස්ටේජ් එකට එන්න කියනව. එතකොට ආරාධිතය කොහෙදෝ ඉඳන් දුවගෙන එනව. ඒක නොදැක්ක නාලක සම්මාන පිරි නමනව.
ඉස්කෝලෙ සාහිත්‍ය සංගම් විවිධ ප්‍රසංග මීට වඩා ගතියට කරනව අප්පා.
අර හර්ෂ කොලුවගෙ ඔපෙරාවයි, වැලිකල ළමයගෙ ධර්මිෂ්ට සමාජ නාට්ටියයි නං ගතියට තිබුණා. ඒත් නාට්ටිය පෙන්නුවෙ රෑ බෝවෙලා හංදද කොහෙද ප්‍රේක්ෂක ජනතාව උන්නෙ කෑම තිබුණ ඉසව්වෙ. මොන දේ බලන්නත් හරියට සප්පායම් වෙලා ඉන්න එපැයි. ඇරත් කෑම මේසෙ ඇරල තියෙද්දි බඩගින්නෙ, පිපාසෙ ඉන්න උන් නාට්ටි බල බල ඉඳීවියැ.
මෙතන වැඩේ සල්ලි වියදම් කරල, හොටෙල් අරං, ඉවෙන්ට් කළමනාකාරියන්ට ගෙවල අන්තිමේට පුස්ස බින්ද වගේ වැඩේ අල වුණ එකයි.
බදුල්ලෙන්, අම්බලන්ගොඩින්, ගලෙන්බිඳුනවැවෙන් ආදී දුරබැහැරින් ආව එකී මෙකී නොකී බ්ලොග් රචකයින් රචිකාවන් රෑට බස් නැති රටේ බත්තරමුල්ලෙ ඉඳං කාගෙ හරි වාහනේක එල්ලිලා නැත්තනං ත්‍රී වීලර් එකක ගිහිං මහරෑ ගෙවල් වලට යන්න ඇති. මෙච්චර නාස්තිකාර වියදම් කළ එකේ සම්මාන ලැබුණ අයටවත් අතේ මඟ වියදමටවත් රු.1000/- ගානෙ දෙන්නවත් රාජිතලට මුට්ටි අල්ලන සංවිධායකයන්ට අමතක වුණානෙ අප්පා කියල හිතමින්, හිතෙං අම්මමෝ නැතිව බැන බැන ඔටුවත් ගැල පදවන්න ගත්ත කිව්වම....
2017 සම්මානත් පුදනව නං මේ වගේ තුට්ටු දෙකේ ගාම්භීරත්වයක් ගැන හිතන්නෙ නැතිව කෙනෙකුට යන්න එන්න පුළුවන් එච්චර ගණං නැති තැනක දේශපාලකයන්ගෙ පුක ලෙව කන්නෙ නැතිව බ්ලොග්කරුවන්ට සම්මාන දෙනව නං තමයි ගති.
ඒකට සෙරන්ඩිබ් ඔටුවගෙ වාලුකා සිතුවිලිත් නිර්දේශ කොරල සම්මානෙකුත් දුන්නොත් කටපුක වහන් දෙන දෙයක් කාල (වෝටර්ස් එජ් එගේ අජ පල් රෝල්ස් වගේ ඒවයි, ස්පංචි වගේ ඒවයි නැතිව) වෙන දෙයක් බලං ඉන්න බැරිවයැ.
ඔය ගොඩක් සම්මානලාභීන් කොරන්නැහෙ....
-සෙස්ස පස්සට ෴
- සෙරන්ඩිබ් ඔටුවා
Friday, 24 March 2017
කියන දේ කොරන ජනාධිපති මෛත්‍රී
ඉඳල ඉඳල මෙන්න ජනාධිපති මෛත්‍රී
තීන්දුවක් අරං....
දිනපතා ලංකාදීපය
දිනපතා ලංකාදීපය
මේ වෙනුවෙන් කාලයක් තිස්සේ කාලය කා ගෙන කෑ ගැසූ සෙරන්ඩිබ් ඔටුවාට සතුටේ බැරුවා.
දැන් ඔන්න මෛත්‍රීතුමා කෙලින්ම තීරණය අරං ප්‍රකාශයට පත් කරලා.
තීරණයක් ගන්න බැරි නපුංසක ආංඩුත් තියෙනවා... කිව්වට මේ තියෙන්නෙ දශක 4 තිස්සේ සිදුවූ ව්‍යසනය අවසන් කරන බවට ප්‍රතිඥා දෙන ජනාධිපති කෙනෙක්.
තලතා නෝනා 21 න් යවනව කිව්වට ඒව කොහෙද ජනාධිපති ඉන්න කල්. තීන්දුව අරං ඉවරයි. ගැසට් කරන්න විතරයි තියෙන්නේ.
යූ.එන්.පී. එකේ ගාමිණී දිසානායක ඇතුළු ඇමැත්තො විරුද්ධ වෙද්දි, ජේ.ආර්. ගෙ උවමනාවට ඒ.සී.එස්. හමීඩ් ගෙනා තුප්පහි යොජනාව හංදා අපේ රටේ කාන්තාවන් කී දෙනෙක් දුක් විඳ මැරෙන්න ඇද්ද?
සදාකාලික අබ්බගාත වෙන්න ඇද්ද?
පවුල් කීයක් අනාථ වෙන්න ඇද්ද?
දියණියන් කීයක් පියවරු අතින් ගැබ්බර වෙන්න ඇද්ද?
කී දෙනෙක් අරාබින්ට ලිංගික වහල්කම් කරද්දි තව කී දෙනෙක් බංගලි, පකිස්තාන්කාරයො එක්ක පවුල් කකා ගෙවල් පෝෂණය කරනව ඇද්ද?
දැන් ඉතිං ඒ අබග්ගෙත් අවසන්. ඉංදියාව, බංගලිදේසෙ, පකිස්තානය වගේ රටවල නායකයින්ට මේ තීන්දු ගන්න බොහොම කාලෙකට කලිං කොන්ද කෙලිං තිබුණ.
අවුරුදු 40 ට පස්සෙ මෛත්‍රී ජනාධිපතිතුමාට මේ හයිය ආව
එක රටේ වාසනාව.
මං හිතන්නෙ ලංකාදීපය ඇතුළු අනෙක් මාධ්‍ය මේ ගැන පසු විපරම් කරල තීන්දුව ක්‍රියාත්මක වෙද්දි අපට දැනුම් දෙන්නෙ නැතෑ.
එළුවගෙ බිජ්ජ වැටෙන කල් බලං ඉන්න නොවේවා.....!
-සෙස්ස පස්සට ෴
- සෙරන්ඩිබ් ඔටුවා
Sunday, 19 March 2017
Huකමුද ?-500 දෙන්නම්
මේ වැඩිහිටි යෝජනාවක් වගේ පෙනෙන අඩුහිටි එකක්.
කොටින්ම ඉස්කෝලෙ 10 පංතියෙ පිරිමි ශිෂ්‍යයෙක් ගැහැනු ශිෂ්‍යාවන්ට කරන යෝජනාවක්.
සමහරු සදාචාරසම්පන්නව මේ මුල් වචනෙ කියවල නැට්ට කෙලිං කරගන්න ඉස්සර මේක කියවන්න. මේ සත්‍ය කතාවක්. මට කිව්වෙ ඉස්කෝල ගුරුවරයෙක්.
සිරි ලංකාවෙ වයඹ පළාතෙ මිශ්‍ර පාසලක 10 වසරෙ පංතියක ගැහැනු දරුවෝ විටින් විට අඬනව දවස් කීපෙක ඉඳන් පංති බාර තරුණ ගුරුවරය දැක්ක.
ළමයින්ගෙන් ඒකට කාරණේ ඇහුවම එකෙක්වත් උත්තරේ දෙන්නෙ නෑ. තක්බීර් වෙලා බලං ඉන්නව. ළමයින්ව තනිවම තමන් ළඟට ගෙන්නල ඇහුවමත් කරන්නෙ අඬන එකමයි.
මේක පිරිමි ගුරුවරයෙකුට කියන්න බැරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නිසා මේ පිරිමි ගුරුවරය කොන්ත්‍රාත්තුව තවත් තරුණ ගුරු මහත්මියකට බාර දුන්න.
ඒ ගැන විමර්ශනය කළ තරුණ ගුරුවරිය මා පෙර කී තරුණ ගුරුවරය ළඟට ඇවිත් මෙහෙම කිව්ව.
" සර්....හේතුව හොයා ගත්ත. එක පිරිමි ළමයෙක් ගෑනු ළමයින්ට ඉන්න දෙන්නෙ නෑ. නරක යෝජනා කරනව"
"මොකක්ද මිස් යෝජනාව ?"
" අනේ සර් මං කොහොම කියන්නද... ඒක අමු කුණුහරුපයක්"
"අපි වැඩිහිටියොනෙ. ඉතිං මට කියන්න බැරි ඇයි. ඒ තරං දරුණුද ?
ගුරුවරය හිතුවෙ "කිස් එකක් ඉල්ලනව", නැත්නම් "ඔයාගෙ තනේ හරි පුක හරි මිරිකන්න ආසයි" කියනව වගේ දෙයක් කියලයි.
කඩප්පුලි කොලේලො ඔය වගේ ඒව කියල ගෑනු ළමයි අපහසුතාවට පත් කරල අහුවෙලා මීට කලිං දඬුවම් කරලත් තියෙන නිසයි එහෙම හිතුවෙ.
තරුණ ගුරුවරිය කියන්නෙ නැතුව ඇඹරි ඇඹරි ඉද්දි ඔතනින් යන්න ආව පෙන්ෂන් ගන්න ඔන්න මෙන්න ඉන්න හොඳ කටකාර ගුරුවරියක්.
" අනේ ටීචර්..පොඩි උදව්වක් කරන්න. මේ මිස් කියන්නෙ මොකක්ද කියල අහල මට කියන්න"
පොඩ්ඩක් පැත්තකට ගිය තරුණ ගුරුවරිය තම වැඩිහිටි ගුරුමහත්මියට
රහසින් විස්තරේ කිව්ව. වැඩැහිටි ගුරුවරිය විස්තරේ අහල ඔලුවෙ අත ගහගත්ත.
"සර්.... මේ ළමය කොහොම ඔයාට කියන්නද? මටත් ඔයාට කියන්න විචිකිච්ඡාවයි. ඒත් නොකිය බැහැනෙ. ඔයාගෙ 10 පංතියෙ ඉන්න සමන්(අපි ඔහුට සමන් යැයි කියමු.) ගෑනු ළමයින්ට ළඟට කතා කරල අහනවලුනෙ "හුකමුද-රුපියල් 500 ක් දෙන්නම්" කියල.
ගුරුවරය කොයි තරම් කෝප වුණාද කිව්වොත් සමන්ව ගුරු විවේකාගාරයට ගෙන්නුව. දොර වැහුව. හොඳ පොල්ලක් අරං හොඳටම ගැහුව "තෝ ආයෙම ගෑනු ළමයින්ට වලත්තු කතා කියනවද" අහ අහ. අනෙක් ගුරුවරුත් තක්බීර් වෙලා බලං උන්නෙ මේ තරුණ ගුරුවරය කවදාවත් එහෙම දඬුවම් කරනව දැකල නැති හංදයි.
ගුරුවරය ගහන ගමං ඇහුවෙ කවුද මේ කතාව අහන්න කියා දුන්නෙ කියලයි. මුලින් පිළි නොගත්තත් අන්තිමේට සමන් පිළිගත්ත එහෙම කිව්ව බවත්, ඒ කතාව කියා දුන්නෙ ගමේ අයිය කෙනෙක් බවත්.
මේ අයිය පාසල් හැර ගොස් කුලී රස්සා කරන්නෙක් බවත්, උපකාරක පංති හමාර වී සවස ගෙදර යද්දී කඩමංඩියෙදී මේ අයියා මුණ ගැහෙන බවත් සමන් වැඩිදුරටත් පිළිගත්ත.
සාමාන්‍යයෙන් වෙනදත් මෙහෙම අවස්ථාවල කරන විදිහට ශිෂ්‍යයා කියූ දේ ඔහු ලවාම ලියවා අත්සනත් ගත්තෙ පස්සෙ නෑ ..බෑ.. නොකියන්නයි.
අවසානයෙ ගුරුවරුන් අතර වූ සාකච්ඡාවකින් පස්සෙ සමන්ගෙ දෙමාපියන් පසුවදාම ඉස්කෝලෙට ගෙන්නල මේ ආශ්‍රයේ භයානකකම පෙන්වා දෙන්න හැමෝම තීරණය කළා.
සමන්ගේ පියා ටේලර් කෙනෙක්. අම්මා රැකියාවක් කරන්නේ නෑ. සමන් එකම පුතා.
සමන්ගෙ තාත්ත ආවෙ චන්ඩි පාට් එකෙන්. "සර් ල එක එක ළමයින්ගෙ කියුං බස් අහල මගෙ ළමයට හොඳටම ගහල. එන්න නොකිව්වත් අද මං එනවම තමයි. එහෙම පුළුවනිද මේ විදිහට ගහන්න. මට හරි නම් පොලෝසි යන්න වුණත් පුළුවනි.
ගුරුවරය කොයි තරම් කිව්වත් සමන්ගෙ තාත්ත පිළිගත්තෙ නෑ තම දරුව මේ වගේ යෝජනා කරනව කියල.
" සර්... මේක මට කොහෙත්ම පිළිගන්න බෑ. මගෙ දරුව කුණුහරුප කියනව තියා දන්නෙවත් නෑ. ඔය වගේ කතා කොහෙත්ම දන්නෙ නෑ. අපි එයාව හදන්නෙ මලක් වගේ. ගෙදරින් පිට කිසිම තැනක යන්න දෙන්නෙ නෑ. කිසිම නරක ළමයෙක් ආශ්‍රය කරන්නෙ නෑ." තාත්තයි, අම්මයි දෙන්නම පරසක්වල ගහන්න පටං ගත්ත.
"දැං එතකොට මමද ගෑනු ළමයින්ට කුණුහරුප කිව්වෙ" ගුරුවරය කෝපයෙන් ඇහුව.
අවසානයේ සමන් දෙමාපියන් ඉදිරිපිට තබා විමසන්න තීරණය කළා.
"ඔව් සර්....ඕකව ගේන්න. මේක වෙන්නම බෑ. කාගෙ හරි බොරු චෝදනාවක්"
දෙමාපියන් ඉදිරියේ සමන් මුලින් පිළි නොගත්තත් කලිං දවසෙ ලියල අත්සන් කළ ලියවිල්ලත් පෙන්නල ප්‍රශ්න කරද්දි සියල්ල පිළිගත්තෙ දෙමාපියන් මහ හඬින් හඩමින් කම්පා වෙද්දි.
"කවුද ඔය අයිය ?" තාත්ත ඇහුව.
"ජනකයිය..."
"මොනාද බොල මේ කියන්නෙ. අර..කුඩු ජනක...? කොහාමද ඌ අයිය කෙනෙක් වෙන්නෙ. අනේ සර් බලන්න..ඔය ජනක කියන එකා කුඩුකාරයෙක්."
සමන්ගෙ තාත්තයි අම්මයි තුෂ්නිම්භූත වෙලා.
අපේ මිත්‍ර ගුරුතුමා කියනව "කතාව මේකයි. කුඩු ජනක සමන්ට කුඩු උරන්නත් දීල. සමන් කියන්නෙ එක දවසයි කියල. ඒත් කවුද ඇත්ත, නැත්ත දන්නෙ. ඒ මදිවට බ්ලූ ෆිල්ම් පෙන්නල. ගල් කපල මදිවට පුකෙත් ඇරල. ගෑනු ළමයින්ගෙන් අහන්න ඕනෙ ඒවත් කියා දීල. මේව කරල තියෙන්නෙ ගෙදරත් එක්කරගෙන ගිහිං."
අම්මල, තාත්තල තමන්ගෙ දරුවන් සාන්ත දාන්ත තීන්ත කූඩු විදිහට හිතාගෙන උන්නට මදි. ඔවුන් ගැන හොයා බලන්නත් ඕනෙ නේද?
-සෙස්ස පස්සට ෴
- සෙරන්ඩිබ් ඔටුවා
Thursday, 16 March 2017
අපි ඒකටත් විරුද්ධයි-හැබැයි සටන පස්සෙ
අද දවසේ අයිටම් එක වෙලා තියෙන්නේ
සයිටම් එකය.
සයිටම් අහෝසි කරන්නට විරු සිසුවන් එක්ක දොස්තරලා දිවි හිමියෙන් සටන් කරන්නට ප්‍රතිඥා දී ඇත. ඒ කියන්නේ මරා ගෙන මැරෙන එකය.
වෙන මොනාටවත් නොව රෝගීන් ජීවිත අනතුරෙන් බේරා ගන්නටය.
අධ්‍යාපනය විතිණීමට එරෙහිවය.
හැබැයි මේ දොස්තරලා හංදියක් හංදියක් ගානේ නිදහස් අධ්‍යාපනයෙන් ලද දැනුම අහිංසක ජහමනයාට විකුණන එක ගැන හාවක් හූවක් නැත.
දොස්තරලා නොවන කොන්දොස්තරලාත් ගමේ බේත් කඩ දාගෙන අහිංසක ගැමියාට පාට වතුර එක්ක පැනඩෝල් පොවන එක ගැනත් හාවක් හූවක් නැත.
හැබැයි සයිටම් දොස්තරලා නිසි පුහුණුවක් නැතිව ලෙඩ්ඩු මරා දමාවියයි කිඹුල් කඳුළු හෙලන ආංඩුවේ දොස්තරලා මේ ළමයින්ට නිසි තියා කවර පුහුණුවකටවත් ඉඩ දෙන්නේද නැත.
පුහුණුවක් දුන්නත් විරුද්ධය. නැතත් විරුද්ධය.
ප්‍රමිතියක් ඇතත් විරුද්ධය. නැතත් විරුද්ධය. කොහොමත් විරුද්ධය.
අනෙක් අතට නිදහස් අධ්‍යාපනය සුරකිනු. අධ්‍යාපන කඩ වලට එරෙහි වෙනු..!
කියා සටනට බහින සිසු විරුවන්
කොතලාවල වෛද්‍ය පීඨයේත්,
ඉංජිනේරු ඇතුළු අනෙක් වෘත්තීන්වලට අදාළ පෞද්ගලික උපාධි ආයතන වලත් අධ්‍යාපනය මහදවල් ප්‍රසිද්ධියේ හෝල්සේල් ගාණට විකුණන එක ගැන හාවක් හූවක් නැත.
ඒත් පත්තරෙන් ඇහුවම කියන්නේ අපි ඒවටත් විරුද්ධයි කියාය. ඒත් විරුද්ධවීම වෙනුවෙන් කර ඇති කෙංගෙඩියක් නැත.
හැබැයි එහෙම වරකට එක බැගින් විරුද්ධ වෙනවා කියන්නේ කචල් එක දිගටම ඇදගෙන යන්න පුළුවනි කියන එකය.
කොටින්ම ආංඩුවේ විශ්වවිද්‍යාල වල ඉගෙන ගන්නා සිසුන්ට අබ සරණය. අවුරුද්ද පුරාම විරෝධතා දක්වමින් පංති වර්ජන කරන්නනට සිද්ධ වෙනු ඇත.
අත්දැකීමෙන් පසක් කොටගත් ප්‍රශ්නයක් ඔටුවාට ඇත.
සයිටම් අහෝසි කොට අනෙක්
පෞද්ගලික අධ්‍යාපන කඩවලට එරෙහිව සටන් වදිද්දී වෛද්‍ය ශිෂ්‍යයනුත් පෙරමුණ ගන්නවා තියා එක දේශනයක්වත් කට් කරගනීද කියන එකය.
-සෙස්ස පස්සට ෴
- සෙරන්ඩිබ් ඔටුවා
Friday, 10 March 2017
උස්සා එළියට දැමීම
කථානායක විසින් නම් කොට උස්සා එළියට දැමු ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගැන රජිත් කීර්ති තෙන්නකෝන් ෆේස්බුක් දාල තිබුණ මේ ලියවිල්ල ඉතිහාසය නොදන්න බබාලටයි.
දිනේෂ් තමන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් කෑ ගහද්දි කිරිපණුගාය හැදිල කෑ මොර දුන්න උන්ට දැන් සනීපද?
ජනතාවගේ කර මතින් පාර්ලිමේන්තුවට එම මන්ත්‍රීවරුන් පොලීසියේ කර පිටින්
පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීම සුවිශේෂී තත්වයකි. ලංකා පාර්ලිමේන්තු ඉතිහාසය
එවැනි අත්දැකීම් රැසකින් පෝසත්ය.
එන්.එම්., පිලිස්, රෝබට්, දහනායක, සුන්දරලිංගම්, රාජරත්න, රිචඩ්, දොඩංගොඩ, ඉෂාක්, ආනන්ද දසනායක, සරත් මුත්තෙට්ටුගම, මෛත්‍රීපාල සිරිසේන, දී.මු. වැනි දැවැත්තයින් ද සම සමාජ පක්ෂයේ හා ශ්‍රීලනිප යේ තවත් මන්ත්‍රීවරු රොත්තක්ම මෙයට පෙර පොලිස් කර පිටින් පාර්ලිමේන්තුවෙන් ඉවතට ගෙන ගොස් ඇත.
මාර්තු 8 වන දා දිනේෂ් ගුණවර්ධන පොලිසිය මගින් පාර්ලිමේන්තුවෙන් ඉවත් කළේ දෙවන වතාවට ය. දහනායක, පිලිප්, මෛත්‍රීපාල සිරිසේන, සුන්දරලිංගම්, දී.මූ., දිනේෂ් ලා එක් වරකට වඩා ඔසවාගෙන ගිය මන්ත්‍රීවරුන් වෙති.
ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ සටන්කාමීමත්වය හා නොසන්ඩාලකම එකට කැටිවූ සිදුවීම් රැසකින් ‘උස්සාගෙන යාමේ පුරාණය’ රසවත්ය. ඉතා දිගු කතාවක් කෙටියෙන් කියමි.
1. 1955 අප්‍රෙල් 5 මොරටුව ලසසප මන්ත්‍රී සෝමවීර චන්ද්‍රසිරි උස්සාගෙන ගිය පළමු මන්ත්‍රීවරයා ය. ‘2500 සම්බුද්ධ ජයන්තිය වැය ශිර්ෂයේ දී ඇති වූ ආරවුල අමතර රු. ලක්ෂ 200 ක් අරමුදලට ලබාදීම සම්බන්ධයෙනි. මාවනැල්ල මන්ත්‍රී කීර්තිරත්න මහතා හා පැටලෙන සෝමවීර චන්ද්‍රසිරි ඉවත් කරන්නට යෝජනා කරන්නේ සභානායක ජේ.ආර්.ජයවර්ධන මහතා ය. යෝජනාවට පක්ෂව 18 ක්, හා විපක්ෂව 3 සිටි බැවින් එදා කථානායක ඇල්බට් පීරිස් මහතා විසින් මොරටුව මන්ත්‍රීවරයා ඉවත් කරන්නට යෝජනා කරයි. මහජන ඡන්දයෙන් ආපු අපිට කාථා කරන්න දෙන්න’ යැයි සෝමවීර කෑගසද්දී වේත්‍රධාරී පැමණි ඔහු ඉවත් කර තිබේ.
2. 1957 ජූනි 19 දින වව්නියාව මන්ත්‍රී සී.සුන්දරලිංගම් (ස්වාධීන) පාර්ලිමේන්තුවෙන් ඉවත් කළේ ඔහුගේ පුටුව පිටින් ඔසවාගෙන ගොසිනි. එදා කථානායක එච්.එම්.ස්මයිල් මහතා ය. සර් ඔලිවර් ගුණතිලක ගේ රාජාසන කථාවේ ගැන ඇති වූ අර්බුදයට ‘දෙමළ ජාතිකවාදයේ ආරම්භක හුදෙකලා සටන්කරුවා’ පැටලෙන්නේ අගමැති බණ්ඩාරනායක සහ සහ විපක්ෂ නායක ඇන්.එම්. ගේ කථා අතර තමන්ටත් විනාඩි 30 ක් ඉල්ලීම නිසාය. සුන්දරලිංගම්, නිදහසින් පසු ලංකාවේ පළමු කැබිනෙට්ටුවේ සාමාජිකයෙකු විය. අතුරු මැතිවරණ ගණනාවකින් ජයගත් පුද්ගලයෙකු වූ ඔහු, ලංකාවේ මුල්ම වරට ස්වාධීන දෙමළ රාජ්‍යයක් සදහා වන ලිඛිත සංකල්පය වන Eylom: Beginning of the Freedom Struggle; Dozens Documents හි කතුවරයා ය.
3. 1956 පෙබරවාරි 12 ලංකා පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් එකවර උස්සාගෙන ගිය දිනයයි. එදා සමසමාජය ප්‍රමුඛ මන්ත්‍රීවරු 12 ක් එළියට දමන්නේ අගමැති බණ්ඩාරනායක රජයේ මහජන ආරක්ෂණ පනත් කෙටුම්පත් විවාදය අතරය. අද මෙන් නොව පුරා දින 6 ක් දිවා රාත්‍රී විවාදය පැවැත්වී තිබුණි. අගමැති බණ්ඩාරනායක පෙබරවාරි 12 රැ 7 ට විවාදය අවසන් කිරීමේ යෝජනාව ඉදිරිපත් කරන විට එන්.එම්.එයට විරුද්ධවී ඇත. කථානායක එච්.එස්.ඉස්මයිල් කථානායකවරයා එන්.එම්.ඉවත් කිරීමට නියෝග කරනවා. කොල්වින්, රෝබට් ගුණවර්ධන ගේ විරෝධයෙන් පාර්ලිමේන්තුව උණුසුම් වීමෙන් පසුව රාත්‍රී 8.30 පමණ එන්.එම්. පොලීසිය විසින් ඔසවාගෙන යනවා. දෙහිඕවිට එස්මන්ඩ් සමරක්කොඩි, කොල්වින් ආර්.ද සිල්වා, අගලවත්තේ අනිල් මුණසිංහ (ඔසවාගෙන යනවා) ඔසවාගෙන යනු ලබයි. කථානායකවරයා බදුල්ලේ ජැක් කොතලාවල පාර්ලිමේන්තුවෙන් නෙරපා හරිනු ලැබීය. බණ්ඩාරවෙල මන්ත්‍රී වයි.ජී.ජයසිංහ ‘මිනීමරු ආණ්ඩුව’ යැයි කෑගසමින් නම් කිරීමෙන් පසුව පිටත්ව ගොස් ඇත. පොලීසියට හා මිලිටරියට බැන වැදුණු රොබට් ගුණවර්ධන ගේ කථා හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්නට නියෝග කරන කථානායක රොබට් ද සභාවෙන් ඉවත් කරයි. ‘ධනපති ආණ්ඩුව තුරන් වෙනවා’ යැයි කෑගසන රොබට් ගැන විනෝදශීලි අගමැති බණ්ඩාරනායක පාර්ලිමේන්තුවේ දී කියන්නේ මෙවැනි කථාවකි.
a. කෝට්ටේ මන්ත්‍රී ඔසවාගෙන යන විට මට (බණ්ඩාරනායක) හුඩ් ගේ කවියක් සිහියට නැගුණා. ‘’සිහින්වට හැඩ ගැසුණු පැහැපත්ව හා තුරුණු ඔහුව මුදු ලෙස ගන්න, සීරුවට ඔසවන්න’ මගේ සිතුවිලි වලට හඩකැවීමට මෙන් ‘මිරිකන්න එපා. මිරිකන්න එපා යැයි කියා ඔහු කෑගසනු මට ඇසුණි.
ලෙස්ලි ගුණවර්ධන ට පසුව කොල්වින් ආර්.ද සිල්වා. ඉවත් කරන විට ඔහු කෑ ගසා ඇත්තේ ‘සම සමාජ අරගලය වලක්වන්න බෑ’ කියාය. සී.වන්නියසුන්දරම්, එස්.ජේ.වී.චෙල්වනායගම්, වී.අලහකෝන්, එන් ආර්. රාජවරෝඩියම්, විවියන් ගුණවර්ධන, මාවනැල්ල මන්ත්‍රී බෙලිගම්මන එදා උසවාගෙන ගිය, නම් කොට ඉවත් කෙරුණු අනෙක් මන්ත්‍රීවරුන් ය.
4. 1960 නොවැ. 3 දින පිලිප් ගුණවර්ධන සහ රොබට් ගුණවර්ධන දෙදෙනා පාර්ලිමේන්තුවෙන් ඉවත් කොට ඇත.
5. 1961 මැයි 25 විජයාන්නද දහනායක ගම් සභා සංශෝධන පනත අවස්ථාවේ දී පැය 5 කට වැඩි කලක් කථා කළ පසුවත් කථානායකවරයාගේ නියෝගය මත සිය කථාව නවත්වා නැත. රෑ එළිවෙන තෙක්ම කථාව පවත්වා පසුවදා එනම්, මැයි 26 උදේ 6.13 ට ත් කථා කරමින් සිටි ඇත. පැය 6 ක් මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට ලබා දීම පිළිබද මන්ත්‍රී ටී.බී. ඉලංගරත්න ප්‍රශ්ණයක් මතු කිරීමත් සමගම කථානායකවරයාට අවනත නොවූ දහනායක ඉවත් කිරීමේ යෝජනාව ඉදිරිපත් කිරීමට සිදුව ඇත්තේ සී.පී.ද සිල්වා සභානායක වරයාටය. වේත්‍රධාරි ආනන්ද ද සිල්වා සමග පැමිණි පොලීසියේ 6 දෙනෙකු කෙසග සිරුරු ඇති දහනායක ඔසවා ගෙන යනවිට ‘මාව බිමින් තියන්න. ගෙනියන්නේ මාව බේරේ වැවට දාන්නද? කියා දහනායක කෑ ගැසූ බව හැන්සාඩ් ගතවී තිබේ. පොලිස් නිලධාරීන් දහනායක මහතා පාර්ලිමේන්තුවේ තාප්පයෙන් පිටතට දැම්මා පමණක් නොව ඔහුගේ කණ්නාඩි දෙක, සෙරෙප්පු හා ෆයිල් ආදිය ද තාප්පයෙන් පිටතටම ගෙනවිත් දමා ඇත.
6. 1961 අගෝස්තු 17 රොබට් හා පිලිප් ගුණවර්ධන දෙදෙනා නැවත වරක් උස්සාගෙන යන ආරවුලකට මැදිවී ඇත. රොබට් ගුණවර්ධන මන්ත්‍රීවරයා එහි දී ඩී.එස්.ගුණසේකර ට තමුන්නාන්සේ උබ්බලකඩයෙක්/හාල්මැස්සා වගේ මෙතන ඉන්න එපා යැයි කියූ විට ‘උම්බලකඩයා’ යන වචනය ඉවත් කර ගැනීමට කථානායක රොබට් ට නියෝග කොට ඇත. රොබට් ‘උම්බලකඩයා’ වචනය ඉවත් කරන්නවාත් සමගම ගාල්ලේ දහනායක කියා ඇත්තේ එය ගරු නාමයක් බැවින් ඉවත් කිරීම අවශ්‍ය නොවන බවයි. මෙහි දී ගැටුමට මැදිවන රොබට් කැලණිය මන්ත්‍රී ආර්.එස්.පෙරේරා ට පුටුවකින් පහරදීමට සුදානම් වී ඇත. ජේ.ආර්.,ඩඩ්ලි ඇතුළු පිරිස ගැටුම බේරා ඇති අතර අවසන් අදියරට පැමිණි ගැටුම තවත් මන්ත්‍රීවරයෙකු විසින් ‘ඇයි ගැහුවේ නැත්තේ? යැයි ඇසීම නිසා’ නැවත ඇවිලී ගොස් ඇත. හදිසි නීති විවාදය අතර සිදුවූ මේ කලබැගෑනියේ දී එදා කථානායක ආර්.එස්.පැල්පොල විසින් රොබට් ට මසකට පාර්ලිමේන්තුව අවසන් කරන ලදී. සභානායක සී.පී.ද සිල්වා ගේ යෝජනාවෙන් එදා රොබට් හා පිලිප් දෙදෙනාම පාර්ලිමේන්තුවෙන් ඉවත් කර ඇත.
7. 1962 නොවැම්බර් 22 දා වැලිමඩ මන්ත්‍රී ජාතික විමුක්ති පෙරමුණේ නායක කේ.එම්.පී.රාජරත්ත ‘අල්ලස් පනත් කෙටුම්පත විවාදයට ගැනීමට යෝජනා කිරීමත් සමග පාර්ලිමේන්තුව තුල කලබැගෑනියක් ඇතිවෙනවා. ඒ සභානායක සී.පී.ද සිල්වා අල්ලස් පනත විවාද කරන්න බෑ කියන නිසයි. ‘කවුද රජා? පගා රජා යැයි’ කෑ ගැසීම ඇරබෙනවා. රාජරත්න මහතා ඉවත් කරන්නට වේත්‍රධාරි ඇතුළු පොලීසියේ 5 ක් උත්සහ දරන අතර ඔහු රැකගන්නට ඉදිරිපත් වන්නේ ස්ටැන්ලි තිලකරත්න, සෝමා වික්‍රමනායක මහත්මිය සහ සිවසිදම්බරම් යන මන්ත්‍රීවරුන් ය. තිස්සමහරාමය මන්ත්‍රී ලක්ෂ්මන් රාජපක්ෂ මහතා සෙන්කෝලේ උස්සන්නට තැත් කළ අතර එස්මන්ඩ් සමරවික්‍රම මහතා පුටුව උඩ නැග මේ කලබැගැනියට එක්වී තිබේ. රොබට් ගුණවර්ධන, සුමනපාල දහනායක, මොන්ටේගු ජයවික්‍රම මන්ත්‍රීවරුන් රාජරත්න රැගෙන යාමට පැමිණි පොලිස් නිලධාරීන්ට පහරදීමත් සමගම පාර්ලිමේන්තුවට පොලිස් බල ඇණියක් ගෙන්වා ගෙන තිබේ. එදා පොලිස් නිලධාරීන් මන්ත්‍රීවරුන්ට බය නොවු නිසාදෝ පාර්ලිමේන්තුවේ ආසන මතින් දුවගොස් පොලිස් පරීක්ෂකවරයා රාජරත්නව අල්ලා ගෙන ඇත්තේ බිම පෙරලා ගනිමිනි. මන්ත්‍රීවරුන් රගර් මැච් ගහන්න වගේ යැයි කෑගසන්නට වූ අතර සෝමා වික්‍රමනායක සාරි පොටින් රාජරත්න වසාගත්තාය. මේ අතර එක් මන්ත්‍රීවරයෙකු කෑගසා ‘සටන් විරාමයක් යෝජනා කරනවා’ කියා කෑගසන විට තත්වය තරමක් සන්සුන් වී ඇති නමුත්, නැවතත් පොලීසියෙන් පැමීණීමත් සමගම ස්ටැන්ලි තිලකරත්න සටනට පැමිණ ඇත්තේ ගිණි නිවන උපකරණයක් ද රැගෙනය. ඒ වන විටත් රාජරත්න සෝමා වික්‍රමසිංහගේ සාරි පොටේ සැගවී රහසේ එළියට ගිහින් තිබූ බැවින් රගර් පිට්ටනියක් බදු වූ පාර්ලිමේන්තුවෙන් ඔහු ඉවත් කරන්නට පොලීස් නිලධාරීන්ට ඔහු ඔසවාගෙන යන්නට වුනේ නැත.
8. 1965 ආසන්න වකවානුවක ප්‍රින්ස් ගුණසේකර ඔසවාගෙන යාමට හේතු වුනේ පාර්ලිමේන්තුවේ ‘ගැලරිය වසා දැම්මේ ඇයි? යැයි නොනවත්වා හඩ නගන්නටවීමෙන් පසුව සභානායක ජේ.ආර්. ජයවර්ධන ඒ සදහා වන යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පසුවය. ප්‍රින්ස් ව එලියට දැමීමට එදා දැඩි විරෝධය පළ කොට ඇත්තේ එන්.එම්. පෙරේරා ය.
9. 1966 ජනවාරි 11 පාර්ලිමේන්තුවේ ඇති වී කලබැගෑනියකින් පසුව මොරටුව මන්ත්‍රී සෝමවීර චන්ද්‍රසිරි මාව ඔසවා දමන්න යැයි ඔහු විසින්ම ඉල්ලා සිටීම නිසා ඔහු ද නම් කොට පොලීසියේ කර පිටින් ඉවත් කොට තිබෙනවා.
10. 1974 මැයි 8 ගාල්ලේ සී.දහනායක ඔසවාගෙන යන්නේ පුවත්පත් නිදහස ගැන නොනවත්වා කථා කරන අතරයි. ස්වාධීන පුවත්පත් සමාගමේ දවස සහ සන් පත්තර සීල් තැබීම ගැන මන්ත්‍රී දහනායක, ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව සමග ගැටුමක ගියේය. සභානායක මෛත්‍රීපාල සේනානායක විසින් යෝජනා කිරීමෙන් පසුව නියෝජ්‍ය කථානායක දහනායක මන්ත්‍රීවරයා නම් කරනු ලැබීය. එදත් පාර්ලිමේන්තුව ගුටි කෙළියක් බවට පත්වී ඇති අතර පොලීසිය පැමිණ දහනායක ඔසවාගෙන ගොස් තිබේ.
11. 1980 ඔක්තෝබර් 16 දින සිරිමා බණ්ඩාරනායක මහත්මිය ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේ කථානායක එම්.ඒ.බාකීර් මාකර් ගේ අණ නොතකා කටයුතු කළ කොත්මලේ මන්ත්‍රී ආනන්ද දහනායක සභාගැඹෙන් ඉවත් කරනු ලැබීය.
12. 1985 ඔක්තෝබර් 25 සරත් මුත්තෙට්ටුවේගම හමුදාවට අතිරේක මුදල් වෙන් කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් වන විවාදයේ දී සිය අතිරේක කාලය ඉවත් කිරීමට විරෝධය පළ කොට කථානායකවරයාට අවනත නොවීම නිසා නම් කරනු ලැබූවා. සරත් එදා ‘ ජනාධිපතිට ජනාධිපති ධූරය භාවිත කොට වැරදි කරන්න දෙන්න බෑ.’ යැයි කෑගැසු බව හැන්සාඩ් වාර්තා වේ දැක්වේ. සරත් ඉවත් කරන්නට පොලිස් නිලධාරීන් 6 ක් පැමිණි බවත්, එයට එරෙහිව එදා අත්තනගල්ලේ ලක්ෂ්මන් ජයකොඩි සහ මහරගම මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කටයුතු කර තිබුණා.
13. 1987 දී කථානායක ඊ.එල්.සේනානායක මහතා විසින් බෝම්බය පිපිරීමෙන් පසුව පැවති හදිසි නීති විවාදයක දී පක්ෂ නායක රැස්වීමේ එකගතාවයන් බිදිමින් කටයුතු කළ බැවින් අක්මීමන මන්ත්‍රී රිචඩ් පතිරණ ( වෛද්‍ය පතිරණ ගේ පියා), පාර්ලිමේන්තුවෙන් නම් කොට ඉවත් කළේය. පොලීසිය ඔහු ඉවත් කිරීමෙන් පසුව රිචඩ් ගේ සටන කරට ගත් එදා ශ්‍රීලනිප පතාක යෝධයා වූ ද, 1994 දකුණු පලාත් සභා බල පෙරළියේ ප්‍රමුඛයා ද වූ බද්දේගම අමරසිරි දොඩංගොඩ ‘මිනීමරු ආණ්ඩුව ගෙදර යනු යැයි හඩ නැගීය. ඔහුගේ සහායට සිටියේ කොත්මලේ මන්ත්‍රී ආනන්ද දසනායක, දිනේෂ් ගුණවර්ධන, හා අත්තනගල්ල මන්ත්‍රී ලක්මන් ජයකොඩි ය.
14. රිචඩ් පතිරණ ගිය මගම යමින් එදා කථා නායකවරයාට දිනේෂ් ගුණවර්ධන, අමරසිරි දොඩංගොඩ, ලක්ෂමන් ජයකොඩි මන්ත්‍රීවරුන් තිදෙනා ද සභාවෙන් ඉවත් කිරීමට සිදු විය. මන්ත්‍රීවරුන් ඉවත් කිරීමේ යෝජනවා එදා ආණ්ඩු පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් කිරීමට සිදු වූයේ එජාප උතුරු කොළඹ මන්ත්‍රී වින්සන්ට් පෙරේරා අමාත්‍යවරයා ටය. පොලිස් නිලධාරීන් 8 දෙනෙකු පැමිණ ඔවුන් තිදෙනා ඉවත් කරන ලද්දේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ හූ හඩ මධ්‍යයේය.
15. එදා පාර්ලිමේන්තුවේ දැවැන්ත එජාපයට එරෙහිව අට දෙනාගේ සටනක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් පතාකයෙක් වූවේ මැදකොළඹ මන්ත්‍රී හලීම් ඉෂාක් ය. තම සගයින් සභා ගැඹින් ඉවත් කිරීමෙන් පසුව ඉෂාක් ද සටන අතහැරියේ නැත. ඔහුට ද සිදු වූයේ පොලීසියේ කර පිටින් සභා ගැබින් ඉවතට යන්නටය. කලබැගෑනියෙන් පසුව දකුණේ විපක්ෂයෙන් සභාවේ ඉතිරි වූයේ කොමියුනිස්ට් පක්ෂයේ ඩිව් ගුණසේකර මහතා පමණී. ඔහු හදිසි නීතියට එරෙහිව එකම ඡන්දය දුන්නේය.
16. 1993 වන විට පාර්ලිමේන්තුවේ ශ්‍රීලනිප සටන්කරුවන් බොහෝ විය. ඒ අතර වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන ද විය. මෛත්‍රීපාල සිරිසේන ඉවත් කිරීමේ වගකීම ඉටු කළේ රොනී අබේසිංහ සහ විජය පල්ලියගුරු වේත්‍රධාරීන් විසිනි. කැදවාගෙන යන්නට ආ වේත්‍රධාරීන් සමග නොගිය මෛත්‍රී වතුරු වීදුරුවක් බී තම පුටුවේ හරි බරි ගැසී වාඩි වූ බව නදීරා මඩුගල්ල වරක් හැන්සාඩ් ඇසුරෙන් දියත පුවත්පතට ලිව්වේය. ‘’මෛත්‍රී කරමතින් මිස ඇවිදගෙන නම් නොයන බව කිවේ ඔහුගේ සටන් සගයා වූ රිචඩ් පතිරණ ය’’. පොලීසියේ 14 දෙනෙකු මෛත්‍රී ඔසවාගන්නා විට වාසුදේව ‘ආණ්ඩුව භංග වේවා! යියි ද, දී.මු.ජයරත්න ‘ජයවේවා’ යැයි කෑ ගැසු බවත් පාර්ලිමේන්තු වාර්තා පරිශීලනය කරමින් නදීරා ලියූ සටහනේ වේ. පොලිස් නිලධාරීන් ගේ කාකි ඇදුම් මතින් මෛත්‍රී ඉහළට එසවුනේ ‘සුදෝ සුදු නෙළුම්මලක් ලෙස යැයි’ නදීරා තැබූ සටහනේ වේ. (සභා ගර්භයට පොලිස් ලාංඡන, පටි, තොප්පි නැතිව පැමිණෙන නිලධාරීන් දුරට එකම කාකි ඇදුමක් ලෙසත් ඈතට පෙනී ඇත) 1993 අගෝස්තු 20 දින මෛත්‍රීපාල සිරිසේන මහතා සමග රිචඩ් පතිරණ, සී.වී.ගුණරත්න හා දි.මු. ජයරත්න ද ඉවත් කොට ඇත්තේ සතියක පාර්ලිමේන්තු තහනමක් ද සහිතවය.
17. පසුගිය දා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධානයක ලෙස දිනේෂ් ගුණවර්ධන ඉවත් කිරීමේ යෝජනාව ඉදිරිපත් කිරීමට සිදු වූ සභානායක ලක්ෂමන් කිරිඇල්ල එදා ශ්‍රීලනිපයේ දක්ෂතම කථිකයින් අතර පෙරමුණේ විය. කිරිඇල්ල නොනවත්වා උද්යෝගයෙන් කථා කරන විට එයට බාධා කළේ එජාප පාර්ලිමේන්තු ඉතිහාසයේ කථානායකවරුන්ට වැඩිම හිසරදයක් වූ මුස්ලිම් කටයුතු රාජ්‍ය ඇමති ඒ.එච්.එම්.අස්වර් මහතා ය. එදා අස්වර් නියෝජ්‍ය කථානායක ගාමිණී ෆොන්සේකාට කොච්චර කරදරයක් වූවේ ද යත්, ඔහු ද එළියට දැමීමට ගාමිණී පසුබට නොවීය.
18. එකම දවසක මෛත්‍රීපාල සිරිසේන පොලිස් කර පිටින් ද, අස්වර් හා අබුබකර් මන්ත්‍රීවරුන් වටකරගෙන ස්වෙච්චාවෙන් ද සභා ගැබින් ඉවත් විය.
19. කිරිඇල්ලගෙන් පසුව කථා කළ එස්.සෙල්ලසාමිට බාධා කළේ මන්ත්‍රී අබුබකර් ය. නියෝජ්‍ය කථානායක ගාමිණී කළේ ඔහුව ද එළියට දැමීමය. දී.මු. ජයරත්න එදා ශ්‍රීලනිප යේ ආනන්දනීය කථිකයෙකු වූයේ ය. ඔහුට බාධා කළේ මර්වින් ජේ.කුරේ ඇමතිවරයා ය. නියෝජ්‍ය කථානායක ගාමිණී ඔහුට ද නියෝග කළේ සභාවෙන් ඉවත් වන ලෙසය. කොහොමත් නිවුණු පුද්ගලයෙකු වූ මර්වින් ජේ.කුරේ කැමැත්තෙන්ම සභාවෙන් පිටවිය.
20. කිරිඇල්ල, දී.මූ. ගෙන් පසුව සටන ගෙනිච්චේ ඝාතනය වූ ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ය. ඔහු ද සභාවේ ඉවත් කිරීමට ගාමිණී ෆොන්සේකා කටයුතු කළේය. එදා හදිසි නීතිය සම්මත වූයේ මේ ආකාරයට එකවර ආණ්ඩුවේ ද, විපක්ෂයේ ද රොත්තක්ම සභාවෙන් පිටකරමිනි.
මන්ත්‍රීවරුන් කථානායකවරයාට අවනත නොවී හැසිරී ඇති ඉහත අවස්ථා සියල්ලම පාහේ ජාතික වැදගත්කමකින් යුතු අවස්ථාවන් අරභයා ඇති වූ සිදුවීම් බව පැහැදිලිව හදුණාගත හැකිය. ජාතික ප්‍රශ්නය, භාෂා ප්‍රශ්ණය ඒ අතර මුලික විය. හදිසි නීතිය දිර්ඝ කිරීම, නැතිනම් හදිසි නීති විවාද ඒ එදා සම සමාජයේ, 77-94 ශ්‍රීලනිප යේ මන්ත්‍රීවරුන් ඔසවාගෙන යාමට මුලික හේතුව විය. සිරිමාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම රටක් බලා සිටි මන්ත්‍රීවරුන් 8 දෙනෙකුට එජාපයේ 120 ක් සමග පාර්ලිමේන්තුවේ සටන් කරන්නට තිබූ අසම තරගයක් විය. අල්ලස් පනත ගෙන ඇවිත් රාජරත්න නැටු තොවිලය ‘ලංකා ඉතිහාසයේ පළමු වරට මන්ත්‍රීවරුන්ට විවෘතව පගා චෝදනා එල්ල වූ අවස්ථාව විය.
දැවැන්ත ආණ්ඩු පක්ෂයකට එරෙහිව දුර්වල විපක්ෂයක් පාර්ලිමේන්තුවේ දී කල හැකි කලබැගෑනියක උපරිමය ලෙස කථානායක ගේ අණ නොතකා හැරීම බොහෝ විට සිදුවේ. සුන්දරලිංගම් එදා ඊලමේ හුදෙකලා සටන්කරුවාය. ඔහු තම බලය පෙන්වුවේ නැවත නැවත අතුරු මැතිවරණ හරහා සිය බලය පෙන්වමිනි. බණ්ඩාරනායක අගමැතිට එරෙහිව ලසසප ද එදා හදිසි නිතියේ දී සිටියේ එවැනි ස්ථාවරයකය. ප්‍රින්ස්, රාජරත්න ට ඩඩ්ලිගේ භාෂා ප්‍රතිපත්ති යුගය එවැනිම අසම යුද්ධයක් වූවේය. 77-88 යුගයේ සරත්-රිචඩ්-ආනන්ද-ඉෂාක්-දොඩංගොඩ-දිනේෂ් ද පාර්ලිමේන්තුවේ කළේ යුද්ධයකි. 89 -94 දී එයට අලුතෙන් ජෙයරාජ්-කිරිඇල්ල-මෛත්‍රීපාල වැනි සටන්කරුවන් කිහිප දෙනෙකු එක් වූවා පමණී.
අනෙක් අතට ‘ජාතික ප්‍රශ්නයකට දුර්වල විපක්ෂයකට පාර්ලිමේන්තුවේ සිදු කළ හැකි අවසන් විරෝධය මහා කලබැගෑනියක් ඇති කිරීම’ බව එදා සමසමාජ යෝධයින් පිලිප්, රොබට්, එන්.එම්., එඩ්මන්ඩ්, දහනායක, ඇසුරේ කදිමට හදුණා ගත හැකිය. රාජරත්න, සුන්දරලිංගම් හා දහනායක හමුවේ ප්‍රත්‍යක්ෂ කර ගත හැකිය. අනෙක් අතට එය සුක්ෂම සැලසුම්ගත ක්‍රියාවකි. මෛත්‍රීපාල වතුර බී පිටුවේ වාඩිවෙන්නේත්, රිචඩ් අද නම් ‘මෛත්‍රී කරෙන් මිසක් පයින් නොයන බව’ කියන්නේත් අද වගේම වාසු ලා හූ කියන්නේත් ඒ සැලසුම් සහගත අවධානය වෙනුවෙනි. සෝමවීර චන්ද්‍රසිරි ‘මාව උස්සාගෙන යන්න’ කියන්නේත් ඒ නිසාය. උස්සාගෙන යන රොබට් ගැන බණ්ඩාරනායක හුඩ් ගේ කවි කියන්නේ අනික් පැත්තේ උදවිය ද ඒ බව දන්නා නිසාය.
දිනේෂ් ගුණවර්ධන මහතා පසුගිය මාර්තු 8 දින පාර්ලිමේන්තුවේ හැසිරුණු ස්වභාවය ලංකා දේශපාලනයට අලුත් දෙයක් නොවේ.
එය ලංකා පාර්ලිමේන්තුවේ දැවැන්තයින් මෙයට පෙර ද භාවිත කර තුරුම්බුවකි. දේශපාලන ළදරුවන්ගේ නොව කෛරාටිකයින්ගේ මෙවලමකි.
කරමතින් පාර්ලිමේන්තුවෙන් පිටට ගිය මන්ත්‍රීවරුන් ඒ සදහා පෙළඹවූ සිදුවීම් අතර ජාතික වැදගත්කම තම තම නැන පමණින් විමසා බලා ගැනීම තුල දිනේෂ් ගුණවර්ධන මහතා ගේ භුමිකාවේ සැබෑ වැදගත්කම තේරුම් ගත හැකිය. චතුර සේනාරත්න ගේ මාධ්‍ය අවකාශය දින 5 කට උදුරා ගන්නට වික්ටර් රත්නායකට හැකි විය. දිනේෂ් එය අදට දින තුනක් අඛන්ඩව එය හිමි කර ගනී. දේශපාලනයට ඉතිහාසය තරම් ‘අගයක්’ ලබා දෙන තවත් මිම්මක් නැත. ලංකා පාර්ලිමේන්තුවේ ‘උස්සාගෙන යාමේ පුරාණය’ සිද්ධිවල ‘වටිනාකම නොව ‘අගය’ අනුව ඇගයීමකට ලක් වන්නේ ය.
පසු සටහන
පළමුවන රාජ්‍ය සභාවේ අනුරාධපුර මන්ත්‍රී එච්.එම්.ප්‍රීමන් 1934 සැප්තෑම්බර් 13 දින ද, දෙවන රාජ්‍ය සභාවේ බිබිල මන්ත්‍රී ඩබ්ලිව්.දහනායක 1946 ජූලි 2 දින ද පාර්ලිමේන්තුවේ කථානායක නියෝග මත ඉවත් කළ පළමු මන්ත්‍රීවරු දෙදෙනාය.
වව්නියාව මන්ත්‍රී සී.සුන්දරලිංගම් මහතා 1950 දෙසැම්බර් 12 සහ 1955 මාර්තු 31 අවස්ථා දෙකක දී ඉවත් කොට ඇත. බොරළුගොඩ සිංහයා, අවිස්සාවේල්ල මන්ත්‍රී පිලිප් ගුණවර්ධන 1961 මැයි 18 සහ අගෝස්තු 17 අවස්ථා දෙකක දී පාර්ලිමේන්තුවෙන් ඔසවාගෙන ගොස් ඉවත් කොට ඇත.
පානදුර ලෙස්ලි ගුණවර්ධන සහ වලපනේ ටී.බී.එම්.හේරත් දෙදෙනා 1967 මාර්තු 20 දින පාර්ලිමේන්තුවෙන් ඉවත් කර ඇත. බෙන්තර ඇල්පිටිය මන්ත්‍රී ඇල්බට් කාරියවසම් 1967 ජූනි 4 දින ද, ගම්පහ මන්ත්‍රී එස්.ඩී. බණ්ඩාරනායක 1968 අගෝස්තු 16 දින පාර්ලිමේන්තුවෙන් ඉවත් කොට ඇත.
1974 දෙසැම්බර් 20 දින දෙවන වරට ඩබ්ලිව්. දහනායක පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන්නේ ගාල්ල මන්ත්‍රීවරයා ලෙස කටයුතු කරද්දී ය. 1993 පෙබරවාරි 25 දින වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුවෙන් ඉවත් කළේ සතියක පාර්ලිමේන්තු තහනමක් ද සමගිනි.
පස්වන පාර්ලිමේන්තුවේ 1993 අගෝස්තු 20 දින රිචඩ් පතිරණ, මෛත්‍රීපාල සිරිසේන හා සී.වී.ගුණරත්න, දි.මු. ජයරත්න ඉවත් කළ හැටි සවිස්තරව ඉහතින් දක්වා ඇත.
1994 ජනවාරි 18 දින ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ, හීන්මහත්තයා ලියනගේ සහ ඩබ්ලිව්.ජී.විජිතමුණි සොයිසා සහ රෙජී රණතුංග පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන්නේ දැවැන්ත කලබැගෑනියක් හේතුවෙන් සතියක පාර්ලිමේන්තු තහනමක් ද සමගිනි.
1999 අගෝස්තු 17 දින දී.මු.ජයරත්න මහතා එක් දිනක තහනමක් සහිතව පාර්ලිමේන්තුවෙන් ඉවත් කොට ඇත. 2007 මැයි 10 දින එස්.ගජේන්ද්‍රන් ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයා ද 2011 ඔක්තෝබර් 6 දින දයාසිරි ජයසේකර මහතා ද එක් දිනකට පාර්ලිමේන්තු තහනමකට ලක්කොට කථානායකවරයා විසින් නම් කොට ඉවත් කර ඇත.
සරණ ගුණවර්ධන 2011 නොවැම්බර් 29 දින සතියකට පාර්ලිමේන්තුව තහනම් කොට කථානායකවරයා විසින් ඉවත් කොට ඇත.
-රජිත් කීර්ති තෙන්නකෝන්ගේ ලියවිල්ලක්....

Subscribe to:
Posts (Atom)