ඔන්න ඒකත් කම්මුතු කළා.
කිව්ව නාහන ගුරු ඉහළ ගියොත් ඉහළ- පහළ ගියොත් පහළ කියන්නැහෙ 2016 නෙළුම්යාය බ්ලොග් සම්මාන උළෙල වෝටර්ස් එජ් හෝටලේ බෝල් රූම් එකේදි කම්මුතුම වුණා...
නෑ...සංවිධායකයො නොවෙයි...ඒ ගොල්ල වැඩේ අහවර කොරල ජයපැන් බොන්න ගියා.
කම්මුතු වුණේ හතරදිග් බාගෙන් ආව බ්ලොග් ලියන්නන් හා ලියන්නියන්.
සෙරන්ඩ්බ් ඔටුව මේ ලියන්නෙ කාගෙන්වත් ඇරියස් ගන්න නොවෙයි. "වාලුකා සිතුවිලි" ඔය සම්මාන වලට තෝරගත්තෙ නැති එක ගැනත් කිසිම අවුලක්. නෑ. ඔය සම්මාන දෙන සුපිරි බලොග් අස්සෙ මේව නිකං ලපයි සිපයි ගාණෙ වැඩ නොවැ.
ඇරත් "යහපාලනේට..." ඕනැන්නෙ නෑ..කට...කට...
බ්ලොග් ලියන කොල්ලන්ට කෙල්ලන්ට විතරක් නොවෙයි වැඩිහිටි දැනුමුත්තන්ට වුණත් සම්මානයක් කිව්වම පොඩි ත්‍රිල් එකක් නැත්තෙ නෑ.
එහෙම නැතිව සම්මාන පස්සෙ නොයෙන්නෙ කීයෙන් කිදෙනාද බොලල්ලා.
කෙහොමත් සම්මාන ගන්න එන අයට කිසි වරදක් කියන්න බෑ. ඒ වගේම අවංක චේතනාවෙන් දෙනව නං දෙන අයටත් කිසිම වරදක් කියන්න බෑ.
හැබැයි සරසතුමා වගේ කීප දෙනෙක් මුල ඉඳන්ම මේකට විරුද්ධව කෑ කොස්සන් ගහල නිකං ඉන්නෙ නැත්ව බාල්දි පිට බාල්දි පෙරලන්න ගත්තම ඔටුවටත් කුතුහලයක් ආව මොකක්ද මේ අස්සෙ තියෙන හිඩොං ඇජෙන්ඩාව කියල හොයන්න හිටං.
ඉතිං හී සීරුවෙ ගොහිං පස්සෙන්ම ඉද ගත්ත කියමුකො.
ඇතුල් වෙන දොර ගාවදිම නෑම්බියෙක් ගුඩු ආප්ටනූන් කියල පිළි අරං තර්ඩ් ෆලෝ සර්...ලිෆ්ට් ඊස් දෙයා කියපි. කඩ්ඩෙන්. හිතන්නැත්තෙ ඉංගිරිස් බ්ලොග් රචකතුමෙක් කියල වෙන්ටැ.
ඉතිං මාත් 3 ඔබල ගෙහුං වටපිට බලද්දිම වල්කොං බීම (කොම්බුවක් ඇලපිල්ලක් එහෙ මෙහෙ වුණාද මංද ආයිබං) එකකුත් ලැබුණෙ නැතෑ.
කොළඹ ගමය හෙම කළු කෝට් කබා ඇඳං ජැන්ඩිපහට කොටට කොටේ බකල ගගහ එහෙ මෙහෙ දුවනව...හෙහ්..හෙහ්.. නිකං ජෝකර්ට ඇඳල වගේ. මේ සීතල එංගලන්තෙ නොවේ ගමයො කියල කියන්න කටට ආවත් සද්ද නැතිව ගෙහුං පස්සෙන්ම ඉඳගත්ත කියමුකො.
බෝල් රූම් එක වටේම තරු. ස්ටේජ එක මරේ මරු. පෝඩියොං දෙකක් දෙපැත්තෙ. රෝස පාට කණු දෙකක් ඊටත් පිටතිං. බැක් ඩ්‍රොප් එකට වීඩියෝ ප්‍රොජෙක්සොං. බොහොම ගාම්භීර පාටයි. ඇස් නිලංකාර වුණා කිව්වම.
ඔටුවො කවද කාපු ටකරංද කිව්වලු.
ඔන්න නදී කෙල්ලයි, ගැමුණු කියල හාදයෙකුයි දෙන්න තියාගත්තෙ නැතෑ ළුළිමහන් සංදර්ශනේක අනවුන්ස් කරන්නැහෙ ලවක් දෙවක් නැතිව. අනෙක් පැත්තෙන් දෙමළයි ඉංගිරිසියි පැටික්කියො දෙන්නෙක්. කට්ටියට සෑහෙන ගාණක් ගෙවන්න ඇති.
සම්මාන දෙන්න සල්ලි නැතිවට ඒව දන්නෙ ගත්තු එවුන්නෙ. ලෝකෙට පරකාසෙත් එපැයි.
නැතිව පුළුවනෑ...ආඩංබරේට තියෙන්න එපැයි. ඔය සරසතුමාට රිදෙන්නත් එක්ක කියනවනෙ ඔය මඩවලේ (ඒ ඉස්සර..දැං ගොඩ කරල) මේ සම්භාවනීය උත්සවේ ගත්තෙ. කොළඹ හෝල් එකක ගත්ත නං ඉතිං ගතිය අඩුයිලුනෙ. සම්මාන වල වටිනාකොම එන්නෙ බිස්නොස් කාරයො ස්ලිම් අවෝඩ් උත්සවේ ගන්නව වගේ හෝටලේකම ගත්තමලුනෙ.
නැතිව ඔය රාජ්‍ය සම්මාන, පුස්තක, සරසවි, රයිගම් වගේ සම්මාන ගන්න සම්මන්ත්‍රණ ශාලාවෙ හරි එතන තියෙන හෝල් එකක ගත්තත් ගතියක් නෑ. මහවැලි කේන්ද්‍රෙ නං ගතියක් ඇත්තෙම නෑ.
ඔන්න පායයි හිරු- ආවොත් කරු වැඩම කළා. ගමය එකත්පස්ව ඇකිලුණා.
මැතිවරණ කොමිසමේ සභාපති කොමඩි කතා අස්සෙ යහපාලනකාරයො තියන්නෙ නැති මැතිවරණෙ වටිනාකම ගැනත් කිව්ව. ෆෝන් එකයි ටැබ් එකයි පෙන්නන්න ගෙහුං ඇස් කණ්නාඩිය පෝඩියම් එක උඩ දාල ආව. නදී මුළු සභාවටම ඇහෙන්න කිව්ව ඒක ඕනෙ නං අරං යන්න කියල. මහින්දතුමා (රාජපස්ස නොවේ දේසප්රිය) ආයෙම ගෙහුං ඒක අරං එද්දි තව ෆෝන් එකකුත් දිග් කළා. ඒක මගේ නොවෙයි කියල එතුම හැරිල ආව. අන්න නියම කොමඩි වලින්ම පටන් ගත්ත.
සම්මාන දෙන්න ගත්ත. සමහරු ඇවිත්. සෑහෙන්න දෙනෙක් ඇවිත් නෑ.
කොටින්ම ගිය වතාවල සම්මාන ගත්තු මාතලං, කකා, බස්සි එහෙමත් නෑ. මීට කලිං හොඳම බ්ලොග් සම්මාන ගත්තු බස්සිට මෙදා පාර තුන්වෙනි තැනද කොහෙද තිබුණ. බස්සි පල්ලං බැහැලද නැත්තං සම්මාන කොලිටිය ඉහළ ගෙහුංද කියල ඔටුව කල්පනා කළා.
කලිංම ඉවත් කොර ගත්ත සමහර නිර්දේශත් තිරයෙ පතිත වුණා. ඒත් හොඳ වෙලාවට සම්මාන නොදී හිටිය. එතකොට දන්නෙ නැති අය හිතන්නෙ අරක නිර්දේශ වුණාට ඒක වැඩක් නෑ. ඒකනෙ සම්මාන නැත්තෙ කියල. එහෙමත් බ්ලොග් ලියන්නො බලෙං අවමානෙට පත් කළා. ඇයිවදේ බ්ලොග් ලිව්වම හිතුමතේට බලෙං නිර්දේශ කොරල මට එපෝ කිව්වම ඒක නිර්දේශෙන් අයින් නොකර තිරේ දැම්මම අවමානයක් නොවෙයිද මං අහන්නෙ ? අඩුම ගාණෙ ඒක ඉවත් කරන්න අමතක වුණා නං එනවුන්ස් කරද්දි කියන්න තිබුණ මෙන්න මේව නිර්දේශ කළාට අදාළ රචකයා ඉවත් කොට ගන්නා ලදී කියල.
කොහෙද සංවිධායකයන්ට ඒ තරං සදාචාරයක්.
සදාචාරයක්, ලැජ්ජාවක් තියේ නං රාජිත වගේ හොරගෙඩි, සංහාරකයෙකුව ගෙන්නයිද? සංහාරය ගණනින් 1222 ක් කියල ළඟදි කොහෙදෝ තියෙනව දැක්ක. ගෙන්නුව මදිවට නූතන සේනක බිබිලේ කියල අන්දයිද? හැබැයි නදී කෙල්ල නං දිවේ තොලේ නොගෑවීම කිව්ව මට මෙහෙම කියන්න කිව්වෙ ලංකා නිව්ස් වෙබ් එකේ චන්දිම කියන හාදය කියල. හොඳ වෙලාවට උන්දැ එංගලන්‍තෙ. නැත්තං එතනම රෙදි ගැලවෙනව.
ඇයි රාජිතව එහෙම අන්දද්දි කටටියක් නැගිටල එළියට ගිය එකම මදිද..කොටින්ම සම්මාන ප්‍රදානෙට ආරාධනා කරල තිබුණ උපුල් ශාන්ත සන්නස්ගලත් නැගිටල ගියා කිව්වම. නැගිටල ගියා නං මදැයි. අන්තිම හරියෙ සම්මාන දෙන්න ස්ටේජ් නගිද්දි බලෙං මයික් එක අතට ගත්තු සන්න කිංඩියට ඇහුවෙ නැතැයි අර සේනක බිබිලෙ ගියාද කියල. රෙදි නෑ ඕයි.
ඒ අස්සෙ එකම ගායක කණ්ඩායමක් සැරෙන් සැරේ වේදිකාවට ඇවිත් සිංදු කියල ගියා. සැරෙන් සැරේ කිව්වෙ සම්මාන ටිකක් දෙනව, සිංදුවක් කියනව, ආයෙම සම්මාන දෙනව, ආයෙම සිංදුවක් කියනව. ඒ අස්සෙ ජනයි-ප්‍රියයි ඇවිත් හිනා යන්නෙ නැති ජෝක් කියනව. ගිහිං සම්මාන කීපයක් දීල ආයෙ ගෙන්නනව.
වැඩේ ඇදෙනව. සම්මාන දෙන්න ආරාධනා කළාම ආරාධිතයො නෑ. ඉතිං නදී ගම බලතල පරිදි නාලක ගුණවර්ධනට කෝකටත් තෛලය වගේ ආයෙම ස්ටේජ් එකට එන්න කියනව. එතකොට ආරාධිතය කොහෙදෝ ඉඳන් දුවගෙන එනව. ඒක නොදැක්ක නාලක සම්මාන පිරි නමනව.
ඉස්කෝලෙ සාහිත්‍ය සංගම් විවිධ ප්‍රසංග මීට වඩා ගතියට කරනව අප්පා.
අර හර්ෂ කොලුවගෙ ඔපෙරාවයි, වැලිකල ළමයගෙ ධර්මිෂ්ට සමාජ නාට්ටියයි නං ගතියට තිබුණා. ඒත් නාට්ටිය පෙන්නුවෙ රෑ බෝවෙලා හංදද කොහෙද ප්‍රේක්ෂක ජනතාව උන්නෙ කෑම තිබුණ ඉසව්වෙ. මොන දේ බලන්නත් හරියට සප්පායම් වෙලා ඉන්න එපැයි. ඇරත් කෑම මේසෙ ඇරල තියෙද්දි බඩගින්නෙ, පිපාසෙ ඉන්න උන් නාට්ටි බල බල ඉඳීවියැ.
මෙතන වැඩේ සල්ලි වියදම් කරල, හොටෙල් අරං, ඉවෙන්ට් කළමනාකාරියන්ට ගෙවල අන්තිමේට පුස්ස බින්ද වගේ වැඩේ අල වුණ එකයි.
බදුල්ලෙන්, අම්බලන්ගොඩින්, ගලෙන්බිඳුනවැවෙන් ආදී දුරබැහැරින් ආව එකී මෙකී නොකී බ්ලොග් රචකයින් රචිකාවන් රෑට බස් නැති රටේ බත්තරමුල්ලෙ ඉඳං කාගෙ හරි වාහනේක එල්ලිලා නැත්තනං ත්‍රී වීලර් එකක ගිහිං මහරෑ ගෙවල් වලට යන්න ඇති. මෙච්චර නාස්තිකාර වියදම් කළ එකේ සම්මාන ලැබුණ අයටවත් අතේ මඟ වියදමටවත් රු.1000/- ගානෙ දෙන්නවත් රාජිතලට මුට්ටි අල්ලන සංවිධායකයන්ට අමතක වුණානෙ අප්පා කියල හිතමින්, හිතෙං අම්මමෝ නැතිව බැන බැන ඔටුවත් ගැල පදවන්න ගත්ත කිව්වම....
2017 සම්මානත් පුදනව නං මේ වගේ තුට්ටු දෙකේ ගාම්භීරත්වයක් ගැන හිතන්නෙ නැතිව කෙනෙකුට යන්න එන්න පුළුවන් එච්චර ගණං නැති තැනක දේශපාලකයන්ගෙ පුක ලෙව කන්නෙ නැතිව බ්ලොග්කරුවන්ට සම්මාන දෙනව නං තමයි ගති.
ඒකට සෙරන්ඩිබ් ඔටුවගෙ වාලුකා සිතුවිලිත් නිර්දේශ කොරල සම්මානෙකුත් දුන්නොත් කටපුක වහන් දෙන දෙයක් කාල (වෝටර්ස් එජ් එගේ අජ පල් රෝල්ස් වගේ ඒවයි, ස්පංචි වගේ ඒවයි නැතිව) වෙන දෙයක් බලං ඉන්න බැරිවයැ.
ඔය ගොඩක් සම්මානලාභීන් කොරන්නැහෙ....
-සෙස්ස පස්සට ෴
- සෙරන්ඩිබ් ඔටුවා