පහුගිය කාලේ කළ කී දේ නිසා රුක්ෂාන් බෙල්ලන වෛද්‍යවරයාට මං කොහෙත්ම කැමති නෑ. ඔහුගෙ දේශපාලන අරමුණු වලටත් එකඟ නෑ..
එත් සෞඛ්‍ය සුළු සේවකයන්ගේ අධානාග්‍රාහී වැඩවැරුම් හා පාරම්බෑම් ඉදිරියේ ඔහුගෙ පෙනී සිටීම අගයනවා.
ඔය ඇටෙන්ඩන්ට්ලා, පිරිසිදු කරන්නන් හා කම්කරුවන් රොහල්වල මාෆියාවක් ගෙනියනවා. එකාට එකා සම්බන්ධව ලෙඩ්ඩු සූරාකනවා. ඇඳක් ගන්න, බෙඩ්ෂීට් දාගන්න, රෝද පුටුවක් ගන්න, ට්‍රොලියකින් ගෙනියන්න, පිරිසිදු කිරීමක් කරගන්න පගාවක් දෙන්නම ඕනේ.
අතමිට මොලවන්නම ඕනේ.
පසුගිය වසර 5 තුළ මා හෘද සැත්කමටත්, මගේ පියා අවසන් කාලයේත් දින කිහිපය බැගින් කොළඹ මහ රෝහලේ නේවාසිකව ඉද්දී මේ අත්දැකිම් ලැබුවා. මා ඒ මාෆියාවට ගොදුරු වුණා. වැටුප් ලබන ඔවුන් හිතන්නේම තමන්ට අතයට මුදලක් ගෙවිය යුතුම බවයි. අප ඊට අනුගත වන්නේ රෝගියා ගැන හිතලයි.
වෛද්‍යවරුන්, හෙදියන් ලබන දීමනා හෝ පහසුකම් මේ කාණ්ඩවල අය ඉල්ලීම විහිළුවක්. මේ සටන් කණ්ඩායමේ සංයුතියත් කිසිම ගැලපීමක් නෑ. මට පේන්නේ වෘත්තීය සමිති නායකයින්ට සටන් උපක්‍රම තේරෙන්නෙත් නෑ.
ඔව් ඉතිං...මතකනෙ. සමන්ප්‍රිය කියන අප්‍රිය නායකයෙක් සියල්ල පාවා දීලා දවස් කිහිපයකට මංත්‍රී වෙලා කාර් පර්මිට් එකක් අරං වෘත්තීය සටන් නිමා කොට පෞද්ගලික අවශ්‍යතා ඉෂ්ඨ කරගත් හැටි.
බෙල්ලන වෛද්‍යවරයා කියන විදිහ සාහසික වගේ පෙනුණත් ඒ ඇත්ත. රෝහල්වල කම්කරු හා ඇටෙන්ඩන්ඩ් සේවා පෞද්ගලීකරණය කළොත් මීට වඩා සේවයක් සැලසේවි.
-සිතන්නා...