Pages

Tuesday 25 June 2024

සුපිරි හොල්මන් කතාවක්....

නවගමුව රනාල තරුණයන් පිරිසක් විසින් පොසොන් පොහොය නිමිත්තෙන් හොල්මන් මන්දිරයක් ඉදිකර තිබූ අතර එය නැරඹීම සඳහා වයස 21ක කාන්තාවක් ඇයගේ පෙම්වතා සහ තවත් තරුණයන් පිරිසක් සමග පැමිණ ඇත.
එම පිරිස හොල්මන් මන්දිරය නරඹමින් ඒ තුළට යන අවස්ථාවේදී මිනී පෙට්ටියක් මත වැතිර සිටි පුද්ගලයා තම විවාහක සැමියා බව ඇය හඳුනාගෙන ගෙන ඇත. මළ මිනියක් ලෙස සිටි පුද්ගලයාද අදාළ කාන්තාව හඳුනාගෙන ඇති බවත් එම අවස්ථාවේදී මෘත දේහය ලෙස සිටි පුද්ගලයා වහා නැගිට කාන්තාවගේ හිස් කෙටියෙන් අල්ලා පහර දීමට තැත් කිරීම නිසා ගැටුමක් ආරම්භ වී ඇත.
එම කාන්තාවට පහරදීමට තැත් කිරීමත් සමඟ ඇය සමග සිටි අනෙක් තරුණ පිරිස ද හොල්මන් මන්දිරයේ සිටි පුද්ගලයන්ට පහර දීම සමග හොල්මන් මන්දිරයේ හොල්මන් ලෙස සිටි තරුණයන් ද එම පිරිසට පහරදීම ඇත. -සිතන්නා

Friday 14 June 2024

සුරූපී සරාගී සුපිරි නිළි සනුහරේ


ටීවී පත්තරවල කියපු හැටියට ගණිකා ව්‍යාපාරයේ යෙදුණා කියා අත්තඩංගුවට ගත සුරූපී, සරාගී, සුපිරි නිළිය, සිනමා හා ටෙලිනාට්‍ය නිළියක්.




මාධ්‍ය ඉතිං බලන් ඉන්නෙ නිළියක් කිව්ව ගමන් හොයා නොබලා නිළි සනුහරේටම කෙලවන්න.


අන්තිමේට මේ තනුජා කියන නිළිය(හෝ නිළි වෙස්ගත් නගර ‌සෝභිනිය) අපි අහලත් නෑ..දැකලත් නෑ. එයාගෙ ඇති සුරූපී, සරාගී, සුපිරි කමක් නං පේන්නෙ නෑ.

මොකක් හරි චිත්‍රපටයක රඟපාන්න ආ පමණින් සුරූපී, සරාගී, සුපිරි නිළියක් ලෙස හංවඩු ගැහීම නිළි වෘත්තියේ යෙදෙන්නියන්ට කරන අසාධාරණයක් නොවෙයිද?

නිළියක් දැක්ක ගමන් "බඩුවක්" කියන්න පොළඹවන්නෙ මේ වගේ තුප්පහි ජනමාධ්‍ය වාර්.තා තමයි. නිළියක් නොවේ කවර වෘත්තියක යෛදෙන හෝ නොයෙදෙන කාන්තාවකට තමන්ට කැමැති පුද්ගලයෙක් එක්ක නිදියන්න කාගෙවත් අවසර මොටද? රටේ ලෝකෙ උන්ට කොහෙත්ම සදාචාරාත්මක අයිතියක් නෑ ඒක ප්‍රශ්න කරන්න.

ඒ නිදිවදින්නෙ සල්ලිවලටද, වෙනත් ත්‍යාග ලබාගන්නද කියන එකත් අදාළ ඒ අයටමයි. ජනමාධ්‍ය වලට හොයන්න, පළ කරන්න, ප්‍රචාරය කරන්න කොයි තරම් දේ රටේ තියෙනවද?

ජනමාධ්‍ය ප්‍රසිද්ධිය සඳහා නිළි රස්සාව විකුණන එකත් එක්තරා ආකාරයකට ගණිකා වෘත්තියේ යෙදවීමක් කියලයි මට හිතෙන්නේ....

-සිතන්නා

Tuesday 4 June 2024

ජීවිතයක් බේරා ගන්න ලක්ෂ 7 ක හිඟයක්...

                                   


නෙවිල් නාඔටුන්න (එන්.බී. නෙවිල්) කියන්නෙ 80 දශකයේ මුල පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සිටි කොයි කාගේත් ආදරය දිනාගත් ශිෂ්‍ය ක්‍රියාධරයෙක්.
 
පසු කාලීනව විදුලි ඉංජිනේරුවෙක් ලෙස ඔහු විවිධ තනතුරු දැරුවා. ධීවර සංස්ථාවේ සභාපති ලෙසත් වරක් කටයුතු කළා. අවසානයේ තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගත්තා. එය සාර්ථකව කරගෙන ගියා.
 

2010 අප්‍රේල් 04 දා නෙවිල් හදිසියේ අසනීප වී මිය ගියා.

ලොකු දුව කොළඹ වෛද්‍ය පීඨයේ සිව්වන වසරේ.
බාල පුතා මොරටුව ඉංජිනේරු පීඨයේ තුන්වන වසරේ.
 
නෙවිල්ගේ බිරිඳ ක්‍රිෂාන්ති හදිසියේ රෝගාතුර වුණා.
Autoimmune Hepatitis රෝගයෙන් පෙළෙන ඇයට අක්මා බද්ධ(Liver Transplant) නොකළොත් වැඩිකල් ජීවත් වෙන්නට නොහැකි බව වෛද්‍යවරුන් තීන්දු කළා. මුලින් ලබන සැප්තැම්බර් දක්වා ජීවත් වීමේ දින දී තිබුණත් අලුත්ම සෞඛ්‍ය තත්ත්වය මත අඩුම තරමින් ජූනි මාසයේ මැද භාගය වන විට ඇයට ශල්‍යකර්මය කළ යුතුයි.
ඉන්දියාවට ගොස් අක්මා බද්ධ කිරීමට වියදම රුපියල් ලක්ෂ 135 ක්.
දරුවන් මේ මුදල කෙසේ හෝ සොයාගෙන මව ජීවත් කරගැනීම සඳහා මූලිකත්වය ගත්තා. විවිධ අරමුදල් වලට ආධාර එකතු කළා. විශ්වවිද්‍යාලයේ හා සමාජයේ නෙවිල් නාඔටුන්න ගැන දැන සිටි, ඔහුට ආදරය කළ බොහෝ දෙනා උදව් කරන්න පටන් ගත්තා.
 
බාල පුතා තම මව වෙනුවෙන් අක්මාවෙන් කොටසක් පරිත්‍යාග කරනවා.

ඒ සඳහා ක්‍රිෂාන්ති හා පුතා සමඟ තව දෙදෙනෙකු ජූනි 10 වනවිට ඉන්දියාවට යා යුතුයි. මේ ශල්‍යකර්මවලට අනුමැතිය දීම සඳහා ලොකු පුතා ශල්‍යකර්මය කරන දිනය වන විට ඉන්දියාවේ Rela රෝහලේ සිටිය යුතුයි.
ජූනි 10 ට පෙර ලක්ෂ 7 කට ආසන්න මුදලක් සොයා ගත යුතු ඉලක්කයක් අප ඉදිරියේ. තව තියෙන්නේ දින කිහිපයයි.
 
මේ සුළුවෙන් හෝ හැකි පමණින් ඔබේ උදව් අවශ්‍ය මොහොතක්. හැකි පමණින් උදව්වක් කර ක්‍රිෂාන්තිගේ ජීවිතය බේරාගන්න දායක වන්නැයි මෙය කියවන ඔබෙන් ඉල්ලා සිටිනවා.
ගිණුම් විස්තර-
අංක 8200053067 දරණ
කොමර්ෂල් බැංකු නුගේගොඩ ශාඛාවේ ගිණුම.
Swift Code-CCEYLKLX
--------------
A/C No: 8200053067
A/C Name. S M N K Samarathunga
Commercial Bank Nugegoda Branch
Swift Code: CCEYLKLX
 
-සිතන්නා