දූෂකයාව හඳුනාගැනීමේ පෙරෙට්ටුවට අනුරාධපුරයේ වෛද්‍යවරිය නොපැමිණීම ගැන ෆේස්බුක් නීති විශාරධයින් විවිධ මත පළ කරද්දී හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි අගනා කරුණු පැහැදිලි කිරීමක් කරනවා. කියවා දැනුම්වත් වෙන්න.
මෙහිදී අධිකරණය වින්දිත වෛද්‍යවරියගේ ශාරිරික සෞඛය වගේම මානසික සෞඛය ගැනත් සැලකිලිමත් වනවා.
වින්දිත කාන්තාව තමාට ප්‍රබල ලිංගික අපරාධය සිදු කළ සැකකරු අධිකරණමය හඳුනාගැනීමේ පෙරෙට්ටුවකදී හඳුනාගැනීම මෙම අපරාධය සම්බන්ධව අනාගතයේදී පැවැත්වෙන මහාධිකරණ නඩු විභාගය සදහා ඉවහල් වන ඉතා වැදගත් සාක්ෂියක්.
එම සාක්ෂිය නිවැරැදිව ලබාදීම සදහා ඇය මානසිකව නිරවුල්ව සිටිය යුතුයි.
සමහර කාන්තාවන් මෙවැනි ලිංගික අපරාධ වලදී පමණක් නොව ආයුධ සන්නද්ධව සිදු කෙරෙන කොල්ලකෑම් වැනි අපරාධ වලින් පසුව එම අපරාධකරුවන් අභිමුකව ගොස් හඳුනාගැනීමට මැලිකමක් දක්වනවා
මෙයට පිළියමක් ලෙස තමයි 1988 අංක 18 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයට ගෙන එන ලද සංශෝධනය මගින් වින්දිතයාගේ අනන්‍යතාව සගවා ඔහු හෝ ඇය හඳුනාගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කිරීමේ ක්‍රමය හඳුන්වා දී ඇත්තේ.
මෙම සිද්ධිය සම්බන්ධව මූලික මහේස්ත්‍රාත් පරික්ෂණය අවසන් වූ පසු ලඝු නොවන නඩු විභාගයක් නොපවත්වා කෙලින්ම මහාධිකරණයේ නඩු පැවරීමටත් අවශ්‍ය නම් ත්‍රී පුද්ගල විනිශ්චය සභාවක් පත්කර එක දිගට නඩුව විමසා ඉතා කෙටි කලකින් තීන්දුව ප්‍රකාශ කිරීමටත් නීතිපතිවරයා විසින් අග්‍්‍රවිනිශ්චයකාතුමා ගෙන් ඉල්ලා සිටිය හැකිද වෙනවා .
මෝදර කාකදූපත අසලදී ඉංදියානු ජාතික රීටා ජෝන්ස් තරුණිය දූෂණය කර මරා දැමීමේ සිද්ධියේදී මේ ක්‍රමය අනුගමනය කර අපරාධය සිදුවී මාස 5 ක් ඇතුළත නඩුව අවසන් කර චූදිතයන්ට මරණ දඬුවම නියම කිරීම සිදු කරනු ලැබුවා.
-හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි.