1886 මැයි මස 01 දා ඇමෙරිකාවේ චිකාගෝ නුවර
පැවැති කම්කරු රැලියකට පොලිස් වෙඩි ප්‍රහාරයක් එල්ල වුණා.
1886 මැයි මස 01 දා සිට 02 දා දක්වා සිදුවූ කම්කරු විරෝධතාවලට පොලීසිය
වෙඩි තැබිම නිසා චිකාගෝව ලෙයින් හා දුමින් පිරුණු යුද පිටියක් බවට පත් වුණා.
එහි ප්‍රතිඵලයක්
වශයෙනුයි එතෙක් ඇමෙරිකාව පුරා විසිරී සිටි කම්කරු ජනතාවට දිනයකට පැය 8ක වැඩමුරයක් හිමිවුණේ. ඒ වනතුරුම ඔවුන්ට
දිනකට පැය 16ක් පමණ එක දිගට වැඩ කරන්නට සිදුවී තිබුණා.
ලෝකයේ විවිධ රටවල කම්කරු ජනතාව සමරනු ලැබූ සෑම
මැයි දින රැලියක්ම රතු පැහැති ධජ පතාකවලින් සරසන්නේ චිකාගෝ හි පවත්වන ලද මැයි දින
රැලියට සහභාගි වූ කම්කරුවන්ගේ සිරුරුවලින් ගලාගිය අමු ලේ ධාරාවන් සිහිපත් කිරීමේ
අදහසිනි. ඒ අනුව අද ලෝකයේ කුමන රටක පවත්වන ලබන මැයි දින රැලියක් වුවවද එහි ලෙලදෙන
රතු පැහැති ධජ පතාකවලින් සංකේතවත් කෙරෙන්නේ මනුෂ්‍ය රුධිරය, දාඩිය හා කඳුළුය.
එසේම ලෝකයේ සෑම රටකම පාහේ මුල් කාලයේ පැවැති මැයි දින රැලිවල ප්‍රමුඛ ස්ථානය ගන්නා ලද්දේද ඒ ඒ රටවල වැඩ කරන ජනතාවයි. එදා එවැනි දැවැන්ත මැයි රැලිවලට සහභාගි වූ කම්කරු ජනතාව ඉමහත් සටන්කාමී බවකින් යුතුව තමන් දිනාගන්නා ලද හා අතීතයේ විසූ කම්කරු නායකයන් විසින් ජීවිත පරිත්‍යාගයෙන් යුතුව දිනා දෙන ලද කම්කරු අයිතිවාසිකම් සැමරීමට උනන්දු වුණා.
ඒත් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන
මැයි රැලිවල ඊට ඉඳුරාම වෙනස් තත්ත්වයක් දකින්නට ලැබෙනවා.
මෙරට කම්කරු ජනතාව
විවිධ දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිතිවලට කැඩී බිඳී ගොස් කුඩා කණ්ඩායම් වශයෙන් මැයි
රැලි පැවැත්වීමේ ප්‍රවණතාවක් ඇති වෙලා.
ඔවුන් තම තමන්ගේ දේශපාලන මතවාදවලට අනුව පවතින ආණ්ඩුවලට බැණ වදිමින් විවේචනය කොට විසිරී යනවා. එසේ වුවද මෙරට ප්‍රධාන ධාරාවට අයත් දේශපාලන පක්ෂ මගින් පවත්වනු ලබන මැයි දින රැලි සඳහා අති විශාල ජනකායක් සහභාගි වන බවක් දකින්නට ලැබුණත් ඒවාට සහභාගි වන වැඩි දෙනෙකු එම පක්ෂවල සාමාජිකයන් විනා වැඩ කරන පන්තියේ ජනතාව නොවන බව පැහැදලියි.
අනෙක් අතට එවැනි දේශපාලන පක්ෂ මගින් පවත්වනු ලබන මැයි දින රැලිවලට ජනතාව කැඳවා ගෙන එන්නේද ඔවුන්ට විවිධ ප්‍රතිලාභ සැපයීමෙනුයි. ඔවුන් ආණ්ඩුවෙන් රැකියා ලබාගත්තවුන් නැතහොත් ආණ්ඩුවෙන් අද හෙටම රැකියා ලාභයක් බලාපෙරොත්තුවෙන් සිටින තරුණ පිරිස්. ඒ අතර කෑම බීම, මත්පැන් සහ මුදල් ලබාදී එක් එක් පක්ෂවලින් පවත්වනු ලබන මැයි රැලිවලට පුද්ගලයන් කැඳවා ගන්න බව රහසක් නොවෙයි.
ඔවුන්ගේ රාජකාරිය වන්නේ
තම තමන්ගේ මන්ත්‍රීවරුන් හෝ ප්‍රාදේශීය දේශපාලනඥයන් විසින් කල්තියා ලබාදෙන සටන්පාඨ
හඬ නගා කියමින් පෙළපාලියේ ගමන් කිරීමයි. එසේත් නැතහොත්
මැයි දින වේදිකාවේ සිට බෙරිහන් දෙන පක්ෂයේ ප්‍රධාන කථිකයන්ගේ උද්වේගකරවත් ප්‍රකාශ
අසා හුරේ දමමින් අත්‍පොළසන් දීමයි.
මෙකල පැවැත්වෙන මෙවැනි වැඩකරන ජනතාවගෙන් තොර දේශපාලනීයකරණය වූ ඊනියා මැයි දින රැලිවලට සහභාගිවන පිරිස් තුළ මැයි දිනය ගැන හෝ කම්කරු අයිතිවාසිකම් ගැන හෝ හැඟීමක් ඇත්තේ නැහැ.
මෙකල පැවැත්වෙන මෙවැනි වැඩකරන ජනතාවගෙන් තොර දේශපාලනීයකරණය වූ ඊනියා මැයි දින රැලිවලට සහභාගිවන පිරිස් තුළ මැයි දිනය ගැන හෝ කම්කරු අයිතිවාසිකම් ගැන හෝ හැඟීමක් ඇත්තේ නැහැ.
මෙලෙස දේශපාලනීකරණය වූ මැයි
දින රැලියකින් මෙරට කම්කරුවන් ඇතුළු වැඩ කරන ජනතාවට ඇති වන සෙතක් ඇත්තේද නැහැ.
මෙන්න කම්කරුවාව බෙදාගන්න, රීරි මාංශ උරා බොන්න දඟලන දැඟලිල්ල....
කොළඹ නගරයේ පමණක් මැයි රැලි 18 ක් හා
පෙළපාළි 12 ක් පැවැත්වුණා.
එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි
රැළිය බොරැල්ල කැම්බල් පිටියේදී .
මහජන එක්‌සත් පෙරමුණ හා දේශවිමුක්‌ති ජනතා පක්‍ෂය ඒකාබද්ධව පවත්වන මැයි දින පෙළපාලිය කැම්බල් පිටියේදී.
එක්‌සත් ජාතික පක්‍ෂයේ මැයි දින රැලිය අම්පාර
නගර සභා පිටියේදී.
ජනතා විමුක්‌ති පෙරමුණේ මැයි දින රැලිය කොළඹ බී. ආර්. සී. පිටියේදී.
ජනතා විමුක්‌ති පෙරමුණේ මැයි දින රැලිය කොළඹ බී. ආර්. සී. පිටියේදී.
සමාජවාදී ජනතා පෙරමුණේ මැයි රැලිය නුගේගොඩ සුපර්මාකට් හි ආනන්ද සමරකෝන් රඟහලේදී.
ලංකා සම සමාජ පක්‍ෂය, ශ්‍රී
ලංකාවේ කොමියුනිස්‌ට් පක්‍ෂය, ප්‍රජාතන්ත්‍රවාදී
වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා මහජන
පක්‍ෂය හා දේශ විමුක්‌ති ජනතා පක්‍ෂය යන පක්‍ෂ පහෙන් සැදුම්ලත් පෙළපාලිය කිරුළපන
නගර සභා පිටියේදී.
ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ මැයි රැලිය පැලවත්ත
බුද්ධදාස ක්‍රීඩාංගණයේ දී.
නව සම සමාජ පක්‍ෂයේ මැයි රැලිය කොළඹ ප්‍රයිස්
පිටියේදී.
එක්‌සත් සමාජවාදී පක්‍ෂයේ මැයි රැලිය කොස්‌ගස්
හන්දියේදී.
ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ මැයි
රැලිය කොටහේන ජින්තු පිටියේදී.
පෙරටුගාමී
සමාජවාදී පක්‍ෂයේ මැයි රැලිය ඔරුගොඩවත්ත නවගම්පුර ක්‍රීඩාංගණයේදී.
සමාජවාදී සමානතා පක්‍ෂයේ මැයි රැලිය කොළඹ
නව නගර ශාලාවේදී.
ලංකා කම්කරු පක්‍ෂ මැයි රැලිය පිටකොටුව
ගුණසිංහ ප්‍රතිමාව අසල දී.
ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මැයි
රැලිය කොළඹ හයිඩ් පිටියේදී.
ලංකා
වෙළෙඳ, කාර්මික සහ පොදු
සේවා කම්කරු සංගමයේ මැයි රැලිය එම සංගම් ශාලාවේදී.
නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවා සේවක
සංගමයේ මැයි රැලිය නාරාහේන්පිට ශාලිකා ශාලාවේ දී.
රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ
මැයි රැලිය නාරාහේන්පිට සම්මේලන මූලස්‌ථානයේ
දී.
ජූලි
වර්ජකයන්ගේ ඒකාබද්ධ සංවිධානයේ මැයි රැලිය කොළඹ මහජන පුස්‌තකාල ශ්‍රවණාගාරයේදී.
ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ
මැයි රැලිය සංගම් මූලස්‌ථානයේදී.
රජයේ කළමනාකරණ සහකාර නිලධාරී සංගමයේ
මැයි රැලිය ලිපිකරු සංගම් මූලස්‌ථානයේදී.
දෙමළ ජාතික සන්ධානයේ මැයි රැලිය චාවකච්ෙච්රිය
නගර සභා ක්‍රීඩාංගණයේදී.
ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි රැලිය බණ්‌ඩාරවෙල
නගර සභා පිටියේදී.
කම්කරු ජාතික සංගමයේ මැයි රැලිය හැටන්
බස් නැවතුම්පල අසලදී.
දෙමළ එක්‌සත් පෙරමුණේ හා එක්‌සත් ලංකා
දෙමළ කොංග්‍රසයේ ඒකාබද්ධ රැලිය යාපනය කරවෙඩ්ඩි තැපැල් කාර්යාලය අසලදී.
කඳුරට ජනතා පෙරමුණේ රැලිය තලවාකැලේදී.
සමස්‌ත ලංකා ගුරු උපදේශක වෘත්තීය සංගමයේ මැයි රැලිය මල්කඩුවාව ක්‍රීඩාංගණයේදී.
සමස්‌ත ලංකා ගුරු උපදේශක වෘත්තීය සංගමයේ මැයි රැලිය මල්කඩුවාව ක්‍රීඩාංගණයේදී.
ලංකා වතු සේවා සංගමයේ මැයි දින සැමරුම
මාතර සමුපකාර මන්දිර ශාලාවේදී.
ඉතිං කම්කරුවා ඉතිරි වෙලා තියෙයිද බොලල්ලා...
-සෙස්ස පස්සට ෴
habai USA walanam labour day eka thiyenne september :-)
ReplyDeletehttps://en.wikipedia.org/wiki/Labor_Day
බොරුවට දින සමරලා පහුවදා ඉඳලා සාමාන්‍ය විදිහට ප්‍රශ්න වලට මුහුණ දෙනවා.
ReplyDeleteමුල්ම මැයි දිනේට වඩා ලස්සනට මුළු ලෝකෙන්ම මැයි දිනේ සමරන්නේ ලංකාව තමා...
ReplyDeleteඅපහාස කොරන්න එපා ඔටුවෝ කම්කරුවෝ කොහෙද ලංකාවේ.
ReplyDeleteහැබෑම නොවෙන්නං.....ඉන්නෙ කංකරුවොනෙ...
Deleteඒ උනාට සටන් පාඨය "කම්කරුවනි එකතු වව්, සමගි වව්" වගේ කතා නේද?
ReplyDelete