Pages

Wednesday 29 May 2024

සමාජ සත්කාරයට ස්තූතියි.

 ගැහැනු දරුවන් තිදෙනෙකුගේ, හදවත් රෝගී පියා වෙනුවෙන් මෑතදී අපි කාරුණික ඉල්ලීමක් කළා.

ඒ ඔවුන්ගේ සිමෙන්ති නොදැමූ පස් ගෙබිමට කොන්ක්රීට් දමා සිමෙන්ති මැදීමට උදව් කරන ලෙසයි.

ඒ සඳහා ෆේස්බුක් හා බ්ලොග් මිතුරන්ගෙන් එක් ලක්ෂ විසි දහසක මුදල් ආධාර ලැබුණා. වියදම එක් ලක්ෂ පන්දහසයි.
මේ ආධාර ලැබුණේ නමින් පෙනී නොසිටින හිතෛෂීන් 5 දෙනෙකුගෙන්.

ඔවුන්ට බොහොමත්ම ස්තූතියි.



වෙසක් දවස්වල ඇද හැලුණු ධාරානිපාත වැස්සෙන් ගෙතුළ දිය සීරා මතුවන්නට පෙර ගෙබිමේ වැඩ නිමා කළා. මේ සේයාරූ වලින් පෙනෙන්නේ නව ගෙබිම.
අපේ මේ උත්සහය වැඩිවියට පත් වූ දියණියන්ගේ ආරක්ෂාව තර කිරීමටයි.
1. ජනෙල් පියන් නැති ජනේල 5 ට ජනෙල් පියන් තනා සවිකොට දීම
2. ඉටිරෙද්දකට ආවරණය වී සිරුර දොවා ගන්නා ඔවුන්ට ඒ සඳහා ගඩොල් බිත්ති ආවරණයක් තනා දීම.
3. පිටත බිත්ති කෙසේ වෙතත් ගේ ඇතුළේ බිත්ති කපරාරු කිරීම.
උදව් ලැබෙන පරිදි ඒ වැඩ එකින් එක සම්පූර්ණ කොට දෙනවා. අත ඉතිරි පහළොස් දාහට තව මුදල් එකතු වෙන බව අපට විශ්වාසයි.

කෙලින්ම ඔවුන්ගේ බැංකු ගිණුමට හෝ අප හරහා හෝ උදව් කරන්නට කැමැති අයට 0779427650 දුරකථනයට අමතා හෝ WhatsApp පණිවුඩයක් එවා ගිණුම් විස්තර ලබා ගන්න පුළුවන්.

-සිතන්නා...

No comments:

Post a Comment