Pages

Friday 27 September 2024

සිහිනයෙන් අවදි වෙමු.

යග්‍රහණය භුක්ති වින්දා ඇතිය.
ජයපැන් බිව්වා ඇතිය.
යාළු මිත්‍රයින් එක්ක සතුට බෙදාගත්තා ඇතිය.
මදි වගේ නම් ඒ ගමන්ම සිහිනයෙන් අවදි වෙමු.


අලුත් ඉරක් පායා ඇත. එහි නැවුම් ආලෝකය දසත පැතිරේ. ඒ නිසා වේලාසනින් අවදි වී වැඩ පටන් ගත යුතුයි. අප සිහින දකින නිමේශයේ සතුරා වැඩට බැස ඇත.
ඔවුන් තුෂ්ණිම්භූත වූ වේගයෙන්ම ප්‍රහාරයට බර අවි සකසමින් සිටී. එහෙයින් ජාජබ බලයට ගෙනෙන්නට කැප වූ මුළුමහත් පුරවැසි සමූහයට ඇත්තේ විශාල වගකීමකි. දැවැන්ත ඉලක්කයකි. මෙය තේරුම් නොගෙන සිඟිති ආතල් ගැනීම නතර කළ යුතුය.

වරදවා වටහා නොගන්න. මා අමතන්නේ පාලකයින් නොවේ. වර්තමාන පාලකයින් පුරවැසියාට ඉදිරියෙන් සිටී. දැන් පුරවැසියා ඔවුන් පසුකොට යන්නට වෙර දැරිය යුතුය.
ඉදිරි මහ මැතිවරණය අතිශයින් තීරණාත්මකය. ලද ජයග්‍රහණයේ ඵල භුක්ති විඳිය හැක්කේ විශිෂ්ට ජජයග්‍රහණයක් මතිනි. සියලු විරුද්ධවාදීන් බලමුළු ඒකරාශී කිරීමට දහංගැට ගහද්දී අපි එකිනෙකාට විශාල වගකීමක් ඇත.
අනුර කුමාර දිසානායකට රට ගොඩ නැගීමේ පැහැදිලි දැක්මක් ඇත. ඔහු වටා සිටින නායකයින්ද ඊටම සරිලන සේ උර දෙමින් සිටී. අප කළ යුත්තේ මුළු මහත් සමාජය ඊට අලගු තබන්නට එක් ඉලක්කයකට මෙහෙයවීමය. එසේ නොමැතිව අනුරට කකතිරය ගැසූ මෙන්ම නොගැසූ බකපණ්ඩිතයින්ගේ හිස්ප්‍රලාප වලින් සෙතක් නැත.
විවේචන, යෝජනා, චෝදනා මදක් පසෙකට කර ඉදිරි මහමැතිවරණයේදී වැඩි නියෝජිතයින් සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවට තෝරා පත් කරගත යුතුය. කෝටියේ ඉලක්කය අවශ්‍ය වන්නේ දැන්ය.
ජාජබ වෙත පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් නොදී මේ සිස්ටම් එක චේන්ජ් කළ නොහැක. විනාශකාරී, ප්‍රෝඩාකාරී, ත්‍රාඩ පාලනයක් ඇති කළේ 5/6 ක, 2/3 ක පාර්ලිමේන්තු බලයකින් බැවින් වළේ වැටුණු එකා වළ කටෙන්ම ගොඩ ඒමේ න්‍යාය අනුව එවන් බලයක් ලබා දිය යුතුය.
ඉන් මෙහා ජාජබ නායකයා ජනාධිපති කිරීමෙන් පමණක් සිස්ටම් චේන්ජ් කළ නොහැකි බව අප තේරුම් ගත යුතුය.
සිහිනයෙන් අවදි වී අති ප්‍රබල ජාජබ ආණ්ඩුවක් බිහි කරමු.

-සිතන්නා-

Thursday 19 September 2024

2024 ජනාධිපතිවරණය පිළිබඳ මගේ අවසන් පුරෝකථනය...


සැලකිල්ලට ගත් දත්ත..

1. මෙතෙක් පැවැති ජනාධිපතිවරණයන්හිදී ලබා දුන් ඡන්ද ප්‍රතිශත-
1982 ජේ.ආර්. -52.91%
1988 ප්රේමදාස -50.43%
1994 චන්ද්රිකා - 62.28%
1999 චන්ද්රිකා - 51.12%
2005 මහින්ද - 50.29%
2010 මහින්ද - 57.88%
2015 සිරිසේන -51.2%
2019 ගෝඨාභය -52.25%
ඉහත සෑම අවස්ථාවකදීම ඡන්ද සටන පැවැතියේ දෙදෙනෙකු සමඟය.
==============
සැලකිල්ලට ගත් දත්ත..
2. 2015 හා 2019 ලැබුණු ප්‍රකාශිත ඡන්ද පිළිවෙළින් 81.52% හා 83.72% වේ.
3. 2015 හා 2019 ලැබුණු අවලංගු ඡන්ද පිළිවෙළින් 1.15% (140,925) හා 0.85%(135,452) වේ.
4. 2015 හා 2019 ලැබුණු මුළු වලංගු ඡන්ද සංඛ්‍යාව පිළිවෙළින්
80.5%[12,123,452],
82.87%[13,252,499]
වේ.
===================
ඇතිවෙමින් පවතින උනන්දුව මත මෙවර ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව වන 17,140,354 න් 84% ක් ඡන්දය පාවිච්චි කරනු ඇතැයි අනුමාන කරමු. එය 85% වන්නටද ඉඩ ඇත. එනම් ඡන්ද 14,569,300 කි.
එසේම අවලංගු ඡන්ද සංඛ්‍යාව 171,403, එනම් 1% වන්නේ නම් මුළු වලංගු ඡන්ද සංඛ්‍යාව 14,397,897 ක් වේ.
වෙනත් ආකාරයකින් කියන්නේ නම් 2024 ජනාධිපතිවරණයේදී මුළු වලංගු ඡන්ද ප්‍රමාණය එක් කෝටි හතළිස් තුන් ලක්ෂ අනූහත් දහස් අටසිය අනූහතකි.
==================
ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා වන සජිත් හා අනුර අතරත්, ඊළඟ පෙළේ සිටින රනිල් හා අනුර අතරත්, අවශේෂ පිරිස අතරත් බෙදී යනු ඇත්තේ ඡන්ද 14,397,897 කි. දළ වශයෙන් 14,400,000 කි
මෙයින් 50% ඡන්ද හැත්තෑ දෙලක්ෂයකි{7,200,000}.
=================
අලුත් ඡන්ද 876,796 න් ප්‍රකාශිත ඡන්ද 85% හා අවලංගු 1% අඩු කළ විට වලංගු ඡන්ද සංඛ්‍යාව 737,824 කි.
මෙයින් ලක්ෂ 5 ක් අනුරටද, 70,000 ක් සජිත්ටද, ලක්ෂයක් රනිල්ටද, ඉතිරි 17824 අනෙක් අපේක්ෂකයින් අතරද බෙදා දෙමි.
අවසන් ජනාධිපතිවරණයේදී ගෝඨාභය ලබාගත් ඡන්ද 6,924,255 න් විශාල පංගුවක් අනුරටද, ඊළඟට සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් නාමල්ට හා රනිල්ටද ලබා දී ඉතිරිය අනෙක් අපේක්ෂකයින් අතර බෙදා දෙමි. කලකිරීමට පත්ව ඡන්දය නොදෙන පිරිසක්ද ඇත.
ඉන් පසුව ඒ ඒ ඡන්දාපේක්ෂකයින්ගේ පදනම් ඡන්දද සැලකිල්ලට ගෙන, සහයෝගය ලබා දෙන දෙමළ, මුස්ලිම්, වතුකරයේ හා වෙනත් ඡන්දද උපකල්පනය කිරීමෙන් පහත නිගමන වලට පැමිණ ඇත.
================
වලංගු මුළු ඡන්ද සංඛ්යාව වන 14,400,000 න්
අනුර - 6,480,000 [45%]
සජිත් - 5,040,000 [35%]
රනිල් - 1,460,000 [10.2%]
නාමල් - 950,000 [6.6%]
වෙනත් - 460,000 [3.2%]
ලෙස දළ වශයෙන් ඡන්ද ලබා ගනු ඇතැයි පුරෝකථනය කරමි.

පළමු වටයේ ඡන්ද වලින් අනුර බොහෝ ඉදිරියෙන් සිටින බැවින් 50% ඉක්මවා නොගියද දෙවන වටයේ මනාප වලින් සජිත්ට අනුර අබිබවා යා නොහැකිය.

-සිතන්නා-