Pages

Friday 27 September 2024

සිහිනයෙන් අවදි වෙමු.

යග්‍රහණය භුක්ති වින්දා ඇතිය.
ජයපැන් බිව්වා ඇතිය.
යාළු මිත්‍රයින් එක්ක සතුට බෙදාගත්තා ඇතිය.
මදි වගේ නම් ඒ ගමන්ම සිහිනයෙන් අවදි වෙමු.


අලුත් ඉරක් පායා ඇත. එහි නැවුම් ආලෝකය දසත පැතිරේ. ඒ නිසා වේලාසනින් අවදි වී වැඩ පටන් ගත යුතුයි. අප සිහින දකින නිමේශයේ සතුරා වැඩට බැස ඇත.
ඔවුන් තුෂ්ණිම්භූත වූ වේගයෙන්ම ප්‍රහාරයට බර අවි සකසමින් සිටී. එහෙයින් ජාජබ බලයට ගෙනෙන්නට කැප වූ මුළුමහත් පුරවැසි සමූහයට ඇත්තේ විශාල වගකීමකි. දැවැන්ත ඉලක්කයකි. මෙය තේරුම් නොගෙන සිඟිති ආතල් ගැනීම නතර කළ යුතුය.

වරදවා වටහා නොගන්න. මා අමතන්නේ පාලකයින් නොවේ. වර්තමාන පාලකයින් පුරවැසියාට ඉදිරියෙන් සිටී. දැන් පුරවැසියා ඔවුන් පසුකොට යන්නට වෙර දැරිය යුතුය.
ඉදිරි මහ මැතිවරණය අතිශයින් තීරණාත්මකය. ලද ජයග්‍රහණයේ ඵල භුක්ති විඳිය හැක්කේ විශිෂ්ට ජජයග්‍රහණයක් මතිනි. සියලු විරුද්ධවාදීන් බලමුළු ඒකරාශී කිරීමට දහංගැට ගහද්දී අපි එකිනෙකාට විශාල වගකීමක් ඇත.
අනුර කුමාර දිසානායකට රට ගොඩ නැගීමේ පැහැදිලි දැක්මක් ඇත. ඔහු වටා සිටින නායකයින්ද ඊටම සරිලන සේ උර දෙමින් සිටී. අප කළ යුත්තේ මුළු මහත් සමාජය ඊට අලගු තබන්නට එක් ඉලක්කයකට මෙහෙයවීමය. එසේ නොමැතිව අනුරට කකතිරය ගැසූ මෙන්ම නොගැසූ බකපණ්ඩිතයින්ගේ හිස්ප්‍රලාප වලින් සෙතක් නැත.
විවේචන, යෝජනා, චෝදනා මදක් පසෙකට කර ඉදිරි මහමැතිවරණයේදී වැඩි නියෝජිතයින් සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවට තෝරා පත් කරගත යුතුය. කෝටියේ ඉලක්කය අවශ්‍ය වන්නේ දැන්ය.
ජාජබ වෙත පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් නොදී මේ සිස්ටම් එක චේන්ජ් කළ නොහැක. විනාශකාරී, ප්‍රෝඩාකාරී, ත්‍රාඩ පාලනයක් ඇති කළේ 5/6 ක, 2/3 ක පාර්ලිමේන්තු බලයකින් බැවින් වළේ වැටුණු එකා වළ කටෙන්ම ගොඩ ඒමේ න්‍යාය අනුව එවන් බලයක් ලබා දිය යුතුය.
ඉන් මෙහා ජාජබ නායකයා ජනාධිපති කිරීමෙන් පමණක් සිස්ටම් චේන්ජ් කළ නොහැකි බව අප තේරුම් ගත යුතුය.
සිහිනයෙන් අවදි වී අති ප්‍රබල ජාජබ ආණ්ඩුවක් බිහි කරමු.

-සිතන්නා-

No comments:

Post a Comment