Pages

Monday, 9 June 2025

එච්.බී. හේරත් සහෝදරයාගේ නැගණිය-අනුරාධපුර නියෝජ්‍ය නගරාධිපතිනියයි

 



නුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චියේ කඩවත්ගම උපන් හේරත් බණ්ඩලාගේ හේරත් නොහොත් එච්. බී. හේරත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලෙස කටයුතු කොට පසුව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයට පත් විය.


1989 නොවැම්බර් ගලහ පැවැති දේශපාලන මණ්ඩලයේ අවසන් රැස්වීමෙන් පසුව එම ස්ථානයේ රැඳී සිටියදී නොවැම්බර් 12 දා හමුදා අත් අඩංගුවට පත් විය.

නොවැම්බර් 13 දා අළුයම රෝහණ විජේවීර වෙඩි තබා පණ පිටින් පුලුස්සා දමද්දී එච්. බී. හේරත්ද පණපිටින් එම උදුනටම දමා පුළුස්සා දැමූ බව ප්‍රචලිතය.



වසර 35 ට පසුව ජනතා විමුක්ති පෙරමුණේ පාලනයක් බිහිවෙන්නේ එච්. බී. හේරත් සහෝදරයා ඇතුළු දහස් ගණනකගේ ජීවිත පරිත්‍යාග මතින්ය.

ඔවුන් ප්‍රාර්ථනා කළ සාධාරණ හා යුක්තිගරුක පාලනයකට උර දීම සඳහා අනුරාධපුර නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිනිය ලෙස පත් වූයේ එච්.බී. හේරත් සහෝදරයාගේ නැගණිය සීතා හේරත්ය.

-සිතන්නා


Thursday, 22 May 2025

සැබෑ නිදහස අමතක කොට ව්‍යාජ නිදහස සැමරීම

 බ්‍රිතාන්‍ය කිරීටයෙන් සම්පූර්ණයෙන් නිදසහ ලබා අර්ධ යටත් විජිතයක්ව පැවති ලංකාව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය බවට පත් වූයේ 1972 මැයි 22 දා, අදින් වසර 53 ට පෙරදීය.



ඉහත සේයාරුවේ දැක්වෙන්නේ ඒ සඳහා මුල් වූ එවකට අග්‍රාමාත්‍ය සිරිමා බණ්ඩාරනායක මැතිනිය නව ව්‍යවස්ථාව යටතේ එතෙක් පැවැති රැජනගේ නියෝජිතයා වූ ආණ්ඩුකාරවරයා වෙනුවට නාමික ජනාධිපති ලෙස විලියම් ගොපල්ලව මැතිතුමා පත් කළ අවස්ථාවයි.

ජනරජයක් වීමට පෙර හා පසු රාජ්‍ය ලාංඡනද පහත දැක්වේ.




හරි නම් ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජවාදය පිළිගන්නා ජනතා විමුක්ති පෙරමුණ රජයක් බිහි වූ පසු අද එළැඹුණ ජනරජ දිනය සමරා එය නිවාඩු දිනයක් කළ යුතුව තිබිණ. 1972 දී ඇති කළ ජනරජ නිවාඩු දිනය 1977 බලයට ආ යැංකි ඩිකී හෙවත් ජේ. ආර්. ජයවර්ධන අහෝසි කළේය.

එය ආදර්ශයට ගෙන මේ ආණ්ඩුව කරන්නේද සැබෑ නිදහස ලැබූ ජනරජ දිනය අහෝසි කොට ඩොමිනියන් අර්ධ නිදහස ලැබූ පෙබරවාරි 04 නිදහස් දිනය සැමරීමයි.

-සිතන්නා


Friday, 2 May 2025

සාජි එන්. කරූන් දිවි සිනමාවෙන් සමු ගනී

 විශිෂ්ට ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ සාජි එන්. කරූන් දිවි සිනමාවෙන් සමු ගනී..


මේ සමඟ පළ වෙන්නේ 90 දශකයේදී ගත් පිංතූරයක්. මා සම්මාන සහතිකයක් ලබා ගන්නේ ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ සාජි එන්. කරූන් අතින්.
පසෙකින් සිටින්නේ ආසියානු සිනමා කේන්ද්‍රයේ ප්‍රධානී ඈෂ්ලි රත්නවිභූෂණ හා එම කේන්ද්‍රයේ අධ්‍යක්ෂිකා රංජනී රත්නවිභූෂණ.

එකල ආසියානු සිනමා කේන්ද්‍ර සිංහල සිනමාවේ ප්‍රවර්ධනය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළා. නොකඩවා මාසිකව පළ කළ, ඉතා වටිනා තොරතුරු හා ලිපි රැගත් "සිනෙසිත්" සඟරාව වගේම සංවිධානය කළ චිත්‍රපට උලෙළ, සිනමා පඨමාලා, හමුවීම්, සාකච්ඡා යනාදී බොහෝ වැඩ ඒ අතර වුණා.

"පිරවි" නමින් අති විශිෂ්ට චිත්‍රපටයක් නිර්මාණය කළ සාජි එන්. කරූන් චිත්‍රපට අධ්‍යක්ෂණය පිළිබඳ කළ වැඩමුළුව අවසානයේ තමයි මේ සහතික පත්‍රය ලබා දුන්නේ. මේ කාලයේම "පිරවි" කැමරාකරණය කළ සනී ජෝශප් මූලිකත්වය ගත් සිනෙ කැමරා අධ්‍යක්ෂණය පිළිබඳ වැඩමුළුවටත් මා සහභාගී වුණා.
===================
මා එදා සාජි එන්. කරූන්ගේ සිනමා දැනුමෙන් ලද පෝෂණය ඉමහත්.
එතුමන් සිනමාව පිළිබඳ පුළුල් පරාසයක දැනුමකින් පිරිපුන් විද්‍යාර්ථියෙක්.
සාජි....වරෙක මගේ ගුරුතුමාට..
සුවබර දිගු නින්දක් පතමි.

- සිතන්නා

Tuesday, 22 April 2025

සිරි දළදාව පෙන්නන්න බැරි ඇයි?

 



තරහා අවසර...!

නොදන්නකමට අහන්නෙ..

හැමදාම හරි සතියට දවසක් හරි,

අඩුම ගානෙ පෝයදාටවත්

සිරි දළදාව පෙන්නන්න බැරි ඇයි?

ෆේස්බුක් පෝස්ට් එකකින් මෙහෙම ඇහුවම ලැබුණු උත්තර බෙදාගන්න හිතුවා.
===========================
කියල වැඩක් නෑ මිනිසුන්ව මෙහෙම රස්තියාදු කරවලා දුක් විඳින්න සලස්වලා මහ නායක උන්නාන්සේලයි දියවඩනෙයි කට්ටිය ගන්න ආතල් එක ගන්න බැරි නිසා වෙන්නැති. බුදු රජාණන්වහන්සේ ඕක හංගලා තියන්න කියලා නෑනේ. අවුරුද්දකට තුන් හතර පාරක් හරි පෙන්නුවනම් මෙහෙම නහින්නෙ නෑ මිනිස්සු.
=====================
මටත් ඕක හිතුණා .එහෙම නැත්නම් වයස් සීමාවක් දාලා මුලින්ම වයසක උදලා ටිකට පෙන්වන්න තිබුනා .
==============================
ඉඳලා හිටලා හරි
නැත්නම් භාගෙට අඩවන් කරලා හරි පෙන්නුවා ම නේද හැඩ..! කලාව..!!අශාව!!
උදා: හඳ
උදා; පයෝදර
උදා; නයි පෙනේ
උදා; කකුල්
උදා; ස්ත්‍මිත්ත
උද; දළදාව

=============================
වැදගත් දේවල් එළියෙ දාගෙන ඉන්නෙ නෑ හලෝ.වහල තියාගෙන ඉඳල ටික ටික පෙන්නනව.ඒකත් හැමදාම නෑ.හැම තැනම නෑ.
==================================
නිරාගමික අදහස් තියෙන අය පොදුවේ අහන ගොං කතාවක් ඕක..
සාමාන්යෙන් අහන අනිත් ගොන් කතාව තමයි “ වහින්නැති වුනාම වැස්ස ගන්න දළදාව පොඩ්ඩක් හොල්ලන්න බැරිද” කියන එක.. කඩේ යන්න තෝරගත්ත පක්ෂෙ ගොන් වුනාට කමක් නැ. තමන්ගෙ ප්රතිපත්ති පාවා දෙන්න එපා රැල්ලට ගිහින්
=====================================
චන්දෙයක් එද්දි වයසක සෙට් එක රවට්ටගන්න පෙන්නන්නෙ ජනාධිපතිගෙ ඇට දෙකද එතකොට.
================================
ඕක වැඩවසම්බව හා බලය ගැන පුරස්නෙ
=================================
හැමදාම පෙන්නුවොත් අම්මප ඩිමාන්ඩ් එක සුං ...!!!
=========================================
දළදාව අවුරුදු පහෙන් පහටවත් පෙන්වනවා නම් වෙනසක් දකින්න පුලුවන් වෙයිද. හැම අවුරුද්දෙම සිරි පාදේ නැගලත තවම හිර වෙනවා නෙද. දළදාව හැම දාම පෙන්නුවත් ඔය සෙනග අඩු කරන්න බැ.
==========================================
බුදුහාමුදුරුවො කොහෙහරි දේශණා කරල තියනවද එහෙම මැරීගෙන පෙරලගෙන ගිහින් වැඳ පුදා ගැනීමෙන් සසර කෙලවර අමා මහ නිවන සාක්ෂාත් වෙනවා කියලා.
===============================
එතකොට අර හැමදාම දකින කුකුලගේ කරමලේ වගේ වෙනවා. ඊට පස්සේ කට්ටියකගේ බිස්නස් වැටෙනවා.
==================================
පොඩ්ඩක් ඉඩ දුන්නාම කරේ නගින්න එනවා. එතකොට අගේ අඩුවෙනවා
=======================================
කට්ටියගෙ පින් වැඩි වෙලා ප්රශ්නයක් වෙයි කියල වෙන්න බැරිද???
නිවන් යන්න ලොකු පෝලිමකුයි දිව්ය ලෝකෙ වැලිකඩ හිර ගෙදර වගේ ඉඩ මදි වෙන්නයි පුලුවන් පින් වැඩි වෙලා
========================================
මෙහෙම පෝලිමේ යනකොට තියන ආතල් එක ඒ වගේද
  • ==================================================
අඟේ නැති වෙන යෝජනා කරන්න එපා අනේ....හෙනම අමාරුවෙන් බලද්දි තමයි පින්..
====================================
-සිතන්නා