බ්‍රිතාන්‍ය කිරීටයෙන් සම්පූර්ණයෙන් නිදසහ ලබා අර්ධ යටත් විජිතයක්ව පැවති ලංකාව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය බවට පත් වූයේ 1972 මැයි 22 දා, අදින් වසර 53 ට පෙරදීය.
ඉහත සේයාරුවේ දැක්වෙන්නේ ඒ සඳහා මුල් වූ එවකට අග්‍රාමාත්‍ය සිරිමා බණ්ඩාරනායක මැතිනිය නව ව්‍යවස්ථාව යටතේ එතෙක් පැවැති රැජනගේ නියෝජිතයා වූ ආණ්ඩුකාරවරයා වෙනුවට නාමික ජනාධිපති ලෙස විලියම් ගොපල්ලව මැතිතුමා පත් කළ අවස්ථාවයි.
ජනරජයක් වීමට පෙර හා පසු රාජ්‍ය ලාංඡනද පහත දැක්වේ.
හරි නම් ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජවාදය පිළිගන්නා ජනතා විමුක්ති පෙරමුණ රජයක් බිහි වූ පසු අද එළැඹුණ ජනරජ දිනය සමරා එය නිවාඩු දිනයක් කළ යුතුව තිබිණ. 1972 දී ඇති කළ ජනරජ නිවාඩු දිනය 1977 බලයට ආ යැංකි ඩිකී හෙවත් ජේ. ආර්. ජයවර්ධන අහෝසි කළේය.
එය ආදර්ශයට ගෙන මේ ආණ්ඩුව කරන්නේද සැබෑ නිදහස ලැබූ ජනරජ දිනය අහෝසි කොට ඩොමිනියන් අර්ධ නිදහස ලැබූ පෙබරවාරි 04 නිදහස් දිනය සැමරීමයි.
-සිතන්නා
No comments:
Post a Comment