එකදාස් නමසිය හතළිස් අටේ පෙබරවාරි හතරවෙනිද
ලංකාවට(සිලෝන් නමින් හැඳින්වුණ පුංචි කොදෙව්වට) ඉංග්‍රීසිකාරය “නිදහස“ දුන්නෙ බන්දේසික තියල දෙන කේක් ගෙඩියක් වගේ.
කපාගෙන කාපල්ල කියල.
ඒකනෙ.........එදා ඉදං අද වෙනතුරු ලංකාව පාලනය
කරපු එව්වො වැඩි දෙනෙක් රට භක්ෂණය කරන්න ගත්තෙ ලවක් දෙවක් නැතිව. තමන්ට
අප්පොච්චගෙන් ලැබුණ බූදලයක් වගේ. අනේ අම්මපා................
අල්ලපු රට වන ඉංදියාවට වගේ නිදහස ලබා ගන්න සටනක්
දියත් කරන්න කිසිලෙසකින් වත් ඕනැ වුණේ නැත්තෙ “නිදහස“ නාමයෙන් දෙන්නෙ හැබෑ නිදහසක් නොව දිරච්ච ලණුවක් බව සුද්ද දැනගෙන හිටි නිසයි.
ඉංදියාවෙ ශ්‍රී ජවහල්ලාල් නේරුල,
සුභාෂ්
චන්ද්‍රබෝස්ල, මොහාන්දාස්
ගාන්ධිල සටන් කරල ලබාගත්ත පූර්ණ නිදහස ඉංදියානුවන්ගෙ ඇට, මස්, ලේ නහර තුළට කිඳා බහිද්දි ලාංකිකයො සෑහීමකට
පත් වුණේ නිකංම ඉඳල ලැබෙන නාමික නිදහසකිනුයි.
ඒ හංද ලාංකිකයන්ට මේ ව්‍යාජ නිදහස හිතට, ගතට දැනුණෙ නැහැ.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් වෙතින් ලාංකික කොම්ප්‍රදෝරු ධනපති පංතියෙ නියෝජිතයන් වෙච්චි සේනානායකල, බණ්ඩාරනායකල වාගෙ කළු සුද්දන්ගෙ අතට බලය හුවමාරු
වෙන එකයි සිද්ධ වුණේ.
ඉංදියාවෙ ජන නායකයො දිවිහිමියෙන් සටන් වැදිල සුද්දගෙන් නිදහස දිනාගත්ත විදිහයි, අපේ රටේ ඈයො සුද්ද ඉදිරියේ දණින් වැටිල සුද්දො ප්‍රදානය
කරපු නිදහස බාරගත්ත විදිහයි සිහි වෙද්දි ලැජ්ජත් හිතෙනව ආයිබං.......සෙරන්ඩිබි
දේසෙ වාසය කරන ඔටුවටත් ලැජ්ජයි කිව්වම ඕං.
අවසානයෙදි ලබාගත්තෙ එංගලන්තයෙ ජෝර්ජ් මහ රජ්ජුරුවන්ගෙ කිරීටයට යටත් වෙලා ඉන්න සිද්ධ වුණ ආකාරයෙ ඩොමිනිකන් රාජ්‍ය තත්ත්වයක්
විතරයි.
හරියට බැලුවොත් ලාංකිකයො තරමක් දුරට හරි නිදහසක් ලැබුවෙ එකදාස්
නමසිය හැත්තෑ දෙකේ දි ලංකාව ජනරජයක් බවට පත්වුණාට පස්සෙයි. එංගලන්ත මහ රැජනට තිබුණ
නිල බැඳිම අහවර වුණෙත් ඊට පස්සෙ නෙව .....
“ලංකාව“ කියන නම “ශ්‍රී ලංකාව“ වුණෙත් මේ වෙලාවෙ තමයි. ඒ විදිහට බලනකොට හරිනම් නිදහස සමරන්න ඕනෙ මැයි 22 දාටයි.
ඔය කොයි නිදහස ලැබුණ කිව්වත් පලක් නෑ...මානසික
නිදහස ලැබිල නැති කොට.
සීත රටේ සුද්ද ටයි කෝට් සූට් බූට් ඇන්දෙ හීතල සමහන් කරගන්න. අනේ අම්මපා සිරි ලංකාවෙ ඉන්න කළු සුද්දො විතරක් නොවෙයි, ගිනි කාෂ්ඨක වාලුකා කාන්තාරෙ රස්සාවට ඇවිල්ල ඉන්න ලාංකිකයන් ලෙස පෙනී සිටිමින්, ලාංකිකයන් නියෝජනය කරනවැයි පුරසාරම් දොඩවන සංගම්වල කට්ටියත් ටොයිලට් එකට ගියත් අඳින්නෙ ටයි කෝට්මනෙ?
මේ හුටප්පරං ඇඳුම අඳිනව විතරක් නොවේ ලෝකෙට පේන්න හරිම උජාරුවෙන් ගත්තු පිංතූරත් ෆේස් බුක් එකේ ප්‍රසිද්ධ කරනවනෙ.
මේවයින් පෙනෙන්නෙ මේ කට්ටිය කොයි තරම් දීන මානසිකත්වයක් තියෙන ඈයොද කියලයි.
ඔටුව කිසි ලෙසකින් ටයි කෝට් විරෝධියෙක් නං
නෙමෙයි ඔන්න.
යුරෝපයෙ සීත රටක සම්මන්ත්‍රනයකට සම්මේලනයකට සහභාගි වෙනකොට, නැත්තං
සුද්දත් එක්ක රාජ්‍ය තාන්ත්‍රික කටයුතු කරනකොට වගේ ගැලපෙන අවස්ථාවලදි ටයි කෝට්
ඇන්දෙ නැත්තං නිකං ගැලපෙන්නෙ නැහැ වගේ බව ඔටුවට තේරෙනව.
ඇරත් ලාංකිකයො තම එදිනෙදා ගමනට බිමනට පවා කලිසං කමිස අඳින්න හුරු වෙලා අහවරයි.. පහසුව අතින් බැලුවත් අමුඩ කෙටියට වඩා මේ ඇඳුම
සංවරයි. කැඩි කැඩි සරම අඳිනවට වඩා පහසුයි. ඉතිං කලිසම් කමිස අඳිනවට ඔටුව විරුද්ධ නැහැ.
ඔටුව කියන්නෙ ආයෙම අමුඩෙට යන්න කියල නෙමෙයි
ඕං...නිකං කළු සුද්දො වෙලා බෙල්ල හිර කරං පිඹ පිඹ ඉන්න එක ගොං පාට් එකක් කියලයි.
ඒ හිංද මේව අහල ලැජ්ජ හිතිල ඔය වටිනාකරන සූට් බූට් ටිකට ගිනි තියනව එහෙම නොවෙයි. අපුල්ලල අරං තිබ්බට කාරි නැහැ, අඳින්න වෙලාවක් එයි.
ඇයි හෙට අනිද්දා උපන් මාතෘ භූමියට, සිරි ලංකාවට හතළිස් අටේ ලැබුණ “නිදහස“ සමරන්න තානාපතිතුමා සංවිධානය කරන උත්සවයත් ජයටම
ගන්නවනෙ හැබෑටම.
හොහ්...හොහ්....හොහ්....!