වාලුකා කතරේ ඉඳන් හිතට එන සිතිවිලි ලියන්න සිතුවා. මේ සෙරන්ඩිබ් ඔටුව ලියන පළමු වෙනි බ්ලොග් එක.
මේ කාලෙ හොඳින් සීතල දැනෙන නිසා එතැනින්ම ලියවිල්ල පටන් ගන්නම්.
මේ කාලෙ හොඳින් සීතල දැනෙන නිසා එතැනින්ම ලියවිල්ල පටන් ගන්නම්.
නත්තල් සීතත් එක්කම පහුගිය දෙසැම්බර් 26 වෙනිද ඔටුව ගියා ලංකාවෙ සුනාමියට වසර 9ක් සැපිරීම නිමිත්තෙන් වාළුකා කාන්තාරයේ පන්සලක තිබුණ සැමරුමකට සහභාගි වෙන්න.
ඇත්තටම මෙතැන හිත නිවෙන තැනක්.
දෙසැම්බර් 26 කරේ තියාගෙන යන්න ඕනෙද කියල මේ චොකා බයිල
කාරයො අහන්නත් බැරි නැහැ.
සුනාමියෙන් බැට කෑ මිනිස්සු කොටසක් තවමත් දුක් පීඩා උහුලගෙන
ඉන්න, ඊට ලැබුණ ආධාර සිය මඩියට තර කරගත්ත භ්‍රෂ්ටයො ඉන්න,
සුනාමියට ගොදුරු වෙච්චි අහිංසකයන්ගෙ ගෙල බැඳි මාල කඩා ගත්ත
රටක ඉපදුණ මිනිස්සුන්ට මේව සුලු දේවල් වෙන්න පුළුවනි.
අමතක වෙන්න ගියත් අමතක කරන්න වටිනවද ?
හරියට අම්ම අප්ප මිය ගියාම අවුරුදු කිපයකින් අමතක කරනව වගේ.
ටොයිලට් එකට යන්නත් ටයි කෝට් අඳින සිංහල අමතක කරමින් ඉංග්‍රීසියෙන් දෙඩුවම පැලැන්තියෙන් උසස් කියල හිතන තමන්ගෙ රටෙන් ඇවිත් දහදුක් විඳිමින් කඹුරන සොයුරු සොයුරියන් දිහාවෙ අවඥාවෙන් බලන, ඔවුන් වෙනුවෙන් සමාජීය යුතුකමක් ඉටු කරන්න මැලි වෙන, වෙනම පංතියක් හදාගෙන ඒ මැදට වෙලා හිස් ජීවිත ගත කරන චොකා බයිල මනස් ඇත්තවුන් ගැන සොරිම තමයි කියනව ඇරෙන්න වෙන මොනව කියන්නද ආයිබං....?

වාලුකා කාන්තාරෙ මැද්දෙ හොඳින් වැඩුන බෝධි වෘක්ෂයක්.
එය මැදි කොට තැනූ පන්සලක්.
ගොඩනැගිල්ල පුංචි වුනත් පරමාර්ථය ලොකු නිසාද කොහෙද එතැනට ගියාම හිතට දැනෙන්නෙ හරිම පහන් බවක්.
සැමරුම හරිම චාම්...එහෙත් අර්ථවත් විදිහට සංවිධානය කරල තිබුණෙ හිත හොඳ මිනිස්සු කීප දෙනෙක් එකතු වෙලා.
“සුනාමිය“ අකුරු හැඩේට තැබූ ඉටි පහන් දල්වන්නත් බෝධිය නාවන්නත් ඹටුවට ඇරැයුම් ලැබුණෙ එතැන පෙරමුණේ රාළ වුණ නිමල් සොයුරාගෙන්.
පිරිසක් ළං කරගෙන පන්සල පවත්වාගෙන යමින් නිමල් කරන සමාජ සත්කාර ගැන තුති මල් මිටක් පිදිය යුත්තේ වාලුකා කාන්තාරෙ තමන්ගෙ ජීවිකාව කරන ගමන් බොහෝ සීමා මායිම් මැද්දෙ කරන කැපකිරිමට උපහාර ලෙසිනුයි.
ආගමික වතාවත් වලින් පසුව රසවත් දාන වේලක් භුක්ති විඳින්නටත් ලැබුණ.
එයත් විශේෂයක් වෙන්නෙ උයන පිහන වැඩ ටිකත් කට්ටිටගෙ සම්මාදමෙන් පන්සල් බිමේම සිදු වුණ නිසයි.
රේණු සොයුරියගෙ අත් ගුණේ හොඳයි කියල ආපහු එද්දි ඔටුවට හිතුණෙ දානෙ ඉව්වෙ මෙයා තමයි...අපි වැඩ ඇරිල ඇවිත් කපන කොටන වැඩ කරල දුන්න කියල නිමල් කිවව් නිසයි.
යොදුන් ගණන් දුර ජිවත් වුණත් තමන්ගෙ මව් රට ගැන හැඟීමකින් කෙරෙන මෙවැනි සිහිපත් කිරීම්, සැමරුම් අප අගය කළ යුත්තේ ගොඩක් වෙලාවට සමහර කට්ටිය කරන චොකා බයිල දැක්කමයි.
කියන්නත් ලැජ්ජයි.........!
ඒත් දකින දේ එළි පිට කතා කරන එක ඔටුවගෙ ජන්ම ගතියක් නිසා කට
කැපුවත් නොකිය ඉන්න බැරි නොකී කතාවකුත් කියලම සටහන නිමා
කරන්නම්.
කැපුවත් නොකිය ඉන්න බැරි නොකී කතාවකුත් කියලම සටහන නිමා
කරන්නම්.
දෙසැම්බර් 26 කරේ තියාගෙන යන්න ඕනෙද කියල මේ චොකා බයිල
කාරයො අහන්නත් බැරි නැහැ.
සමහරු සංගීත සංදර්ශන, ප්‍රසිද්ධ නත්තල් සාද සංවිධානය කරන්න
පෙරමුණ ගත්තෙ එහෙම හිතල වෙන්න ඇති.
පෙරමුණ ගත්තෙ එහෙම හිතල වෙන්න ඇති.
සුනාමියෙන් බැට කෑ මිනිස්සු කොටසක් තවමත් දුක් පීඩා උහුලගෙන
ඉන්න, ඊට ලැබුණ ආධාර සිය මඩියට තර කරගත්ත භ්‍රෂ්ටයො ඉන්න,
සුනාමියට ගොදුරු වෙච්චි අහිංසකයන්ගෙ ගෙල බැඳි මාල කඩා ගත්ත
රටක ඉපදුණ මිනිස්සුන්ට මේව සුලු දේවල් වෙන්න පුළුවනි.
ඒත් මෑත ඉතිහාසෙ අපි උපන් රටට සිද්ධ වෙච්චි මේ ව්‍යසනය කොහොම
හිතින් අමතක කරන්නද ?
හිතින් අමතක කරන්නද ?
අමතක වෙන්න ගියත් අමතක කරන්න වටිනවද ?
හරියට අම්ම අප්ප මිය ගියාම අවුරුදු කිපයකින් අමතක කරනව වගේ.
ටොයිලට් එකට යන්නත් ටයි කෝට් අඳින සිංහල අමතක කරමින් ඉංග්‍රීසියෙන් දෙඩුවම පැලැන්තියෙන් උසස් කියල හිතන තමන්ගෙ රටෙන් ඇවිත් දහදුක් විඳිමින් කඹුරන සොයුරු සොයුරියන් දිහාවෙ අවඥාවෙන් බලන, ඔවුන් වෙනුවෙන් සමාජීය යුතුකමක් ඉටු කරන්න මැලි වෙන, වෙනම පංතියක් හදාගෙන ඒ මැදට වෙලා හිස් ජීවිත ගත කරන චොකා බයිල මනස් ඇත්තවුන් ගැන සොරිම තමයි කියනව ඇරෙන්න වෙන මොනව කියන්නද ආයිබං....?
ඔටුවාගේ සාරගර්භ රචනය හොඳ කතිකාවකට තෝතැන්නකි.
ReplyDeleteඔටුවා ලියනවාට හටමා සතුටුවේය...!
ReplyDeleteසුභ ගමන් ඔටූ... බලමු ඔටු කෝණය අපේ එකට වඩා කොයිතරමක් වෙනස්ද කියල!
(ඔය වර්ඩ් වෙරිෆිකේෂන් එක අයින් කරහන් ඔටූ...)
ඔටුවා ගේ මොල්ලියේ දිග ගමනකට සෑහෙන්න ඉන්ධන ගබඩා වී තිබේයැයි සිතමි.
ReplyDeleteජයවේවා!
නිදහස් ලෝකෙක අනුන්ට කරදර්‍යක් නොවී නීතිගරුකව තම්න්ට ඕනෑ බයිලාවක් කියන්න බැරි ඇයි?
ReplyDeleteඔයා හොදට ලියනවා, කතන්දර බ්ලොග් අඩවිය හරහා ආවේ,, පෝස්ට් එකේ අකුරු පැහැදිළි කලානම් අදහස් වැඩි දෙනෙක් අතරට යාවි.. උදව් අවශ්‍යනම් කියන්න යාලුවා . ෆලොවර් ගැජට් එකත් දාගන්න
ReplyDeleteහැමෝගෙම අදහස් වලට ගරු කරනවා.
ReplyDeleteඅපූර්වි, ෆලොවර් ගැජට් එක දාගන්නයි, තව දුරටත් පෙනුම දියුණු කරගන්නයි අද හවස පළපුරුදු ඔටුවෙක්ගෙ පංතියකට යන්නයි ඉන්නේ. ඹටුව තවම ආධුනිකයෙක් නිසා ඹබ වැන්නන්ගේ ප්‍රතිචාර ගොඩක් වටිනවා.
හ්ම්ම්,,යාලුවට කියලා ෆලොවර් ගැජට් එක දාගන්න .. දැන් අකුරුනම් හොදයි ..
ReplyDeleteඅඩේ ඔටුවන්ගේ රටේ පන්සල් තියෙනවද බන්
ReplyDeleteතියෙනවා....තියෙනවා...එහෙන් මෙහෙන් අටවගත්තු ඒව වගේම බෝධිය, බුදුගෙය වැනි පන්සලකට ආවේනික අංග සපුරාගත් තැන් තියෙනව. පෝයට ස්කයිප් බණ දානව. ඉඳහිට හාමුදුරුවොත් වැඩමකරවනව.
ReplyDeleteපන්සල් තියෙන ඹටුවන්ගෙ රටවල අය සද්දෙ දැම්මොත් හොඳයි.
ඔටුවොන්ගෙන් ඕවට කේස් නැද්ද බන්
Deleteහැම ඹටු රටකම නොවුණත් සමහර රටවල තවම කේස් නෑලු.
ReplyDelete