උපන් බිමෙන් ඈත රටක රැකියාව කරන්නට එන බොහෝ දෙනා තම ආදරණීයයන්ගෙන් දුරස් වී ගත කරන්නේ මානසිකව පීඩාවට පත් වූ ජීවිතයක් බවට සැකයක් නැහැ.
තම ප්‍රියයන්ගෙන් වෙන් වී ජීවත් වීම පමණක් නොවෙයි... උපන් දා සිට බද්ධ වී සිටි පරිසරයෙන් දුරස් වී සිටිමත් එක් කරනු ඇත්තේ දැඩි පීඩනයක්.
ගමේ වෙල් එළියේ දුව පැන ඇවිදින්නට, ගහ කොළ හෙවනේ ගිමන් නිවන්නට, පන්සලකට-පල්ලියකට ගොස් සිත සනහා ගන්නට හුරු වී සිටියවුනට මේ වාලුකා කාන්තාරෙ ගිනි කාෂ්ඨක අව්වේ දාහය මෙන්ම හිරිගඩු පිපෙන ගත සිදුරු කොට හමන සීතල සුළඟත් දරා ගන්න පහසු නැහැ.
ඒත් මේ කටුකබව තමන්ගේ උරුමය ලෙස පිළිගන්න හැමෝම වගේ හුරු වෙලා.
අල්ලපු ගෙදරත් එක්ක ඕපදූපයක් කියන්න, රටේ තොටේ දේශපාලනයක් ගැන දොඩන්න, නින්දට පෙර ටෙලි නාට්‍යයක් අහන්න-බලන්න (සමහරු ඉතිං ටෙලි නාට්‍ය බලනවට වඩා අහන එකනෙ කරන්නෙ...), ඉඳ හිටවත් චිත්‍රපට ශාලාවකට ගිහිං සිංහල චිත්‍රපටයක් නරඹන්න අවස්ථාවක් නැති නිසා ජීවිතය වඩාත් වියළියි කියල කෙනෙකුට හිතුනොත් පුදුම වෙන්න දේකුත් නැහැ තමයි.
ඉතිං මේ කාන්තාරෙ ජීවත් වෙන කට්ටිය විවිධ සමිති සමාගම්, සමාජයන්, සමූහයන් අටවාගෙන එක එක අංග සංවිධානය කරන එක හොඳ වැඩක්. තමන් ඇවිල්ල ඉන්න කාරණය, ඒ කියන්නෙ සල්ලි ටිකක් ඉතිරි කර ගන්න උදේ ඉඳන් රෑ වෙන තුරු රස්සාව කරල විවේක ගන්න තියෙන පැය කිහිපය අනෙක් අයගෙ සුබසාධනය වෙනුවෙන් ගත කරන එක එක්තරා විදිහකට කැපකිරීමක්.
තම තමන් පදිංචි වෙලා ඉන්න ඉසව් ආශ්‍රිතව වගේම සීමා මායිම් වලින් තොරවත් මෙවන් ගොනුවීම් දක්නට ලැබීම හොඳයි. මූලිකත්වය ගන්න සමහරුන්ගෙ පරමාර්ථය විවිධාකාර වෙන්න පුළුවනි.
මේ විශම සමාජයේ එහෙම නොවී තියේවියැ ?
කෙනෙක් කැපී පෙනෙන්න, තවෙකෙක් පොරත්වයට, පොඩි පහේ වුණත් සිවිල් බලයක් හදා ගන්න, විරුද්ධ ලිංගික ඇසුරට සමීප වෙන්න, ලංකාවෙදි නොලැබෙන පිළිගැනිමක් ලබාගන්න යනාදී වශයෙන් මෙකී නොකී යටි පරමාර්ථ තියෙන්න පුළුවන් වුණත් සැබෑ අවංක චේතනාවෙන් යුක්තව තමන්ගෙ රටේ, තමන්ගෙම සහෝදර ජනතාවකගේ සුබ සිද්ධිය වෙනුවෙන් පෙරමුණේ රාළලා වෙන අයත් නැතුවාම නොවෙයි.
හැබැයි පුතෝ....මේ අස්සෙ අපූරු ගොංපාට් පවා සිද්ධ වෙනව.
සමහරුන්ට තියෙනව නළු-නිළි පිස්සුවක්.
මොකක් හරි ටෙලි කෑල්ලක දඟලපු නළු බට්ටෙක් හරි නිළි බට්ටියක් හරි ලොකු ගාණක් වියදම් කරල ගෙන්නගෙන ළඟ ඉඳං ෆොටෝ අරං ෆේස් බුක් එකේ දාගන්න තියෙන තදියමක් අම්මපා....!.
මේ ගොල්ල ඇවිල්ල බැරි බැරිගාතෙ සිංදු කියන්න ගත්තම ඇඟේ මාලු නටනව ඕං....
මේ ගොල්ල කරන්නෙ මොකක් හරි උත්සවයක්, සල්පිලක්, සංගීතයක්, චොකා බයිලයක් සංවිධානය කරන එක.
ලංකාවෙ අතිශය ජනප්‍රිය අරය මෙයා එනව කියල ප්‍රචාරය කරනව.
අවුරුදු ගණන් වාළුකා කාන්තාරෙ දුක් විඳින ජනී ජනයත් හිතනව මරු බඩු ටිකක් තමයි එන්නෙ කියල.
ඉතිං උදේ පාන්දරින්ම එනව ගොට්ට අල්ලන්න.
අතේ තියෙන පිච්චියත් අරං ඇවිල්ල පූජා කරනව. ගුවන් ටිකට්පත්, හෝටල් ගාස්තු, කෑම බීම, සංචාරය සඳහා ප්‍රවාහන විය හියදම් පියවගන්නත් එපැයි.
අර නළු-නිළි බට්ටො බට්ටියොත් අපරාදෙ කියන්න බෑ...ගොං ජෝක් දානව, සිංදු බයිල කරනව, බයිල කවි කරනව. එහෙට මෙහෙට පැද්දි පැද්දි තොඳොල් වෙනව.
කට්ටියට මාරම මාර ත්‍රිල් ඈ.........!
This comment has been removed by the author.
ReplyDeleteවාළුකාවෙන් සෙරන්ඩිබ් දේශයත් දකින්නේ නම් කොතරම් අතේද ?
ReplyDeleteඅගනා අදහසක්....ඉදිරියේදි උත්සාහ කරන්නම්.
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteඔටු පරපුරෙන් පිටත අත්දැකීම් ගැනත් ඉදිරියේදී ලියන්නම්.
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteඹටුවගෙ අත්දැකීම් අඩුකම නිසා එක පිටුවක් මත වෙන පිටුවක් ඇලවුණා. එකම ජාතියෙ පිටු දෙකක් නිසා එකක් ඉවත් කළා. දැන් පිටු 4න් 3යි තියෙන්නෙ.
ReplyDeleteඒ පිටුවෙ අන්තර්ගතයට අදාළව ඹටුවත්, කතන්දර කාරයාත්, ඉන්දික උපශාන්තත් දමපු කොමෙන්ට් ඉවත් කළේ නැත්තං අපබ්‍රංශයක් වෙන නිසයි.
තරහා අවසර...................!