මේ දවස් වල සෙරන්ඩිබ් ඔටුවා වාලුකා කාන්තාරෙන්
එපිට පුංචි පහේ සංචාරයකය යෙදිල ඉන්න නිසා සිරිලංකාවෙ දේසපාලනේ ගැන ඔටු අදහසක්
ලියන්න හිත හිත ඉන්න කොටයි ඕං මේ විස්තරේ ලැබුණෙ.
අලුත් අවුරුදු උත්සවයක් ගැනත් ඊට යාවෙච්චි කතා බහ
කීපයක් ගැනත් කෙටියෙන් ලියා දාන්නෙ සංචාරෙක ඇවිල්ලත් මේව ලිය ලියා උන්නොත් මාස ගාණකට පස්සෙ
මුණ ගැහිච්ච ඔටුදෙනගෙං හොඳ හැටි කන පුරෝල අහගන්න ලැබෙන
බව දන්න හින්දයි.
මේ බයකට හෙම නොවේ........ඕං
බුදෙයියා සංගමේ අවුරුදු උත්සවේට සහභාගි වෙන්න
නොලැබිච්චි එක ගැන දුක හිතුණෙ මේ ලැබුණු තොරතුරු වලට අනුව වැඩේ මල් හතට සිද්ධ වුණ බව
තේරෙන හිංදයි බොලල්ලා.
නිමල් උන්නැහේගෙන් පස්සෙ ඔටුවගෙ ළඟම හිතවතියක්
වෙච්චි ගයන්ති ඇත්ති සංගමේ ලොක්කි වුණා නොවැ. රේණු කෙලීයි, ඉන්දික කොලුවයි,
රත්නසිරි කොලුවයි, කපිල, දීපා,චාමි,මධු වගේ මෙකී නොකී කොල්ලො කෙල්ලො රොත්තකුයි කරදීල උරදීල
කරපු සිංහල අවුරුදු උත්සවේ හරිම ජයට සිද්ධ වුණ බව තමයි දැන ගන්න තියෙන්නෙ.
කොටින්ම කියනව නං සිරිලාංකිකයන්ගෙ
අයිතිකාරයා කියල හිතාන ඉන්න මුලින් තිබුණු කිරීඩා කෑල්ල හලා
ගත්තු සමාජයෙ ලොක්ක කිව්වලු “මට නං මේ වගෙ අපූරු ගේමක් දෙන්න
බෑ........ඒක ෂුවර්......“ කියල.
ඇත්ත නොවෙන්නං, උන්නැහෙ වෙසක් මහේ පවත්වන්න යන
අවුරුදු උත්සවේ (හික්.....! බක් මාසේ නොවෙයි ඕං වෙසක් මාසෙලු
බං බක්මහේ අවුරුදු උත්සවේ තියෙන්නෙ.... හිකිස්) ගන්න හිටිය පිට්ටනියත් අහෝසි වෙල කියන්නෙ උන්දැලටම
නොදැනීම.
බුදෙයියා සංගමේ අවුරුදු උත්සවේ නං ලකේට කෙරුණු පාටයි.
ඒත් ඉතිං
උදේ නමයට පටං ගන්න තිබුණු උත්සවේ එකොලහමාර වෙනකං කල්දාන්න වෙච්චි එක නං හොඳ
ආදුරුසයක් නොවෙයි ඕං.
ගයන්ති ඇත්තිල කලිං දවසෙ පාන්දර තුන වෙනකල්
පිට්ටනිය සකල් කරල උදේ හයේ ඉදන් ආයෙම නැහිල වැඩ කොලාට විතරක් මදි. කාල කළමනාකරණය
වගේම වැඩ කරන රටාව ගැනත්, වැඩ බෙදන රටාව ගැනත් මීට වඩා හිතුවොත් හොඳයි.
මොකද අඹ ගොඩ බදා ගත්ත වගේ සේරම බදා ගන්න
ගියාම ඔහොම වෙනව තමයි.
අන්තිමේදි සුදේෂ් කොලුවගෙ මයික් එකත් මේ උන්දැම
අතට ගත්ත කියල ඇහුවම මට පුකෙනුත් හිනා ගියා කිව්වම.
සභාපතිතුමී වුණාම හැම දේ දිහාවෙම බලා කියාගෙන
තීන්දු තීරණ දීල උත්සවේ කලඑළි කරන්න ඕනැ එකේ මයික් පොජ්ජ අතට ගත්ත එක නම් අමුම අමු ගොං පාට්
එකක්.
ඊළඟ කාරණාව මහ නිලමෙගෙ පමාව.
උදේ නමයට එනැවයි
කිව්ව හාදය දවල් එකොළහමාරට ආවම සේරම වැඩ කටයුතු හබක් වෙන එක අහන්ඩ දෙයක් යැ.
හැබැයි ඉතිං කොහොමින් හරි රෑ බෝ වුණත් වැඩේ
කලඑළියට සිද්ධ කෙරුණු බව තමයි ආරංචි වෙන්නෙ. මැද පෙරදිග වාලුකා කාන්තාරෙ දහදුක්
විඳින කොල්ලන්ට කෙල්ලන්ට හයියක් හත්තියක් තියෙන උදවිය මේ වගේ පිං අතේ වැඩ කරන එක හරි වටිනව.
දැං ලබන සුමානෙ තියෙනවලුනෙ කිරීඩා කෑල්ල හලා ගත්තු
සිරිලංකා සමාජෙ කට්ටියගෙ අවුරුදු උත්සවේ. දූවිලි පිරිච්ච පිට්ටනියක.
වෙසක් මහේදි සමරන බක්මහේ අවුරුදු උත්සවේ.
බලමුකො එදාට උන්දැලගෙ වැඩ කිඩ.
===========================================
පුදනකොටම කාපි යකා කිව්වලු.....
මෙන්න බොලේ සෙරන්ඩිබ් ඔටුව කිව්වැහෙම වෙසක්
මාසෙදි බක්මහ උලෙලක් පවත්වනවෝ.......
2014 අවුරුදු උළෙල කිව්ව නං ගොඩයන්න තිබුණනෙ
බොලල්ලා............
===========================================
පුදනකොටම කාපි යකා කිව්වලු.....
මෙන්න බොලේ සෙරන්ඩිබ් ඔටුව කිව්වැහෙම වෙසක්
මාසෙදි බක්මහ උලෙලක් පවත්වනවෝ.......
2014 අවුරුදු උළෙල කිව්ව නං ගොඩයන්න තිබුණනෙ
බොලල්ලා............
හොඳ වැඩ අස්සෙම සෙරන්ඩිබ් ඔටුවට පේන
හුරස් පරස් .........
1. අපේ බක්මහ උළෙල කියන්නෙ මේකට ඔටුවන්ට එන්න බැරිද බොලං...?
“අපේ“ කිව්වම අදහස් වෙන්නෙ ආරාධනා කරන සංගමේ කට්ටියට සීමා වුණ වැඩක් කියල නේද?
2. මැයි මාසෙ කියන්නෙ වෙසක් මාසෙ නොවෙද ආයිබංලා... වෙසක් මාසෙට කොහොමද බක්මහ උත්සව තියන්නේ....?
3. අපේ බක්මහ උළෙල ඉංගිරිසියෙන් National New Year Festival වෙන්නෙ නොදැනුවත් කොමට වෙන්න බෑ ඕං..මොකද ටයි කෝට් අඳින කස්ටියනේ...ඉංගිරිසි වරදින්න විදියක් නෑ.
මෙතන තියෙන්නෙ මේ අවුරුදු උත්සවේ තමයි ජාතික උත්සවේ කියල හිතා ඉන්න දීන මානසිකත්වය. පොරචාර පත්‍රිකාවෙන්ම පේනව ජාතික වැඩේ තරම.
4. CLUB කියන වචනෙ තේරුම සංගමය වෙන්නෙ කොහොමෙයි.....සමාජය මිසක්කා...
Sports Club කියන නමෙන්
කොයි කාගෙත් ආදර ගෞරවය දිනාගත්ත රංවල උන්නැහෙත් එක්ක රංවල බලකායම එනව ඇතිනෙ.
ඔන්න ඔටුව හත්ගව්වක් දුර ගෙවාගෙන හරි එනවාමයි සිංදුවක් අහල යන්න.
(මේ විස්තර ටික සමග පත්‍රිකාව විද්‍යුත් තැපෑලෙන් එවල තිබුණෙ සංගමේ ඇතුළෙ ඉන්න පොරක්ම තමයි ඕං....තරහා අවසර...!)
=========================================
-සෙස්ස පස්සට ෴
පසු සටහන: සෙරන්ඩිබ් ඔටුවට පෞද්ගලිකව යමක් ලියන්න,
වාලුකා කාන්තාරෙ සිද්ධ වෙන තොරතුරු ටිකක් එවන්න,
සමාජ ප්‍රශ්න ගැන හිතෙන යමක් ලියන්න
කැමති ඇත්තො ඉන්නව නං මෙන්න email ලිපිනය.
otukatha@gmail.com
පෞද්ගලිකව තොරතුරු එවන අය ගැන
එළිදරව් කරන්නෙ නං නෑමයි ...ඕං.....