මැද පෙරදිග වාලුකා කාන්තාරේ ජීවත් වන
අසරණ වූ සිය සහෘද ජනතාව වෙනුවෙන්
සිය ශක්ති ප්‍රමාණයෙන් සේවයක් සලසන
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන
“සහන“ කණ්ඩායම ගැන
මේ සටහන තබන්නේ
හුදී ජනයා වෙනුවෙන් පෙනී ඉන්නට
නිලතල අරගෙන
ඒත් ඔවුන් අමතක කොට
සිරිලංකා ආංඩුවෙන් පඩිනඩි ලබමින්
ජනතාවගේ බදු කාසිවලින් සිරිසැප විඳින
මහ නිලමෙලාට ගොට්ට අල්ලං ඉන්න උන්දැලාගෙ
ඇස් ඇරෙයිද කියල බලන්නත් එක්කයි ඕං.........
සමාජ සත්කාරයක් වෙනුවෙන් කැපවෙන්න
නුඹලා ගන්නා උත්සාහයට
සෙරන්ඩිබ් ඔවුවාගේ ප්‍රණාමය......!
මේ වගේ අන්ත අසරණ භාවයට පත්වෙන
අපේම අම්මලා, තාත්තලා,
සහෝදර සහෝදරියන් වැන්නවුන්
මේ වාලුකා කාන්තාරෙ තව කොයි තරම් නං ඇද්ද?
සිරිලංකා ආංඩුවෙන් පඩිනඩි ලබමින්
ජනතාවගේ බදු කාසිවලින් සිරිසැප විඳින
මහ නිලමෙලා නිදිකිරා වැටෙමින්
එක එක රටවලට වෙලා නිදිවදිද්දි
මේ ගන්න උත්සාහය
අගය නොකර ඉන්න පුළුවනිද බොලල්ලා......
අසරණභාවයට පත්වෙච්චි ඈයින්ට
උදව් උපකාර කරමින් පිහිට වෙන එක වගේම
බලුනාට්‍ය, චොකා සංගීතම විතරක් ගේන්නෙ නැතිව
උසස් රසවින්දනයකට ඉඩ හසර විවර කරන එකත්
සමාජ සත්කාරයෙ කොටහක් කියල “සහන“ කණ්ඩායම
තේරුං අරං තියෙන එක ගැන හරිම සතුටුයි ආයිබං....
“සහන සංවිධානය කියන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී මොනයම්
හෝ හේතුවක් නිසා අසරණව උදව් අවශ්‍යවන ශ්‍රී ලාංකිකයින්ට
සහනයක් / පිළිසරණක් වෙන්න මෙහි ඇති සංවිධාන 11ක
සාමාජිකයින් එකතුවී ඉහළ පාරදෘෂ්‍යභාවයක් සහ විනිවිධභාවයක්
සහිතව පිහිටුවා ගත් සංවිධානයක්.
සහන සංවිධානයට ආධාර පිනිස
ගිය වසරේ පෙබරවාරි 15 වෙනිදා පැවැත්වූ නීලා වික්‍රමසිංහ
මහත්මියගේ "මාස්ටර් සර්" ප්‍රසංගයෙන් උපයාගත් මුදලින් සහ
"අකනිටා" සංගීත කණ්ඩායම උපයන මුදල්
ලබාදීමෙන් සහ විවිධ ආධාර වලින් උපයාගත් මුදල් වලින් මේ වනවිට
අසරණ සරණ ව්‍යාපෘති 30ක් පමණ නිමාකර තිබෙනවා.
එසේ කිරීමෙන් එක්සත් අරාබියේදී
අසරණවන අපේම ශ්‍රී ලාංකික සොයුරෙක්ට, සොයුරියක්ට, මවක්ට,
පියෙක්ට, දුවෙක්ට, පුතෙක්ට පිහිට වීමෙන් ලබාගන්නා උපරිම
මානසික තෘප්තිය ලැබිය හැකිවෙනවා නොඅනුමනයි . . එක්සත්
අරාබියේ සේවය කරන ශ්‍රී ලාංකික ඔබ මෙහි ජීවත්වන ශ්‍රී ලාංකිකයින්
වෙනුවෙන් ඔබේ වගකීම ඉටුකරණු ඇතැයි සහන සංවිධාන
බලාපොරොත්තු වෙනවා . .“
මෙවැනි සංවිධාන තව තවත් වාලුකා කාන්තාරෙ
අනෙක් රටවලත් බිහි වේවා......!
ඩිනර් ඩාන්ස් කරමින් කකුල් කඩා ගන්නෙ නැතිව
ජීවිතය කඩා වැටෙන තමන්ගෙම සහෝදර ජනතාව
වෙනුවෙන් යමක් කරන්න සිත් පහළ වේවා......!!
-සෙස්ස පස්සට ෴
ඇත්තට ඔටුවො මේ වගේ මිනිස්සු ඇත්තටමඅඩුයි... හුගක් අය වැඩක් කරන්නෙ ලාබෙ ගැන හිතල ඒත් මේ වගේ කීප දෙනෙක් හිංද තමා තාම මේ ෙලා්කෙ ලස්සන
ReplyDeleteසහන කණ්ඩායමේ සියලුම දෙනාට අපගේ හද පිරි ප්‍රණාමය. මෙවන් සංවිධාන හැම රටකම බිහිවේවා.
ReplyDeleteඇත්තටම.....මේ වගේ මිනිස්සු හිංද තමයි මේ ලෝකෙ ලස්සන වෙන්නෙ.
ReplyDeleteඅපි වචනයකින් හරි ඔවුන්ට උදව් කරමු.
//ඩිනර් ඩාන්ස් කරමින් කකුල් කඩා ගන්නෙ නැතිව//
ReplyDeleteහනේ නිකන් යන්න ඔටූ යන්න. දැන් ලංකාවෙදි අපේ කුරුනෑගල රත්නෙටයි, පයාගල සුමණෙටයි උඩිස්පත්තුවෙ අමරෙටයි බලංගොඩ විජේටයි පුලුවන්ද් හිල්ටොන් එකේ ඩිනර් කන්න එන්න. බෑනෙ? ඒඋනාට මේදි ඒම නෙමේනෙ ලොක්කා....ඉතින් ඉන්නකල් ආතල් අරන් නාකිවෙලා එලෙව්වම ආයි මේ පැත්තවත් බලන් බත්කන්නෙ නෑ කියල බැනල යනව ඇර ඔය කාලකන්නින්ට උදව් කරාට ආතල් එනවයි, මං මාර පොර කියල හිතෙනවයි? නෑනෙ ලොක්කා. ඒ හින්ද ඔන්න ඔයත් එන්න අනේ අපි එක්ක ඊලඟ ඩිනර් පාටියෙ නටන්න.
හිකිස්...එහෙනං ඔහෙත් එනවැයි. ඔටුවට නටන්න නං දන්නෙ නෑ. නටන්න පුරුදු වෙන්න පංතියකටවත් යමුද ආයිබං ඔය අනෙක් ඈයො වගේ ...
Deleteසහන කණ්ඩායමට සුභ පතනවා. කොහේ උණත් ඒ වගේ සංවිධාන බිහිවෙන එක හොඳයි.
ReplyDeleteඒත් මේකත් කියන්න ඕනේ... පහුගිය කාලේ බ්ලොග් වල පලවූ 'යශෝධා' දැරිය වෙනුවෙන් මෙල්බර්න් නගරයේ පිරිසක් චොකා බයිලා නටලා ඩිනර් කන්න දීලා ලක්ෂ පහළොවක් විතර ඇයට ලබා දුන්නා. ඔටුවට වගේ 'උසස්' රසවින්දනය හැමෝටම නෑ. හැබැයි ඒ චොකා බයිලාකාරයොත් උන්ට පුළුවන් දේ කලා.
වැඩේ කියන්නෙ සමහර කට්ටිය ඩිනර් කන්න දීලා නටලා ලක්ෂ ගාණක් කාබාසිනියා කරනවලුනේ....
Deleteඔවුන්ට දහිරිය ශක්තිය ලැබේවා!!
ReplyDeleteවටිනා දැනුවත් කිරීමක් ඔටුවා. පොඩ්ඩක් අවුල් වගේ නැද්ද අර උඩ ෆොටෝ එකේ සහන කියලා ලියලා තියන ෆොන්ට් එක. එකේ "ස"යන්නේ ඇදය හිංදා එකවරම පෙන්නේ "අ"යන්න වගේ. හොඳින් බැලුවම තමා 'සහන' කියලා දැක්කේ. මංදා මට පෙන විදිහද කියලා.
ReplyDelete//අර උඩ ෆොටෝ එකේ සහන කියලා ලියලා තියන ෆොන්ට් එක. එකේ "ස"යන්නේ ඇදය හිංදා එකවරම පෙන්නේ "අ"යන්න වගේ. //
Deleteහ්ම්.....කිව්වට පස්සෙ මටත් එහෙම පේන්න ගත්තා. හැඩවැඩ දාන්න ගියාම ඔහොම වෙනවා.
Hurrah! In the end I got a website from where I know how to actually get helpful facts regarding my study and knowledge.
ReplyDeleteFeel free to surf to my page: woman