ඉන්දියාව,
බංගලිදේසෙ, සිරිලංකාව වගේ රටවල කාන්තාවෝ විතරක් නොවෙයි පහල මට්ටම්වල රස්සා කොරන
පිරිමි පාර්සවේ පවා වාලුකා කාන්තාරෙ ඔටු රටවලට වෙලා වැඩ කොරන්නෙ සොච්චං මුදලකට.
ලක්සෙට කොඩි දාගන්න
පුළුවන් තරමෙ උදවියත් නැතුවා නොවෙයි. ඒත් බොහොමයක් දෙනා වැඩ කොරන්නෙ උපන් රටට
ගොහින් කියන්නත් ලැජ්ජ හිතෙන තරමෙ හිඟන පඩි වලට.
තමන්ගෙ රටට වෙලා
කුලියක් මලියක් කළත් ඔය ගාන හොයා ගන්න බැරිවෙන එකක් නෑ. හැබැයි ඒ වගේයැ පිටදේසෙකට
ඇවිත් හාම්පුතාලගෙ පස්ස හේදුවත් ගමේ රටේ උන්ට පේන එකක්යැ.
සිරිලංකාවේ
වැඩියෙන්ම විදේශ විනිමය ලැබෙන්නෙ වාලුකා කාන්තාරෙ ගෙවලවල මෙහෙකාරකොමට ඇවිත් දහදුක්
විඳින ඇත්තියන් රටට එවන කාසි පනං වලින් වුනාට වැඩියෙන්ම අසරණ වෙන්නෙත් උන්දැලම
තමයි ඕං.
විශ්වාස කළෑකිද
අයිබං පෙළක් ඇත්තියො මාසයක් කඹුරලත් අතට ගන්නෙ සිරිලංකාවේ සල්ලි වලින් රුපියල් විසිදාහකටත්
අඩුවෙන් වෙච්චි අවස්ථා තියෙනව කිව්වම.
විශ්වාස කළත්
නොකළත් මේ උන්දැල දරුමල්ලො, දෙමාපියො, සහෝදර සහෝදරියො කොටින්ම දරු පවුල් පිටින්
අතෑර දාල මේ කාන්තාරෙට ඔය වගේ සොච්චං හිඟන පඩියකට එන්නෙ මොන කරුමෙකටද මංදා.
ඉඩමක් කඩමක් ගන්න,
ගෙයක් දොරක් හදා ගන්න, ගෙදරට වටින බඩු මුට්ටු ටිකක් ගන්න, දරුවො දීග තලග දෙන්න,
ඔත්පල වෙලා ඉන්න දෙමාපියන්ට පිළිසරණක් වෙන්න, ණයතුරුස් බේර ගන්න ආදී මෙකී නොකී
හේතු කාරණා හිංද සත් සමුදුර ගෙවාගෙන ගෙවල්වල මෙහෙකාරකමට එන කාන්තාවො මොන තරං
දහදුකක් විඳිනවද අම්මපා.
මෙහෙම හම්බු කොරල
ගං රටවලට යවන සල්ලිත් කාබාසිනියා කොරොන එවුන් ඉන්නව. ඒ වගේම ඒ සල්ලි වලින් කාල බීල,
සූදු කෙළල සුදි කොරන එවුනුත් ඉන්නව. නෙයියාඩගං, නරිනාටක විතරක් නොවෙයි මඟුල් නටන
එවුනුත් ඉන්නව.
අරහෙ ගෑනි දහදුක්
විඳිනව. කන්ඩ දෙන්නෑ කියයි, තඩිබානව කියයි, කටු ගහනව කියයි, උඩ තට්ටුවෙන් පහලට
තල්ලු කළා කියයි, දසවද දිදී වැඩ ගන්නව කියයි. ඒ මදිවට අඹු කොමටත් ගන්න බව නොකියයි.
ඉතිං මේවට මූණ දෙන්නෙ
නැතිව හොරෙන් එළියට පනින අයත් ඉන්නව. ඒජන්සි වලින් එක ගෙදරක වැඩට ඇවිල්ල එතනින්
පැනල ගොහිං හැංගි හැංගි කෑලි ගානට, නැත්තං පැය ගාණට වැඩ කරන අය ඕන තරං.
එතකොට නිදහස තියෙනව
තමයි. අර කිව්ව වද බන්ධන නෑ තමයි. ඒත් ජීවත් වෙන්නෙ පපුවෙ ගින්දරින්. කොයි වෙලාවෙ
ආරක්ෂකයො කුදලං යයිද කවුද දන්නෙ. කුදලං ගියාම හිරේ විලංගුවෙත් දාලා ආපු රටටම ආපහු
පටෝල යවනව.
ඉතිං මේවයින්
බේරෙන්න එක එක උප්පර වැට්ටි දා ගන්නව.
අද ඔටුවගෙ කතාව මේ
ගැනයි ඕං.
ගෙවල් වලින් පැනල
ගිහින් හැංගි හොරා වැඩ කරන කාන්තාවන්ට වැඩි ගාණක් හොයා ගන්න පුළුවන් වෙන්නෙ පැය
ගානටම අය කරන හිංදම විතරක් නොවෙයි හොඳ හයිය තියෙන මෝරෙකුත් අල්ල ගන්න පුළුවන්
නිසයි.
උපන් රටේදි හරි
හමන් සුදුසුකමක් පළ පුරුද්දක් නැතිව අනාථ නාථ වෙච්චි උන්දැලැ මෙහෙ ඇවිත් තමන්ට
හිතා ගන්න බැරි තරමෙ පඩිනඩි වලට වැඩ කොරනව. එක පාරටම ලක්ස ගණන් හම්බු කොරන්න ගත්තම
මේ කට්ටිය මෝරු වෙන එක අහන්ඩත් දෙයක්යැ.
එතකොට උපන් රටේ
ගෙවල් දොරවල්වල ඉන්න දරු මල්ලන්ට සලකන ගමන් වාලුකා
කාන්තාරෙනුත් පවුල් වෙනව. පවුල් කනව.
මේ මෝරුන්ට අහු
වෙන්නෙම හොරාට පැනල තැන් තැන් වල මෙහෙකාරකම් කොරන ගෑනු පරාණම තමයි.
මේකෙන් මෝරුන්ගෙත්
උවමනා එපාකම් ඉෂ්ට සිද්ධ වෙනව.
අර අහිංසක ගෑනු
පරාණ වලටත් සොච්චමක් හරි වැඩියෙන් හොයා ගන්න ලැබෙනව. එහෙම කොරල ඒ ඇත්තියො උපන් රටේ
ඉන්න දරු පවුල් සුඛිත මුදිත කරන්න වලි කනව.
අවුරුද්දකට දෙකකට
වතාවක් ගම රට යනකොට යන්නෙ නං කිරි දියෙන් නාවපු සුද්ධවන්තයො, සුද්ධවන්තියො වගෙයි ඕං.
බොහොමයක් වෙලාවට
ගෙවල් සුද්ධ පවිත්‍ර කොරගන්න, කෑම උයා පිහා ගන්න තමන් ඉන්න පාලු ගෙදරට ගෙන්න ගන්න
ගැටිස්සියෝ විතරක් නොවෙයි මහ අම්මණ්ඩිල පවා මේ ගැටේට අහු වෙනව.
කෑම සමඟ ලෑම.
එක වෙලාවකට ඔටුවට
හිතෙනව මේව එක එක්කෙනාගෙ සාරීරික උවමනාවල් නොවෙද කියලත්.
හැබැයි ඕං හැමෝ ගැනම මෙහෙම හිතනව එහෙම නොවෙයි. ඔටුරටවල තනිපංගලමෙ රස්සාවල් කරන හැමෝම මේ තත්තෙට පත් වෙන්නෙ නෑ.
ඒකත් අවධාරණය කරන්නම ඕනැ.
මෝරුන්ට අහු නොවී තමන් ආව කාරණේටම කැප වෙලා උපන් රටේ ඉන්න දරු පවුල් ගැනම හිත හිත පේවිලා ඉන්න ඇත්තියනුත් නැතුවාම නොවෙයි. තමන් මෝරෙක් නොවී හරි හම්බ කරන සේසතම අඹු දරුවන්ගෙ සුබ සිද්ධියට යවන උන්දැලත් ඕනැ තරම් ඉන්නව.
හැබැයි ඕං හැමෝ ගැනම මෙහෙම හිතනව එහෙම නොවෙයි. ඔටුරටවල තනිපංගලමෙ රස්සාවල් කරන හැමෝම මේ තත්තෙට පත් වෙන්නෙ නෑ.
ඒකත් අවධාරණය කරන්නම ඕනැ.
මෝරුන්ට අහු නොවී තමන් ආව කාරණේටම කැප වෙලා උපන් රටේ ඉන්න දරු පවුල් ගැනම හිත හිත පේවිලා ඉන්න ඇත්තියනුත් නැතුවාම නොවෙයි. තමන් මෝරෙක් නොවී හරි හම්බ කරන සේසතම අඹු දරුවන්ගෙ සුබ සිද්ධියට යවන උන්දැලත් ඕනැ තරම් ඉන්නව.
හැබැයි ඉතිං අවුරුද්දක් දෙකක්
එක දිගට ඇඹේනියන්ගෙන් නැත්නම් ස්වාමි පුරුසයන්ගෙන් ඈත් වෙලා ඉන්න කොට ලිංගික ඕනැ
එපාකං ඉටු කොරගන්න හිතෙන එක වැරැද්දක්මද කියල කෙනෙකුට අහන්න පුළුවනි.
නොදන්නා රටක
තනිවුණාම ආරස්සාවට කෙනෙක් ඉන්නව කියල දැනෙන එකත් සහනයක් වෙන්නැති.
ඒ හංද ඔටුව මේ
නෙයියාඩගං අවකල් ක්‍රියා විදිහට විවේචනය කොරනව හෙම නොවෙයි, කට කහනවට කියල දානව
විතරයි ඕං.
හැබැයි මේ වැඩෙන්
වෙන්නෙ දෙපැත්තෙ ඉන්න දෙගොල්ලොම අනාථ වෙන එකයි. ඒක ඉතිං කොරන කොට තේරෙන්නෙ නෑ. කවද
හරි වැඩේ පත්තු වෙච්ච දවසක තමයි හබක්
වෙන්නෙ.
කකුළුව සැපක් යැයි
හිතාගෙන වතුර පැහෙන කල් හැලියට වෙලා දිය කෙළිනවලුනෙ.
ඒ වගේම නොවෙන්නං මේ පෙං කෙළිල්ලත්.
================================
පසුව ලියන වගයි.....
මෙන්න උදාහරණ
කාට කාටත් හොඳ පාඩම්....
පරෙස්සම් වෙයල්ලා....!
================================
පසුව ලියන වගයි.....
මෙන්න උදාහරණ
කාට කාටත් හොඳ පාඩම්....
පරෙස්සම් වෙයල්ලා....!
-සෙස්ස පස්සට ෴
පසු සටහන: සෙරන්ඩිබ් ඔටුවට පෞද්ගලිකව යමක් ලියන්න,
වාලුකා කාන්තාරෙ සිද්ධ වෙන තොරතුරු ටිකක් එවන්න,
සමාජ ප්‍රශ්න ගැන හිතෙන යමක් ලියන්න
කැමති ඇත්තො ඉන්නව නං මෙන්න email ලිපිනය.
otukatha@gmail.com
පෞද්ගලිකව තොරතුරු එවන අය ගැන
එළිදරව් කරන්නෙ නං නෑමයි ...ඕං.....