හැබැයි පුතෝ සුගතපාල ද සිල්වා,
හෙන්රි ජයසේන, දයානන්ද ගුණවර්ධන වගෙ ඈයෝ සරච්චන්ද්‍රගේ ශෛලිය තවත් කනපිට ගහල
මිනිස්සුන්ට බොහෝම සමීප විදියට නාට්‍ය පෙන්නන්න පටන් ගත්තෙ බුද්ධිමය සංවාදයක යෙදෙන
ගමනුයි ඕං.
ඊට පස්සේ
සෝමලතාල, සයිමන්ල, ධර්මසිරිල, හඳගමල, ප්‍රසන්නල, මනෝරත්නල, දමයන්තල, ධනංජයල, උදයසිරිල, රාජිතල, පූජිතල යනාදි
වූ හැබෑ ආදරෙන් නාට්‍ය කලාවට එක් වූ ඇත්තො නරඹන්නන්ගෙ මොළේ කචල් නොකර වේදිකාවේ ජය
කෙහෙලි නැංවූවා.
මෙහෙම ලියද්දි
සමහරුන්ගෙ නම් හැලිල තියෙනව නං ඒ හිතා මතා කොරපු එකක් නොවෙයි. අත පහු වෙච්චි නම්
ටික තම තම නැණ පමණින් බොලල්ලාම එක්කාසු කර ගත්තාට ඔටුවගෙ හිතේ කහටක් නං නෑ.
ඔටුවට සිරිලංකාවේ නාට්‍ය කලාව ලියන්න හිතුණෙ රවීන්ද්‍ර
ළමයා තමන් සංස්කරණය කරන “ කලස“ අතිරේකයට 2014 රාජ්‍ය නාට්‍ය උලෙළ ගැන ලියල තියෙන
ලියුං කරදහයිය කියෙව්වමයි ආයිබං.
මැන්දිස් වගෙ
දක්ෂ නළුවෙක් නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති වෙලා ඉඳිමින් තමන් රඟපාපු “ රඟපෑම් ඉවරයි“
වගේ කිසි කමකට නැති නාට්‍යයක් අන්තිමට වටයට තෝර ගත්ත එක ගැනත් රවින්ද්‍ර ළමයා
විවේචනයක් කොරල තිබුණා.
අම්මප කටේ මසුරං
දාන්න වටින කතාව. අවුරුදු ගණනාවක් තිස්සෙ වාලුකා කාන්තාරයට වෙලා තවලම් අදින
සෙරෙන්ඩිබ් ඔටුවත් අවුරුද්දකට සැරයක් දෙකක් සිරිලංකාවට ආව ගියාම නාට්‍යයක්, චිත්‍රපටයක්
බලන්න අමතක කරන්නෙ නෑ. ඒ හන්දා වර්තමාන නාට්‍ය
කලාව, චිත්‍රපට කලාව, සාහිත්‍ය කලාව විතරක් නොවෙයි දේශපාලනය ගැනත් අවදියෙන් තමයි ඉන්නෙ.
ඔය උදයසිරි
කොලුවගෙ “රඟපෑම් ඉවරයි“ කියන නාට්‍ය බැලුවම ඔටුවට හිතුණෙ ඇත්තටම “රඟපෑම් ඉවරම තමයි“
දෝ කියලයි.
ඕවත් නාට්‍යද
ඕයි.
වේදිකාවට නැගල කිරිපනුගාය හැදිල වගේ හතර අතේ ඇඹරිල දෙපිට කැපෙන කතා කිව්වම ඒවා නාට්‍යයද? රඟපෑම්ද?
වේදිකාවට නැගල කිරිපනුගාය හැදිල වගේ හතර අතේ ඇඹරිල දෙපිට කැපෙන කතා කිව්වම ඒවා නාට්‍යයද? රඟපෑම්ද?
ඔන්න උදයසිරි කොලුවගෙම
“සුද්දෙක් ඔබ අමතයි“ නං යම් වෙනසක් කොරපු නාට්‍යයක් කිව්ව ඇහැකි.
හැබැයි ඉතිං
රවින්ද්‍ර ළමයගෙ ලියුමේ වැදගත් කතාව තිබුණෙ අන්තිමෙටයි. ඔන්න ඒ කොටහ එහෙම්මම මෙතන
දිග හරිනව.
“ මෙවර නාට්‍ය උලෙළෙන් අපිට අර්බුද රැසක් පෙනේ. ඒ අර්බුද අපේ කලා ක්ෂේත්‍රයේ අර්බුද වන්නේම යැයි කෙනෙකුට කිව හැකිය. එහෙත් ඒ එසේ නොවේ. නාට්‍ය කලාව වැටී ඇති
තැන ඉතා ශෝචනීයය. එක් පසෙකින් එහි විනිශ්චයේදී
ඇගයීමට තරම් උසස් යැයි කිව හැකි නාට්‍යයක් නැත. අනෙක් පසින් අගයන යම්
මට්ටමේ නාට්‍යයක් වුව සංවිධානය කර ප්‍රේක්ෂකයා වෙත පැමිණය විය හැකි ක්‍රමවේදයක්
නැත. ඒ නිසා නාට්‍ය උලෙළින් ජය ලබන නාට්‍යයක් සම්මානයෙන්ම නවතිනු විනා අනෙකක්
වන්නේ නැත. මෙය බරපතල තත්ත්වයකි. එය තවත් බරපතල වන්නේ සම්මාන ලබන ප්‍රශස්ත නාට්‍ය
පසෙක තිබියදී නාට්‍ය කලාව ‘බල්ලොත් එක්ක බෑ‘ සමග ඉදිරියට යෑම තුළය! “ – 2014 පෙබරවාරි
25 “රිවිර“
රවින්ද්‍ර ළමය
කියන කතාවට ඌන පූරණයක් ලියන්න ඔටුවගෙ දැනුම මදි වෙන්න පුළුවන්. ඒත් පහුගිය කාලෙ
නාට්‍ය උලෙළින් දිනන නාට්‍ය කීපයක් සම්මානයෙන්ම නවතින බව කීම ඒ තරම්ම නිවැරදි නෑ
වගෙ. ප්‍රසන්නගෙ “ද්විත්ව“, ධර්මසිරිගෙ “ ට්‍රෝජන් කාන්තාවෝ“, ධනංජයගෙ “ සිහින
රඟමඬල“, උදයසිරිගෙ “ සුද්දෙක් ඔබ අමතයි“,
රාජිතගෙ “ වීරයා මැරිලා“, “ සිහින හොරු අරං“, “ආපහු හැරෙන්න බෑ“ වගේ නාට්‍ය
සම්මාන ඇතුව හෝ නැතිව දර්ශන වාර වැඩි ගණනක් රංගගත වුණා නොවැ.
හැබැයි ඉතිං ඔය තිරිසන් සත්තු වේදිකාවට ගේන,
නාට්‍ය කියන නමින් එන පපඩම් කෝලං නං පැල් බැඳගෙන රට වටේ විතරක්
නොවෙයි ලෝකෙ වටෙත් යන බව නං ඇත්ත තමයි.
ඒකෙන් පේන්නෙ
නරඹන ඈයින්ගෙ බුද්ධි මට්ටම විතරක් නොවෙයි ආයිබං. ඕවා සංවිධානය කොරොන කට්ටියගෙත් බූරු මොළවල තරම තමයි. ඒ විතරක්යැ
සල්ලි ගරන්න කුණු රසය වේදිකාවට ගේන නාට්‍යකාරයොයි, උං පස්සෙ යන සම්භාවනීය (?) නළු
නිළි රොත්තයි කරන්නෙත් තිරිසන් වැඩක්ම තමයි.
ඒකනේ බොලංල
“කකුල් හතරේ ඉලංදාරියා“, “ කෑම ලෑස්තියි“, “ ගුටි කෑමට නියමිතයි“ කියල කියමින් “නරි
බුරති“ පෙන්න පෙන්න “ බල්ලොත් එක්ක බෑ“ ලෝකෙ වටේ ගෙනියන්නෙ.
ඔහොම යනකොට “ඔටුවන් එක්ක නිදි වැදීම“ ,“ ඔටු
ඉලංදාරියා“ ,“ ඔටු කොටුව“ වගේ නම් වලිනුත් නාට්‍ය පෙන්නන්න ගත්තොත් ඔටුව නං පුදුම
වෙන්නෙ නෑ ඕං.
බලාගෙන යනකොට
සිරිලංකාවෙ නාට්‍ය කලාවට ගොඩ එන්න
මේ “ බල්ලොත් එක්ක බෑ“ ම තමයි.
මේ “ බල්ලොත් එක්ක බෑ“ ම තමයි.
සෙස්ස පස්සට ෴
පසු සටහන: සෙරන්ඩිබ් ඔටුවට පෞද්ගලිකව යමක් ලියන්න,
වාලුකා කාන්තාරෙ සිද්ධ වෙන තොරතුරු ටිකක් එවන්න,
සමාජ ප්‍රශ්න ගැන හිතෙන යමක් ලියන්න
කැමති ඇත්තො ඉන්නව නං මෙන්න email ලිපිනය.
otukatha@gmail.com
පෞද්ගලිකව තොරතුරු එවන අය ගැන
එළිදරව් කරන්නෙ නං නෑමයි ...ඕං.....