මහත්තයො හවසට හැමදාම බොනවාද
ලොකු දුවගෙ තනියට අම්මාවත් එනවාද
මද්දුමී දඟ ඇති ඉස්කෝලේ යනවාද
මගේ ගැනත් ඉඳහිට නිකන් හරි ඇහුවාද
වහිනකොට තාමත් ගේ පුරා තෙමෙනවද
මැටි ගඩොල් බිත්තිය පෙඳ පාසි කනවාද
අරගත්තු ණයවල වැල් පොලිය ආවාද
අනේ මට බැරි වෙයි සමාවක් දෙනවාද
තුන්වේල නැතිවත් හිනැහිච්ච හවසට
රණ්ඩුවක් තිබුනත් එක රැයයි දවසට
නගිනකොට පොල් ගස් බලාගෙන හෙමිහිට
මම ඉතිං මැරුණත් ආදරෙයි හරියට
සවුදියේ අහසට පෝය හඳ පෙනුනට
බුදුපිලිමේ හංගන් හොරෙන් මං වැන්දාට
දන්නේ නැහැ දෙයියොත් නැතිවදෝ මේ රට
එන්නේ නැහැ පිහිටට අනේ මගේ කරුමෙට
පොලු වලින් ගැහුවත් හිතුවේ මං අපි ගැන
පුච්චද්දි අත පය හිතුවේ මම ණය ගැන
සමහරක් දවසට ගහනකොට ලොකු ඇණ
මං දන්නේ නැතුවම යන්න ඇති මගේ පණ
ලොකු දුවගෙ තනියට අම්මාවත් එනවාද
මද්දුමී දඟ ඇති ඉස්කෝලේ යනවාද
මගේ ගැනත් ඉඳහිට නිකන් හරි ඇහුවාද
වහිනකොට තාමත් ගේ පුරා තෙමෙනවද
මැටි ගඩොල් බිත්තිය පෙඳ පාසි කනවාද
අරගත්තු ණයවල වැල් පොලිය ආවාද
අනේ මට බැරි වෙයි සමාවක් දෙනවාද
තුන්වේල නැතිවත් හිනැහිච්ච හවසට
රණ්ඩුවක් තිබුනත් එක රැයයි දවසට
නගිනකොට පොල් ගස් බලාගෙන හෙමිහිට
මම ඉතිං මැරුණත් ආදරෙයි හරියට
සවුදියේ අහසට පෝය හඳ පෙනුනට
බුදුපිලිමේ හංගන් හොරෙන් මං වැන්දාට
දන්නේ නැහැ දෙයියොත් නැතිවදෝ මේ රට
එන්නේ නැහැ පිහිටට අනේ මගේ කරුමෙට
පොලු වලින් ගැහුවත් හිතුවේ මං අපි ගැන
පුච්චද්දි අත පය හිතුවේ මම ණය ගැන
සමහරක් දවසට ගහනකොට ලොකු ඇණ
මං දන්නේ නැතුවම යන්න ඇති මගේ පණ
ජනිත් විතාරණගේ ලියපු කවියක්
සෙස්ස පස්සට ෴
පසු සටහන: සෙරන්ඩිබ් ඔටුවට පෞද්ගලිකව යමක් ලියන්න, වාලුකා කාන්තාරෙ සිද්ධ වෙන තොරතුරු ටිකක් එවන්න
සමාජ ප්‍රශ්න ගැන හිතෙන යමක් ලියන්න
කැමති ඇත්තො ඉන්නව නං මෙන්න email ලිපිනය.
otukatha@gmail.com
පෞද්ගලිකව තොරතුරු එවන අය ගැන
එළිදරව් කරන්නෙ නෑමයි ...ඕං.....
රෙදි ගැලවෙනවා කියන්නේ රෙදි ඇඳගෙන හිටියාය කියන එකයිනේ.
ReplyDeleteනියම කවිටික
ReplyDelete