Pages

Wednesday, 26 February 2014

එන පොට හොඳ නැත......කෙල්ල ගෙට ගං....

කුවේට් දේශයෙන් එන මේ පුවත 

වාලුකා කාන්තාරයේ සියලුම ඔටුරටවලට 

මතු දිනයක අදාළ වීමට පුළුවන් නිසා සති මැද ඔටුකතාවක් ලෙස 

සටහන් කරන්න හිතුව ආයිබං.




රාබි ජාතිකයින්හට අවාසි වන අන්දමට තම රටේ ශීඝ්‍රයෙන් වර්ධනය

වෙමින් යන ජන විකාශ විපර්යාසය වෙනස්කොට ජනගහනය අතර සම

 තුතතාවයක් නැවත ඇති කිරීමේ බලා පොරොත්තුවෙන් ඉදිරි වසර

 පහේදී කුවේට් දේශයේ ජීවත්වන විදේශිකයින් දස ලක්ෂයකට වඩා

වැඩි ප්‍රමාණයක් පිටුවහල් කල යුතු බවට යෝජනාවක් කුවේට් මන්ත්‍රණ 

සභාව වෙත ඉදිරිපත් කර ඇත.


මන්ත්‍රණ සභා සාමාජික කලීල් අබ්දුල්ලා පවසා ඇත්තේ " තම රටේ 

කුවේට් ජාතිකයින්ගේ සංඛ්‍යාව අවම වශයෙන් 

විදේශිකයින්ගේ ජනගහනයට සමාන වන 

ප්‍රමාණයටවත් වෙනස් කිරීම ඉතාමත් වැදගත්" 

වන බවයි.


ඔහු යෝජනා කර ඇත්තේ වසරකට දෙලක්ෂ අසුදාහ බැගින් ඉදිරි වසර


පහ ඇතුළත විදේශිකයින් කුවේට් රාජ්‍යයෙන් ඉවත් කළ යුතු බවයි.


දැනට කුවේට් දේශයේ විදේශික විසි පන් ලක්ෂයක් ජීවත්වෙති. එම 

රටේ වත්මන් දියුණුව ඇතිකර ගැනීම උදෙසා මෙම පිරිසගෙන් 

ප්‍රශංසනීය මෙන්ම දැවැන්ත වූ සේවයක් ඉටුවෙයි.


මේ බව පිළිගන්නා බව පවසන අබ්දුල්ල මන්ත්‍රී වරයා කියන්නේ

කුවේටයේ දේශීය ජනතාව අතර දැනටමත් උග්‍ර රැකියා ප්‍රශ්නයක් 

පැනනැගී ඇති බවයි.


මෙම තත්වය ලිහිල් කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ගයක් නොගතහොත්

ජනතාව අතර විවිධ උද්ඝෝෂණ පැනනැගීමට හොඳටම ඉඩ ඇති බව 

ඔහු පවසයි.


මාසයක් ඇතුළත කුවේට් පාර්ලිමේන්තුවට මෙවන් 
යෝජනාවක්


ඉදිරිපත් වුණ දෙවන අවස්ථාව මෙයයි.


ජනවාරි 28 වෙනිදා අබ්දුල්ලා අල්තමිමි මන්ත්‍රී වරයාද කුවේටයේ 


ජීවත්වන විදේශිකයින්ගේ සංඛ්‍යාව අඩුකළ යුතු බව කියන 

යෝජනාවක් ඉදිරිපත් කළේය.

.
කුවේට් රාජ්‍යයේ ජනවාරි ජන සංඝණනය අනුව මුළු ජනගහනය


මිලියන 4ක් පමණ වෙති. එයින් කුවේට් ජාතිකයින් ඉන්නේ මිලියන 

එක හමාරක් පමණය.


විදේශිකයින් අතර සියයට 38ක් ආසියානුවෝ වෙති. අවට පිහිටි 

අනෙකුත් අරාබි රටවලින් පැමිණ සිටින අරාබිජාතිකයින්ගේ සංඛ්‍යාව 

සියයට 27ක් පමණ වෙයි

.
අල්තමිමි යෝජනා කළේ මුළු ජනගහනයෙන් සියයට 2ට වඩා


විදේශිකයින් සිටිය යුතු නොවන බවයි.



මේ තත්ත්වය මීට අවුරුදු කීපයකට පෙර සෞදි අරාබියාවේ සිදු විය.


සමහරක් විට අනෙක් ඔටුරටවලටද යම් දිනක මෙය බලපවත්වන


කරුණක්  විය හැක.                 


(උපුටා ගැනීම ෆේස්බුක් හි Lankika Janathawa Bahrainhi වෙතිනි.)


සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා  








පසු සටහන:  සෙරන්ඩිබ් ඔටුවට පෞද්ගලිකව යමක් ලියන්න, 
වාලුකා කාන්තාරෙ සිද්ධ වෙන තොරතුරු ටිකක් එවන්න,
සමාජ ප්‍රශ්න ගැන හිතෙන යමක් ලියන්න 
කැමති ඇත්තො ඉන්නව නං මෙන්න email ලිපිනය.

otukatha@gmail.com

පෞද්ගලිකව  තොරතුරු එවන අය ගැන 
එළිදරව් කරන්නෙ නං නෑමයි ...ඕං.....

12 comments:

  1. කුවේටයට කරන්න තියෙන්නේ work visa එක්ක එන අයට අවුරුදු දෙක තුනකට පස්සේ resident visa දීලා තවත් කාලෙකට පස්සේ citizenship දෙන්නයි.

    එතකොට ර්ටේ අති බහුතරය කුවේට් කාරයින් කරගන්න පුළුවනි.

    ReplyDelete
    Replies
    1. මෙතැන කියල තියෙන්නෙ එරට වැසියන් විරැකියාවෙන් පෙලෙන නිසා එම තීරණය ගත යුතු බව නේද කකා?
      ඔබේ යෝජනාව එයට විසදුමක් තියෙනවද ...?

      Delete
    2. ලිපියේ සඳහන් ආකාරයට:

      අද කුවේට් රාජ්‍යයේ මුළු ජනගහනය = මිලියන හතරයි.
      එයින් කුවේට් ජාතිකයින් = මිලියන එක හමාරයි.
      විදේශිකයින් = මිලියන් දෙක හමාරයි.

      දැනට කුවේට් ජාතිකයින් ලක්‍ෂ පහකට රැකියා නැතැයි සිතමු.
      රැකියා නැති කුවේට් ජාතික ප්‍රතිශතය = 33%.

      දැනට වර්ක් වීසා මත ඉන්නා සියළු විදේශිකයින්ට කුවේට් සිටිසන්ෂිප් එක හෙට දුන්නා යැයි සිතන්න. එසේ වූ විට

      හෙට කුවේට් රාජ්‍යයේ මුළු ජනගහනය = මිලියන හතරයි.
      එයින් කුවේට් ජාතිකයින් = මිලියන හතරයි
      විදේශිකයින් = කිසිවෙකු නැත.

      රැකියා විරහිත ප්‍රමාණය = ලක්‍ෂ පහයි
      රැකියා විරහිත ප්‍රතිශතය = 12.5%

      එක් දිනකින් කුවේට් ජාතිකයින් අතර විරුකියාව 33% සිට 12.5 දක්වා අඩුවේ!

      ;-)

      Delete
    3. කකා කොහොමත් ගණංකාරයනෙ..
      හැබැයි සිරිලංකාවෙ ආංඩු කරන අය ගණං හදන විදියටම වගෙයි ඉලක්කං විජ්ජා දාන්නෙ.

      Delete
  2. ඔය දේවල් මෑත කාළෙක වෙන එකක් නම් නෑ... ඒත් යම් කිසි ෆ්හිනක ඔය දේ වෙන එක වලක්වන්නත් බෑ...

    ReplyDelete
    Replies
    1. වාලුකා කාන්තාරෙ කඹුරන්න ඇවිල්ල විනාශ වෙන දරුපවුල් දැක්කම මෙහෙම වෙන එකත් හොඳයි කියල වෙලාවකට හිතෙනව ආයිබං.

      Delete
  3. //ඔහු යෝජනා කර ඇත්තේ වසරකට දෙලක්ෂ අසුදාහ බැගින් ඉදිරි වසර පහ ඇතුළත විදේශිකයින් කුවේට් රාජ්‍යයෙන් ඉවත් කළ යුතු බවයි.// හපෝයි :( ලංකාවේ ගෑණු මිනිස්සුම කීදෙනෙක් ඉන්නවද...

    ReplyDelete
  4. දුර දැක්මකින් ගත් තීරණයක්. එත් එය ක්‍රියාත්මක කිරීම කෙසේ වෙයිද කියන්න අමාරුයි. ඒ මොනවා වුණත් අපට එයින් බලපෑමක් එනවා. අපේ මිනිසුන් දක්ෂ නම් ඒ ඉදිරි කාලයට දැන්ම සැලසුම් සකස් කළ යුතුයි. නොවෙන්නෙත් ඒක තමයි. එකවර අපේ ලක්ළ ගාණක් රැකියා නැතිව ඒ රටවලින් එළියට එනවිට විකල්ප සොයන්න දැන්ම වෙහෙසුනොත් අපි දිනුම් .

    ReplyDelete
    Replies
    1. සිරිලංකාව ඉතිං සනීපෙට යැපෙන්නෙ ඔටුරටවල දහ දුක් විඳල එවන කාසි වලින්නෙ අම්මපා....තව උජාරුවටත් කියනව ඉහළම විදේශ විනිමය ලැබෙන්නෙ පිටරටවල කඹුරන උන්දැල එවන කාසි වලින් කියල.

      Delete
  5. කුවේටය කඩා නොවැටී ඔය වැඩේ කරන්න බෑ,බලන්නකො බොරු නං

    ReplyDelete
  6. quataraization, omanization, bahrainization, saudiazaition කියල නීතියක් හැම රටකම තියෙනව.

    දැන් ඕමානෙ වලට විදේශිකයන්ට clerical, accountancy job වීස දෙන්නෙ නෑ. සෞදියෙත් එහෙමයි.

    110;220 ප්‍රශ්නෙ නිසා බහරේන් වල එච්චරම දරුණු නෑ, ඒත් ඉස්සරහට ඒ කැටගරි වලට වීස දෙන එකක් නෑ මෙහෙත්.

    දැනට තීන්නෙ සෑම ආයතනයකම එක්තරා අනුපාතයක් ස්වදේශිකයො නැත්තන් expat visa ගන්න බෑ කියන එක විතරයි. හැබැයි ඒ එක්කම එන හැම expat කෙනෙක්ගෙම මාසෙකට ඩිනාර් දහයක බද්දක් අරන් ඒකෙන් Tamkeen scheem හරහ ස්වදේශිකයන්ව පුහුණු කිරීමේ, වෘත්තීය සවිබලගැන්වීමේ වැඩපිලිවෙලක් යනව ඉස්සරහට ප්‍රයෝජනය වෙන්න.

    හැබැයි ඔය මොන නීති ගෙනාවත් අස්සයන්ට කම්මැලි නැතුව වතුර බොන්න පුරුදු වෙනකල් අවුලක් වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඉන්දික ළමය ඉතිං හරවත් විදිහටනෙ ප්‍රශ්න දිහාවෙ බලන්නෙ. අර අස්ස කතාව නං මරේ මරු.

      Delete