හැබැයි පුතෝ සුගතපාල ද සිල්වා,
හෙන්රි ජයසේන, දයානන්ද ගුණවර්ධන වගෙ ඈයෝ සරච්චන්ද්‍රගේ ශෛලිය තවත් කනපිට ගහල
මිනිස්සුන්ට බොහෝම සමීප විදියට නාට්‍ය පෙන්නන්න පටන් ගත්තෙ බුද්ධිමය සංවාදයක යෙදෙන
ගමනුයි ඕං.
ඊට පස්සේ
සෝමලතාල, සයිමන්ල, ධර්මසිරිල, හඳගමල, ප්‍රසන්නල, මනෝරත්නල, දමයන්තල, ධනංජයල, උදයසිරිල, රාජිතල, පූජිතල යනාදි
වූ හැබෑ ආදරෙන් නාට්‍ය කලාවට එක් වූ ඇත්තො නරඹන්නන්ගෙ මොළේ කචල් නොකර වේදිකාවේ ජය
කෙහෙලි නැංවූවා.
මෙහෙම ලියද්දි
සමහරුන්ගෙ නම් හැලිල තියෙනව නං ඒ හිතා මතා කොරපු එකක් නොවෙයි. අත පහු වෙච්චි නම්
ටික තම තම නැණ පමණින් බොලල්ලාම එක්කාසු කර ගත්තාට ඔටුවගෙ හිතේ කහටක් නං නෑ.
ඔටුවට සිරිලංකාවේ නාට්‍ය කලාව ලියන්න හිතුණෙ රවීන්ද්‍ර
ළමයා තමන් සංස්කරණය කරන “ කලස“ අතිරේකයට 2014 රාජ්‍ය නාට්‍ය උලෙළ ගැන ලියල තියෙන
ලියුං කරදහයිය කියෙව්වමයි ආයිබං.
මැන්දිස් වගෙ
දක්ෂ නළුවෙක් නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති වෙලා ඉඳිමින් තමන් රඟපාපු “ රඟපෑම් ඉවරයි“
වගේ කිසි කමකට නැති නාට්‍යයක් අන්තිමට වටයට තෝර ගත්ත එක ගැනත් රවින්ද්‍ර ළමයා
විවේචනයක් කොරල තිබුණා.
අම්මප කටේ මසුරං
දාන්න වටින කතාව. අවුරුදු ගණනාවක් තිස්සෙ වාලුකා කාන්තාරයට වෙලා තවලම් අදින
සෙරෙන්ඩිබ් ඔටුවත් අවුරුද්දකට සැරයක් දෙකක් සිරිලංකාවට ආව ගියාම නාට්‍යයක්, චිත්‍රපටයක්
බලන්න අමතක කරන්නෙ නෑ. ඒ හන්දා වර්තමාන නාට්‍ය
කලාව, චිත්‍රපට කලාව, සාහිත්‍ය කලාව විතරක් නොවෙයි දේශපාලනය ගැනත් අවදියෙන් තමයි ඉන්නෙ.
ඔය උදයසිරි
කොලුවගෙ “රඟපෑම් ඉවරයි“ කියන නාට්‍ය බැලුවම ඔටුවට හිතුණෙ ඇත්තටම “රඟපෑම් ඉවරම තමයි“
දෝ කියලයි.
ඕවත් නාට්‍යද
ඕයි.
වේදිකාවට නැගල කිරිපනුගාය හැදිල වගේ හතර අතේ ඇඹරිල දෙපිට කැපෙන කතා කිව්වම ඒවා නාට්‍යයද? රඟපෑම්ද?
වේදිකාවට නැගල කිරිපනුගාය හැදිල වගේ හතර අතේ ඇඹරිල දෙපිට කැපෙන කතා කිව්වම ඒවා නාට්‍යයද? රඟපෑම්ද?
ඔන්න උදයසිරි කොලුවගෙම
“සුද්දෙක් ඔබ අමතයි“ නං යම් වෙනසක් කොරපු නාට්‍යයක් කිව්ව ඇහැකි.
හැබැයි ඉතිං
රවින්ද්‍ර ළමයගෙ ලියුමේ වැදගත් කතාව තිබුණෙ අන්තිමෙටයි. ඔන්න ඒ කොටහ එහෙම්මම මෙතන
දිග හරිනව.
“ මෙවර නාට්‍ය උලෙළෙන් අපිට අර්බුද රැසක් පෙනේ. ඒ අර්බුද අපේ කලා ක්ෂේත්‍රයේ අර්බුද වන්නේම යැයි කෙනෙකුට කිව හැකිය. එහෙත් ඒ එසේ නොවේ. නාට්‍ය කලාව වැටී ඇති
තැන ඉතා ශෝචනීයය. එක් පසෙකින් එහි විනිශ්චයේදී
ඇගයීමට තරම් උසස් යැයි කිව හැකි නාට්‍යයක් නැත. අනෙක් පසින් අගයන යම්
මට්ටමේ නාට්‍යයක් වුව සංවිධානය කර ප්‍රේක්ෂකයා වෙත පැමිණය විය හැකි ක්‍රමවේදයක්
නැත. ඒ නිසා නාට්‍ය උලෙළින් ජය ලබන නාට්‍යයක් සම්මානයෙන්ම නවතිනු විනා අනෙකක්
වන්නේ නැත. මෙය බරපතල තත්ත්වයකි. එය තවත් බරපතල වන්නේ සම්මාන ලබන ප්‍රශස්ත නාට්‍ය
පසෙක තිබියදී නාට්‍ය කලාව ‘බල්ලොත් එක්ක බෑ‘ සමග ඉදිරියට යෑම තුළය! “ – 2014 පෙබරවාරි
25 “රිවිර“
රවින්ද්‍ර ළමය
කියන කතාවට ඌන පූරණයක් ලියන්න ඔටුවගෙ දැනුම මදි වෙන්න පුළුවන්. ඒත් පහුගිය කාලෙ
නාට්‍ය උලෙළින් දිනන නාට්‍ය කීපයක් සම්මානයෙන්ම නවතින බව කීම ඒ තරම්ම නිවැරදි නෑ
වගෙ. ප්‍රසන්නගෙ “ද්විත්ව“, ධර්මසිරිගෙ “ ට්‍රෝජන් කාන්තාවෝ“, ධනංජයගෙ “ සිහින
රඟමඬල“, උදයසිරිගෙ “ සුද්දෙක් ඔබ අමතයි“,
රාජිතගෙ “ වීරයා මැරිලා“, “ සිහින හොරු අරං“, “ආපහු හැරෙන්න බෑ“ වගේ නාට්‍ය
සම්මාන ඇතුව හෝ නැතිව දර්ශන වාර වැඩි ගණනක් රංගගත වුණා නොවැ.
හැබැයි ඉතිං ඔය තිරිසන් සත්තු වේදිකාවට ගේන,
නාට්‍ය කියන නමින් එන පපඩම් කෝලං නං පැල් බැඳගෙන රට වටේ විතරක්
නොවෙයි ලෝකෙ වටෙත් යන බව නං ඇත්ත තමයි.
ඒකෙන් පේන්නෙ
නරඹන ඈයින්ගෙ බුද්ධි මට්ටම විතරක් නොවෙයි ආයිබං. ඕවා සංවිධානය කොරොන කට්ටියගෙත් බූරු මොළවල තරම තමයි. ඒ විතරක්යැ
සල්ලි ගරන්න කුණු රසය වේදිකාවට ගේන නාට්‍යකාරයොයි, උං පස්සෙ යන සම්භාවනීය (?) නළු
නිළි රොත්තයි කරන්නෙත් තිරිසන් වැඩක්ම තමයි.
ඒකනේ බොලංල
“කකුල් හතරේ ඉලංදාරියා“, “ කෑම ලෑස්තියි“, “ ගුටි කෑමට නියමිතයි“ කියල කියමින් “නරි
බුරති“ පෙන්න පෙන්න “ බල්ලොත් එක්ක බෑ“ ලෝකෙ වටේ ගෙනියන්නෙ.
ඔහොම යනකොට “ඔටුවන් එක්ක නිදි වැදීම“ ,“ ඔටු
ඉලංදාරියා“ ,“ ඔටු කොටුව“ වගේ නම් වලිනුත් නාට්‍ය පෙන්නන්න ගත්තොත් ඔටුව නං පුදුම
වෙන්නෙ නෑ ඕං.
බලාගෙන යනකොට
සිරිලංකාවෙ නාට්‍ය කලාවට ගොඩ එන්න
මේ “ බල්ලොත් එක්ක බෑ“ ම තමයි.
මේ “ බල්ලොත් එක්ක බෑ“ ම තමයි.
සෙස්ස පස්සට ෴
පසු සටහන: සෙරන්ඩිබ් ඔටුවට පෞද්ගලිකව යමක් ලියන්න,
වාලුකා කාන්තාරෙ සිද්ධ වෙන තොරතුරු ටිකක් එවන්න,
සමාජ ප්‍රශ්න ගැන හිතෙන යමක් ලියන්න
කැමති ඇත්තො ඉන්නව නං මෙන්න email ලිපිනය.
otukatha@gmail.com
පෞද්ගලිකව තොරතුරු එවන අය ගැන
එළිදරව් කරන්නෙ නං නෑමයි ...ඕං.....
ඔටුවගේ ළගම හිතවතෙක් වෙච්චි හඳයාට කියමුකෝ ආයිමත් නාට්‍යයක් කරන්න කියලා...
ReplyDeleteහඳය නාට්‍යයක් කරන්න ලේස්ති වුණා. ඒක යටපත් වුණේ ඇයිද කියල නං දන්නෙ නැහැ. මේ කොමෙන්ටුව දැක්කම අදහසක් පළ කරයිද දන්නෙ නෑ.
Deleteඉඳහිට දවසක වලේ සෙට් වුණත් මටත් මේ යෝජනාව කෙළින්ම කරන් බෑ.
Deleteමෙහෙම ගියොත් සිංහල නාට්‍ය කලාව බල්ලටම යයි නේද?
ReplyDeleteමේ ලිපියේ තියෙන කරුණුවලට එකඟයි..1979 යුගයේ සිට නාට්‍ය රසිකයෙක් ලෙස දැණෙන්නේ කණගාටුවක්. අනු මංඩලය එක්ක ඇතිවෙන්නේ කේන්තියක්. ශ්‍රියන්තලා ටීවී ඉස්සරහට ඇවිත් දෙන පොර ටෝක් භාවිතාවේ නැති බව පේනවානේ. ඒ අයට දැන් නාට්‍යකරුවන් උසස් රස වින්දනයක් වෙනුවෙන් කාපු කට්ට මතක නැහැ. මේ පරිහානියේ මුල් පුරුක් වෙච්ච නිහාල් සිල්වලාගේ යුගයටම මේක හෙමින් හෙමින් ගලාගෙන යයි වගේ. ඒ පරපුරේ අයගෙන් මනෝ ගැන විතරයි තාමත් පැහැදීමකින් කතා කරන්න පුළුවන්.
ReplyDeleteරන්ජිත් ධර්මකීර්තියන්ගෙනුත් වුනු සේවය ඉහලයි.
ඉල්ලුමේ හැටියටනෙ සැපයුම.
ReplyDeleteඉතිං ඒකත් රැළි වලට අහුවෙලා ආයිබෝන්ඩ. කාලයක් හිනා යන්නැති විහිලු නාට්ටි. ඉන් පස්සේකුරු දෙකේ නාට්ටි. දැන් සත්තුන්ගෙ නාට්ටි. ඔක්කොම නරි නාටක තමා.
ඉල්ලුමේ හැටියට සැපයුමටත් වඩා සපයන උන්දැලගෙ රසික මට්ටම හිංද තමා ඕං ඔය නරිනාටක නැත්තං බලුනාටක ලෝකෙ වටේ කරක් ගහන්නෙ.
ReplyDeleteළඟදිම ඔටුරටවලටත් මේ බලුරෑන එනවට මෙන්න කැට..!
හරිහමන් නාට්‍යයක් බලල නැති, කොටින්ම හොඳ නාට්‍ය කියන්නෙ මොනවද කියලවත් දන්නෙ නැති ඔටුවො ටිකක් එකතු වෙලා බල්ලොත් එක්ක නිදි වදින හැටි බලං ඉන්නව ඇරෙන්න ඔටු පරපුරේම වුණත් අපි වෙන මොනව කරන්නද ආයිබං ?
නාට්‍ය කලාව විතරක් කොහොමද පාරිශුද්ධ එකක් වෙන්නේ?
ReplyDeleteසිනමාවේ, ටෙලියේ, ලේඛන කලාවේ, පත්තර කලාවේ, ගීතවල හැම තැනකම ප්‍රබුද්ධ සහ පීචං අංශ දෙකම සහ අතරමැද නියෝජනය වෙන නිර්මාණ තියෙනවානේ.
මං හිතන්නේ සමාජයට ඒ හැම නිර්මාණයක්ම අවශ්‍යයයි. සරල රස වින්දනයත් අවශ්‍ය වෙන වෙලාවල් තියෙනවා.
කොටින්ම කම්මැල්ලවීරලා ගේ කෙටිකතාත් තියෙන්න ඕනේ. කතන්දරකාරයලාලා ගේ නිකං මෝඩ ජෝක් කතන්දරත් තියෙන්න ඕනෑ. ඔටු කතාත් ඕනෑ!
මං බල්ලෝ බත් කන හැටිත් බැලුවා, බන්දුල විතානගේ ගේ රෝමය ගිනි ගනීත් බැලුවා. ඒ දෙකේ ලොකු වෙනසක් මට තේරුණේ නෑ. සමහර අංශවලින් බල්ලෝ හොඳයි.
කතන්දරකාරය කතිකාව හොඳ ඉමකට ගෙනාව වගේ. කිසිම කලාවක පාරිශුද්ධ නිර්මාණම බිහිවිය යුතුයි කියල කාටවත් අණ පනවන්න බැහැ. සරල රසවින්දනයට කාටවත් එරෙහි වෙන්න බෑ තමයි.
Deleteඒත් කතන්දරකාරයෝ සෙරන්ඩිබ් ඔටුව කියන්නෙ වෙන දෙයක් කියලයි මට හිතෙන්නෙ.
විවිධ මට්ටමේ නිර්මාණ වගේම බහුරූ කෝලම් කියවන, නරඹන එකයි, ඒව ප්‍රමෝට් කරන එකයි දෙකක්. දැන හෝ නොදැන ඔය වගේ ගොංපාට් ලෝකෙ පුරා රටරටවල ගෙනියන එකෙන් වෙන්නෙ ඒවට නිකංම පිළිගැනීමක් ලබා දෙන එකයි.
සරල රසවින්දනය හොයන අයට ගෙන්නන්න තව කොයි තරම් නං නාට්‍ය තියෙනවද ? ඇයි මේ හරසුන් ඒව පස්සෙම යන්නෙ. අඩුම තරමින් නාට්‍යමය ලක්ෂණ තියෙන සරල නාට්‍යයක් නං කාරි නැහැ. වේදිකාවට නැගල, නැගලම යන දෙපිට කැපෙන දෙබස් ටිකක් කියවල නරඹන්නා කිතිකවන එකට/ඒව ගෙනල්ල පෙන්නන එකට වඩා හොඳයි පාර අයිනෙ තියං කුණු කරවල විකුණන එක කියලයි මට නං කියන්න තියෙන්නෙ.
කකා, බල්ලෝ බත් කන හැටි කියල කිව්වෙ සුගතපාල ද සිල්ව ලොක්කගෙ
Delete“බල්ලෝ බත් කති“ මතක් වෙලා වෙන්නැති.
මේ දහිර වාට්ටුව “බල්ලොත් එක්ක බෑ“ ...බෑ..බෑ...බෑ.......!
නමුත් බල්ලෝ නාට්‍යය නරඹපු කෙනෙක් හැටියට මට කියන්න තියෙන්නේ ඒකේ හොඳ රඟපෑම් මෙන්ම සමාජය ගැන උපහාසාත්ම බැල්මක් තුලින් නරඹන්නන් ගේ මනස දේශපාලනිකව පෙල ගැස්මක් වගේ දෙයක් තිබුනාය කියලායි.
Deleteමං නාට්‍යය බලන්න පටන් තග්තේ තරමක අකමැත්තෙන්. නමුත් පසුව ඒක එච්චරම නරක නැති බව පෙණුණා. අඩුවශයෙන් කුමාර තිරිමාදුර රඟපෑ චරිතය හෝ හොඳයි. ඇමති, ලේකම් වගේ චරිතවලත් අමුතු දෙයක් නැති වුණත් ගත යුත්තක් තිබුණා.
වාලුකාවේ ඉන්න ඔටුවන්ට නරඹන්න ලැබෙන එකම නාට්‍යය මේක විතරක් නම් පොඩි පශ්‍ර්ණයක් තියෙනවා තමයි, නමුත් හාස්‍ය රසය දෙන හින්දාම නාට්‍යයක් නරක් වෙන්නේ නෑ. සල්ලි තියෙන කෙනෙක් මේ නාට්‍යය බැලුවා කියලා අමුතු වරදක් නං වෙන්නේ නෑ.
වාලුකා කාන්තාරයේ මුතු දූපතට දන්න කියන කාලෙකින් නාට්‍යයක් ඇවිල්ල නැහැ.ඒ කියන්නෙ මෙහි ඉන්න සෙරෙන්ඩිබ් ඔටුවගේ සනුහරේ ඈයන්ට නාට්‍යක් බලන්න ඉඩක් ලැබිලත් නෑ. එහෙව් එකේ හිනාවෙන්න පුළුවන් වෙච්චි නාට්‍යයක් නොවිච්චි “බල්ලොත් එක්ක බෑ“ වගේ ගොංපාට් කොමඩියක් පළවෙනි වතාවට පෙන්නුවාම කොහොමට තියෙයිද?
Deleteදරු මල්ලො ඇතුළු මහ උන්දැලා හිතා ගනීවී මේවා තමයි සිරිලංකාවේ නාට්‍ය කියල. පුහ්...... ලැජ්ජාවේ බෑ ඕං. මේවා ගෙන්නන ඈයන්ට ලැජ්ජ නැති වුණාට. හොහ්... හොහ්...හොහ්...
“රෝමය ගිනි ගනී“ මාර උදාහරණයක්නෙ අම්මපා.
ReplyDeleteකතන්දරකාරය ළඟදි බලල තියෙන්නෙ ඔය නාට්‍ය දෙක විතරයි වගේ.
රටෙන් පිට ඉඳන් සහතික දෙන්නෙ නැතිව ගොඩබැහැල බැලුවොත් හොඳයි අද නාට්‍ය කලාව තියෙන්නෙ කොතැනද, ඒක අරන් යන්න තතනන්නෙ කොයි අහටද කියල.
මං නාට්‍ය කලාවේ 'කෙල පැමිණි කෙනෙක්!
Deleteඒ කියන්නේ පේරාදෙනියේ දී විනාඩි දහයක නාට්‍යයක් ලියලා, අධ්‍යක්‍ෂණය කරලා රඟපාලාත් තියෙනවා.
හෙහ්, හෙහ්!
එකක් නොවෙයි, දෙකක්! ෆර්ස්ට් ඉයර් එකේ වෙල්කම් පාටි එකට, තර්ඩ් ඉයර් එකේ ෆැකල්ටි ඩේ එකට.
Deleteඒ ගැන කවර කතාද....කතන්දරකාරයාගේ දස්සකම් එමට බව තමුන්නැහැ ලියන බ්ලොග් එකෙන්ම හිතා ගත්තැකි ඕං.....
Deleteතිසර ළමය කතන්දරකාරයගෙ බ්ලොග් එකේ මෙහෙම ලියල තිබ්බ...
ReplyDelete// 'බල්ලොත් එක්ක බෑ' මම බලලා නෑ. නමුත් බිරින්දෑ බලලා කිව්වේ 'හිනාවෙන්න හොඳයි ඒත් හිතේ මතකයක් ඉතුරු කරන ජාතියේ එකක් නෙවෙයි' කියලා....//
ඒකට සෙරන්ඩිබ් ඔටුව කතන්දරකාරයගෙ බ්ලොග් එකේ මෙහෙම කොමෙන්ටුවක් දැම්ම....//ඔටුව එරෙහි වෙන්නෙ “හිනාවෙන්න හොඳ ඒත් හිතේ මතකයක් ඉතුරු කරන ජාතියේ නොවන ඒව“ නාට්‍ය නමින් පෙන්නන එකටයි.කකාල ඔටුවල ලියන මේ හෑලි සාහිත්‍ය නිර්මාණ නොවන්නා සේම ඕවට “නාට්‍ය“ නොකිය “වේදිකා ගොංපාට්“ වගේ නමකින් හැඳින්වුව නං ඔටුව ප්‍රශ්න කරන්නෙ නෑ ඕං //
මේ විදිහට වෙනත් බ්ලොග් වල කතාකරන දේවල් තමන්ගෙ බ්ලොග් එකෙන් සංවාදයට ලක් කරන එක කොයි තරම් හොඳ වැඩක්ද ආයිබං....
මුතු දූපත කියන්නෙ බහරේන් රාජ්‍යයට වෙන්න ඹ්නෙ.
ReplyDeleteඅනෙ අම්මපා ඕකෙ ඉන්න එවුන්ට මොලේ කළඳක් නැද්ද මන්දා “බල්ලොත් එක්ක බෑ“ වගේ බලු නාට්‍යයක් මුල් වතාවට ගෙන්නන්න යන්නෙ. චික් විතරක්.
ගේන්නම ඕනෙ නං ගෙනෙල්ලකො කමකට ඇති නාට්‍යයක්.
“බල්ලොත් එක්ක බෑ“ කරන බල්ලොත් එක්ක යටින් ගනුදෙනුවක් තියේ නං ඔය වහන්තරාව පස්සෙ ගෙනෙල්ලකො. කවදාවත් සිංහල නාට්‍යයක් දැකල නැති ළමයි විතරක් නෙමේ ලොකු අයත් ඔය රටේ නැති වෙන්න බැහැනෙ. දැං ඉතිං මේ කට්ටිය හිතා ගනියි මෙ වගේ බලු නාට්‍ය තමයි ලංකාවෙ පෙන්නන්නෙ කියල.
කව්ද බං ඔටුවො “බල්ලොත් එක්ක බෑ“ ගේන්න යන බල්ලො ටික ? ඒකත් කියා දාපංකො.
කම්මල් වැඩකරන කට්ටියක් කියන්නෙ. මේ ගොල්ලන්ගෙ මොලේ තියෙන්නෙ පුකේද දන්නෙ නෑ...
Deleteදැං ඔය මල විකාරෙ ගේන්නද යන්නෙ. අපි නං එයි බලන්න ඔය මල විකාර.
ReplyDeleteගේනවත් එක්ක ගෙනෙල්ලකො හරි හමන් නාට්‍යයක්.
මුලින්ම ගේන නාට්‍ය මේ වගේ ගොංපාට් එකක් හන්ද මෙහෙම ගොං වැඩ නොකරන්න
“බල්ලොත් එක්ක බෑ“ වර්ජනය කරන්න යෝජනා කරන්න කැමතියි.