Pages

Friday 14 February 2014

තන පුක දැක නිළියන්නේ.....අනේ අපොයි නළියන්නේ.....

දේශපාලනය හා ඊට සම්බන්ධ රංගධරයන්ගේ ආගමනය කියන මාතෘකාව ඇත්තටම හරිම සීරියස්නෙ. එහෙමනෙ වෙන්න ඕනෙ. ඒත් අද අමුම අමු ගොංපාට් එකක් වෙලා තියෙන්නෙත් ඔය මාතෘකාවමනෙ.

රංගධරයන් කිව්වම ටිකක් සීරියස් ගතිය වැඩි නිසා “තරු“ කියල දාන්න ඕනෙ කියල ඔටුවා හිතුවෙ ඔටුකතාව ඒ තරම්ම සීරියස් කරන්න ඕනේ නැති නිසයි.

තිරයේ පායන තරු සිරිලංකාවේ දේශපානයට සම්බන්ධ වෙන්න පටන් අරං බොහොම කල්.

ලංකාව වගේ දුප්පත් කොදෙව් මානසිකත්වයක් තියෙන රටක විතරක් නොවෙයි, දියුණුවේ හිනිපෙත්තටම ගියාය කියන අමෙරිකාවේ  වගේම ලංකාවේ ලොකු අයියාගේ භූමිකාව රඟ දක්වන අසල්වැසි ඉන්දියාව වගේ ලෝක පූජිත රටවල පවා ඡන්ද ව්‍යාපාර වලට තරු කඩා හැලෙනවා.

ආර්නෝල්ඩ්ලා, රේගන්ලාගෙන් පටන් ගත්තාම එම්. ජී. ආර්. ලා, ජයලලිතලාගෙන් විතරක් නොවෙයි ගාමිණිලා, විජේලා පවා දේශපාලන පොරපිටියට ආව බව ඉතිහාසය මතක තියෙන අයට අමතක වෙන්න තරම් කාරණයක් නෙමෙයි ඕං.

අපේ සිරිලංකාව ගැන කෙලින්ම කතා කළොත් මාලනී, ගීතා, රවීන්ද්‍ර, සනත්, රංජන් වගේ සුපිරි තරු පාර්ලිමේන්තුවට, පළාත්සභාවලට ආවා ගියා නොවෙන්නං.

දැන් ඔය ජීවන්, රොජර්, රෝසි, උපේක්ෂා, රොඩ්නි, අනර්කලී වගේ අය යස අගේට වැජඹෙන්නේ තවමත්. මේ ගොල්ලෝ ඡන්ද හිඟමනේ ආවත් ජාතික ලැයිස්තුවෙන් පත් වුණත් මෙච්චර කාලයකට කවුරුවත් හා හූ ගෑවේ නැහැනේ.

ඒත් බලන්න එපැයි මේ ඊයේ පෙරේදා අන්තර් ජංජාලයේ විතරක් නොවෙයි පත්තර කඩමාලුවල පවා ප්‍රධාන මාතෘකාව වෙලා තියෙන්නේ දේශපාලනයට තරු පායන එක ගැනනේ.

තරු කිව්වට ඉතිං නිළියන් දේශපාලන පොර පිටියට එන එක තැන තමයි කට්ටියට වැඩියෙන්ම ඇම්ම හැදිලා තියෙන්නෙ.

රංජන්, ජීවන්, රෝජර්, ලාල් වගේ අය පිණුම් ගහන තැනට එන්න දඟලන යසස්, බෙනරගම, නලින් ප්‍රදීප් වගේ තරු ආගමනය ගැන වචනයක්වත් නොදොඩන සෙට් එක මාලනි, ගීතා, රෝසි, අනර්කලී, උපේක්ෂා අඟර දඟර දාන තැනට එන්න දඟලන නදීශා, රුවන්ති, ගයේෂා වාගේ තාරුකා වලට එරෙහිව හරිම අසික්ෂිත මඩ ප්‍රහාර පටන් ගත්ත එක ගැන ඔටුවට තියෙන්නෙ වස ලැජ්ජාවක්.

පිරිමි පාර්ශවය විතරක් නොවෙයි කාන්තා පාර්ශවය පවා මේ නිළියන්ව හඳුන්වන්න තිරිසනුන්ගේ නම් ගාව ගත්ත එක නම් හරම පහත් වැඩක්.

ගොනා කියන වචනෙ කීප ආකාරයට අර්ථ ගැන්වෙනවා. එකක් තමයි තිරිසන් සතෙක් වන හරකට කියන තව නමක් විදියට. ඒ වගේම මරි මෝඩ, තකතීරු වැඩ කරන එකත් ගොං වැඩ විදියටයි හඳුන්වන්නේ. ගොංකතා, ගොං හැසිරීම, ගොං වැඩ වගේ වර නගන්න පුළුවන් වන්නේ ඒ නිසයි.

අනෙක් ගොනා තමයි ගණිකාව. ලෝකයේ ඉපැරිණිම රස්සාව කියල කියන ගණිකා වෘත්තිය දිහාවේ ඔටුවා බලන්නේ වෙනම ඇහැකින්. ඔටු ඇහැකින්.

ඔය පත්තිනි අම්මල වගේ මහ ලොකුවට සදාචාරය, සභ්‍යත්වය, පතිදම් රැකීම ගැන කෑගහන කාන්තාවෝ තම තමන්ගෙ හිත් ඇතුළට කිඳා බැහැලා හොයා බැලුවොත් හොඳයි තමන්ටත් නොදැනීම පුංචි ඊරිසියාවක් මතු වෙන්නේ නැද්ද කියල.

ඔටුවට තියෙන ප්‍රශ්නේ මේ අලුත් පරම්පරාවේ නිළියන්ට ගොනාය කියල වේසිකමේ ගිය බවට සහතික දෙන පතිනියෝ ඒ වැඩේ කොරොන කොට පාන අල්ලන් හිටියද කියන එකයි.

මාලනීට, ගීතාට, රෝසිට, උපේක්ෂාට නොදුන් අවලම් නම්බු නාමයක් මේ අලුත් කට්ටියට දෙන්න ඉක්මන් වෙන්නෙ ඇයි?

මේකට හේතුව විදියට ඔටුවට දැනෙන්නෙ තම තමන්ගේ හිත් ඇතුළේ තියෙන ජාගර හැඟීම් විදියටයි. 

මෙතන කිසිම ආකාරයක යහපත් දේශපාලනයක් ගැන උවමනාවක් තියෙනවා කියල කොහොමද හිතන්නද ආයුබොං.

එහෙම උවමනාවක් තියේ නං කුඩුකාරයෝ, කසිප්පුකාරයෝ, මංකොල්ලකාරයෝ, පගා මරුවෝ, ස්ත්‍රී දූෂකයෝ, පිංපියෝ  ඡන්දේ ඉල්ලද්දි ඇහැ කන පියාගෙන ඉන්නව විතරක් නොවෙයි මල්මාලා දාලා කරේ තියාගෙන යන්නේ මොටද බොලං.

අන්තර්ජංජාලෙට පැනල කෑ ගහපල්ලකෝ මුං අපිට එපා.... මුං තිරිසන්නු, වසලයෝ, පිංපියෝ, දූෂකයෝ කියල.

ඒවට කටපුක වහගෙන ඉඳල මේ සරුව පිත්තල සරුවාංග දැක්කම කට්ටියගේ අවයව නලියන්න ගන්නවද මන්දා.

 කාන්තා පාර්ශවය යටි හිතින් හිතනවා ඇති ‘අපොයි මේ සුකුරුත්තන් ටික තනෙයි පුකයි බාගෙට පෙන්නගෙන ඉන්න කොට අපේ ගෙදර එකාලා වහ වැටිල පස්සෙන් ගිහින් ඡන්දෙ දෙයි‘ කියල. අඩුම තරමින් පෝස්ටර් දිහාවේ බලාගෙන හිතින්වත් රමණයෙ යෙදෙයි කියල.

පුරුස පාර්ශවයට හිතෙනව ඇත්තෙ මුංට ඡන්දෙ දීලා මක්කොරන්නද. අපිට නං  නිය පොත්තෙ ගෑවෙන්න ළංවෙන්නවත් පුළුවන්ද මේ ශරීර කූඩුවලට කියල.

ඉතිං දෙගොල්ලොම එක්කාසු වෙලා මේ අංගනාවෝ තමන් රංගනයේ යෙදෙද්දී පෙන්නපු ශරීර අවයව කොටස් අන්තර්ජංජාලයේ ප්‍රදර්ශනය කරමින් ගොන්නු කිය කියා කෑ ගහනවා.

ඔටුවට නම් කිසිම උවමනාවක් නැහැ ඕං..... මේ තරු පෙරහැර පාර්තුමේන්තුවට පළාත් සභා වලට යවන්න. 

මේ ගොල්ලො ගිහිල්ලත් කොරොන මඟුලක් නැති බවට මෙන්න කැට!

ඔවා තමන්ගේ ජනප්‍රියත්වෙ යොදාගෙන සිවිල් බලයක් හදා ගන්න නටන නරි නාටක විතරයි.

හැබැයි පුතෝ ඔය සමාජ විරෝධි වැඩ කොරොන දූෂිතයෝ පළාත් සභා වලට එවනවට වඩා මේ තාරුකා ටික දින්නොත් සමාජයට ඇතිවන හානිය අඩුයි කියලයි ඔටු මොළයට වැටහෙන්නේ.

එහෙම වුණොත් අඩුම තරමින් ඔය සමාජ විරෝධි වැඩ කරන අමනයෝ ටික වත් හැලිලා නොයාවියැ.

කොහොමත් මොකා ඔතෙන්ට ගියත් කොරංඩ පුළුවන් කෙංගෙඩියක් ඇතෑ. 

ලක්ෂ කෝටි ගණන් ප්‍රචාරයට වියදම් කළාම බලයට ආවට පස්සේ ඡන්දෙට වියදම් කරපු එවුන්ට ක්‍රොන්තරාත් අරං දීලා ගාණක් යටි මඩි ගහගන්න උදව් කරන එකනෙ ඉතිං කොරන්න වෙන්නෙ.

ඔය එකෙක්වත් එන්නේ රටට ආදරයට නෙමෙයි වගේම ඡන්දදායකයෝ ඡන්දය දෙන්නෙත් රටට ආදරයට නොවෙයි බොලල්ලා.


ඉතිං එහෙම එකේ මේ නිළියන්ට කුණුහරුප කතා කියන එකාලගෙ ඔලු ගෙඩි ඊට වඩා කුණුහරුප වලින් පිරිල කියල කියනව ඇරෙන්න වෙන මොනව කියන්නද ඕං. 




සෙස්ස පස්සට ෴ 
- සෙරන්ඩිබ් ඔටුවා  







පසු සටහන:  සෙරන්ඩිබ් ඔටුවට පෞද්ගලිකව යමක් ලියන්න, වාලුකා කාන්තාරෙ සිද්ධ වෙන තොරතුරු ටිකක් එවන්න හිතන ඇත්තො ඉන්නව නං මෙන්න email ලිපිනය.

otukatha@gmail.com

පෞද්ගලිකව  තොරතුරු එවන අය ගැන එළිදරව් කරන්නෙ නෑමයි ඕං




10 comments:

  1. මේ ගැන මාතලන් බොහොම සැරට ලියලා තිබුණා ඔටුවෝ ඒක දැක්කේ නැතෙයි.

    ReplyDelete
  2. දැකකා දැක්කා...“මාතලන්.........උඹ හරි තැනින් අල්ලගෙන කට්ටියගෙ රෙදි ගලවල.....නියමයි....“ කියලා කොමෙන්ටුවකුත් දැම්මා. ඔටුව ලිව්වෙ ඒ ප්‍රශ්නෙම තවත් පැත්තක්.

    ReplyDelete
  3. Anonymous18:09

    නියමෙට කියලා තියෙනවා


    අපිත් එක්කත් එකතු වෙන්න http://www.sinhalahelp.com

    ReplyDelete
  4. කලාකරුවන් දේශපාලනයට ආවට කමක් නෑ.. ඒත් රඟපෑමෙවත් ස්ථාවරයක් නැති අය දේශපාලනයට එන එකනේ වැඩේ කියන්නේ..

    ReplyDelete
  5. එතකොට අනෙක් වෘත්තීන් වල ස්ථාවරයන් තියෙන අයමද දේශපාලනයට ඇවිත් තියෙන්නෙ? බීගෙන ඇවිල්ල තම නායකයට මරණීය තර්ජන එල්ල කරන, විදේශික කාන්තාවන් දූෂණය කොට පෙම්වතා මරා දමන, තමන් බිලි ගත් කන්‍යාවන් සංඛ්‍යාව ඉහළ යද්දී සාද පවත්වන, පාසල් ගුරුවරියන් ප්‍රසිද්ධියේ දණ ගස්වන, නිළධාරීන්ව ගස් බඳින, පොලු හමුදා පවත්වාගෙන යමින් විරැද්ධවාදීන්ට පහර දෙන, මාධ්‍ය ආයතනවලට මැරයන් පිරිවරාගෙන ඇවිත් පහර දෙන අය මොන ස්ථාවරයකින්ද ආයිබං දේශපාලනයට ඇවිත් තියෙන්නෙ. නිළියො ආවම තමයි හැමෝම නළියන්නෙ.

    ReplyDelete
  6. ඔටුව,

    මේ මාතෘකාව දැන් ටිකක් පරණ නිසා එච්චර නැගල යන එකක් නෑ. ඒත් මේ ඔය ගැන මගේ අදහස.

    ලංකාවෙ මහජන නියෝජිත ආයතනවල ඉන්නෙ අපේ බහුතර ජනයාගෙ නියෝජිතය කියන අර්ථයෙන් ගත්තම එතන ඉන්න අය හරි. ඒ කියන්නෙ හොරු, කප්ටි, වංචාකාරයො, අමු මෝඩයො, කම්මැලියො, පිම්පියො, ගණිකාවෙ බහුතරයක් එක්ක උගත් බුද්ධියෙන් හීන විද්වත්තු සහ උගත් බුධිමත් එකෙක් දෙන්නෙක්.

    අනුපාතය සහ සංකලණය සාධාරණයි!

    ඔය නිළියොට බැනපු ප්‍රතික්ශේප උන හීතුව මම හිතන්නෙ වෙන කතාවක්.

    එකක් ත්මයි විජේල, ජීවන්ල, විතරක් නෙමෙයි පබා අනර්කලී උනත් ඡ්නදෙට යද්දි සෑහෙන ජනතා ප්‍රසාදයක් රඟපෑමෙන් අරන් තිබ්බ. ඒකයි ඒ ය දින්නෙත්. එහෙම නොවිච්චි අය ඒ කියන්නෙ හම්බන්තොටට ආපු සුසන්ත වගේ අය පැරදුනා. මාලනී නිදි වැදල පාර්ලිමේන්තු ගියාට විරෝධය අඩු වෙන්න ඇත්තෙ වයසට ගියත් තාම ඒ කාලෙ රඟපෑම් වලට තීන ගරුත්වය වෙන්න ඕන.

    මේ කියන, විශේෂයෙන්ම රුවන්ති, ජින්ජර් සහ ගයේෂ කියන තුන්දෙනාට ඔය තරම් විරෝධයක් ආවෙ රටේ බහුතර යමක් කමක් තේරුන් ගන්න පුළුවන් උන්ගෙ වෛරයට හේතුවෙච්චි සිල්ව උන්නැහෙ හරහ වීමත්, මේ අය කිසිම ඇඟට දැනෙන රඟපෑමකින් අර මොළේ නැති අයවත් සනසල අඩු ගානෙ ඒ ගොඩෙන්වත් ආකර්ෂනයක්වත් අරන් නැති නිසත් (ඒකට පබා ), මේ අය ගෙනාව කෙනා එක්ක ( සහ එයාගෙ බොසා එක්ක ) පරණ ශ්‍රී ලංකා කරයන්ගෙ තීන වෛරයත්, සිල්ව එක්ක අනෙක් මාධ්‍ය කාරයන්ගෙ තීන ගේම නිසාත් කියලයි මට හිතෙන්නෙ.

    එතනදි විශෙෂයෙන් මාධ්‍ය තරහකරයො ටික බෝලෙ උස්සල දුන්නට පස්සෙ එෆ් බී එකෙයි ගොසිප් වලයි ඇච්චො බැච්චි ටික දුන්න ඩෑෂ් කෙලිම්ම සිරිපාලලගෙ පරණ අත් කට්ටියට උඩින් දිණුම එන්න.

    හබන් කුකුළ ඌරො මැද්දට කැකුණ දාල අයින් උන ලස්සන.

    ReplyDelete
  7. මාතෘකාව ටිකක් පරණ වගේ ඉන්දික කොලූට පෙනුණට ඔටුව ගෙනෙන්නෙ ගොඩක් අය විවෘතව පිළිගන්න අකමැති කතාවක්. මාධ්‍යවලින් උඩ දාල ගහන්න ගත්තෙ නැත්නම් නිළියන්ටත් ගායිකාවන්ටත් ඔය තරම් විරෝධයක් ඇති වෙන්නෙ නැහැ.

    කට්ටිය මුලින්ම දෙන්න පටන් ගත්තෙ නදීශට. නදීශගෙ සෙක්සි ලුක් එකට ඡන්ද පටපට ගාල වැටෙන බව කට්ටිය ටක්කෙටම දැනගත්ත. අන්තිමේට වැඩේ කැරකුණා අනෙක් පැත්තට.

    පබාට නං රඟපාන්න බැරි වුණත් ඒ කාලෙ ටිං ටිං කඳුළු බිංදුව හින්ද ටී.වී. එක ඉස්සරහ හොටු පෙරපු අය ඡන්දෙ දුන්න කියමුකො. ඒත් අනර්කලී දින්නෙ මොන රඟපෑමක් හින්දවත් නොවෙයි. ඒ කාලෙ දැං තරම්වත් වචනයක් ගලපගන්න බැහැ. තනිකරම සෙක්ස් මොඩල් එකක් නිසා තමයි ඡන්ද වැටුණෙ.

    රටේ බහුතර යමක් කමක් තේරුන් ගන්න පුළුවන් උන්ගෙ වෛරයට පාත්‍ර වෙනවනම් වෙන්න ඕනෙ මේ නිළියොද නැත්නම් හොරු, කප්ටි, වංචාකාරයො, අමු මෝඩයො, කම්මැලියො, පිම්පියො, ස්ත්‍රී දූෂකයො නොවෙයිද කියලයි ඔටුව අහන්නෙ.

    රඟපෑමට ආපු පමණින් නිළියන්ට ගොනා, වේසි, ගණිකාව කියල හංවඩු ගහන්න ඉක්මන් වෙන එකයි ඔටුව ප්‍රශ්න කරන්නෙ.
    ඡන්දෙන් පරාද වෙන එක වෙනම කාරණාවක්. ඒත් නොමිනේෂන් ඉල්ලුව ගමන් වට කරල දුන්න දීම වෙන එකක් නොවෙයිද ආයිබං.....?

    ReplyDelete
  8. දැන් නම් මේක පිළුණු වෙලත් ගිහිල්ලා වගේ. කමක් නෑ. මමත් කීප තැනක මේ ගැන අදහස් දැක්වුවා මෙයාලගේ ආගමනය විරුද්ධව. හැබැ‍යි එතැනදි මට වැදගත් වෙන්නේ ගොන් කතා නෙමෙයි. ඒ ගොන් කතා කීම ලෙඩක්. හැබැ‍යි ඒ ලෙඩට විරුද්ධ වෙන අයට නොදැනුවත්වම සැබෑ ප්‍රශ්නය මග හැරෙනවා.

    ගීතලා රෝසිලා ආව කාලෙත් එයාලට විරුද්ධව මේ වගේ දේවල් කියවුණා. පබාව දැඩි ලෙස හාස්‍යයට ලක්වුණා. ජීවන් ලාට පවා ඒ කාලේ හැටියට විරෝධතා එල්ල වුණා. අර ලෙඩට විරුද්ධව කෑගහපු අයගේ ප්‍රධාන තර්කයක් තමයි කුඩු කාරයන්ට ස්ත්‍රී දූෂකයන්ට හොඳ නම් මෙයාලට නරක ඇයි කියන එක. ඒ කුඩු කාරයෝ, ස්ත්‍රී දූෂකයෝ කවුරුවත් හොඳයි කියන්නේ නෑ. එයාලට විරුද්ධවත් ගොඩක් කතා බහ කෙරුණා. නමුත් මේ නිළියන්ට තියන මාධ්‍ය ආකර්ෂණය එක්ක ඒකට වැඩි ඉඩක් ලැබුණා. ඒ එක්කම අර කලින් කිව්ව ලෙඩ්ඩු ගොන් කතා කියන්න ගත්තා. ඒ ලෙඩට විරුද්ධව ලියපු බොහොමයක් අතින් මෙයාලගේ ආගමනය වක්‍ර ලෙස සාධාරණීකරණය වුණා.

    නරක තියන තැනකට තවත් නරක එකතු වීම ප්‍රශ්නයක් නෙමෙයි නම්, ඉතින් රටේ ලෝකේ සිද්ධවෙන වැඩි හරියක් දේ ගැන නිශ්ශබ්දව තමයි ඉන්න වෙන්නේ.

    ReplyDelete
  9. නරක තියන තැනකට තවත් නරක එකතු වීම ප්‍රශ්නයක් තමයි. කුඩු කාරයෝ, ස්ත්‍රී දූෂකයෝ කවුරුවත් හොඳයි කියන්නේ නෑ වගේම එන එකට විරැද්ධව ඔය වගේ ගොං ලේබල් අලවමින් මාධ්‍ය සංදර්ශන තියන්නෙත් නැහැ.
    ගීතලා රෝසිලා ආව කාලෙත් එයාලට විරුද්ධව මේ වගේ දේවල් කියවුණාට, පබාව දැඩි ලෙස හාස්‍යයට ලක්වුණාට මේ වගේ අපහාස කළේ නැහැ.
    නළුවො එන එකට විරුද්ධව වචනයක් කියන්නෙ නැතිව හැකිළිලා ඉන්න කට්ටිය නිළියො එද්දි රට පෙරලමින් කෙලින් වෙලා එන්නෙ මොකද අම්මපා.....

    ReplyDelete
  10. "ඔය එකෙක්වත් එන්නේ රටට ආදරයට නෙමෙයි වගේම ඡන්දදායකයෝ ඡන්දය දෙන්නෙත් රටට ආදරයට නොවෙයි බොලල්ලා. "
    100% ඇත්ත කතාව ඔටුවා මේ රටේ මොකා බලයට ආවත් රටට ආදරෙන් ආවත් ඔතෙන්ට ආවම ඉවරයි ඒ ඔක්කොම
    අපේ උනුත් බහුතරය චන්දෙ දෙන්නේ ඔය එක එක පෞද්ගලික වාසි තකානෙ.
    ඔය නිලියො නලුවොත් එහෙම්මම තමා ඔටුවා

    ReplyDelete