Pages

Saturday 12 April 2014

ගෘහ මූලික පොන්නයොයි...... දේශපාලන පොන්නයොයි....






දසවද දී මරා දමනවා මදිවට,
සදා කාලිකව ලෙඩුන් අබ්බගාතයන් කරනවා මදිවට,
අවයව කපා විකුණද්දීත්
ඇහැ කන පියාගෙන ඉන්නා
රට සල්ලිවලින් ජොලි කරනා
ගෙදර මිනිහා වගේම දේශපාලකයෝත්
හිත් පිත් නැති පොන්නයෝ නොවේද ?

 

 

කටු ගැහුවා
ඉවසුවෙමු...
තඩි බෑවා
ඉවසුවෙමු...
දූෂණය කළා
ඉවසුවෙමු...
රත් කළ යකඩෙන් පිච්චුවා
ඉවසුවෙමු...
උඩ තට්ටුවෙන් බිමට දැම්මා
ඉවසුවෙමු....
මරා දැම්මා
ඉවසුවෙමු.....


ආංඩුවේ ඇමැත්තම ලැජ්ජ නැතිව කියන විදහට අමු අමුවේ අවයව  ගලවා විකුණද්දීත්
තවත් කටපුක වහං බලං ඉන්නේ ලංකාවේ පිරිමි පොන්නයෝද ????

 

 


අම්මලා, දූලා, අක්කලා, නංගිලා අරාබියයන්ට විකුණා හොයන සල්ලි මොටද...?

========================================================
ඒ වගේමයි මේ සමාජ ඛේදවාචකයත්.......






බලං ගියාම ඉන්නෙ පොන්නයොමත් නොවෙයි වගේ.

නැත්තං අම්ම රට ගියාම දුව අඹුකොමට ගනීවියැ.

අනේ අම්මපා තිරිසන් සත්තු වෙච්චි ඔටුවොවත් මෙහෙම අසික්කිත විදිහට හැසිරෙන්නෙ නෑ ඕං..!



========================================================
මේ කී හා නොකී කරුණු කාරණා කිරල මැනල ගත්තම කාන්තාවන් රට පටවන එක පවුලේ විතරක් නොවේ සමාජයේත් ඔඩු දුවන ප්‍රශ්නයක්.

හැමෝම කරන්නෙ දන්නෙ නෑ වගේ ඇහැ කන පියාගෙන

තමන්ගෙ අඹුව නැහ්නං අම්මව නැහ්නං දෝනියන්දෑව එහෙමත් නැහ්නං සහෝදරීව අරාබියට විකුණල ජොලි කරන එක තමයි ආයිබං.....




කාන්තාවන් මැදපෙරදිග වහල් සේවයට යාම තහනම් කරනු.

-සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා  








පසු සටහන:  සෙරන්ඩිබ් ඔටුවට පෞද්ගලිකව යමක් ලියන්න, 
වාලුකා කාන්තාරෙ සිද්ධ වෙන තොරතුරු ටිකක් එවන්න,
සමාජ ප්‍රශ්න ගැන හිතෙන යමක් ලියන්න 
කැමති ඇත්තො ඉන්නව නං මෙන්න email ලිපිනය.
otukatha@gmail.com
පෞද්ගලිකව  තොරතුරු එවන අය ගැන 
එළිදරව් කරන්නෙ නං නෑමයි ...ඕං.....


19 comments:

  1. ඔබේ සටනට අපේත් සහාය. මෙය රැල්ලක් ලෙස ගොඩනගමු සිවිල් සමාජය තුළින්ම

    ReplyDelete
    Replies
    1. මේ රැල්ල ගොඩනැගිීමට ඔබ වැනි මධ්‍යෙව්දීන්ගේ සහය නං අත්‍යවශ්‍යයි.
      මූලිකවම ජනතාව දැනුම්වත් කළ යුතුයි.

      Delete
  2. හාහා මෙව්වා කතාකරල ප්‍රශ්න ඇතිවෙයි

    ReplyDelete
    Replies
    1. කතා නොකර ඉන්න තාක් කල් අඳුරේ අතපත ගාන්නටයි වෙන්නේ.
      එක්ව හඞ නගමු.

      Delete
  3. ඔබගේ මේ ලිපිය අගය කරනවා.නමුත් මානසික රෝගීන්ගේ කෘතහස්ත සිනමාකරුවන්ගෙ මට්ටමට දාල උන්ට මුට්ටිකාසිත් එකතුකරනවා නේද

    ReplyDelete
    Replies
    1. යකා, මේ කොමෙන්ටුව අදාළ පෝස්ට් එකේ ලිව්වොත් මගේ පිළිතුරු අදහස කියන්නම්. නැතිව මෙතන ලිව්වොත් කොහෙද යන්නෙ මල්ලෙ පොල් වෙයි නේද?

      Delete
  4. ඇයි කාන්තාවන් විතරක්. එතනත් උඹලා ෂේප් වෙන්න යන්නේ. ඉතින් ඇමතියගෙයි උඹෙයි තියෙන වෙනස මොකක්ද. ඌ වගේම උඹත් ආත්මාර්තකාමියෙක්. ඒක නෙමෙයි වෙන්න ඕන ශක්තිමත් විදේෂ සේවයක් හදන එක. තානාපති කාර්යාලේ ගෑණු විකුනනවනම්. උන්ට දස වද දෙනවනම් ආරබි කාරයෝ බයවෙනවද? දැන් ඔය දේවල් වෙනත් රටවල උන්ට වෙනවද. අන්න එතෙන්ටයි පිලියම් යොදන්න ඕන. එජාප් ආන්ඩු කාලේ මේ දෙවල් උනේ නෑ නේ. දැන් ඉන්නේ ඌගේ අම්මා මරාගෙන කීයක් හරි ගන්න පුළුවන් නම් ඒකත් කරන කාළකානිණි ඇමතිවරු සහ නිලධාරි.

    ReplyDelete
  5. ඔටුවො,

    අපි සටන් කරන්න ඕන "කාන්තාවන් මැදපෙරදිග වහල් සේවයට යාම තහනම් කරනු" කියන එකටද එහෙම නැතිනම් ඒ යන අයට යන්න පෙර පිළිපදින්න තියෙන නීති හරියට ඉටුකෙරෙන සහ ගියාට පසු ඔවුන් පිළිබඳ විපරම් කිරීම, රැක ගැනීම සහ අවශ්‍ය රාජ්‍ය සහයෝගය ආරාක්ෂාව ලබ දෙනු කියන එකටද?

    මම හිතන්නෙ දෙවනි එකට කියලයි. මොකද අපි අත්දැකීමෙන්ම දන්නව ලන්කාවෙ අපිට වඩා ඉන්න පිලිපීන සේවිකාවන්ගෙ තත්වය වඩා හොඳ සහ ඔවුන්ට තිබෙන ආර්ක්ෂාව ඉහල බව. හේතුව අර මම කිව්ව කරුණු සාපේක්ෂව අපිට වඩා හොඳින් ඉටුවීමයි.

    අනික් පැත්තෙන් මේකත් අර "ක්‍රමයෙ වැරැද්දක්" නිසා වෙනකක් මිසක් හුදකලා සිදුවීමක් නෙමෙයි. එතකොට ආයි අපිට "ක්‍රමය වෙනස" කිරීම කියන මන්තරේටත් යන්න වෙනව.

    කොටිම්ම අපි දකින අත්විඳින අති බහුතරයක් ගැටළුවලට පොදු විසඳුම වෙන "රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාළනය" පිහිටුවන තෙකෙ මේ ගැටළුවත් තියේවි.

    ඒක "තහනම්" කරල විසඳන්න ගියොත් තත්වෙ තව අවුල් වේවි.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ ඉන්දික ගොයියෝ “නීති හරියට ඉටුකෙරෙන සහ ගියාට පසු ඔවුන් පිළිබඳ විපරම් කිරීම, රැක ගැනීම සහ අවශ්‍ය රාජ්‍ය සහයෝගය ආරාක්ෂාව ලබා දෙනු“ කියන කාරණා තාර්කිකව නං හොඳයි. ඒත් ප්‍රායෝගිකව නං මේ තත්ත්වය බලාපොරොත්තු වෙන්න බෑ.
      පිළිපදින්න තියෙන නීති හරියට දැන හිටියත්, ඔවුන් පිළිබඳ විපරම් කළත්, රාජ්‍ය සහයෝගය ආරාක්ෂාව ලබා දුන්නත් ඔය වහල් සේවය නං වෙනස් වෙන්නෙ නෑ,

      ක්‍රමය වෙනස් කිරීම කියන මන්තරේ ජප කළත්, ක්‍රමය වෙනස් කළත් මැදපෙරදිග වහල් සේවයට යන කාන්තාවන් ඉදිරියේ තියෙන අනාරක්ෂිත බව නැති වෙන්නෙ නෑ.

      හැම තැනම හැමෝම නොවුණත් බොහෝ අරාබි ළමාතැනීල ගෘහසේවිකාවන්ට සලකන අාකාරය කොතරම් කුරුරුද කියල ඔහෙත් දන්නව නැතෑ.

      අපට කොයි තරං නං උදාහරණ තියේද? කටු ගැහිලි, තඩි බෑවිලි, දූෂණය කිරීම්, රත් කළ යකඩෙන් පිච්චිලි, උඩ තට්ටුවෙන් බිමට දැමිලි, මරා දැමිලි යනාදී කුරිරු වද බන්ධන රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාළනය" පිහිටුවීමෙන් කොහොම විසඳේදැයි ඔටු මොලේට නං වැටහෙන්නෙ නෑ.

      රටක මෙන්ම ගෙදර ආර්ථිකය නංවන්නත් කාන්තාවන් වහල් සේවයට එවීම අනාරක්ෂිත වගේම හරිම පොන්න වැඩක් විදිහටයි ඔටුව දකින්නෙ. කව්ද දන්නෙ කොයි මොහොතෙ මීළඟ බිල්ල ගනීද කියල.

      එදාට අසරණ වෙන්නෙත්, කම්පා වෙන්නෙත්, ජීවිත කාලයකට තමන්ටම පළි ගහගන්න සිද්ධ වෙන්නෙත් පවුලෙ අයටම තමයි.

      එක වරම වහල් සේවයේ යෙදෙන කාන්තාවන් ආපසු ගෙන්න ගන්න ගියොත් අවුල් වෙනව තමයි. ඔටුවගෙ යෝජනාව මතුවට කාන්තාවන් මැදපෙරදිග වහල් සේවයට යාම තහනම් කරනු කියන එකයි.

      Delete
  6. Jayantha Wijesingha02:16

    ශ්‍රී ලාංකික පිරිමියා යනු තමන්ගේ ගෑනි අල්ලපු ගෙදර මිනිහ එක්ක කතා කල පමණින් ඇඟට කඩා පනින, තම සහෝදරිය අල්ලපු ගමේ එකා සමග යාලු වූ විට ඌට නෙලන, තම දියණිය අහල පහල ගෙදර එකකු සමග යාලු වුනු විට අන්ඩක් කඩා මුල්ලට දමන්නට තරම් මහා පුරුෂයන්යයි පෙන්වන නමුත් තම බිරිඳ, නැගණිය, දියණිය අරාබියේ අමානුෂික අසහනකාරී පිරිමින්ට මුදලට විකුණන අමනම පාහරයෝය !!!

    ReplyDelete
    Replies
    1. නියමෙට ඇත්ත කිව්වට කටේ මසුරං දාන්න වටිනව මචෝ.....

      Delete
  7. මමත් සහයෝගය දක්වනවා ඔටුවෝ ගෑනු රට යවලා හම්බ කරන් කන්න ලැජ්ජා නැද්ද ඇත්තටම ආ ඔය හැත්ත ඔහොම්මමයි වැඩේ ගන්න විතරයි දන්න් ඔය මිනිස්සුන්ට සලකන්නෙ සත්තුන්ට වගේ. ගෙදර ඇති කරන සත්තුන්ටත් සලකනවා ඔයිට වඩා හොදට. උන් හිතන් ඉන්නෙ අපේ උන් උන්ගෙ වහල්ලු කියලා මෙම වහල් සේවය තහනම් කරනු!

    ReplyDelete
    Replies
    1. ගෑනු රට යවලා හම්බ කරන් කන්න ලැජ්ජා නැති එකනෙ වැඩේ.
      ඒ මදිවට තව පාරං බානව වැඩියෙන්ම විදේශ විනිමය ලැබෙන්නෙ අරාබිංට වැඩකාරකං කිරිල්ලෙන් කියල.
      ගෑනුන් පිට දේසෙට විකුණා හම්බ කරං කෑමට එරෙහි වෙමු.

      මැදපෙරදිග වහල් සේවය තහනම් කරනු!!!

      Delete
  8. මේ වැඩෙත් බොබසේ ට බාර දුන්නානං වැඩේ කම්මුතුයි!

    ReplyDelete
    Replies
    1. බොබසේලට මේව පේන්නෙ නෑ ආයිබං....
      ඒ ගනින්නාන්සෙලා මෙහෙයවන දේසපාළුවන්ටත් පේන්නෙ නැති කොට.

      Delete
  9. Anonymous23:50

    ඒක තමයි ප්‍රේමදාස පටන් ගත්ත ගාමන්ට් වල වටිනාකම. සොච්චම් පඩිය උනත් ඒක තමන්ගේ රටේ ඉදගෙන, කාගෙන්වත් ගුටි නොකා ගන්නවනේ.

    ReplyDelete
    Replies
    1. පොඩි පේමදාස21:31

      දෑතෙ කරුමාන්තෙකට අනුබල නොදෙන, කිසිම නිෂ්පාදන කරුමාන්තයක් බිහි නොකරන, කුරුසිකරුමෙටත් තැනක් නොදෙන රට කරවන ගොබිලන්ට ඉතිං අතේ පයේ නොගෑවි ලැබෙන පිං සල්ලි (විදේශ විනිමය) නොවැ ඔය ඹජ දාගෙන ඉන්නෙ. මහ ලොකුවට ඇමැතිතෙකුත් පත් කොරල අමාත්තියාංශත් පවත්තං යනව නොවෙන්නං.
      මුංට සුර සැප.....
      උංට දහදුක.....

      Delete
  10. මාත් ඔබ සමගයි.

    ReplyDelete
  11. Anonymous15:23

    Here you all talked about only two parties; husbands and politicians. What about the ladies themselves those who go for this. I will tell you my experience.
    I have employed couple of house maids since 2012 for my family of 2 babies along side parents. I am working off the country and wife works as an Engineer. We offered 20,000 per month and in quite friendly environment.
    The first maid, age around 55, was quite good at work but left us after 3 months having found a boy friend.
    The second one tried to catch my wife's driver, a young boy, and refused to do some works as well. Due to those reasons, first one in particular, we had to stop her.
    The third one was a part timer who absent for 2 to 3 days without informing.
    Forth one tried to dictate the house and had to send her back also.
    The fifth one, age around 50, is currently working and found that she also having an affair with a man. I have already warned her not to bring any of those to my home.
    There are thousands of professionals working abroad have this issue. It is very hard to find a good maid in sri lanka. Compared to how they work and what they earn in Gulf what we offer at home is far more reasonable. Therefore my experience is that it is not only the husbands and politicians those who encourage sending our ladies to Gulf to be blamed but also the ladies as well. They feel inferior about serving a sri lankan family. But when they are in gulf they do all kinds of slavery for very long time and in very difficult and dangerous situations. With the experience I had with maids in sri lanka I do not feel any sympathy for those who become victims in gulf.

    ReplyDelete