Pages

Saturday 22 November 2014

බයියාට එරෙහිව ටොයියා යට කොට මායියා ගෙනා ගොයියා.......


පොදු අපේක්ෂකයා ලෙස පොන්න ටොයියා වන රනිල් පසෙක ලා රට කෑ චන්ද්‍රිකා මායියා මූලික වී සබයට ගෙනා මෛත්‍රී ගොයියාට මහින්ද නමැති ගමේ බයියා පරද්දන්න පුළුවන් වෙයිද ආයිබං.....
මේ මොහොතේ මුහුණු පොතේ කතිකාවෙන් බිඳක්...

හිතන්නට යමක්.... 





මෛත්‍රිපාල මහත්මයා ලවා බලේට එන්න බැරි රනිල් මහත්මයා බලේට එන්න දඟලන හැටි. මෛත්‍රීපලා මහත්මයා ජනපති කරලා, ඉන්පස්සේ විධායකය අහෝසි කරලා පාර්ලිමේන්තු කැබිනට් ක්‍රමයක් රට තුළ ස්ථාපිත කරා ම අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට බලය දුන්නාම කෙළින්ම තමන් පාලකයා වෙන බව දන්න උන්දෑ මෛත්‍රිපාල මහත්මයා ලවා කියවනවා රනිල් අගමැති කරනවා කියලා. මෛත්‍රිපාල මහත්මයා විධායකය නැති කළාම නිකන්ම බලයක් නැති රූකඩයක් විතරයි ඉස්සර විලියම් ගොපල්ලව මහත්මයා වගේ. මෛත්‍රිපාල මහත්මයා ජනාධිපතිපති වුණාම රටට වැඩක් කරන මනුස්සයෙක් වේවි කියලා හිතනවා නම් ඒක හීනයක් ම විතරයි. රනිල් මහත්මයාට බලේ ආවාම එදාට ඉතින් හරියන්නේ ව්‍යාපාර කරන උන්දැලාටයි, බැංකුපොත්වල සල්ලි ගොඩ ගහගෙන ඉන්න උන්දැලාටයි, බදුනොගේවා ඒවා මඟ හැරහැර ඉන්න උන්දැලාටයි විතරයි. තේරෙන්න කිවුවොත් කොළඹ 07 කුරුඳුවත්තේ සීත මාලිගාවල ඉන්න උන්දැලාට. කනගාටුව නිර්ධන පන්තිය වෙනුවෙන් ඉන්න JVP ඒකත් ධනවාදීන් එක්ක පයුරු පාසම් පවත්වන්න යන එකනේ.


මේ ප්‍රේම කතා නවතා මොහොතක් ....
පොදු අපේක්ෂක 'ගේමෙන්' විපක්ෂය ජගත්තේ ය. සමහරුන් සමස්ත ජනපතිවරණ සටන ම දිනා ඇති ආකාරයෙන් හැසිරෙති. කිසිවෙකුත් අපේක්ෂා නොකළ පුද්ගලයකු පොදු අපේක්ෂකයා ලෙස කරළිගත කිරීම සෑහෙන තරම් පියවරකි. නමුත් මේ දහ අට වෙනි සියවසට අදාල ද්වන්ධ සටනක් නොවේ. සටන් කරුවන් දෙදෙනා වෙනුවට ජයපරාජය උදෙසා තම ඦන්දය ප්‍රකාශ කළ යුතු ප්‍රේක්ශක ජනතාව පසෙකින් ඇත. එමෙන් ම ගේමකින් ජය ලබනු ඇත්තේ ගේම් ගැසූවන් මිස බලාසිටි ජනතාව නොවේ. සාදය හමාර වෙද්දී ආතල් නොකැඩීමට නම් සටන තුළ ජනතා අපේක්ෂා වෙනුවෙන් ජනතා ක්‍රියාකාරීත්වයක් තිබිය යුතුම ය.
රාජපක්ෂ පවුල් පාලනය දැනටමත් පියවරක් පහළට වැටී ඇති බවත් ඔවුන්ට සෑහෙන තරම් පහරක් වැදී ඇති බවත් ඇත්තය. නමුත් රාජපක්ෂ පළපුරුදු ක්‍රීඩකයෙකි. මේ මොහොත වන විටත් ව්‍යවස්ථාමය ගුග්ලි, අධිකරණමය දුස්රා මෙන් ම පන්දුව දමා ගැසීමේ සිට විකට් කූරකින් ප්‍රතිවාදියාට ඇණීම දක්වා නොයෙකුත් පිඹුරුපත් අරලිය ගහ මන්දිරය තුළ සැකසෙනවා නිසැක ය. ඒ සියල්ල තිබිය දී පවා විපක්ෂය ජයග්‍රහණය කළ ද ඉන් පසුව මෛත්‍රීගේ හෝ රනිල්ගේ මහා කරුණාවට තමන් පැතුවා වූ වෙනස යට කර උඩ බලා හිඳිනා සුපුරුදු මිනිස් කැබලිති වලට එපිටින් යමක් අපට තනා ගන්නට හැකිවේද ?
සැබැවින් ම මේ ජනතාව අතවැසියන්ගේ සිට 'පුරවැසියන්' දක්වා අප්ග්‍රේඩ් කරගත යුතු කාලයයි. ඔළුගෙඩි මාරුවේ ප්‍රීතිය පහව යද්දී යමක් සිතා ක්‍රියා කාරීවන්නට කාලයයි. මීට නායකත්වය දෙන්නේ කවුරුන්ද කියා නොදනිමි. නමුත් අනාගත සමාජ පරිවර්තනයන් ගැන සිතනා උදවියට යමක් අභ්‍යාස කළ හැකි පිටියක් සැකසෙමින් පවතී.
Top of Form
Bottom of Form


කැණිමඩලට හෙණ ගැසීම..............
ඉදිරියේ මොනවා වේදැයි කිව නොහැක ගොවියා පුත් ගමරාළ අතින් බයියාගේ කැණිමඩලට හෙණ ගසා අවසානෙ කර ඇත...ජනාධිපතිවරණය පැත්තකින් තිබ්බත්..පාර්ලිමේන්තුවේ බලය පහසුවෙන් අල්ලාගත හැකි වාතාවරණයක් දැන් ඇතිවී ඇත..
ගම්පහ - යාගොඩ උපන් ගොයියා ඩී.ඇස් ගේ ගොවිජනපද ව්‍යාපාරය නිසා ලැබූ ඉඩම්වල පදිංචියට පොළොන්නරුවට ගියේය. එහි රාජකීය විදුහලේ අධ්‍යාපනය ලබා දේශපාලනයට පිවිසුනි. රජරටින් මින් පෙර ආවේ මෛත්‍රීපාල සේනානායකයි. දැන් මෛත්‍රීපාල සිරිසේනයි... නම් දෙකේද අපූරු සමානකම් ඇත. බණ්ඩාරනායක මියයෑමෙන් පසු නැවතත් රජරටින් නායකයෙකු බිහිවන ලකුණු පහළ වී තිබුණි. ඒ සී.පී ද සිල්වාය. නමුත් එවරත් මැතිනියගේ බලපෑම නිසා එය වැළැකුණි. නැවත චන්ද්‍රිකා මැතිණිය හිටපු ශ්‍රේෂ්ඨ දේශපාලනඥයෙකු වන ලක්ෂ්මන් කදිරගාමර් මහතාට අගමැතිකම දෙන්නට යද්දිත් එය මහින්දට අරන් දෙන්නට මුල් වූයේද, තමා ඊට සුදුස්සකුයැයි යොජනා කළ විට එය ප්‍රතික්ෂේප කිරීමට තරම් නිහතමානී වූවෙකි..
ඖෂධ පණත අතුරුදන් වූ විට ඔහුට කලකිරී ආණ්ඩුව හැරයන්නට තිබුණි. නමුත් ඒ අවස්ථාවේ රෙදි උස්සාගෙන බැස්සා නං අද තියෙන කික් එක නැත. දේශපාලන පරිණතිය යනු ඉවසාගෙන සිටිමය.. රනිල් ඒ අතින් අග්‍රසර ය. සිරිසේනට කියා ගසන්නට අලුත් මඩ අඩුය.. ඔහුගේ පුතාත් නොට්ටිගෙ පුතෙකි. පහුගිය කාලයේ නොසන්ඩාල වැඩ කර අහුවී අයෙකි.. තාත්තාත් කැලෑකපා හෝටල් ගැසූ බව ඒ පැත්තේ මිනිස්සු දනියි.. මෛත්‍රීපාල යනු පාරිශුද්ධ ප්‍රතිමූර්තියක් නොවේ... නමුත් අනෙකුත් පොදු අපේක්ෂකයන් අතරින් අවම වැරදි සහිත වගේම ඉහළ ජනප්‍රියතාවක් සහිත අයෙකි.
සෝභිත හිමි වයෝවෘද්ධය. උන්වහන්සේ දේශපාලනඥයෙකු නොවේ. චන්ද්‍රිකා එක්ස්පයර්ඩ් ය. නමුත් පරිණතය.. රනිල් විශිෂ්ටයෙකු බව සැබවි නමුත් රැස්වීම් වල කතාකළ හැකි...සංදර්ශන පෙන්විය හැකි මට්ටමේ ඔහු නැත.. කරු යනු වැදගත් මහත්මයෙකි... නමුත් පතෝල මෙනි. සජිත් ප්‍රේමදාස යනු මහින්දගේ ඩුප්ලිකේට් එකය.. කෙසේ හෝ වේවා තියෙන හොදම බුලට් එක සටනට දමා ඇත. රාජපක්ෂට ජෙනරාල් ෆොන්සේකාටත් වඩා මෛත්‍රී සමීපය.. ඒ නිසා කටක් ඇර බනින්නට නං බැරිය..
මෛත්‍රී මහතා අප්පමාදෝ අමතපදං කියා පටන්ගත්තා වගේ නහී වේරේන වේරානි කීවා වගේ.. මඩ නොගසා, අවලාද නොකර, ප්‍රතිපත්ති හා දැක්මට පමණක් පහර දෙමින් මැතිවරණය ගෙනගියහොත් ලංකාඉතිහාසයේ ඉහළම චන්ද ප්‍රතිශතය හිමි චන්ද්‍රිකා මැතිණියගේ වාර්තාව (62%) අභිබැවීමට ඉඩක් නොමැත්තේද නොවේ. මහින්ද යනු දුර්වල ප්‍රතිවාදියෙකු නොවේ..ඔහුගෙන් ජනතාව කඩාගන්නට නම් මේ කළා වාගේ උපායශීලි විය යුතුය.. උපක්‍රමික සංග්‍රාමයකට අවැසි සියලුම සම්පත් ඔහු සතුව පවතියි.. ජ.වි.පෙ අධාරය ලබාගතහොත් අමතර 5%ක ජනවරමක් ඔහුවෙත හිමිවන්නට ඉඩක් ඇත..




මේ රටේ ගැටලුව මේ කිසිවක් නොවේ.
රාජ්‍ය සකස් නොවීම ය.
ගෑනියෙක් මිනිහෙක් කරන්න බැරි, මිනිහෙක් ගෑනියෙක් කරන්න බැරි ජේ. ආර්. ගේ ව්‍යවස්ථාව, තවදුරටත් හොල්මන් වදමින් සිටී.
රට ගොඩ නැගෙන්නේ මේ මාධ්‍ය ෂෝවලින් නො ව, මාධ්‍ය ෂෝ දෙස බලා සිටින්නට සිදු ව තිබෙන පොදු ජනතාව ගේ අභිලාෂ ඉටුවන තරමට ය.
අද දවසේ දේශපාලකයන් තේරුම් ගත යුතු ඇත්ත එයයි.




Suranji De Alwis

ආණ්ඩුවෙන් එලියට එන උන් සෙට් එකයි පොදු අපේක්ෂකයයි සමානයි නැවතත් ආණ්ඩුවම දිනවීම තමා,නම සහ නායකයා විතරයි වෙනස් , ඔය ගමන මැරවින්ලයි දුමින්දලයි, එස් බීලායි එකතු උනොත් තවත් මරු , ජනතාව හැමදාම පරාදයි .....


ලජ්ජා නොමැති කම ලොකුවී හැමදේට
කිසි හිරිකිත කමක් නෑ රට පාවා දෙන්ට
රතනල සම්බන්දන්ල දැන් එක පේලියට
හෙන වදිනවා සත්තයි මුන් ඔක්කොටොම


අවරුදු තිහක් තිස්සේ අපි යුධ කෙරුවේ
උතුරේ දකුණේ මිනිසුන් තොගයට මැරුණේ
අවරුදු පහයි අවසන් වී අද ගෙවුනේ
කොහොමද මිනිසුනේ අද දුර්ජන වන්නේ


දින දින රැකෙන ජීවිත අද හැම පැත්තේ
යුතුකම රකින එක අද අපටයි ඇත්තේ
ඒවා නොකර කීම සුදු කළු අරගත්තේ
කළු සුදු නොමැති මිනිසුන් කොයිබද ඇත්තේ


ලස්සන හීන දකිනව අද යු එන් පී
හීනෙට පාට දෙනවා මේ ජේ වී පී
ඉර පායනව නවතනවා රතන හිමී
කොටියා හිනැහෙනව සතුටින් දෙකට නැමී



-සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා




Tuesday 11 November 2014

ගමේ බයියාව පරද්දන්න....... සැබෑ විපක්ෂයක් කෝ....













නපතිවරණය ඉලක්ක කර ගත් මැතිවරණය සඳහා වූ සන්තෝසම් අයවැයක් කියවා හමාර කළ ජනපතිවරයා අවසන කොහොමද ගමේ බයියන්ගේ වැඩ යැයි අසා තිබිණි.

එයම එක් අතකින් තමා පසුවන මානසිකත්වය පිළිබඳ විවරණයකි. ඉදිරියේ දින නියම කෙරෙන ජනපතිවරණය යනු පසුගිය වාරයේ මෙන් කොටියා විකුණා ජය ලැබිය හැකි එකක් නොවන බව ඔහු හොඳින්ම දනී.

ආණ්ඩුව දැන් ගතකරන්නේ පශ්චාත් අයවැය විනෝද සමයයි. ඒ අනුව විවිධ පාර්ශ්ව වෙනුවෙන් එකම ආකාරයට මුද්‍රණය වූ ප‍්‍රණාම පෝස්ටර් ඇලවෙමින් තිබේ. ඒ සෑම එකකින්ම කියැවෙන්නේ කළ මෙහෙවරට සැලකීමට ජනපතිවරයාට ස්තුතිය පළකරන බවයි.

එහෙත් සත්‍ය තත්ත්වය නම් රජයේ සේවකයන් තුළ පවා රජය බලාපොරොත්තු වූ තරම් ආතල් එකක් ඇතිවී නොමැති බවයි. හුදෙක් මැතිවරණයේ ජය උදෙසා ජනතාව ඇන්දවීමේ අපේක්ෂාවෙන් ආතල් දීමට යාම තුළ අවසන් ප‍්‍රතිඵලය වනු ඇත්තේ ආණ්ඩුව මෙන්ම ජනතාව ද හොම්බ බිම ඇනගැනීම මිස අන් යමක් නොවේ.

සෑම දෙනාවම සෑම කලටම රැවටීම කළ නොහැකි බව ආණ්ඩුව හොඳින්ම දනී.

එනමුදු තවමත් රැවටිලි මන්ත‍්‍රයේ බලය යම් තරමකට වැඩට ගත හැකි බව ඔවුහු විශ්වාස කරති.

එක් පසෙකින් ජනතාවට අල්ලස් දෙමින් අනෙක් අතින් ජාතිවාදයට හා ආගම්වාදයට පොහොර දමමින් තව වටයක් සඳහා දැන්ම බලය ඩැහැ ගැනීමට තැත් කිරීම සාමාන්‍ය බුද්ධිය අනුව මෙන්ම කේන්දරය අනුව ද රාජපක්ෂ රෙජීමය විසින් තීරණය කරන ලද්දකි. සෑම මුස්ලිම් ජාතිකයකුම මක්කම යැවීමට සැරසෙන ජනපතිවරයා හෙට දවසේ සෑම උපාසකම්මා කෙනකුම දඹදිව යැවීමට ද සෑම කතෝලිකයකුම වතිකානුව කරා යැවීමට ද පොරොන්දු වුවහොත් එපමණක් නොව අධි පාඩු ලබනා මිහි(ද)න් ලංකා ඒ සඳහා ප‍්‍රවාහන මාධ්‍ය ලෙස භාවිත කළහොත් එය ද පුදුමයක් නොවේ. 

මේ වන විට අරලිය දන්සැල ඉතා සශ‍්‍රීකව පැවැත්වෙයි. දිනපතා එම දන්සැලේ සංග‍්‍රහයට පාත‍්‍ර වන පිරිස ඉතා විශාල ය.

පසුගිය දිනක ශ‍්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරින් නෙළුම් පොකුණට රැස්කරවා පවත්වන ලද රැස්වීම ද අරලිය දන්සැලේම දිගුවකි. මේවා ඉදිරියේ තවත් ව්‍යාප්ත වනු නියත ය.

ජනපතිවරණය ඉලක්ක කරගෙන රට තුළ යළි මවනා චිත‍්‍රයක් තිබේ. ඒ නරක උන් ආණ්ඩුව තුළ බොහෝ සිටිය ද තවමත් ජනපතිවරයා හොඳ බවයි.

නැතිනම් ජනපතිවරයා මේ බොහෝ නරක වැඩ නොදන්නා බවයි.

පසුගියදා ඒකාබද්ධ කාලසටහනට විරුද්ධව ලංගම සේවකයන් පෝස්ටර් අලවා තිබුණේ ප‍්‍රවාහන ඇමතිගේ ඒකාබද්ධ කාලසටහනට අපි විරුද්ධයි, ලංගම ජනපති සමගයි යනුවෙනි. සෑම තැනකම පවත්නා තත්ත්වය එයම ය.

නරක ළමෝ බොහෝ සිටිති. ඒ අතර ජනපති නමැති හොඳ ළමයා සිටියි.
අර නරක රැලේ ග‍්‍රහණයෙන් හොඳ ළමයා බේරා ගත හැකි නම් අපට හොඳ කලක් ලබනු ඇත්තේ ය.

දේශපාලන න්‍යායාත්මක විග‍්‍රහය අනුව 18 ට විරුද්ධව ස්වයං විවේචන කරන ධනවාදය පෙරළා දැමීමට හත්පොළේ දිවුරුම් දෙන ලංකාවේ පැරණි වම අවසානයට එන්නේ ද අධිරාජ්‍ය විරෝධී මහින්ද රාජපක්ෂ නම් හොඳ ළමයා කෙරේ විශ්වාසය තබන තැනට ය.

ඉදිරියේ දී හෙළ උරුමය තුළ ද බොහෝ විට වනු ඇත්තේ එම විපර්යාසයමය.


මේ වන විට කතෝලික සභාවට ද එල්ල වෙමින් පවත්නා පීඩනය සුළුපටු නොවේ. 

භික්ෂූන් අතර දැනට ඇතිකර තිබෙන කල්ලිවාදය තරම් ප‍්‍රබල කල්ලිවාදයක් කතෝලික සභාව තුළ තවම නැති වුව ද කාදිනල්තුමාගේ වැනෙනසුලූ ක‍්‍රියා කලාපය හරහා කතෝලික පැවිදි ප‍්‍රජාව තමනට අවැසි පරිදි මෙහෙයවීමට රෙජීමය සෑම පියවරක්ම ගනු ඇත්තේ ය.

 එසේම මේ සියල්ල මැද පාප් වහන්සේගේ ආගමනය සිදුවන්නේ එය උන්වහන්සේගේ ආගමික ව්‍යාපාරය කපටි දේශපාලනයේ මුක්කුවක් ලෙස කෙලෙස භාවිත වන්නේ ද යන්න පිළිබඳව උදාහරණයක් වනු ඇත්තේ ය.

මේ සියල්ල මැද ඉතා මැනවින් පැහැදිලි කෙරෙනුයේ රටේ ප‍්‍රජාවගේ හිස ජනපතිවරණය නමැති දංගෙඩිය මත තබා කැපීමට රෙජීමය නොපැකිළ සූදානම් වන අයුරයි.

 එහෙත් ගහලයා අත ඇති කඩුව උදුරා ගැනීමට හෝ දංගෙඩිය පෙරළා දැමීමට විපක්ෂය තුළ කිසිම සූදානමක් අති බවක් අපට නම් තවමත් පෙනෙන්නේ නැති.

ඔවුන්ගේ අලස ගමන ජනයා තල්ලූ කර දමන්නේ

මොනවා කරන්න ද හරිහමන් විපක්ෂයක් නැති කොට,

 යනුවෙන් ඔවුන් නිතර භාවිත කළ පරණ යෙදුම හරහා පරාජිත මානසිකත්වයකට ය.

ඒ කෙරේ ජනතාව තල්ලූ වී යාම අවසන විපක්ෂය මැතිවරණය ව්‍යාපාරයට එළඹෙන විට එය අස්වයා ගිය පසු ඉස්තාලය වැසීමක් වනු ඇත්තේ ය.

ඉදින් යූඑන්පී ජවිපෙ ඇතුළු සියලූ විපක්ෂයේ පක්ෂවලට යළිත් අපට පැවසීමට ඇත්තේ මෙයයි.

ආණ්ඩු කරන පක්ෂය වීමට අවශ්‍ය නම් පළමුව සැබෑ විපක්ෂයක් වන්න.


(නුවන් උදය වික‍්‍රමසිංහ රාවය පුවත්පතට ලියූ අගනා ලියවිල්ලකින් තෝරාගත් කොටස්)




-සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා







Tuesday 4 November 2014

හත්පොළේ ගාගෙන ඉල්ලං කෑම......



 


56දී බණ්ඩාරනායක ආවේ එක රැයින් සිංහල රාජ්‍ය භාෂාව කරනවා කියාය.

හැබැයි එහෙම කරන්නට බැරි බව උන්නැහේ සහ සුද්දියෙන්ම දැන සිටියේය.

ඒ වුණාට විවිධ බලපෑම් මත ඒ කාරණය ඉෂ්ඨ කරන්නට කල් ගත වී හෝ ක්‍රියාත්මක වුණේය.

ඊළඟට සිරිමා හඳෙන් හෝ හාල් ගෙනෙනවා කීවාය.

ඒක කරන්න බැරි බවත් ඒ අම්මණ්ඩි සහ සුද්දියෙන්ම දැන සිටියාය.

හඳෙන් හාල් ගෙනීම පසෙක තබා හාල් පොලු දැම්මාය.

ජනතාවට අල බතල කන්නට කියා පාලක නඩේ බාස්මතී කෑවේ යැයි ප්‍රසිද්ධ විය.

ජේ.ආර්. උන්නැහේ ආවේම ඇට රාත්තල් අටක් දෙනවා කියා ගෙනය.
හැබැයි එහෙම කරන්නට බැරි බව උන්නැහේ සහ සුද්දියෙන්ම දැන සිටියේය.

ඇට අට දීම කොහොම වෙතත් තියෙන ඇට දෙකටත් කෙලියේය.

ප්‍රේමදාස දෙකොණ ඇවිලෙන විලක්කුවක් යැයි කියූ රට බාර ගත්තේ “ත්‍රස්තවාදය“  මුලිනුපුටා දැමීමේ පොරොන්දුව පිටය.

අන්තිමේදී උතුරේත් දකුණේත් මහා විනාශයක් කොට රට අගාධයකට ඇද දැම්මේය.

මේවා සේරම ජේ.වී.පී. කාරයෝ දැක්කෝය. වටහා ගත්තෝය. අවබෝධ කොට ගත්තෝය.

ධනපති පාලකයන් දෙන බොරු පොරොන්දු ගැනත්, උන් ජනතාව රවටන ආකාරයත් තේරුම් ගත්තා පමණක් නොව ජනතාවට තේරුම් කොට දෙන්නටද ජේ.වී.පී. කාරයන් පැකිළුණේ නැත.

මෙන්න ඊළඟට චන්ද්‍රිකා ආවාය.

රටට සාපයක් වූ ජේ.ආර්. ගේ බහුබූත ව්‍යවස්ථාව වෙනස් කොට ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියා පොරොන්දු දුන්නේ ජේ.වී.පී. කාරයන්ද පසෙකින් තබා ගෙනය.

හැබැයි පොරොන්දුව නම් ඉටු වුණේ නැත.

ධනපති පාලකයන් බොරු පොරොන්දු දෙන්නට රුසියන් බව ජේ.වී.පී. කාරයන්ට කාලෙකට පස්සේ මතක් වුණේ එතකොටය.


මහින්ද ආවේත් ඔය බණේම කියා ගෙනය.

මහින්ද බලයට ගෙන එන්නට ජේ.වී.පී. කාරයන් නොකරපු දෙයක් නැත.
මුලු ශක්තියම යොදා ජනතාව බලමුලු ගන්වන්නට ජේ.වී.පී. කාරයෝ ක්‍රියා කළෝය.

මහින්ද මුල පටන්ම කටයුතු කළේ ජනාධිපති ක්‍රමය නවත්තන්නට නොව පවත්වන්නටය.

ධනපති පාලකයන් බොරු පොරොන්දු දෙන්නට රුසියන් බව ජේ.වී.පී. කාරයන්ට ආයෙත් මතක් වුණේ එතකොටය.

මූණත් එක්ක තරහ වී නැහැය කපා ගන්නවා සේ ජේ.වී.පී. කාරයන් දිවි හිමියෙන් කටයුතු කළේ  ධනපති පාලකයා වෙනුවට හමුදා පාලකයෙකු ගෙන එන්නටය.

ඒක එහෙම වුණා නම් පුකේ තුවක්කුවක් බැඳ ගත්තා සේ රටේ ජනතාවට ඉන්න වෙන්නේ මර බියෙනි.

ජනතාවට ඉදිරියෙන් සිට ගෙන ජනතාවට යා යුතු මග කියා දිය යුතු ධනපති විරෝධී දේශපාලන ව්‍යාපාරයක් කටයුතු කොට ඇත්තේ මෙයාකාරයටය.

ධනපති පාලකයන්ගේ ව්‍යාජ රංගනය ජනතාවට පහදා දිය යුතු ජේ.වී.පී. කාරයන් දන්නේම නැතිව ඒ රංගනයේම කොටස්කාරයන් වීම හාස්‍යජනකය.

ඊටත් වඩා ඛේදජනකය.

මෙදා පාර ජනාධිපතිවරණය කලින්ම එන්න වගේය.

ගමේ බයියෙක් බූරු පොළේ ගහන තුරුම්පුව වගේ මහින්දත් දේශපාලන තුරුම්පුවක් ගහන්න යන්නේ කොළඹ ටොයියන් වටේ තියාගෙනය.
දැන් ආයෙම ජේ.වී.පී. කාරයෝ හත් පොළේ ගාගන්නට යන්නෝය.

මහින්දට සටනට හොඳ සටන්කරුවෙක් පෙරමුණට ගන්නට උපායශීලීව කටයුතු නොකොට බෑ....බෑ....කියමින් දඟලන දැඟලිල්ලේ වාසිය ධනපති පාලකයාටමය. මහින්දටමය.

මේ ගොල්ලෝ මහින්දට බෑ.....කියමින් රට වටේ දුවද්දී මොන උප්පරවැට්ටියක් හෝ දහං ගැටයක් හෝ ගසා මහින්ද ඡන්දෙ තියනවා සිකුරුය.

ඒකට සූදානම් නොවී, ඊට මුහුණ දෙන්නට දෙන්නට සමත් චරිතයක් ගොඩ නංවන්නේ නැතිව මේ කරන නාඩගමෙන් ඇතිවන සෙතක් නම් නැත.

ඒකාධිපතිවාදය කරා යන්නට පාර කපන ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන් පාඨය සමග ඊට සමත් සිවිල් චරිතයක් පෙරමුණට ගෙනෙන්නේ නැතිව ජේ.වී.පී. කාරයන් ආයෙමත් ඉතිහාසයේ කළ වරදක් කරන්නට යන්නේය.

ඒ කියන්නේ මේ මොහොතේ කළ යුතු දේ නොවටහා ගෙන වෙනත් දෙයක් කරමින් දේශපාලන වශයෙන් කෙළවා ගන්න එකය.

මහින්දට බෑ....

තුන් පාරක් බෑ....

කලින් ඡන්දෙ තියන්න බෑ....

කිය කිය ඉන්න කොට දන්නෙම නැතිව බෑ...ම තමයිය.


බයියා දන්නේම නැතිව ගොඩ යනවාය. 




-සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා