Pages

Saturday, 22 November 2014

බයියාට එරෙහිව ටොයියා යට කොට මායියා ගෙනා ගොයියා.......


පොදු අපේක්ෂකයා ලෙස පොන්න ටොයියා වන රනිල් පසෙක ලා රට කෑ චන්ද්‍රිකා මායියා මූලික වී සබයට ගෙනා මෛත්‍රී ගොයියාට මහින්ද නමැති ගමේ බයියා පරද්දන්න පුළුවන් වෙයිද ආයිබං.....
මේ මොහොතේ මුහුණු පොතේ කතිකාවෙන් බිඳක්...

හිතන්නට යමක්.... 





මෛත්‍රිපාල මහත්මයා ලවා බලේට එන්න බැරි රනිල් මහත්මයා බලේට එන්න දඟලන හැටි. මෛත්‍රීපලා මහත්මයා ජනපති කරලා, ඉන්පස්සේ විධායකය අහෝසි කරලා පාර්ලිමේන්තු කැබිනට් ක්‍රමයක් රට තුළ ස්ථාපිත කරා ම අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට බලය දුන්නාම කෙළින්ම තමන් පාලකයා වෙන බව දන්න උන්දෑ මෛත්‍රිපාල මහත්මයා ලවා කියවනවා රනිල් අගමැති කරනවා කියලා. මෛත්‍රිපාල මහත්මයා විධායකය නැති කළාම නිකන්ම බලයක් නැති රූකඩයක් විතරයි ඉස්සර විලියම් ගොපල්ලව මහත්මයා වගේ. මෛත්‍රිපාල මහත්මයා ජනාධිපතිපති වුණාම රටට වැඩක් කරන මනුස්සයෙක් වේවි කියලා හිතනවා නම් ඒක හීනයක් ම විතරයි. රනිල් මහත්මයාට බලේ ආවාම එදාට ඉතින් හරියන්නේ ව්‍යාපාර කරන උන්දැලාටයි, බැංකුපොත්වල සල්ලි ගොඩ ගහගෙන ඉන්න උන්දැලාටයි, බදුනොගේවා ඒවා මඟ හැරහැර ඉන්න උන්දැලාටයි විතරයි. තේරෙන්න කිවුවොත් කොළඹ 07 කුරුඳුවත්තේ සීත මාලිගාවල ඉන්න උන්දැලාට. කනගාටුව නිර්ධන පන්තිය වෙනුවෙන් ඉන්න JVP ඒකත් ධනවාදීන් එක්ක පයුරු පාසම් පවත්වන්න යන එකනේ.


මේ ප්‍රේම කතා නවතා මොහොතක් ....
පොදු අපේක්ෂක 'ගේමෙන්' විපක්ෂය ජගත්තේ ය. සමහරුන් සමස්ත ජනපතිවරණ සටන ම දිනා ඇති ආකාරයෙන් හැසිරෙති. කිසිවෙකුත් අපේක්ෂා නොකළ පුද්ගලයකු පොදු අපේක්ෂකයා ලෙස කරළිගත කිරීම සෑහෙන තරම් පියවරකි. නමුත් මේ දහ අට වෙනි සියවසට අදාල ද්වන්ධ සටනක් නොවේ. සටන් කරුවන් දෙදෙනා වෙනුවට ජයපරාජය උදෙසා තම ඦන්දය ප්‍රකාශ කළ යුතු ප්‍රේක්ශක ජනතාව පසෙකින් ඇත. එමෙන් ම ගේමකින් ජය ලබනු ඇත්තේ ගේම් ගැසූවන් මිස බලාසිටි ජනතාව නොවේ. සාදය හමාර වෙද්දී ආතල් නොකැඩීමට නම් සටන තුළ ජනතා අපේක්ෂා වෙනුවෙන් ජනතා ක්‍රියාකාරීත්වයක් තිබිය යුතුම ය.
රාජපක්ෂ පවුල් පාලනය දැනටමත් පියවරක් පහළට වැටී ඇති බවත් ඔවුන්ට සෑහෙන තරම් පහරක් වැදී ඇති බවත් ඇත්තය. නමුත් රාජපක්ෂ පළපුරුදු ක්‍රීඩකයෙකි. මේ මොහොත වන විටත් ව්‍යවස්ථාමය ගුග්ලි, අධිකරණමය දුස්රා මෙන් ම පන්දුව දමා ගැසීමේ සිට විකට් කූරකින් ප්‍රතිවාදියාට ඇණීම දක්වා නොයෙකුත් පිඹුරුපත් අරලිය ගහ මන්දිරය තුළ සැකසෙනවා නිසැක ය. ඒ සියල්ල තිබිය දී පවා විපක්ෂය ජයග්‍රහණය කළ ද ඉන් පසුව මෛත්‍රීගේ හෝ රනිල්ගේ මහා කරුණාවට තමන් පැතුවා වූ වෙනස යට කර උඩ බලා හිඳිනා සුපුරුදු මිනිස් කැබලිති වලට එපිටින් යමක් අපට තනා ගන්නට හැකිවේද ?
සැබැවින් ම මේ ජනතාව අතවැසියන්ගේ සිට 'පුරවැසියන්' දක්වා අප්ග්‍රේඩ් කරගත යුතු කාලයයි. ඔළුගෙඩි මාරුවේ ප්‍රීතිය පහව යද්දී යමක් සිතා ක්‍රියා කාරීවන්නට කාලයයි. මීට නායකත්වය දෙන්නේ කවුරුන්ද කියා නොදනිමි. නමුත් අනාගත සමාජ පරිවර්තනයන් ගැන සිතනා උදවියට යමක් අභ්‍යාස කළ හැකි පිටියක් සැකසෙමින් පවතී.
Top of Form
Bottom of Form


කැණිමඩලට හෙණ ගැසීම..............
ඉදිරියේ මොනවා වේදැයි කිව නොහැක ගොවියා පුත් ගමරාළ අතින් බයියාගේ කැණිමඩලට හෙණ ගසා අවසානෙ කර ඇත...ජනාධිපතිවරණය පැත්තකින් තිබ්බත්..පාර්ලිමේන්තුවේ බලය පහසුවෙන් අල්ලාගත හැකි වාතාවරණයක් දැන් ඇතිවී ඇත..
ගම්පහ - යාගොඩ උපන් ගොයියා ඩී.ඇස් ගේ ගොවිජනපද ව්‍යාපාරය නිසා ලැබූ ඉඩම්වල පදිංචියට පොළොන්නරුවට ගියේය. එහි රාජකීය විදුහලේ අධ්‍යාපනය ලබා දේශපාලනයට පිවිසුනි. රජරටින් මින් පෙර ආවේ මෛත්‍රීපාල සේනානායකයි. දැන් මෛත්‍රීපාල සිරිසේනයි... නම් දෙකේද අපූරු සමානකම් ඇත. බණ්ඩාරනායක මියයෑමෙන් පසු නැවතත් රජරටින් නායකයෙකු බිහිවන ලකුණු පහළ වී තිබුණි. ඒ සී.පී ද සිල්වාය. නමුත් එවරත් මැතිනියගේ බලපෑම නිසා එය වැළැකුණි. නැවත චන්ද්‍රිකා මැතිණිය හිටපු ශ්‍රේෂ්ඨ දේශපාලනඥයෙකු වන ලක්ෂ්මන් කදිරගාමර් මහතාට අගමැතිකම දෙන්නට යද්දිත් එය මහින්දට අරන් දෙන්නට මුල් වූයේද, තමා ඊට සුදුස්සකුයැයි යොජනා කළ විට එය ප්‍රතික්ෂේප කිරීමට තරම් නිහතමානී වූවෙකි..
ඖෂධ පණත අතුරුදන් වූ විට ඔහුට කලකිරී ආණ්ඩුව හැරයන්නට තිබුණි. නමුත් ඒ අවස්ථාවේ රෙදි උස්සාගෙන බැස්සා නං අද තියෙන කික් එක නැත. දේශපාලන පරිණතිය යනු ඉවසාගෙන සිටිමය.. රනිල් ඒ අතින් අග්‍රසර ය. සිරිසේනට කියා ගසන්නට අලුත් මඩ අඩුය.. ඔහුගේ පුතාත් නොට්ටිගෙ පුතෙකි. පහුගිය කාලයේ නොසන්ඩාල වැඩ කර අහුවී අයෙකි.. තාත්තාත් කැලෑකපා හෝටල් ගැසූ බව ඒ පැත්තේ මිනිස්සු දනියි.. මෛත්‍රීපාල යනු පාරිශුද්ධ ප්‍රතිමූර්තියක් නොවේ... නමුත් අනෙකුත් පොදු අපේක්ෂකයන් අතරින් අවම වැරදි සහිත වගේම ඉහළ ජනප්‍රියතාවක් සහිත අයෙකි.
සෝභිත හිමි වයෝවෘද්ධය. උන්වහන්සේ දේශපාලනඥයෙකු නොවේ. චන්ද්‍රිකා එක්ස්පයර්ඩ් ය. නමුත් පරිණතය.. රනිල් විශිෂ්ටයෙකු බව සැබවි නමුත් රැස්වීම් වල කතාකළ හැකි...සංදර්ශන පෙන්විය හැකි මට්ටමේ ඔහු නැත.. කරු යනු වැදගත් මහත්මයෙකි... නමුත් පතෝල මෙනි. සජිත් ප්‍රේමදාස යනු මහින්දගේ ඩුප්ලිකේට් එකය.. කෙසේ හෝ වේවා තියෙන හොදම බුලට් එක සටනට දමා ඇත. රාජපක්ෂට ජෙනරාල් ෆොන්සේකාටත් වඩා මෛත්‍රී සමීපය.. ඒ නිසා කටක් ඇර බනින්නට නං බැරිය..
මෛත්‍රී මහතා අප්පමාදෝ අමතපදං කියා පටන්ගත්තා වගේ නහී වේරේන වේරානි කීවා වගේ.. මඩ නොගසා, අවලාද නොකර, ප්‍රතිපත්ති හා දැක්මට පමණක් පහර දෙමින් මැතිවරණය ගෙනගියහොත් ලංකාඉතිහාසයේ ඉහළම චන්ද ප්‍රතිශතය හිමි චන්ද්‍රිකා මැතිණියගේ වාර්තාව (62%) අභිබැවීමට ඉඩක් නොමැත්තේද නොවේ. මහින්ද යනු දුර්වල ප්‍රතිවාදියෙකු නොවේ..ඔහුගෙන් ජනතාව කඩාගන්නට නම් මේ කළා වාගේ උපායශීලි විය යුතුය.. උපක්‍රමික සංග්‍රාමයකට අවැසි සියලුම සම්පත් ඔහු සතුව පවතියි.. ජ.වි.පෙ අධාරය ලබාගතහොත් අමතර 5%ක ජනවරමක් ඔහුවෙත හිමිවන්නට ඉඩක් ඇත..




මේ රටේ ගැටලුව මේ කිසිවක් නොවේ.
රාජ්‍ය සකස් නොවීම ය.
ගෑනියෙක් මිනිහෙක් කරන්න බැරි, මිනිහෙක් ගෑනියෙක් කරන්න බැරි ජේ. ආර්. ගේ ව්‍යවස්ථාව, තවදුරටත් හොල්මන් වදමින් සිටී.
රට ගොඩ නැගෙන්නේ මේ මාධ්‍ය ෂෝවලින් නො ව, මාධ්‍ය ෂෝ දෙස බලා සිටින්නට සිදු ව තිබෙන පොදු ජනතාව ගේ අභිලාෂ ඉටුවන තරමට ය.
අද දවසේ දේශපාලකයන් තේරුම් ගත යුතු ඇත්ත එයයි.




Suranji De Alwis

ආණ්ඩුවෙන් එලියට එන උන් සෙට් එකයි පොදු අපේක්ෂකයයි සමානයි නැවතත් ආණ්ඩුවම දිනවීම තමා,නම සහ නායකයා විතරයි වෙනස් , ඔය ගමන මැරවින්ලයි දුමින්දලයි, එස් බීලායි එකතු උනොත් තවත් මරු , ජනතාව හැමදාම පරාදයි .....


ලජ්ජා නොමැති කම ලොකුවී හැමදේට
කිසි හිරිකිත කමක් නෑ රට පාවා දෙන්ට
රතනල සම්බන්දන්ල දැන් එක පේලියට
හෙන වදිනවා සත්තයි මුන් ඔක්කොටොම


අවරුදු තිහක් තිස්සේ අපි යුධ කෙරුවේ
උතුරේ දකුණේ මිනිසුන් තොගයට මැරුණේ
අවරුදු පහයි අවසන් වී අද ගෙවුනේ
කොහොමද මිනිසුනේ අද දුර්ජන වන්නේ


දින දින රැකෙන ජීවිත අද හැම පැත්තේ
යුතුකම රකින එක අද අපටයි ඇත්තේ
ඒවා නොකර කීම සුදු කළු අරගත්තේ
කළු සුදු නොමැති මිනිසුන් කොයිබද ඇත්තේ


ලස්සන හීන දකිනව අද යු එන් පී
හීනෙට පාට දෙනවා මේ ජේ වී පී
ඉර පායනව නවතනවා රතන හිමී
කොටියා හිනැහෙනව සතුටින් දෙකට නැමී



-සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා




6 comments:

  1. චන්දිම16:55

    යූ.ඇන්.පී. එකේ 17 අවුරුදු සාපෙ මතක තියෙන එකෙක් නං රනිල්ව බලයට ගෙනෙන්නෙ නැහැ. දැන් රනිල්ව අගමැති කරන්න මෛත්‍රීට ඡන්දෙ දෙන්න අපට පිස්සු නැත. මුං සේරම අවස්ථාවාදියෝය. කැඳහැලියට ජේ.වී.පී. එක ඇවිත් නැති එක ගැන නම් සතුටුය.

    ReplyDelete
    Replies
    1. ඔන්න කැඳ හැලියට ජේ.වී.පී. එක ඇවිත් වගේ. කියන්නෙ නං එන්නෙ නෑ කියල. ඒත් අනියම්න් ඇවිත් වගෙයි.

      Delete
  2. දයාන්19:34

    පොදු විපක්ෂය ඉදිරිපත් කරන වැඩසටහනේ යම් යම් අපහැදිලිතා ඇති බව කිව යුතුය. දින සියයකින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මෛත්‍රීපාල සිරිසේන ‍පොරොන්දුවී තිබේ. මේ දින සියය අවසානයේදී ඔහු කරන්නේ කුමක්ද? ඔහු ගෙදර යනවාද? අගමැති ධුරයේ රනිල් වික්‍රමසිංහ දිගටම කටයුතු කරනවාද යන අපහැදිලිතාවය තිබේ.

    ReplyDelete
    Replies
    1. දින සියයක් නොවෙයිනෙ ආයිබං....තිස්ස අත්තනායක උන්නැහෙට අනුව පැය 24 න් රනිල්ට සියලු බලතල පවරනව කියන්නේ...ඉතිං බොලල්ලා රනිල්ම නොඉල්ලා පඹයෙක් එවන්නේ මක්කටැයි???

      Delete
  3. ගමේ බයියා19:38

    ටොයියා මාර කපටියෙක්ය. ජේ..ආර්. හිවලා වගේමය. තමන් ඉල්ලුවොත් පරදින එක ෂුවර් නිසා ගොයියාගේ කරෙන් රජ වෙන්න හදනවාය. අපි ඕවට අහු වෙන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. මේ වැඩෙන් වෙන්නේ ටොයියාත්, ගොයියාත් දෙන්නාම කෙලවගෙන රජාව ආයෙම රජ කරලා රටටත් කෙලවන එකය.

      Delete