ජනපතිවරණය ඉලක්ක කර ගත් මැතිවරණය සඳහා වූ සන්තෝසම් අයවැයක් කියවා
හමාර කළ ජනපතිවරයා අවසන කොහොමද ගමේ බයියන්ගේ වැඩ යැයි අසා තිබිණි.
එයම එක් අතකින් තමා පසුවන
මානසිකත්වය පිළිබඳ විවරණයකි. ඉදිරියේ දින නියම කෙරෙන ජනපතිවරණය යනු පසුගිය වාරයේ
මෙන් කොටියා විකුණා ජය ලැබිය හැකි එකක් නොවන බව ඔහු හොඳින්ම දනී.
ආණ්ඩුව දැන් ගතකරන්නේ පශ්චාත් අයවැය
විනෝද සමයයි. ඒ අනුව විවිධ පාර්ශ්ව වෙනුවෙන් එකම ආකාරයට මුද්‍රණය වූ ප්රණාම
පෝස්ටර් ඇලවෙමින් තිබේ. ඒ සෑම එකකින්ම කියැවෙන්නේ කළ මෙහෙවරට සැලකීමට ජනපතිවරයාට
ස්තුතිය පළකරන බවයි.
එහෙත් සත්‍ය තත්ත්වය නම් රජයේ
සේවකයන් තුළ පවා රජය බලාපොරොත්තු වූ තරම් ආතල් එකක් ඇතිවී නොමැති බවයි. හුදෙක්
මැතිවරණයේ ජය උදෙසා ජනතාව ඇන්දවීමේ අපේක්ෂාවෙන් ආතල් දීමට යාම තුළ අවසන් ප්‍රතිඵලය
වනු ඇත්තේ ආණ්ඩුව මෙන්ම ජනතාව ද හොම්බ බිම ඇනගැනීම මිස අන් යමක් නොවේ.
සෑම දෙනාවම සෑම කලටම රැවටීම කළ
නොහැකි බව ආණ්ඩුව හොඳින්ම දනී.
එනමුදු තවමත් රැවටිලි මන්ත්‍රයේ
බලය යම් තරමකට වැඩට ගත හැකි බව ඔවුහු විශ්වාස කරති.
එක් පසෙකින් ජනතාවට අල්ලස් දෙමින්
අනෙක් අතින් ජාතිවාදයට හා ආගම්වාදයට පොහොර දමමින් තව වටයක් සඳහා දැන්ම බලය ඩැහැ
ගැනීමට තැත් කිරීම සාමාන්‍ය බුද්ධිය අනුව මෙන්ම කේන්දරය අනුව ද රාජපක්ෂ රෙජීමය
විසින් තීරණය කරන ලද්දකි. සෑම මුස්ලිම් ජාතිකයකුම මක්කම යැවීමට සැරසෙන ජනපතිවරයා හෙට දවසේ සෑම උපාසකම්මා කෙනකුම දඹදිව යැවීමට ද සෑම කතෝලිකයකුම වතිකානුව කරා
යැවීමට ද පොරොන්දු වුවහොත් එපමණක් නොව අධි පාඩු ලබනා මිහි(ද)න් ලංකා ඒ සඳහා ප්‍රවාහන
මාධ්‍ය ලෙස භාවිත කළහොත් එය ද පුදුමයක් නොවේ.
මේ වන විට අරලිය දන්සැල ඉතා සශ්‍රීකව පැවැත්වෙයි. දිනපතා එම දන්සැලේ සංග්‍රහයට පාත්‍ර වන පිරිස ඉතා විශාල ය.
පසුගිය දිනක ශ්‍රී ලංකා පරිපාලන
සේවයේ නිලධාරින් නෙළුම් පොකුණට රැස්කරවා පවත්වන ලද රැස්වීම ද අරලිය දන්සැලේම
දිගුවකි. මේවා ඉදිරියේ තවත් ව්‍යාප්ත වනු නියත ය.
ජනපතිවරණය ඉලක්ක කරගෙන රට තුළ යළි
මවනා චිත්‍රයක් තිබේ. ඒ නරක උන් ආණ්ඩුව තුළ බොහෝ සිටිය ද තවමත් ජනපතිවරයා හොඳ
බවයි.
නැතිනම් ජනපතිවරයා මේ බොහෝ නරක වැඩ
නොදන්නා බවයි.
පසුගියදා ඒකාබද්ධ කාලසටහනට විරුද්ධව
ලංගම සේවකයන් පෝස්ටර් අලවා තිබුණේ ප්‍රවාහන ඇමතිගේ ඒකාබද්ධ කාලසටහනට අපි
විරුද්ධයි, ලංගම ජනපති සමගයි යනුවෙනි. සෑම තැනකම පවත්නා තත්ත්වය එයම ය.
නරක ළමෝ
බොහෝ සිටිති. ඒ අතර ජනපති නමැති හොඳ ළමයා සිටියි.
අර නරක රැලේ ග්රහණයෙන් හොඳ ළමයා
බේරා ගත හැකි නම් අපට හොඳ කලක් ලබනු ඇත්තේ ය.
දේශපාලන න්‍යායාත්මක විග්‍රහය අනුව
18 ට විරුද්ධව ස්වයං විවේචන කරන ධනවාදය පෙරළා දැමීමට හත්පොළේ
දිවුරුම් දෙන ලංකාවේ පැරණි වම අවසානයට එන්නේ ද අධිරාජ්‍ය විරෝධී
මහින්ද රාජපක්ෂ නම් හොඳ ළමයා කෙරේ විශ්වාසය තබන තැනට ය.
ඉදිරියේ දී හෙළ උරුමය තුළ ද බොහෝ
විට වනු ඇත්තේ එම විපර්යාසයමය.
මේ වන විට කතෝලික සභාවට ද එල්ල
වෙමින් පවත්නා පීඩනය සුළුපටු නොවේ.
භික්ෂූන් අතර දැනට ඇතිකර තිබෙන කල්ලිවාදය තරම්
ප්‍රබල කල්ලිවාදයක් කතෝලික සභාව තුළ තවම නැති වුව ද කාදිනල්තුමාගේ වැනෙනසුලූ ක්‍රියා
කලාපය හරහා කතෝලික පැවිදි ප්‍රජාව තමනට අවැසි පරිදි මෙහෙයවීමට රෙජීමය සෑම
පියවරක්ම ගනු ඇත්තේ ය.
එසේම මේ සියල්ල මැද පාප් වහන්සේගේ
ආගමනය සිදුවන්නේ එය උන්වහන්සේගේ ආගමික ව්‍යාපාරය කපටි දේශපාලනයේ මුක්කුවක් ලෙස කෙලෙස භාවිත වන්නේ ද යන්න පිළිබඳව උදාහරණයක් වනු ඇත්තේ ය.
මේ සියල්ල මැද ඉතා මැනවින් පැහැදිලි
කෙරෙනුයේ රටේ ප්‍රජාවගේ හිස ජනපතිවරණය නමැති දංගෙඩිය මත තබා කැපීමට රෙජීමය
නොපැකිළ සූදානම් වන අයුරයි.
එහෙත් ගහලයා අත ඇති කඩුව උදුරා ගැනීමට
හෝ දංගෙඩිය පෙරළා දැමීමට විපක්ෂය තුළ කිසිම සූදානමක් අති බවක් අපට නම් තවමත්
පෙනෙන්නේ නැති.
ඔවුන්ගේ අලස ගමන ජනයා තල්ලූ කර
දමන්නේ
මොනවා කරන්න ද හරිහමන් විපක්ෂයක් නැති
කොට,
යනුවෙන් ඔවුන් නිතර භාවිත කළ පරණ යෙදුම හරහා පරාජිත මානසිකත්වයකට
ය.
ඒ කෙරේ ජනතාව තල්ලූ වී යාම අවසන
විපක්ෂය මැතිවරණය ව්‍යාපාරයට එළඹෙන විට එය අස්වයා ගිය පසු ඉස්තාලය වැසීමක් වනු
ඇත්තේ ය.
ඉදින් යූඑන්පී ජවිපෙ ඇතුළු සියලූ
විපක්ෂයේ පක්ෂවලට යළිත් අපට පැවසීමට ඇත්තේ මෙයයි.
ආණ්ඩු කරන පක්ෂය වීමට අවශ්‍ය නම්
පළමුව සැබෑ විපක්ෂයක් වන්න.
ඔටුස්
ReplyDeleteකතාවක් තියේ අහල නැද්ද
එළදෙනගෙන් කිරිගන්න ඕන නං උට තණකොල දෙන්නම ඕනකියල...
හිහි
අනිවා අනිවා හොද විපෂයක් කවදා තැනේවිද දන්නෑ
ReplyDelete