Pages

Monday 22 January 2024

අතුරුදන් වූ සුමිතුරා...

 ඩී.ඩී. විජේසිංහ විශ්වවිද්යාලයේදී හඳුනාගන්න ලැබුණු මගේ සුමිතුරෙක්.




නිරන්තරව සිනහවෙන් මුව සරසා ගත් විජේ ගේ අතුරුදන් වීම හද කම්පා කරන්නක්. ලෙල්ලොපිටියේ උපත ලද විජේ පේරාදෙනියේ අක්බාර්-නෙල් ශාලාවේ නේවාසිකව ඉද්දී කයිය ගැහුවේ "ජෝ අබේවික්රම ඉපදුණ ලෙල්ලොපිටිය නම් වූ සුන්දර ගම්මානයෙන් ආපු කොල්ලෙක් හරිද..." කියායි.
ඒ සුන්දර "කොල්ලා" යළි දැකගන්න ලැබේවායි පතනවා හැර කුමක් කරන්නද?
================================
මේ පුවත්පත් වාර්තාවක්...

සිවිල් ඉංජිනේරුවා අතුරුදන්ව දවස් 22ක් – කිසිම තොරතුරක් තවමත් නෑ
විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
– ඉංජිනේරුවාගේ කැබ් රිය උඩුවර මංසන්ධිය අසල තිබී හමු වෙලා
– කැබ් රිය නාර්තුපාන පාලම ආසන්නයේ නවතනු දුටු පුද්ගලයකුගෙන් ප්රකාශයක්
– බළන්ගොඩ ජල විදුලි බලාගාරයක් හවුලේ කරගෙන යන දෙදෙනකු ඇතුළු 16කගෙන් ප්රශ්න කරයි

බළන්ගොඩ සිට බොරලැස්ගමුවේ නිවෙස වෙත කැබ් රියෙන් පැමිණෙමින් සිටියදී අතුරුදන් වූ සිවිල් ඉංජිනේරුවරයා සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද යොමු කළ බව පොලිස් මූලස්ථානයේ ජ්යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

බොරලැස්ගමුව අභයරත්න මාවත පදිංචිව සිටි දූල්වල දේවගේ විජේසිංහ (66) නම් දෙදරු පියා අතුරුදන් වී අදට දින 22කි. වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියමයෙන් එම විමර්ශන කටයුතු යොමු කර ඇති අතර, මේතාක් පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් සිදු කළ විමර්ශනවල උදෘත පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත.

සිවිල් ඉංජිනේරුවරයාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් මේ වන විට ඔහු සමඟ බළන්ගොඩ ප්රදේශයේ ජල විදුලි බලාගාරයක් හවුලේ පවත්වාගෙන යන පුද්ගලයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් 16 දෙනකුගෙන් පමණ ප්රකාශ සටහන් කර ගැනීමට පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් පියවර ගෙන තිබිණි.

ප්රකාශ සටහන් කර ගත් පුද්ගලයන් අතර දෙසැම්බර් 28 වැනි දින රාත්රියේදී කැබ් රිය නාර්තුපාන පාලම ආසන්නයේ නවතනු දුටු පුද්ගලයකුද වන බව පොලිසිය කියයි. එහෙත් ඔහු කැබ් රිය පදවාගෙන පැමිණියේ කවුරුන්දැයි නොදැක්ක බව පොලිසියට දුන් ප්රකාශයේ සඳහන් වේ.

තමා 28 දින රාත්රියේ මත්පැන් බෝතලයක් ගෙන ඒමට යතුරුපැදියෙන් යමින් සිටියදී නාර්තුපාන පාලම ආසන්නයට පැමිණි කැබ්රථයක් නැවැත්වූ බවත්, තමා එය පොලිස් ජීප් රියක් යැයි සිතා ඒ දෙස ඕනෑකමින් බැලූවත් එහි ඇතුළත සිටින පුද්ගලයන් නොදැක්ක බවත් යළි එන අතර වාරයේද කැබ් රිය එම ස්ථානයේ නවතා තිබූ බවත් තමන්ට අමුත්තක් දකින්නට නොතිබූ බවත් ඔහු කළ ප්රකාශයක සඳහන් වන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අතුරුදන් වූ ඉංජිනේරුවරයාට අයත් කැබ් රිය හොරණ මතුගම මාර්ගයේ නාර්තුපාන පාලමට ආසන්නව උඩුවර මංසන්ධිය අසල තිබියදී ඉකුත් මස 29 දින අලුයම 1.30ට පමණ රාත්රි ජංගම මුර සංචාරයේ නිරත අඟුරුවාතොට පොලිසියේ නිලධාරීන්ට හමු වී තිබිණි.

අතුරුදන්ව සිටින සිවිල් ඉංජිනේරුවරයා කැබ් රියේ ඉදිරිපස දොරවල් දෙකම විවෘතව තිබී ඇති අතර, පොලිස් නිලධාරීන් විදුලි පන්දම දල්වා ඒ තුළ නිරීක්ෂණය කිරීමේදී ලැප්ටොප් පරිගණකයක්, ඇඳුම් පැලඳුම් අඩංගු ගමන් බෑගයක්, සෙරෙප්පු යුගළක්, කැප් තොප්පියක් හා රියැදුරු අසුනට යාබද අසුන මත මුදල් පසුම්බියක් තිබී ඇත. මුදල් පසුම්බියේ තිබූ දුරකතන අංකයකට පොලිස් නිලධාරීන් ඇමතුමක් දීමෙන් අනතුරුව බොරලැස්ගමුව අබේරත්න මාවතේ ඉංජිනේරුවරයාගේ බිරිය ඊට ප්රතිචාර දක්වා ඇති අතර, සිය සැමියාට ඊට පෙර දින රාත්රී 8.30ට පමණ දුරකතන ඇමතුමක් දීමේදී ඔහු කැස්බෑව ප්රදේශයේ තවම පැමිණෙන බව ප්රකාශ කළ බව ඇය පොලිසියට ප්රකාශ දී තිබිණි.

එහෙත් විමර්ශන සිදු කරන පොලිස් නිලධාරීන් සිවිල් ඉංජිනේරුවරයාගේ දුරකතන අංකය මඟින් කළ පරීක්ෂාවේදී ඔහු අවසන් වරට නිවෙසට ඇමතුම් ගෙන ඇත්තේ ඉංගිරිය ඌරුගල ප්රදේශයේදී බවට අනාවරණය වී ඇත. ඔහු කිසියම් පුද්ගලයකුගේ හෝ පිරිසකගේ බලපෑමකට යටත්ව තමා සිටින්නේ කැස්බෑවේ බවට බොරුවක් බිරියට පැවසූවා දැයි විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමු වී ඇත.

අතුරුදන්ව සිටින සිවිල් ඉංජිනේරුවරයා බළන්ගොඩ ප්රදේශයේ පවත්වාගෙන යන ජල විදුලි බලාගාරයේ වැඩකටයුතු සොයා බැලීමට ඉකුත් 25 දින බොරලැස්ගමුව අබේරත්න මාවත නිවෙසින් පිටත් වී ගොස් තිබිණි.

ඔහු ඉකුත් 28 දින බළන්ගොඩින් සිය නිවෙස බලා ඒමට පිටත් වී සවස 4.41ට පමණ බළන්ගොඩ නගරයට පැමිණ පෞද්ගලික බැංකුවක ඒටීඑම් කුටියකින් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ගෙන විදුලි බලාගාරයේ කළමනාකරුවකුට එයින් එක්ලක්ෂ අනූදහසක මුදලක් දී තිබෙන බවට එම කළමනාකරුගේ ප්රකාශයකින් අනාවරණය වූ බව පොලිසිය කියයි.
අනතුරුව බළන්ගොඩ සිට කිරිඇල්ල දක්වා පැමිණෙන අයුරු සීසීටිවී කැමරා දර්ශනවල සටහන්ව ඇති අතර, ඉංගිරියට ආසන්න ඌරුගල සිට ඉංගිරියට විනාඩි දෙක තුනක් වැනි කාලයකදී පැමිණිය හැකි මුත් ඌරුගල දෙසින් ඈගල් ඔය පාරේ ධාවනය කර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අනතුරුව විනාඩි 45ක් වැනි දීර්ඝ වේලාවකට පසු ඉංගිරිය නගරය පසු කර රෝහල ආසන්නයෙන් මතු වී හොරණ හරහා යාල හන්දියෙන් නාර්තුපාන දෙසට තමන් ගන්නා අයුරු සීසීටීවී කැමරාවල සටහන්ව ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය.

එලෙස ඉංගිරිය නගරය මඟහැර මෝටර් රථය ධාවනය කර තිබුණේ ඉංගිරිය නගරය ආසන්නයේ යොදා තිබෙන පොලිස් මාර්ග බාධකය මඟහැර යෑමට දැයි විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ.
අතුරුදන්ව සිටින සිවිල් ඉංජිනේරුවරයාගේ නිවෙසට පැමිණෙන මාර්ගයට ප්රතිවිරුද්ධ මාර්ගයක මෝටර් රථය ගමන් කර, රාත්රී 9.30ට පමණ එහි ඉදිරිපස විදුලි ලාම්පු නිවාදමන අයුරු සීසීටීවී කැමරාවක සටහන් වී ඇතැයි පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

මේ වන විට ජංගම දුරකතන කීපයක විශ්ලේෂණ වාර්තා අදාළ සමාගම් කීපයකින් ගෙන විමර්ශන කරන අතර, තවත් දුරකතන අංක කිහිපයක විශ්විලේෂණ වාර්තා ගැනීමට අදාළ දුරකතන සමාගම් වෙත යොමු කර ඇතැයිද පොලිස් නිලධාරියා පැවසීය.

මේ දක්වා පැතිකඩක් කිහිපයක් ඔස්සේ විමර්ශන කළද අතුරුදන්ව සිටින සිවිල් ඉංජිනේරුවරයා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අනාවරණය නොවීම පිළිබඳව විමර්ශන නිලධාරීන්ද පුදුමයට පත්ව ඇතැයි දැනගන්නට තිබේ.

අතුරුදන්ව සිටින සිවිල් ඉංජිනේරුවරයා හෝ පවුලේ සමීපතමයන් සම්බන්ධයෙන් සැකයට භාජනය වන කිසිදු කරුණක් හෝ ඔවුන්ට එරෙහිව යම් විරුද්ධවාදියකු හෝ කණ්ඩායමක් සිටින බවට මේ තාක් සිදු කළ විමර්ශනවලදී කිසිදු තොරතුරක් හෝ සැකයක් අනාවරණය වී නැතැයිද පොලිසිය සඳහන් කරයි.

-සිතන්නා...

Tuesday 16 January 2024

දරු තිදෙනෙකුගේ මවක් වෙනුවෙනි.


ගේ විශ්වවිද්‍යා සගයෙකු වූ වසර කිහිපයකට පෙර වියෝ වූ එන්. බී. නෙවිල් සොහොයුරාගේ බාල පුතුණුවන් එවා ඇති පණිවිඩය මෙසේ බෙදා හරිමි.

=========================
අපේ ආදරණීය අම්මා, එස්.එම්.එන්. ක්‍රිෂාන්ති සමරතුංග (අවුරුදු 53)
2015 දී Auto Immune Hepatitis රෝගයෙන් පෙළෙන බව හඳුනා ගන්නා ලදී. දැන් ඇය non-alcoholic cirrhosis රෝගී තත්ත්වයට පත්ව ඇති බැවින්, ඇයට චෙන්නායි හි රෙලා ආයතනය සහ වෛද්‍ය මධ්‍යයස්ථානයේදී අක්මා බද්ධ කිරීමක් සිදු කිරීමට අවශ්‍ය වේ. සැත්කම සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 13.5 ක් පමණ වේ.



★★★★★★★★★★★★★★★★★★★★
දැනට, ඇය 2024 මැයි මාසයේදී ශල්‍යකර්මය කිරීමට බලාපොරොත්තු වේ, මන්ද ඉන්දියාවෙන් පැමිණි සැත්කම සිදු කරන වෛද්‍ය මණ්ඩලය හැකි ඉක්මනින් සැත්කම සිදු කරන ලෙස උපදෙස් දුන් බැවිනි.
★★★★★★★★★★★★★★★★★★★★
අපේ තාත්තා, සම්ප්‍ප්‍රේෂණ මාර්ග සැලසුම් ඉංජිනේරුවෙකු (Transmission line design engineer) වූ එන්.බී.නෙවිල් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් (E79 කණ්ඩායම) උපාධිය ලබා ඇත. ඔහු ලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකුද විය. 2010 අපේ තාත්තා නැති වුණාට පස්සේ අපිව දැන් ඉන්න තැනට එක්කගෙන ගියේ අපේ අම්මා.
අපි, ඇගේ දරුවන් තිදෙනා, අපගේ මවගේ ජීවිතය බේරා ගැනීමට අවශ්‍ය මුදල සොයා ගැනීමට ඔබෙන් උපකාර පතමු.
වැඩිමහල් දරුවා: නෙත්මි නාඔටුන්න (වයස 26), කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ උපාධි අපේක්ෂිකාවකි.
දෙවන දරුවා: ආසියානු සහ ලෝක ශූරතා තරඟ කිහිපයකදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ජාතික චෙස් ක්‍රීඩකයෙකු වන දිනෙත් නාඔටුන්න (වයස අවුරුදු 24) දැනට චෙස් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරයි.
බාලම දරුවා: දිනිල් නාඔටුන්න (වයස 23), මොරටුව විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ උපාධි අපේක්ෂකයෙකි.
බොහෝම ස්තූතියි.
ගිණුම් විස්තර
8200053067
කොමර්ෂල් බැංකුව
ස්විෆ්ට් කේතය: CCEYLKLX
නුගේගොඩ ශාඛාව
S.M.N.K සමරතුංග

=========================
ඉතා සුළුවෙන් හෝ උදව් කළ හැකි අය වෙත්නම් අවධානය සඳහාය.

-සිතන්නා...

Wednesday 3 January 2024

"රහස් කියන කඳු" කියන රහස


වධකයාගේ පාර්.ශවයේ සමාජ ඛේදවාචකය ‌නොහොත් “රහස් කියන කඳු” කියන රහස් ....

ජගත් මනුවර්.ණ අධ්‍යක්ෂණ කළ “රහස් කියන කඳු” සිනමා නිර්.මාණය ගැන මගේ අදහස්.



-සිතන්නා...