Pages

Thursday 24 December 2015

තලතා නෝනා නං යංතං ගොඩ



සෞදි අරාබියේදී ගල් ගසා මරා දැමීමට නියමිතව සිටි ශ්‍රී ලාංකික

කාන්තාවගේ දඬුවම ලිහිල් කිරීමට එරට අධිකරණය තීරණය කර ඇත.

ඒ අනුව මරණ දඬුවම ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් දක්වා ලිහිල්

කිරීමටද එරට අධිකරණය තීරණය කර ඇති බව විදේශ කටයුතු

අමාත්‍යංශය සඳහන් කරයි. ශ්‍රී ලංකා රජය විසින් ඉදිරිපත් කළ ඉල්ලීම්

සලකා බලා සෞදි බලධාරීන් විසින් මෙම තීරණය ගෙන ඇති බවද 

නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා මාධ්‍ය වෙත

සඳහන් කළේය.


මෙම ශ්‍රී ලාංකික කාන්තාව මරණ දඬුවමින් ගලවා ගැනීම සඳහා ශ්‍රී

ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශය

දිගින් දිගටම සෞදි බලධාරීන් සමග අදහස් හුවමාරු කර ගනිමින්

නිරන්තර ප්‍රයත්නයක නිරත වූ බවත් නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා

මෙහිදී සඳහන් කළේය.


මෙම ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව මේ වන විට ලැබි ඇති ජීවිතාන්තය

දක්වා වූ සිරදඬුවමද තවදුරටත් ලිහිල් කර ගැනීමට උත්සාහ කරන බව ද

විදේශ අමාත්‍යංශය සඳහන් කරයි.


අනියම් සබඳතාවක් පැවැත්වීම යන චෝදනාව යටතේ වරදකරුවූ මෙම

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවට පසුගියදා සෞදි අධිකරණය විසින් ගල් ගසා

මරා දැමීමේ දඬුවම නියම කරන ලදී.


+++++++++++++++++++++++++++++++



මෑතකදි ලැබුණ හිත පිනා යන ආරංචිය බොලල්ලා...


වැඩේ අවතක්සේරු කරනව හෙම නොවෙයි ඕං....


තැන් තැන් වලින් මෙරු මතු වෙන්නැහෙ ආව ජනතා 

ජනතා විරෝධතා නොවෙන්නට නෝනල ඇහැ කන

පිහං ඉන්නවට මෙන්න කැට.


යම් තරමකින් හරි බ්ලොග්කාරයො ටිකත් අත 

ඇරියෙම නෑ....


ඒකත් පුංචි හරි තල්ලුවක් දෙන්න ඇති.


+++++++++++++++++++++++++++++


හැබැයි ඉතිං අඩුම තරමින් සෞදිය වගේ මිනීමරු

රටතටවත් අපේ කාන්තාවන් වහල් සේවෙට යවන

එක, යවල උන්දැලාගෙ සල්ලි වලින් හිරිකිතයක්


ලැජ්ජාවක් නැතිව ජෝගි නටන එක නවත්තන්න


තලතා නෝනට කොන්ද පණ තිබුණොත් නෝනත්


ගොඩ...අහිංසකයොත් ගොඩ...






-සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා









Wednesday 16 December 2015

රනිලෝ...ගලෝපං ටයි කෝට්.....පලයං හෙළුවෙන්....





අනේ අප්පා....

ඔටුවටත් ලැජ්ජාවෙ බෑ...

බිජ්ජ වැහෙන්න ටයි කෝට් අඳින්න හිතෙනවා...


ඊයෙ පොර ටෝක්...


අයියෝ.......

අද කොර වෙලා....
රටේ අගමැතිට ගිය කලක්...

ලැජ්ජාවෙ බෑ අප්පා...

-සෙස්ස පස්සට ෴
- සෙරන්ඩිබ් ඔටුවා 



Tuesday 15 December 2015

වර්ජන කොරපල්ල.....අපි බය නෑ...


යහපාලන ආංඩුවක් ආව ගමන් වර්ජන කිරීම ඉතා වැරදිය.

මේ විජාතික (සොරි අවජාතක) අනේ සොරි... ජාතිකලු නේ....ආංඩුව ඔය වර්ජන වලට බය නැත.

ජේ.ආර්. මාමණ්ඩි 80 වර්ජනය කළ රජයේ සේවකයන්ට දුන්න දීම මතක නං මේ හු..... සොරි රාජ්‍ය සේවක පුතාල වර්ජනය කරන්න හිතන්නේවත් නැත.

කොහොමත් අගමැතිත්, සෞඛ්‍ය ඇමතිත් මේ කඩාකප්පල්කාරී වැඩ වලට ඉඩ දෙන්නේ නැති බව නං ෂුවර්ය. එහෙම නැතිව ආංඩු කරන්නට බැරිය. 

අයවැය හැදුවේ ආර්ථික විද්‍යාවේ පකීර් කෙනෙක්ය.

ඒ හංදා අයවැය යෝජනා එක එකාට ඕනෙ විදිහට වෙනස් කරන්නනං ආණ්ඩුවක් ඕනේ නැත.

අයවැය වෙනුවෙන් කොන්දේසි විරහිතව තප්පුලන්නට දාස පුතාත් ඉන්වාය. කවුරු කියන දේ ජනතාව ඇහුවෙ නැතත් දාස පුතා සිරසෙන් සද්දෙ දැම්මම ජනතාව පිළිගන්නවාය.

කොරල බලමුකො වර්ජන...
දෙන්නෙම නෑ ඉල්ලීම්.....


-සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා 



Monday 14 December 2015

තවමත් බම්බු ගහනවද ? බම්බුව තමයි.....





ජනාධිපති තවමත් බම්බු ගහනවද ? බම්බුව තමයි.....


අගමැති තවමත් බම්බු ගහනවද ? බම්බුව තමයි.....

http://otukatha.blogspot.com/2014/04/blog-post_12.html


ඇමතිනී තවමත් බම්බු ගහනවද ? බම්බුව තමයි.....

http://otukatha.blogspot.com/2015/12/blog-post_8.html



-සෙස්ස පස්සට ෴

Wednesday 9 December 2015

ඇමැටිතුමෝ.....ඉස්සෙල්ලාම H.I.V. ටෙස්ට් කරමුද...?



ඩුත් හාංදුරුවන්ගේය.

බඩුත් හාංදුරුවන්ගේය.

නැතෝ.......

ඩුත් දොස්තරගේය.

බඩුත් දොස්තරගේය.

මොකක්......??

බඩු ????? හෑ.....බඩුත්.....?

ඩුත් දත් දොස්තරගේය.

බඩුත් දත් දොස්තරගේය.

හුකෑස්.....

නඩුත් නැව්පතිගේය.

බඩුත් නැව්පතිගේය.

ප්‍රා....ග්‍රා....බිළාල....කහ......අමමෝ....බළල්ලු.....ප්‍රා...


http://otukatha.blogspot.com/2015/01/blog-post_25.html

විශ්වවිද්‍යාලෙ යද්දි නොවෙයි ගිහිං එද්දි අවයවේ ටෙස්ට් කරමුද?

අපේ කාලෙ එහෙම කළා නං අද ඉන්නෙ දත් දොස්තර නොවෙයි...

කොන්දොස්තර පරාජිත.......



ඉස්සෙල්ලාම පරාජිතලගෙ සෙට් එක චෙක් කරමුද
 උසස් පෙළයි, කැම්පසුයි ළමයින්ගෙ චෙක් කොරන්න කලිං...

HIV නැතිවෙන්න නං බෑ ඔන්න පොතේ හැටියට.

යහපාලනේට කෙලවන්නෝ...........

මරාගෙ කොන්තරාත්තුවක් වත්ද මංදා ආයිබං.....


-සෙස්ස පස්සට ෴

Tuesday 8 December 2015

තලතා නෝනේ රෙද්දක් ඇඳන් ද ඉන්නේ....





මැද පෙරදිග රටවලදී ගතවූ වසර පහක කාලය තුළදී

ශ්‍රී ලාංකීය කාන්තාවන් 199ක් ලිංගික අපයෝජනය

ලක්වූ බවට පැමිණිලි ඇතැයි විදේශ රැකියා 

ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය 

පාර්ලිමේන්තුවේදී ඊයේ (දෙසැ.07) ප්‍රකාශ කළාය.


මොවුන් අතරින් 91 දෙනෙකු සෞදි අරාබියේදීද, 

40ක්  කුවේට්හිදිද, 26 දෙනෙකු ජෝර්දානයේදීද,

කාන්තාවන් 17 දෙනෙකු එක්සත් ආරාබි එමීර් 

රාජ්‍යයේද, අපයෝජනයට ලක්ව ඇත. කටාර්හිදී

කාන්තාවන් 11ක්ද, ඕමාන් හිදී කාන්තාවන් 07

ක්ද, ලෙබනන් හිදී මෙරට කාන්තාවන් 03ක් ලිංගික

අපයෝජනයට ලක්ව ඇතැයිද ඇමැතිවරිය 

සඳහන් කළාය. 


2010 වර්ෂයේදී මෙරට කාන්තාවන් 57ක්ද, 2011 දී 

කාන්තාවන් 38ක්ද, 2012 දී කාන්තාවන් 46ක්ද, 

2013 දී කාන්තාවන් 40 ක් සහ 2014 දී කාන්තාවන් 

18ක් මැදපෙරගදී ලිංගික අපයෝජනයට ලක්ව 

ඇතැයිද ඇමැතිවරිය කීවාය. 








මාරයි.......අපේ රටේ කාන්චාවො 
අරාබියට වහල් කමේ යැව්වම 
අච්චර මෙච්චර 
චවරයට ලක් වෙනවජ මෙයා...අනේ 
පව්ව්ව්ව්.....නේජ..?

දැන් අපිට කියන්නෙ බම්බුවද ?

ඇමැති පුටුවෙ රෙද්දක් ඇඳගෙන ඉන්න ලැජ්ජ නැද්ද...නෝනේ...




-සෙස්ස පස්සට ෴






Monday 7 December 2015

ඇමැටිතුමෝ......ලබන දෙසැම්බර් හමුවෙමුද?





මුහුණු පොතේ මෙහෙම තිබුණ බොලල්ලා........







"නිළ ඇඳුම් ලබා ගැනීම සඳහා 
පිරිමි ළමුන්ට වවුචර දෙකක්දගැහැනු ළමුන්ට වවුචරයක්ද හිමි වේ. 
මේවා බෙදා හැරීමේ ක්‍රමවේදයේදී සෘජු  ලෙස වැයවෙන 
මුදල හා නිළධාරීන්ගේ මෙන්ම
ගුරුවරුන්ගේ ශ්‍රමය සඳහා මිල ගණනය කළ විට නිළ ඇඳුම් සඳහා දෙන 
සොච්චම් මුදල මෙන් කීප ගුණයක් බව පැහැදිලිය.


මෙන්න වැඩ කිඩ :-


* වවුචර් මුද්‍රණය හා අධ්‍යාපන දෙපාර්තමේන්තුව හරහා දිවයින

 
පුරා පාසල් වලට බෙදා දීම.

*
පංති භාර ගුරුවරුන් වෙත වවුචර් බෙදා දීම.

*
පංති භාර ගුරුවරුන් සියලුම වවුචර් අංක ලේඛන ගත කිරීම.

*
සෑම වවුචරයකටම විදුහල්පති හා උප විදුහල්පතිගේ අත්සන යෙදීම හා

 
මුද්‍රා දෙකක් යෙදීම. (ළමුන් දාස් ගණනක් සිටින පාසලක මේ 

සඳහා ගතවන කාලය සිතා ගැනීම ඔබට බාරය.)

*
එකිනෙක වවුචර් පංති භාර ගුරුවරයා මගින් දෙමාපියන්ට ලබා දීම

 ( මේ සඳහා දෙමාපියෙකු පැමිණිය යුතු අතර නොපැමිණි අය 
දුරකථන ඇමතුම් දී ගෙන්වා ගත් අවස්ථාද ඇත)

*
මීළඟ වාරය පටන් ගත් පසු මිලදී ගත් බව සහතික කොට 
වවුචර් කොටස් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට යැවීම.

*
බෙදා දුන් වවුචර් නිසි පරිදි, අක්‍රමිකතාවකින් තොරව 
ප්‍රයෝජනයට ගෙන ඇත්දැයි විගණනය කිරීම.

 (
දෙපාර්තමේන්තුවට මේ සඳහා කොපමණ කාලයක් හා  ශ්‍රමයක් වැය 
වෙනු ඇත්ද?)

*
කිසියම් දොසක් සිදු වී නම් විදුහල්පතිවරයාටත්

පංති භාර ගුරුවරයාටත් චෝදනා පත්‍ර ගොනු කිරීම හා නිසි පරීක්ෂණ  පැවැත්වීම.

*
වරදකරුවන් වෙතොත් දඬුවම් ක්‍රියාමාර්ග ගැනීම හා  අදාළ මුදල් අය කොට ගැනීම.

මේ වවුචර් එකෙන් රෙද්දක් ගන්න දෙමාපියන්ට අතින්  සල්ලි දාන්නත්
වෙනවලු නේද? එහෙම දාලත් ඹය සල්ලි වලින් ගන්න වෙන්නෙ 
බාළ රෙදිලු නේද?


මේව කොරන්න යන්නෙ ජාතික ධනය නොවෙයිද?

මේ අපතේ යන සල්ලි වලින් හොඳ රෙද්දක් දෙන්න බැරිද,


මේ වවුචර් බෙදා හැරීම එහැම පිටින්ම අසාර්ථක වැඩකි.  
මොන්ටිසෝරි තීරණයකි. එක්කෝ ඇඳුම් දීම නවතා දැමිය යුතුය. 

නැත්නම් නිකරුණේ  මුදල් හා ශ්‍රමය කා දැමීමේ තීරණ නොගත යුතුය.

"අපි ලබන පාරෙත් මේ විදිහටම වවුචර් දෙනවාය" කියාවිෂය බාර 
ඇමැත්තා පාර්ලිමේන්තුවේදී බිරුසන් දෙන විට ප්‍රශ්නයක්  
කළමනාකරණය කොට ගැනීමට ඇති නොහැකියාව පෙනේ."



පත්තර වල මෙහෙම කිබුණා නොවැ.

ඇමැටිතුමෝ......
ලබන දෙසැම්බර් වවුචර් එක්ක හමුවෙමුද?




ඇමැටිතුමාගේ පැටිකිරිය මෙතනින් බලන්න



මේවත් බලලම යමුද ආයිබං........







 -සෙස්ස පස්සට ෴