භිනවයෙන් පත්වූ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කැබිනට් මණ්ඩලයේ අධ්‍යාපන අමාත්‍ය ධුරය පිරිනමන ලද්දේ කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතාටය. 

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයෙකු(???) වන අකිල විරාජ් කාරියවසම් 2013 නීති විද්‍යාලයේ විභාග වංචාවට හසුවූ පුද්ගලයෙකි.

එවකට නීති විද්‍යාලයේ විදුහල්පති ධුරය හොබවන ලද්දේ රුද්‍රිගු නැමති අන්‍ත දූෂිත ජනාධිපති නීතිඥවරයාය. මෙහු නීති විද්‍යාලයේ විශාල දූෂණ අක්‍රමිකතා ප්‍රමාණයකට සම්බන්ධ වු පුද්ගලයෙකි. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් මොහුව නීති විද්‍යාලයේ විදුහල් පති ධුරයට පත් කරන ලද්දේ තම පුත් නාමල් රාජපක්ෂ හට කිසිදු බාධාවකින් තොරව නීති වීරෝධි ලෙස නීති විභගය සමත්වීම සඳහා පහසුකම් සලසා දිමටය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් නාමල් රාජපක්ෂ නීති විද්‍යාලයේ විශේෂ කාමරයක නීතිය පිළිබඳ කථිකාචාර්ය වරුන් දෙදෙනෙකුගේ සහය ඇතිව ලැප්ටොප් පරිඝනක භාවිතා කර විභාගයට පෙනී සිටිමින් නීති විරොධී ආකාරයට නීති විභාගය සමත් විය. මේ සඳහා සියලු පහසුකම් සපයා දෙන ලද්දේ මෙම දූෂිත විදුහල්පතිවරයා විසිනි. 

එසේම මොහු විසින් නාමල් රාජපක්ෂ නීතිවිද්‍යාලයට පැමිනීමේදි බුලත් අතක් දී පිළිගැනිම පුරුද්දක් කරගෙන සිටියේය.

රාජපක්ෂලාගේ සුවච කීකරු සට්ටැඹියකු වු මෙම රුද්‍රිගු නැමැත්තා විසින් නීති විද්‍යාලයේ තවත් බොහෝ අක්‍රමිකතා සිදුකරන ලදී. 

එනම් 2013 වර්ෂයේ මහත් ආන්දෝලයකට තුඩු දුන් නීති විභාග ප්‍රශ්න පත්‍ර පිටකිරීම හා ඒ හරහා එම වර්ෂයේ නීතිවිද්‍යාලයට මුස්ලිම් සිසුන් වැඩි ප්‍රමාණයක් ඇතුළත් කරගැනීමේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරන ලද්දේද එවකට අධිකරණ අමාත්‍යවරයා වූ රවුෆ් හකීම්ගේ උපදෙස් ඇතිව මොහු විසිනි.

මේ ආකාරයට නීති විද්‍යාලය තුළ විවිධ දූෂණ අක්‍රමිකතා සිදුකරමින් අන්ත දූෂිත ලෙස පරිපාලන කටයුතු සිදුකරගෙන යන මොහු 2013 වර්ෂයේ ඔක්තෝම්බර් මස පැවැති නීති අවසන් විභාගයේදි තම පුත්‍රයා ඇතුළු 16 දෙනෙකුට නීති විරොධී ලෙස විභාගය සමත්වීම සදහා පහසුකම් සැලසීම හේතුවෙන් නීති විද්‍යාලයේ විදුහල්පති ධුරයෙන් නෙරපා හරිනු ලෑබීය. 

එසේම එම සිසුන් 16 දෙනාදගේද විභාගය වංචාකිරිම හේතුවෙන් නීති විභාගය තහනම් කරන ලදී.

නීති විද්‍යාලයෙන් නෙරපන ලද රුද්‍රිගු ව මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපති ලේකම් කාර්‍යාලයේ උපදේශකයෙක් ලෙස පත්කරගත්තේය. 

මෙම විභාග වංචාවට හසුවු ශිෂ්‍යයින් 16 දෙනාගෙන් එක් පුද්ගලයෙක් තමයි අකිල විරාජ් කාරියවසම්.

අකිලට මෙම ක්‍රියාවලියේදි නාමල් රාජපක්ෂ විසින් උදව් උපකාර කරණ ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් අකිල විසින් නාමල් රාජපක්ෂ කිසිදු අවස්ථාවක විවේචනය නොකළේය.

මෙහිදී පොදු මහජනතාව වශයෙන් අපට ඇතිවන ප්‍රධාන ගැටළුව නම්.....
නීති විද්‍යාලයේ විභාග වංචාවකට හසුවූ තැනත්තෙකුට රටේ අධ්‍යාපනය භාරදීමෙන් යහපාලනය ඇතිකරන්නේ කෙසේද යන්නය.

රටේ ලක්ෂ 61 වු පොදු මහජනතාව ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය පිළිබඳ නැවුම් බලාපොරොත්තු ඇතිකර ගනිමින් මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත් කරගනු ලැබුවේ හොරුන්ගෙන්, දූෂිතයන්ගෙන්, වංචාකාරයන්ගෙන් තොර සමෘද්ධිමත් දේශයක් ගොඩනැගිම සදහාය.

එවැනි පසුබිමක් තුළ මෙවැනි වංචනිකයන් හට රටේ අධ්‍යාපනය වැනි භාරධුර වගකීමක් භාරදීමෙන් යහපාලනය ඇති කළ හැකිද? 


(උපුටනය  Lanka Real News වෙබ් අඩවිය)


 -සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා