Pages

Sunday 25 January 2015

යහ පාලනයට එක් වූ රාජිතගේ...... * ප්‍රා * ඝාතන පැටිකිරිය ඔන්න බොලේ එළියට ඇදිලා.....

ඔන්න සෙරන්ඩිබ් ඔටුවා මීට කලිං සිහිපත් කළ ප්‍රා ඝ්‍රා කාරයන්ගේ පැටිකිරිය. ආඬි හත් දෙනාගේ කැඳ හැළියේ කෙරුමෙක් නේද මේ....?




නපති විධායක බලතල අහෝසි කළ යුතු නැහැ. කළ යුත්තේ එය සංශෝධනය කිරීම යැයි තම මතයේ දැඩි ලෙස පිහිටා සිටින ජාතික හෙළ උරුමයට ඒ සඳහා සහයෝගය දක්වන්නේ රාජිත සේනාරත්න ඇමතිවරයා යි .

මෙසේ වන්නට හේතු කාරණා සොයා බැලීමේදී ජාතික හෙළ උරුමය සහ රාජිත සේනාරත්න අමාත්‍යවරයා අතර වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ ජාතික ගැටළු සම්බන්ධයෙන් විශාල මත ගැටුමක් පැවති අතර පසුව එය සමතයකට පත්කිරීමට මුල් වී ඇත්තේ රාජිත අමාත්‍යවරයාගේ පුත්‍රයා වන චතුර සේනාරත්නය. 

ඔහු අතුරලියේ රතන හිමියන්ගේ ‘පිවිතුරු හෙටක්’ සංවිධානයේ පුරෝගාමී පුද්ගලයෙකි. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කිරීමට මුල්ම සැලසුම සකසා පුරෝගාමී මෙහෙවර ඉටුකරන ලද්දේ මෙකී පිවිතුරු හෙටක් සංවිධානයයි.

දැන් සුහද මිතුරන්ව සිටිනා ජාතික හෙළ උරුමය හා රාජිත සේනාරත්න ඇමතිවරයා . හෙළ උරුමයට විධායකය රකින්නට උදව් කරන්නේ ජනපති මෛත්‍රිපාල සිරිසේනයන් ගේද අනුමැතිය ඇතිව බව එහි තතු දන්නෝ පවසන අතර එයට හේතුව ව ඇත්තේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විසින් සියලු විධායක බලතල අහෝසි කිරීමෙන් මෛත්‍රිපාල සිරසේන ජනපති වරායාව සිරිසඟබෝ කෙනෙකු කිරීමට යැයි අදහන්නෝ එය නොකරන මෙන්ද මෛත්‍රී ජනපතිට උපදෙස් දී තිබෙයි .

දැන් එය බොහෝ දුර ඇදෙමින් පවතින අතර අවසන හෙළ උරුමය පාර්ශවය ජය ගෙනු ඇතැයි පැවසේ . 

නුමුද එය මේ යහ පාලනයේ මෛත්‍රී රනිල් සුහදත්වයේ අවසානය විය හැකි බැවින් ශ්‍රීලනිපය ශක්තිමත් කිරීම සඳහා රාජිත සේනාරත්න ඇමතිවරයාව ශ්‍රීලනිප යේ මහ ලේකම් ධූරයට පත්කරන්නැයි හෙළ උරුමය විසින් මෛත්‍රී ජනපති ගෙන් ඉල්ලීමක් කර තිබෙයි .

එසේ රාජිත සේනාරත්න මහලේකම් ධූරයට පත්කරන්නේ නම් ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධානය යටතේ තරඟ කිරීමට ද ජාතික හෙළ උරුමය එකඟත්වය පලකර ඇත.

නමුදු එම යෝජනාව පිළිබඳ කාරණය සැලවීමත් සමග ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක පිරිසක් දැඩි ලෙස කලබලයට පත්වී ඔවුන් පසුගිය 22 දා රාත්‍රී තිලංග සුමතිපාල මහතාට අයත් කොල්ලුපිටියේ හෝටලයක දී රැස්වී දීර්ඝ වශයෙන් ඒ පිළබඳව සාකච්ඡා කර තිබෙයි .

එහිදී රාජිත සේනාරත්න පිළිබඳ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිංලග සුමතිපාලය. ඒත් එහිදී එම සාකච්ඡාවට සහභාගි වී සිටි සී.බී. රත්නායක හා ලසන්ත අලගියවන්න ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් එම යෝජනාවට බරපතල ලෙස විරෝධය පළකරමින් වත්මන් මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා තවදුරටත් මහ මහලේකම් ධූරය තබා ගත යුතු බව කියා තිබේ.

 එහිදී තවත් මන්ත්‍රීවරු පිරිසක් කියා ඇත්තේ පක්ෂයේ ජේෂ්ඨයෙකු වන ජෝන් සෙනෙවිරත්න මහලේකම් ලෙස පත්කිරීම වඩාත් සුදුසු බවයි.

මෙහිදී අදහස් දක්වා ඇති මන්ත්‍රීවරු කිහිප දෙනෙකු රාජිත සේනාරත්න යනු කලින් කලට පක්ෂ මාරු කළ පුද්ගලයෙකු බවත් එසේම ඔහු 88/89 භීෂණ සමයේ ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව ‘ප්‍රා’ නැමැති මිනීමරු කල්ලිය මෙහෙයවමින් තරුණ තරුණියන් විශාල ගණනක් මරා දැමූ පුද්ගලයා බව සඳහන් කර ඇත.

එසේම මීට කලකට ඉහතදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට කල් ඉකුත් වූ ඖෂධ සපයා වැරදිකරු වූ බවටත්, මන්ත්‍රීවරයෙකුව සිටිමින් රාජ්‍ය ආයතනවලට ඖෂධ සපයන ව්‍යාපාර කිරීමෙන් මන්ත්‍රීධූර අහෝසි වූවෙකු බවත් පවසමින් රාජිත මහලේකම් කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළහොත් මහින්ද රාජපක්ෂ මහතා සමග එක්වී තමන්ට වෙනත් පක්ෂයක් හැදීමට සිදුවන බව ද ඔවුන් මෙහිදී පවසා තිබෙයි.

උපුටා ගැනීම





-සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා



7 comments:

  1. මෙතන වැඩේ මේකයි.රාජිතල චම්පිකල මේ දවස් සීයට සැලකෙන්නෙ පුද්ගලයො විදියට නොවෙයි බලවේග විදියට.පාවෙන ඡන්ද ලෙස ඔවුන්ට බලපෑමක් කරන්න පුළුවන් වුනත් තමන්ගෙම කියල ඡන්ද පදනමක් නෑ.දවස් සීයෙන් පස්සෙ යූඇන්පී ශ්‍රී ලංකා විදියට බෙදෙනව.රාජිතලගෙ චම්පිකලගෙ බලපෑම ඉවරයි.
    විධායක බලතල රැකගෙන මේ තත්වය රැකගන්නයි ඕන.මේ කාලය පුළුවන් තරම් දික් කරගන්නට ඕන.හැබැයි මේ වසන්තය ඉවර වෙනව ඒක සහතිකයි.
    හේතුව මේකයි මේ අයම අවුලපු ගින්න දැල්වෙනව.එජාපය මේකට කැමති නැහැ.ජවිපෙ කැමති නැහැ.මහින්ද කියන පොදු සතුර පොර පිටියෙන් ඉවත්වූ නිසා ලඟදිම කට්ටිය එකිනෙකා හපාකන්න ගනීවි

    ReplyDelete
    Replies
    1. එතකොට අර බිහි කරනවයි කිව්ව යහ පාලනය ????

      Delete
    2. Anonymous19:17

      යහපාලනය බිහි කරන්නෙ ජනතාව. ඒකට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී රාමුව දැන් සකස් කරමින් පවතිනවා. රාජාණ්ඩුවක් යටතේ යහපාලනයක් හදන්න බෑ.

      Delete
    3. ධර්මිෂ්ඨ රාජ්‍ය වගේ වෙයි... බලන් ඉමු....

      Delete
    4. Anonymous23:47

      මහින්ද පරම්පරාව අයින් කල එකම මදිද යහ පාලනයට?

      Delete
    5. Anonymous07:21

      //එතකොට අර බිහි කරනවයි කිව්ව යහ පාලනය ????//

      ඒක බලාපං යහපාලනයට කඩේ ගිය එවුංගේ අම්මලාගේ රෙද්ද අස්සේ !!!

      Delete
  2. මට නම් මේ කතා විකාර වගේ. කොහොමත් මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් විකාර ගතිය මගහැරගන්න අවශ්‍ය ඖෂධ මේ පාලන තන්ත්‍රය ලබාදෙයි කියා හිතෙනවා.

    ReplyDelete