Pages

Friday, 23 January 2015

හොටු ගෑනි දී කැහි ගෑනි ගැනීම නොහාත් "මෛත්‍රී රෙජීමය" කරළියට...........

ලංකා ඊ නිවුස් වෙතින් උපුටා ගැණින.



(ලංකා ඊ නිව්ස් -2015.ජන.22, )

 ගොබ්බ ඥාති ඝනයා රටේ ප්‍රධාන වැදගත් ආයතන වල මුල් පුටු වලට පත් කර රටම විනාශ මුඛයට යැවූ රාජපක්ෂ රෙජීමය ජනවාරි 8 වෙනිදා දිනය තුල එළවා දැමූ මේ රටේ නිර්භීත විපාක්ෂික ජනතාව යළිත් ඒ විනාශ මුඛයටම ගොදුරු කිරීම මෛත්‍රීපාල සිරිසේන නව ජනාධිපතිවරයාද ආරම්භ කර තිබෙන වග සාතිශය සංවේගයෙන් වාර්තා කිරීමට සිදුව තිබේ.

ටෙලිකොම් සභාපති ධූරය වැනි, ව්‍යාපාරික සහ විද්‍යාඥ ඥානයෙන් යුත් නව යුගයේ ‘බරණ ගණිතයෙක්‘ අත රැඳිය යුතු අතිශය සංවේදී තනතුරකට මෛත්‍රීපාල සිරිසේන ගේ ගස් කපමින් සිටි ගොබ්බ මලයෙක් පත් කර තිබේ. පත්වීම සිදුකර ඇත්තේද මෛත්‍රී විසින්ම වීම කණගාටුදායකය.

පල්ලෙවත්ත ගමරාලලාගේ කුමාරසිංහ සිරිසේන නම් ටෙලිකොම් සභාපති ස්වීප් ටිකට් පත ලත් මේ පුද්ගලයා මීට පෙර 2006 වසරේ සිට රාජ්‍ය දැව සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළේය. 

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ තිබූ රාජ්‍ය ඉඩම් ටික මංකොල්ලා කෑම සඳහා  රාජපක්ෂලා විසින් ගොඩ නැගූ ඉඩම් ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන පුද්ගලික සමාගම නම් අර්ධ රාජ්‍ය සමාගමේ අධ්‍යක්ෂ වරයෙක් ලෙසද කටයුතු කළ මෛත්‍රීගේ මල්ලීට ඇත්තේ අතීතය සම්බන්ධ සුදු සහතිකයක් නොවේ. 

බලහත්කාරයෙන් සභාපති ආගාරයේ යතුර රැගෙන විවෘත කරවා ගත් කුමාරසිංහ තමා අද සිට ටෙලිකොම් සභාපති වූවා යැයි අනෙකුත් නිලධාරීන්ට දැනුම් දුන්නේය.

මොහු ජනාධිපතිගේ මල්ලී නිසා සභාපති ලේකම් ද ප්‍රධාන විධායක නිලධාරියාද ඉවසා ගනිමින් දැනුම් දී ඇත්තේ තමන්ට අගමැති රනිල් වික්‍රමසිංහ හෝ මුදල් ඇමැති රවි කරුණානායක හෝ ටෙලිකොම් නව ඇමැතිවරයා ලෙස පත් කළ මංගල සමරවීර හෝ මෙවැනි පත් කිරීමක් ගැන දැනුම් දී නැති බවයි. 

තමා ජනාධිපතිගේ මල්ලී යැයි ද ජනාධිපති ලේකම් තමාව ටෙලිකොම් සභාපති ලෙස පත් කර ඇතැයිද කුමාරසිංහ එවිට පැවසීය. එවිට එහි නිලධාරීන් සාමකාමීව තේරුම් කර දුන්නේ ටෙලිකොම් සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමට ජනාධිපති ලේකම්ට බලයක් නැති බවත් ටෙලිකොම් වැඩි කොටස් හිමි වන්නේ මහා භාණ්ඩාගාරයට නිසා මේ පත් කිරීම් සිදුකළ හැක්කේ නීතියේ හැටියට භාණ්ඩාගාර ලේකම් වරයාට බවයි. 

එහෙත් ඉන්පසුව  යළි පැමිණ නිල වශයෙන් පොල්තෙල් පහනක් දල්වා රාජපක්ෂලාටත් බණ කියන ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ද කැඳවා වැඩ බාර ගත්තේය. 

‘මල්ලීට මේ රජගේ අය්ය සැදූ‘ අද පැවැති මෙම නිල උත්සවයේ ප්‍රධාන චරිතයක්ව සිටියේ රාජපක්ෂලාගේ අංක එකේ සට්ටැඹියෙක් වූ කාලිංග ඉන්ද්‍රතිස්සයි. කාලිංග දැනට සිටින ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ වරයෙක් වන නමුත් වසර 4 ක් තිස්සේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් දෙක තුනකට වැඩියෙන් සහභාගී වී නැති නමුත් ටෙලිකොම් වියදමින් විදේශ සංචාර 50 ක් පමණ ගිය අයෙකි. 

මෙම උත්සවයට හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයෙන් කැපී යන අය සහභාගී වූයේ නැත. ඒ අතර ටෙලිකොම් හිටපු සභාපති නිමල් වෙල්ගම, ජයන්ත ධර්මදාස සහ චමල් පුත් චමින්ද රාජපක්ෂ විය.

සාමාන්‍යයෙන් කැපී යන අය නව සභාපතිගේ උත්සවයට නොපැමිණ සිටියදී කාලිංග ඉන්ද්‍රතිස්සගේ පැමිණීමෙන් ගම්‍ය වන්නේ නව අධ්‍යක්ෂ මණ්ඩලයටත් කාලිංගයා, මාඝ සේ ටෙලිකොම් දුෂ්ඨයෙක්ම වෙන බවයි.

ටෙලිකොම් ආයතනය තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යාංශයට අයත් විය යුතු වුවද නව අමාත්‍යාංශ බෙදීම් අනුව පත් කර ඇත්තේ විදේශ ඇමැති මංගල සමරවීර, හිටපු ටෙලිකොම් ඇමැතිගේ වගකීම් ධාරාවටය. 

සමරවීර ටෙලිකොම් ඇමැති වූවද එහි සභාපති කුමාරසිංහ පත් කරන බව වත් ඔහු දන්නේ නැත.  අනෙක් අතට ටෙලිකොම් සමාගමට සභාපති වරයෙක් පත් කළ යුතු නිල ක්‍රමවේදය ජනාධිපති ලේකම් අබේකෝන්ද දැන ගෙන සිට නැත. දන්නවා නම් ලියුමක් දී පියුං කෙනෙක් එවන්නා සේ සභාපති වරයෙක් එවන්නේ නැත. 


මේ සිදුවීමෙන් පසු මේ ඇරඹෙන්න යන්නේ ‘මෛත්‍රී රෙජීමය‘ විය හැකි යැයි සැක සිතෙන බැවින් ජනතාවට අවදියෙන් සිටින ලෙස  පූර්ව අනතුරු අැඟවීමක් කරමු.

ඉඟුරු ඇති මිරිස් එපාමයි..!


-සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා




8 comments:

  1. Anonymous15:49

    Janthawata kawadawath Sethak nati paatai !!!

    ReplyDelete
    Replies
    1. Janathawa sethak kara ganna hithanneth naha.
      Ehema uwamanawakuth naha neda

      Delete
  2. Anonymous20:29

    ලංකාවේ කිසිම දේශපාලුවෙකුගෙන් හොදක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. ඩී.බී. ඇරුනම අනිත් හැමෝම හොරු. නමුත් කොයි කෙරුම්කාරයත් වාර දෙකකින් ගෙදර යන්න ඕනේ.
    නමුත් මහින්ද සදාකල් ඒකාධිපති රෝල් එක ප්ලේ කරන්න හදපු නිසා අනිත් පැත්තෙන් ඉල්ලුවේ කවුරු උනත් ඔහුට ජන්දය දීලා මහින්දව ගෙදර යවපු එක හරි

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ කිසිම දේශපාලකයෙකුගෙන් හොඳක් බලාපොරොත්තු වෙන්න බැහැ කියන එක හරියටම හරිද කියල සැකයි.
      හැබැයි බොහෝ ධනපති පක්ෂ වල දේශපාලුවන් කිව්වොත් හරි වගේ...

      Delete
  3. ඒක එහෙමයි හැමදාම ජනතාවගේ බලාපොරොත්තු කඩ වෙන එක තමා වෙන්නෙ...
    මෛත්‍රී ආන්ඩුව ඉක්මනට ඉක්මණට ඇදගෙන නාන වග නං යසට පේනව..

    කෝ හැබැට අර රංජා ඈ

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ. ඒව ගැන නම්.

      Delete
  4. Anonymous15:34

    ඔටුවෝ, පහුගියකාලේ වෙච්ච දහසක් දේවල් ගැන එක අකුරක් නොලියපු උන්, දැන් එක පත් කිරීමක් ගැන පොස්ටුවක් ලියන්න තරම් දිරිමත් වීමෙන්ම රටේ නිදහස ගැන ඉඟියක් ලැබී ඇති බව නෙපෙනේද?

    ReplyDelete
  5. මේවා ගැන කතාකරන්න බැ , අ3ම්මෝ එතකොට කියන එව්වා

    ReplyDelete