Pages

Saturday 31 May 2014

විමල් වීරවංශගේ කැරැල්ල යන්නේ කොහිද.....?


“රාවය කර්තෘ කේ.ඩබ්ලිව්. ජනරංජනගේ මෙම ලියුං කරදහියෙ තියෙන කරුණු කාරණාවලට සෙරන්ඩිබ් ඔටුව ගෙඩි පිටින්ම එකඟ හංද ඔන්න වාලුකා සිතුවිලි වල පළකරන්න හිතුව.“

මැයි 21වැනිදා සවස පැවැති ආණ්ඩුවට එරෙහි විශ්වාස  භංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමේදී ඇමති විමල්  වීරවංශගේ හා චම්පික රණවකගේ ආණ්ඩු විරෝධය නැවතත් තහවුරු විය. ඇමතිවරුන් දෙදෙනාගේ පක්‍ෂ දෙකෙහි විසම්මුතිකයන් වන එල්ලාවල මේධානන්ද හිමි හා අචල ජාගොඩ ආණ්ඩුව සමග එක්ව ඡන්දය දුන් නමුත් ඇමතිවරු දෙදෙනා ඡන්දය දීමෙන් වැළකී සිටියහ. කැසිනෝවලට විරුද්ධ නමුත් ආණ්ඩුව කඩාවැටෙන නිසා හෝ එජාපය ගෙනෙන නිසා හෝ විශ්වාස භංගයට විරුද්ධ වෙනවාවැනි ඇමති වාසුදේව නානායක්කාර පන්නයේ තර්කයක් මත යෝජනාවට විපක්‍ෂ වීමට ඉඩ තිබුණත් වීරවංශ හා රණවක ඇමතිවරු දෙපළ එසේ නොකළහ. තමන් තවදුරටත් ආණ්ඩුවට එරෙහි අභියෝගයක් වන බව එයින් ඔවුහු තහවුරු කරති.

චම්පික රණවක ඇමතිවරයා කිසියම් ආකාරයක කල්බලද්දී මේ දිනවල වේගවත් ගමනක යෙදෙන්නේ ඇමති වීරවංශය. ඔහු ලැබෙන සෑම අවස්ථාවක්ම යොදාගනිමින් ආණ්ඩු විරෝධය ඉහළ තානයක පවත්වාගන්නට වෙරදරයි. එහි කෙළවර කෙබඳුද යන්න දැන් දේශපාලන සාකච්ඡාවල මුල්තැන ගත් මාතෘකාවයි.

වීරවංශ ඇමැතිවරයාගේ නාටකය ජනාධිපතිවරයාගේ තිර පිටපතක් අනුව සිදුවන බව ඒ ගැන වන ප‍්‍රසිද්ධ පැහැදිලි කිරීම වෙයි. රූපවාහිනී වැඩසටහනකදී ඒ ගැන විමසූ විට ඇමතිවරයා පිළිතුරු දුන්නේ තම ක‍්‍රියාවන් අනුව ඒ ගැන විනිශ්චය කරන ලෙසය.

අනෙක් පැහැදිලි කිරීම වන්නේ ආණ්ඩුවෙන් වෙන්වීමක් සඳහා ඇමතිවරයා සූදානම් වන බවය. කෙසේ වෙතත් දේශපාලන තීරණ සඳහා තර්කානුකූල අනාවැකි කීම අපහසු දෙයකි.

වීරවංශ මහතාගේ ආණ්ඩු විරෝධය ඔහු සමග සිටින ජාතික බලවේගවල අසහනයේ ප‍්‍රකාශනයකි. ඔහුගේ මතවාදී ගුරුවරයා වන වෛද්‍ය ගුණදාස අමරසේකර පසුගිය කාලයේ ආණ්ඩුව ගැන කළ විවේචන ඉතා කර්කශය.

මහින්ද රාජපක්‍ෂ බලයට ගෙනඑන්නට මහන්සිවූ ජාතිකවාදී බලවේග වත්මන් පාලන ශෛලිය නිසා කෙතරම් දුර්මුඛව හා කෝපයට පත්ව සිටින්නේද යන්න ඒ විවේචනවලින් පැහැදිලිව පෙනිණි. මේ විවේචනය දේශපාලන මාදිලියක් ලෙස ඉදිරියට ගෙනාවේ ඇමති වීරවංශය. තමන් ඇතුළු ජාතිකවාදී බලවේග ආණ්ඩුවෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න සිය දෙවැනි ජාතික සම්මේලනයේදී සම්මත කරගත් යෝජනා දොළහෙන් ඔහු කියාසිටියි.

සංක්‍ෂිප්තව ඒ යෝජනා මෙසේය. 

1. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත්කළ යුතුය. එය ලංකාවේ ඒකීයභාවය සනාථ කළ හැකි, බෙදුම්වාදය තීරණාත්මකව පැරදවිය හැකි, ජාතික සමගිය හා සංහිඳියාව තහවුරු කිරීමට සමත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් පුළුල් කරන සහ යහපාලනය තහවුරු කරන ජනතා හිතවාදී එකක් විය යුතුය. එහි පදනම බෞද්ධ පුනර්ජීවන කමිටු නිර්දේශ විය යුතුය.

2. 2014 ජිනීවා යෝජනාව අනුව ජාත්‍යන්තර යුද අපරාධ විමර්ශන යාන්ත‍්‍රණය සඳහා පත්කරනු ලබන කිසිදු ජාත්‍යන්තර ඒජන්තවරයකුට ලංකාවට ඇතුළුවීමට ඉඩ නොදිය යුතුය.

3. ජාත්‍යන්තර බලපෑම් මත කිසිදු නව විමර්ශනයක් හෝ පරීක්ෂණයක් ආරම්භ නොකළ යුතුය.

4. දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය ගැන කිසිම සාකච්ඡුාවක් නොකළ යුතුය. පහසුකම් සැලසීම සඳහා දකුණු අප‍්‍රිකාව හෝ කිසිදු බාහිර පාර්ශ්වයකට මැදිහත්වීමට ඉඩ ලබා නොදිය යුතුය.

5. බෙදුම්වාදී මතවාද පතුරුවන, ලංකාවට සතුරු ජාත්‍යන්තර සංවිධාන සහ පාර්ශ්ව සමග ගනුදෙනු කරන සහ තොරතුරු ලබා දෙන සියලූම අයට එරෙහිව නීතිය තදින් ක‍්‍රියාත්මක කළ යුතුය.

6. ආගමික සංහිඳියාවට හා ජනකොටස් අතර සමගියට එරෙහි වන කවර ස්වරූපයේ මූලධර්මවාදී සංවිධානයක් සම්බන්ධව වුව නීතිය ක‍්‍රියාත්මක කළ යුතුය.

7. රටේ මූල්‍ය සම්පත්වලින් සාධාරණ ප‍්‍රතිශතයක්, අලෙවි කළ හැකි පාරිභෝගික ද්‍රව්‍ය නිපදවීමේ කර්මාන්ත පද්ධතියක් ගොඩනැ`ගීම සඳහා ආයෝජනය කළ යුතුය. කිරිපිටි, සීනි සහ සහල්පිටි ආහාරවලට විකල්ප ලෙස ආනයනය කරනු ලබන ආහාර අධෛර්යවත් කළ යුතුය.

8. නිලධාරීවාදී ආර්ථික ඝාතන පියවර ආපසු හැරවීම මගින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වහා පියවර ගත යුතුය.

9. කැසිනෝ, ඔන්ලයින් සූදු සහ ආශ‍්‍රිත දුරාචාර ව්‍යාප්ත වීමට නොහැකි වන නීතිමය ප‍්‍රතිසංස්කරණ සිදුකළ යුතු අතර දුරාචාර ඇතුළත් කවර ආයෝජනයකටවත් බදු සහන ලබාදීම නොකළ යුතුය. 

10. චීනය සමග ආර්ථික සහයෝගිතාව ශක්තිමත් කළ යුතුය.

11. රටේ යහපාලනය තහවුරු කිරීමට සහ දූෂණ වංචා අවම කිරීමට පළමු පියවර ලෙස මහජන නියෝජිතයන්ගේ සහ උසස් රාජ්‍ය නිලධාරීන්ගේ වත්කම් බැරකම් ප‍්‍රකාශ බාධාවකින් තොරව  ඕනෑම අවස්ථාවක මහජනයාට ලබාගත හැකි ක‍්‍රමවේදයක් සකස් කළ යුතුය. 

12. පාතාලය කරන මහා පරිමාණ අපරාධ මැඬලීමට පොලීසිය සහ හමුදාව ඒකාබද්ධව කාර්යක්ෂම යාන්ත‍්‍රණයක් පිහිටුවිය යුතුය. වැරදිකරුවන්ට මරණ දඬුවම දිය යුතුය.
මෙයින් අංක 2,3,10

12 වැනි යෝජනාවලට හැර අනෙක් ඒවාට ආණ්ඩුවෙන් විශේෂ අවධානයක් යොමුවනු ඇතැයි ප‍්‍රායෝගිකව සිතිය නොහැකිය. ජාත්‍යන්තර පරීක්‍ෂණයකට විරුද්ධ වීමට ආණ්ඩුව දැනටමත් තීරණය කොට ඇති අතර, අලූත් පරීක්‍ෂණද ආරම්භ නොකරනවා ඇත. චීනය දෙසට වන නැඹුරුව තවත් තහවුරු වනවා ඇත. අපරාධකරුවන්ට නඩු නොකියාම මරණ දඬුවම දීම දැනටමත් පොලිසියට භාර දී තිබේ.
ඉතිරි යෝජනා ක‍්‍රියාත්මක කිරීම කෙසේ වෙතත්, යෝජනාවලින් තුනෙන් එකකට ආණ්ඩුවට අවුලක් නැතිව කැමති විය හැකිය. ඇමති වීරවංශ වරෙක කීවේ තම යෝජනාවලියෙන් කිහිපයක් හෝ ඉටුකිරීමට රජය කැමති වන්නේ නම් සෑහීමට පත්වීමට තමා සූදානම් බවය.

ඒ සෑහීමට පත්වීමට අවශ්‍ය පරිසරය පසුගියදා මහනාහිමිවරුන් හමුවීමට ගිය අවස්ථාවේදීද උපුටා දක්වනු ලැබීය. ආණ්ඩුවෙන් වෙන්ව නොයන ලෙසත්, ආණ්ඩුව තුළම සිට එය හදාගැනීමට විවේචනය කරන ලෙසත් මහනාහිමිවරුන් ඇමතිවරයාගෙන් ඉල්ලූ බවට වූ පුවත්වලට විශාල ප‍්‍රචාරයක් ලබාදෙන ලදි.

ඊට ඇමති වීරවංශගෙන් ලැබෙන ප‍්‍රතිචාරය බොහෝ විට මම යන්න හදනවා- මට එපා කියනවා- මම නොයා ඉන්නවාපන්නයේ එකක් විය හැකිය.

ආණ්ඩුවෙන් පිටතට ගොස් වැඩකිරීම ඇමතිවරයාට පහසු එකක් නොවනු ඇත. බලවත් අධිෂ්ඨානය, නොනැවතී කැපවී වැඩකිරීම හා මහජන සන්නිවේදනයෙහි හැකියාව වැනි සූර ධනාත්මක ලක්‍ෂණවලින් හෙබියේ වුවද වීරවංශ ඇමතිවරයාට ස්වාධීන දේශපාලන පැවැත්මකට ඇති හැකියාව ඔහුගේ ජාතික නිදහස් පෙරමුණේ වත්මන් සීමාවෙන් නවතිනු ඇත.

දේශපාලන තීක්‍ෂ්ණ භාවයකට ගෙනයන සංවාදයක් හෝ මතවාදී පෙළඹවීමක් පක්‍ෂයෙන් ඔහු වෙත නොලැබෙයි. එහි සිටින්නෝ, ඇමති වරයාගේම කතා පුනරුච්චාරණය කරන, ඔහුගේ අමාත්‍යාංශයේ විවිධ තනතුරු නිසා ජීවත්වන සුළු පිරිසකි.

පක්‍ෂයට පිටින් සිටින ඔහුගේ දේශපාලන ගුරුවරයා වන ගුණදාස අමරසේකරගේ මතවාදී ආකල්පද දැන් ලංකාවේ දේශපාලන අහසෙන් බැස යමින් තිබේ.

මීට කාලයකට පෙර ඔහුද නියෝජනය කළ ජාතික චින්තන මතවාදය සමග එක්ව සිටි බොහෝ දෙන දැන් ඔහුගෙන් වෙන්වී ඇති අතර, ඒ සමහරු දැන් ඔහුගේ බලවත් විවේචකයන් බවට පත්ව සිටිති. අමරසේකරගේත්, වීරවංශගේත් මැදිහත් වීමෙන්, මතවාදී හා ලේඛන දායකත්වයෙන් පසුගිය කාලයේ එළිදක්වන ලද බෞද්ධ පුනර්ජීවන කමිටු වාර්තාව පෙන්වන චින්තනමය දුගීභාවය ඔවුන්ගේ ආකල්පවල යල්පැන ගිය බවට හා අන්තවාදීභාවයට හොඳම උදාහරණය ය. ලංකාව වැනි රටක් අද මුහුණ දෙන ප‍්‍රධාන ප‍්‍රශ්නවලට යථාර්ථවාදී පසුබිමක වූ කිසිදු විසඳුමක් එම වාර්තාවේ නොදැක්වෙයි. එවැනි කමිටු වාර්තාවක් පදනම් කරගෙන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරන ලෙස වීරවංශ ඇමතිවරයා කරන යෝජනාව එනිසාම නුසුදුසු එකක් වෙයි.

අනෙක් අතට ඔහුට මේ සියල්ලේ කර්තෘ වන ජනාධිපතිවරයා ගැන කිසිදු ඍජු විවේචනයක් නැත. මුදල් අමාත්‍යාංශ ලේකම් පීබී ජයසුන්දර ගැන වන ඔහුගේ දිගුකාලීන විවේචන කෙතරම් කර්කශ වුවත්, ලේකම්වරයා පත්කරන්නේ ජනාධිපතිවරයා විසින් වන බැවින් ඒ විවේචනයට පැහැදිලි සීමාවක් තිබේ.

කැසිනෝ විරෝධය ගත්තද, ප‍්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ධම්මික පෙරේරා ලංකාවේ අංක එකේ කැසිනෝ ව්‍යාපාරිකයකු වන බව සැලකූ කල එම විරෝධයටද සීමාවක් සලකුණු වෙයි. ධම්මික පෙරේරා වැනි කැසිනෝකාරයකු ලේකම්ධුරයට පත්කර ඇත්තේද ජනාධිපතිවරයාය.

ඉදිරි ජනාධිපතිවරණයකදීද මහින්ද රාජපක්‍ෂ මහතා හැර කිසිම සුදුස්සකු විමල් වීරවංශ මහතාට නොසිටිනු ඇත. ආණ්ඩුවේ දිගටම සිටුයේ වුවද, ඉවත්ව ගියේ වුවද ඊට වෙනස් දෙයක් ඔහුගෙන් බලාපොරොත්තු වීම අප‍්‍රායෝගිකය.

එහෙත්, ඇමතිවරයාගේ විවේචනය විසින් මේ මොහොතේ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ සුදු පිරුවටය කිලිටි කරන බවත්, ජනාධිපතිවරයාට තිබෙනවා යැයි කියන බලවත් ආධිපත්‍යය දුර්වල කරන බවත්, ආණ්ඩුවේ අවසානයේ ආරම්භය සංකේතවත් කරන බවත් නම් පැහැදිලිය. වීරවංශ ඇමතිවරයාගේම වචන වලට අනුව එය මෙසේය. කොහොමටත් මේ ආණ්ඩුව ටික කලකින් වැටෙනවා. අපි හිටියත් වැටෙනවා මේ විදියට ගියොත්.ඇමතිවරයාගේ යෝජනාවලට ආණ්ඩුව යහපත් ප‍්‍රතිචාරයක් නොදක්වන තත්ත්වයකදී මේ වැටීම වහාම සිදුවන බව ඒ වචනවලින් කියැවෙයි.

ඔහුගේ සමහර විවේචනාත්මක තර්ක ආණ්ඩුවෙන් පිටත සිටින විවේචකයන්ගේ තර්ක සමග සමපාත වෙයි. එහෙත් ඔහු නොකියන තවත් විශාල ප‍්‍රමාණයක් වූ විවේචන තිබේ.


මේ සියල්ල එකට ගෙන ආණ්ඩු විරෝධයක් තනාගන්නේ කෙසේද යන්න සිතාබැලිය යුතු වන්නේ විපක්‍ෂයයි.

-කේ.ඩබ්ලිව්. ජනරංජන
කර්තෘ
රාවය 


-සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා  








Friday 23 May 2014

පට්ට සිරා කියුට් වලට ඇඳ ගැනීම සහ ඇදගෙන නෑම


න්තර්ජංජාලයේ සැරිසරන ඇත්තන්ගෙන් ෆේස්බුක් ගිණුමක් පවත්වගෙන යන්නැති එකෙක් හොයා ගන්න බැරි තරම්.

ෆේස්බුක් එක ඒ තරමටම ජීවිතවලට බද්ධ වෙලා නොවෙන්නං.

කන්න ගියත්, නාන්න ගියත්, නිදාගන්න ගියත්, නිදිවදින්න ගියත් කොම්පියුටරයෙන් නැතත් ජංගම දුරකතනයෙන් ෆේස්බුක් එකත් එක්ක ගනුදෙනු කරන එක ඉට්ටැයිල් එකක් වෙලා.

දැන් දැන් ෆේස්බුක් එක හරවත් සංවාද වලට යොදාගන්නව වගේම අමුම අමු ගොංපාට් වලටත් තෝතැන්නක් වෙලා නොවැ බොලල්ලා.

තම තම නැණ පමණින් කිව්වලුනෙ. ඒ හංද මේ ගැන දොසක් කියන්න ඔටුව කැමති නෑ ඕං.

ඒ වුණාට ඔය ගොංපාට් අතරතුරේ අපුරු කොමෙන්ට්, ලයික් පේන්න ගන්නව.

සමහරු තමන්ගෙ රූපෙ දාගෙන ඒකට ලයික්, කොමෙන්ට් වැටෙන කල් බලා ඉන්න බව පේනව.

ලස්සණ හැඩරුව ෆොටෝවලට වගේම අජූව ඒවටත් නියමයි/පට්ට්/සිරා/ කියුට්/වාව් වගේ කොමෙන්ට් වැටෙද්දි අපට පුකෙනුත් හිනා යනව. නැද්ද ආයිබං....

මේවට ඇඳගන්නව මදිවට ඇදගෙන නාන එක දැක්කම පව්ව්ව්ව්.....කියලත් හිතෙනව.

ඔන්න ඔටුවගෙ ඇහැ ගැහිච්චි ඒ වගේ කොමෙන්ට් ටිකක්.


Top of Form
·         
nice pic
20 hours ago · Like · 1
·         
kalathmakai
20 hours ago · Like · 1
·         
 Soo nice .. **** cute...
20 hours ago · Like · 1
·         
Rukmani devi,,,,ape
20 hours ago · Like · 1
·         
 Nice,,,,,,,, mal waththak wagei,,,,,,,, really nice photo!!
20 hours ago · Like · 1

 Thank you all
20 hours ago · Like · 1






















·      



   
 wow lassanai
19 hours ago · Like · 1
·         
 Lassanai akkee
19 hours ago · Like · 1
·         
 harima lassanay. katada ithin adambara 
19 hours ago · Like · 1
·         
 nice one akka
18 hours ago · Like · 1
·         


·         
 Beautifull ane!!!
·         

 Wooow niliyak wage lassanayi akkooo...
3 hrs · Like

·         
 Nice one akkiyoo
2 hrs · Like · 1

·         
 woww lassanai
2 hrs · Like · 1
·         
 Thank u all
2 hrs · Like


·         
 ලස්සනයි මෙයා....
2 hrs · Like
·         
 wowwwwwwwwwwwwww kellek wage 
1 hr · Like

·         
wooowwwww.
 Cute..
·         
Looking nice
·         
appe meyage lassana.... koheda me.............. godak lassanai
















·         
 hi very beautiful

 Mmmm aththatama lassanaine.
3 hrs · Like · 1
·         

 Shaaaaaaaaaaaaa marune
3 hrs · Like · 1
·         

 Ne ne mama holen ummah dunne...lol
3 hrs · Like · 1
·         
 ලස්සනයි
2 hrs · Like · 1

 wooww akki ..lassanai.. 
























පට්ට...........
  
සිරා............

නියමයි.......

Cute..

ලස්සනයි මෙයා....

වගේ බොරු මායම් වලින් අන්දන්නෙ නැතිව
ඒවයින් ඇන්දිලා ඇදගෙන නාන්නෙ නැතිව
පෙනෙන්න තියන දේ කෙලින් කියන කොට පොන්න ලිලාවෙන් ඇඹරෙන්නෙ නැතිව
විවේචන සිහි බුද්ධියෙන් බාරගෙන
නිකං බොරුවට උඩු බුරමින් වල්ගය උස්සා සෙට් එක ලෝකෙට පෙන්නන්නෙ නැතිව
ෆේස්බුක් එක අර්ථවත් විදිහට පාවිච්චි කරමුද.....?







-සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා