Pages

Saturday 15 April 2017

කුණු කන්දේ චම්පික

2016 ඔක්තෝබර් 08 දා "සත්හඬ" පත්තරේ ලිපිය 


චම්පික ඉසුරු කුණු කන්ද උඩ සටනක


මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කිරීමට ඉදිරිපත් වී ඇති ව්‍යාපෘතියක් හේතුවෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ බරපතළ මත ගැටුමක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ.



විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට විදේශීය සමාගමක් සම්බන්ධ කර ගනිමින් මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කිරීම සඳහා අදාළ ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය විසින් වන අතර මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙම යෝජනාවට අනුමැතිය ලබා නොදීම මෙම මත ගැටුමට ප්‍රධාන හේතුව වී තිබේ.
අප වෙත වාර්තා වී ඇති එම සිදුවීම මෙසේය.
මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කිරීමේ කටයුත්ත සම්බන්ධව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය විසින් එස්.ජේ.පී. ටෙස්ට් එනර්ජි නම් බ්‍රිතාන්‍ය සමාගම ඉදිරිපත් කළ ව්‍යාපෘති යෝජනාවක් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇත. එම ව්‍යාපෘති යෝජනාවට අනුව අදාළ සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 30 කට මීතොටමුල්ල කුණු කන්ද වසර 4ක් තුළ මුළු මනින්ම ඉවත් කිරීම භාර ගැනීමට සූදානම්ය. ඒ වෙනුවෙන් අවශ්‍ය යන්ත්‍ර සවි කිරීම සඳහා කුණු කන්ද ආසන්නයෙන් පර්චස් 60ක ඉඩමක් ද රජයෙන් ලබා දිය යුතුය. එසේම මෙම කුණු ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් අනතුරුව විදෙස් ගත කිරීමට අදාළ සමාගම බලාපොරොත්තු වන අතර එම ප්‍රතිචක්‍රීකරණය කළ කුණු ආශ්‍රිත නිෂ්පාදන විකුණා එම ආදායමින් කොටසක් ද පෙරළා රජයට ගෙවීමට සූදානම් බව ද සමාගම යෝජනා කර ඇත.
මෙම යෝජනාව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඒ පිළිබඳ සිහිකැඳවීම් කිහිප වාරයක් සිදු කර ඇතත් ඊට ප්‍රතිචාර ලැබී නොමැත. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු විමසීම වෙනුවෙන් අප බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇමතූ නමුත් ඔහු අප හා සම්බන්ධ වූයේ නැත.
මේ අතර ව්‍යාපෘති යෝජනාව සිදු කර ඇති සමාගම මේ සඳහා සවි කිරීමට නියමිතව ඇත්තේ ඊකමැ ඨරදමච හී ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රයක් වන අතර එම එක් යන්ත්‍රයක මිල ඇමරිකානු ඩොලර් මිලියන 10ක් පමණ වන බව ද අප වෙත වාර්තා වී ඇත. එසේම අදාළ සමාගම පර්චස් 60ක් මේ ව්‍යාපෘතිය වෙනුවෙන් ඉල්ලා සිටියත් ඒ වෙනුවෙන් අක්කර 04 ක අවම භූමියක් අවශ්‍ය බව ද දැනගන්නට ඇත.
කෙසේ නමුත් මෙම ව්‍යාපෘති යෝජනාව පෞද්ගලික මට්ටමේ යෝජනාවක් බවත් අවම වශයෙන් ව්‍යාපෘති යෝජනාව ගෙනැවිත් ඇති සමාගම පිළිගත් එකක් නොවන බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. එසේම ඇමරිකානු ඩොලර් මිලියන 30 ක් තරම් විශාල ගනුදෙනුවක් සිදු කිරීමට තරම් විශ්වසනීයත්වයක් නොමැති සමාගමක් සම්බන්ධ කරගැනීම පවා තම අමාත්‍යාංශයට ගැටලුවක් බව පෙන්වා දෙන එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ අදාළ සමාගම විසින් ඉදිරිපත් කර ඇති සමහර කොන්දේසි පවා සැක සංකා මතු කරන බවය. ඔවුන් එහි දී විශේෂයෙන් පෙන්වා දෙන්නේ එක් රටක කසළ විදෙස්ගත කිරීම ජාත්‍යන්තරව තහනම් කර ඇති පසුබිමක අදාළ කසළ විදේශයන් වෙත ගෙන යන බවට අදාළ සමාගම පවසා ඇත්තේ ඒ කෙසේද යන්න ගැටලුසහගත බවය.
මේ සම්බන්ධව අප නාගරික සංවර්ධන අධිකාරියෙන් විමසීමක් කළ අතර එහි දී එහි අධ්‍යක්ෂ ජනරාල් සුමේධ රත්නායක සඳහන් කර සිටියේ අමාත්‍යාංශය විසින් අනුමත කරනු ලබන යෝජනාවක් ඇත්නම් තමන්ට ගැටලුවක් නැති බවය. එසේම කිසියම් සමාගමකට අක්කර කිහිපයක භූමියක් අවශ්‍ය නම් ඒ වෙනුවෙන් ඉඩ ගැනීමට සිදු වන්නේ කසළ ඇති ප්‍රදේශය වෙතින්ම වන බව ද ඔහු සඳහන් කර සිටියේය.
මේ අතර අප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයාගෙන් විමසූ අවස්ථාවේ දී ඔහු සඳහන් කර සිටියේ මීතොටමුල්ල කුණු කන්ද සම්බන්ධව තීරණ ගැනීමට අයිතියක් පළාත් සභාවට නොමැති බවත් එය නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමියක් වන බවත්ය. එසේම ඩොලර් මිලියන ගණන් වියදම් වන ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් පටිපාටි අනුගමනය නොකර තීන්දු ගැනීමට හැකියාවක් නැති බවත් කවුරුවත් ගෙන එන විදෙස් සමාගම් වෙත මෙරට ධනය නිකරුණේ වැය කිරීමට තම ආණ්ඩුව කටයුතු නොකරන බවත් ඔහු පැවසීය.
එසේම තවදුරටත් මරික්කාර් මන්තී‍්‍රවරයා සඳහන් කර සිටියේ “අගමැතිවරයා ඔය කුණු කන්ද සම්බන්ධව පැහැදිලි උපදෙස් නිකුත් කරලා තියෙනවා. මුලින්ම අපි තවදුරටත් ඒ වෙත කුණු නොදා සිටීමට කටයුතු කළ යුතුයි. ඒ වගේම අපි පොරොන්දු වූ විදිහට ඉදිරියේ දී මේ ප්‍රශ්නය විසඳනවා. දැනටත් මේ කුණු තාක්ෂණය යොදාගෙන ප්‍රතිචක්‍රීකරණය කරනවද, නැත්නම් වෙනත් ප්‍රදේශයකට යොමු කර ඉන් අනතුරුව ප්‍රතිචක්‍රීකරණය කරනවද කියන කාරණය සලකා බලමින් ඉන්නෙ. අනිවාර්යයෙන් අපි එය විසඳනවා. ඒ නිසා අර කලින් ආණ්ඩුව කළා වගේ නාස්තිකාර වැඩවලට කවුරුත් යන්න ඕන නෑ” කියාය.
මේ අතර අප මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියකු ඇමතූ අතර ඔහු සඳහන් කර සිටියේ අදාළ ව්‍යාපෘති යෝජනාව පිළිබඳ නිල වශයෙන් කිසිවක් තමන්ට ප්‍රකාශ කළ නොහැකි බවය.
කෙසේ වුවත් අක්කර 19ක් පුරා විසිරී ඇති ටොන් ලක්ෂ 4 ක් පමණ වන කුණු කන්ද හෙට දිනයේ ද මෙසේ පවතින අතර ඒ විසඳීම වෙනුවෙන් වන ගැටීම්වල අඩුවක් නැත.
- සංජය ලියනගේ

Saturday 1 April 2017

ජංගිය පාත් කර ගැනීම

ජංගිය පාත් කර ගැනීම කිව්වට මෙතන තියෙන්නෙ ඊට එහා බරපතල කාරණයක්.

ජංගිය පාත් කර ගත්ත නං මදැයි. 

ගෑනු ළමය ජංගිය පාත් කරගෙන පිරිමි ළමයගෙ අත තමන්ගෙ චූ   පැත්තට තියල තද කරගෙන පිරිමි ළමයගෙ තොල් හපා ගෙන ඉන්නව පංතියෙ අනෙක් ළමයි එබි එබි බලනව.

එසේ මෙසේ නොවෙයි දෙකේ පංතියෙ.

මේ බ්ලොග් එක ලියන්නෙ හරිම කම්පාවකින්.  මේ වයසට ඔටු පැටව් වත් නොකරන වැඩක්.

ඒත් අද දවසෙ ළමා මානසිකත්වය වෙනස් වී ඇති හැටි හෝ වැරදි දේට ළමයින් හුරු කොට ඇති බව තමයි මේ සිද්ධියෙන් පේන්නෙ.

කතාව මේකයි.

දෙකේ පංතියෙ ටීචර් උදේ පංතියට යද්දි ළමයි සේරම  අල්මාරිය පිටි පස්සට එබී ගෙන ඉන්නව දැක්ක.

ටීචර් සද්ද නැතිව ගිහිං බැලුව.

එතකොට දැක්ක දසුන තමයි ඔය ලිව්වෙ.

ටීචර් කලබල නොකර ළමයින්ව පංතියෙන් ඉන්දුව.

ඒත් අර දෙන්න එහෙමමයි.

පිරිමි ළමය ගැලවිලා එන්න දඟලනව. ගෑනු ළමය තද කරගෙන ඉන්නව.

එක්කෝ මේ පුංචි දරුව දැක්ක දෙයක් අත් හදා බලනව. නැත්තං වැඩිහිටියෙක් දරුව අපචාරයට පුරුදු කරල.

කොයික වුණත් දෙමාපියන් දරුවන් ගැන වැඩියෙන් සැලකිලිමත් වෙන්න ඕනෙ කියල තමයි කියන්න වෙන්නෙ.

ලොකු පංතියකදි නොවේ.

දෙකේ පංතියෙදි.

සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා