Pages

Saturday 19 July 2014

'රටවිරුවන් ' කියා අන්ද අන්ද විදෙස් ශ්‍රමිකයන්ගෙන් කප්පං ගන්නා රටකරවන්නෝ.....


'රටවිරුවන් ' කියා අන්ද අන්ද 
විදෙස් ශ්‍රමිකයන් ගෙන් කප්පං ගන්නා 
අපූරු ඩබල....
(විශ්‍රාම වැටුප් දෙන්න කලින් රට යනකොට 
බලහත්කාරයෙන් මංකොල්ල කෑම නවතනු...!)

සිරි ලංකාවෙ ආර්ථිකය වැඩිවශයෙන් රඳා පවතින්නෙ මැද පෙරදිග ඇතුළු විදෙස් රටවල් රාශියක රැකියා සඳහා රටින් පිටව ගොස් ඇති ශ්‍රමිකයන් උපයන ආදායමින්.

2013 වසර තුළ රුපියල් කෝටි අසූදහසකට ආසන්න වාර්තාගත ආදායමක් රටට ලැබී තිබෙනව. 
2012 වසරේ දී විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලැබුණු ආදායම රුපියල් කෝටි හැටඅටදහස් දෙසීයක් පමණ වෙනව. 
2011 වර්ෂයේ එම ආදායම රුපියල් කෝටි පනස්දහසක්. 
2010 වර්ෂයේ රුපියල් කෝටි හතළිස්දහසක්. 

කොහොමද වැඩේ. 

ටම ජොලි කරන්නෙ වැඩි වශයෙන් සිරි ලංකාවෙ කාන්තාවො දහදුක් විඳල, කඹුරල, ඇට මස් ලේ පූජා කරල හරිහම්බ කරන සොච්චං මුදලෙන්.

තනි තනිව ගත්තම මුදල සොච්චං වුණාට රටක් විදිහට ගත්තම විශාල මුදලක් බවට පත් වෙන්නෙ ඒ දශලක්ෂ ගාණක් ශ්‍රමිකයින් රට රටවල දුක් විඳින හංද නොවෙන්නං.

මෙතරම් විශාල ආදායමක් ලැබීම ගැන අදහස් දක්වන මහ බැංකුවේ හිටපු ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂවරයෙක් පත්තරේකට කියා සිටින්නේ රණවිරුවන් තිස් වසරක් පැවැති යුද්ධයෙන් රට ගලවා ගත්තා මෙන්ම විදෙස්ගත ශ්‍රමික 'රටවිරුවන්' මෙරට ආර්ථිකය ගොඩනගමින් රටට වැඩිම ආදායමක් ලබාදී ආර්ථික යුද්ධයෙන් රට ගලවා ගන්නා බවයි.

'රටවිරුවන්' කියල පට්ටං දුන්නට මේ උදවියට ආංඩුව සලකන්නෙ අන්තිම පහත් විදිහට.

මොනාත් ඕනෙ නෑ. ඔය ඉහළින් තියෙන දැන්වීම කියෙව්වම තේරෙනව පිට රටවල රස්සාවට එන ඇත්තන්ව, ඇත්තියන්ව නොහොමද ආංඩුව සූරාකන්නෙ කියල.

කප්පං ගන්නෙ කියල.

මේ කපපං ගත්තට රටයන ඇත්තන්ට ලැබෙන කෙං ගෙඩියක් නෑ. 
ප්‍රතිලාභයක් නෑ.

අඩුම තරමෙ කරදරේකදි හොයල බලන්නෙවත් නෑ.

පත්කොරල ඉන්න නිළමෙලත් වෙන වෙන ජවුසං නටනව මිසක්කා මේ ශ්‍රමිකයින් දිහා ඇහැක් ඇරල බකන්නෙ නෑ. තමන් ඉහළ මට්ටමේ පඩිනඩි අරං යෙහෙන් වැජඹෙන්නෙ මේ ශ්‍රමිකයන්ට පිං සිද්ධ වෙන්න නේද කියල නිලධාරීන්ට නිකමටවත් හිතෙන්නෙ නෑ....

මේව ගැන නං මොනවට අටුවා ටීකාද...

ඔය පත්තරවල හැමදාම කියවන්න ලැබෙන්නෙ.

මෑතක් වෙන කල් මේ සල්ලි ගුවන් තොටුපොළේදි ගෙවන්න පහසුකං සලසල තිබුණ.

දැං ඒකත් නවත්තල විදේශ සේවා කාර්යංශෙ තියෙන තැනක් හොයාගෙන යන්න වෙලා.

යන්තං අවුරුද්දකට දෙකකට පස්සෙ නිවාඩුවකට ගියාම පලයල්ලකො මුංගෙ රැස්පොට් බලන්න.

මේ සල්ලි ගෙවන්න විදේශ සේවා කාර්යංශෙට ගියාම ලකන්නෙත් 

බල්ලන්ට වගේ...මහම මහ කරදරකාරයන්ට 

වගේ...කියල ළඟදි සිරි ලංකාවට ගෙහුං ආව සෙරන්ඩ්බ්ඔටුවගෙ මිත්‍රයෙක් කිව්ව ඕං....

මේ කප්පං පිදීමෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවද කියල පිළිගැනීමේ යෙදිල ඉන්න මානවිකාවකගෙන් අපේ මිත්‍රය ඇහුවම උන්දැ තුෂ්නිම්භූත වෙලා වගේ බලං ඉඳල කිව්වලු අනේ එහෙම දෙයක් ගැන නං මං දන්නෙ නෑ කියල...

මිත්‍රය කටපියා ගෙන සල්ලි ගෙවල එන්න ආවලු. නැත්තං මුං ටික එයාර් පෝර්ට් එකේ රැකං ඉඳල රට යන්න දෙන්නෙ නැතිව කුදලගන්නවනෙ.
ඔටුවත් ළඟදිම සෙරන්ඩ්බ් දේසෙ පැත්තෙ නිවාඩුවකට යන හංද ඔය විදේශ සේවා

 එකේ පිං බතාලට කණේ ඇඟිලි ගහගන්න කියල එන්නයි හිතං ඉන්නෙ...

අනේ හැබෑටම ආංඩු කරන එකාලට ලැජ්ජාවක් නැති හැටි බොලල්ලා....



'රටවිරුවන්' බාර ඇමැත්තයා       'රටවිරුවන්' බාර  සබාපතියා                          



-සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා


Saturday 5 July 2014

මුස්ලිම් ජනගහනය ඇත්ත හා බොරුව



විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ රාවය 
පත්තරේට ලියා තිබූ ලිපියකින් උපුටා ගත් කොටස් 
මේ බ්ලොග් එකට දාන්නේ නිවී හැනහිල්ලේ හිතා
බලන්නයි.

වෛද්‍ය වෘත්තිය මිනිසාගේ පෞද්ගලික සහ පවුල් සංස්ථාව සමග
අතිශයින්ම සමීප වූ වෘත්තියකි. රජය මගින් සපයනු ලබන සෞඛ්‍ය
සේවාව තුළ තමන්ට කැමති වෛද්‍යවරයා තෝරාගෙන ප‍්‍රතිකාර
ගැනීමට අවස්ථාවක් නොලැබේ. රජයේ ප‍්‍රතිපත්තිය වන්නේ ද ජාති, 
ආගම් භේදයකින් තොරව රජයේ රෝහල් මගින් ජනතාවට සෞඛ්‍ය 
සේවාව සැපයීමයි. එහෙත් පසුගිය වසර කිහිපය තුළ අන්තවාදී ව්‍යාපාර 
ඇති කළ මුස්ලිම් විරෝධි ප‍්‍රචාරයන් නිසා මුස්ලිම් වෛද්‍යවරුන් ද 
අපහසුතාවට පත් වූ බව පෙනේ. එයට හේතුව මුස්ලිම් වෛද්‍යවරුන් 
ජාතිවාදී ලෙස කි‍්‍රයාකරමින් සිංහල ජාතිය බෝවීම වැළැක්වීම සඳහා 
පවුල් සැලසුම් ක‍්‍රම බලහත්කාරයෙන් සිංහල මව්වරුන් වෙත ලබා 
දෙනවායැ’යි ප‍්‍රචාරය කිරීමයි. ඊට අමතරව මුස්ලිම්වරුන් අතර තම 
ජාතියේ ජනගහනය වර්ධනය කර ගැනීම සඳහා විශේෂ ව්‍යාපාරයන් 
දියත් කර ඇති බවත් ප‍්‍රචාරය කර තිබේ.

ශී‍්‍ර ලංකාවේ ජනගහන වර්ධන ඉතිහාසය දෙස නැවත හැරී බැලීමේදී 
මුස්ලිම් (ඉස්ලාම්), බෞද්ධ, හින්දු සහ කතෝලික ජනගහනයේ වර්ධන 
වේගයට වඩා වැඩි බව පෙනේ. එයට හේතුව විවිධ ආගමික කොටස් 
අතර පවතින සංස්කෘතිකමය හේතුවක් මිස ජාතිවාදී ව්‍යාපාරයක 
ප‍්‍රතිඵලයක් නොවන බව පෙනේ.

ශී‍්‍ර ලංකාවේ අඩුම ජනගහන වර්ධන වේගයක් සටහන් වන්නේ කතෝලිකයන් අතර ය. 
ඊළඟට පිළිවෙළින් සිංහල, හින්දු සහ මුස්ලිම් ලෙස සඳහන් ලෙස කළ හැකි ය. 
කතෝලික පල්ලිය පවුල් සංවිධානයට (ස්වභාවික 
උපත් පාලන ක‍්‍රම හැර) විරුද්ධ වුවත් වැඩිම පවුල් 
සංවිධාන ක‍්‍රම භාවිත වන්නේ කතෝලිකයන් අතරය. 
එයට හේතුව කතෝලිකයන් අතර උගත්කම 
(අධ්‍යාපනය ලැබූවන්ගේ ප‍්‍රතිශතය) වැඩිවීමය. 

පැරණි සිංහල සංස්කෘතිය තුළ ද දරුවන් විශාල සංඛ්‍යාවක් තැනීමේ අවශ්‍යතාව තිබුණි. එයට හේතුව වැවත් දාගැබත් මුල්කර ගත් සිංහල බෞද්ධ සංස්කෘතිය ගොඩනැගී තිබුණේ කෘෂිකාර්මික සමාජයක වීමයි. එදා ගොවිතැන් කිරීම සඳහා වැඩි මිනිසුන් ප‍්‍රමාණයක් සිටීම සම්පතක් විය. වැඩි දරුවන් සංඛ්‍යාවක් සිටින පවුල් ගමේ පොහොසත් සහ බලවත් පවුල් බවට පත්විය. 
එහෙත් අද සිංහල බෞද්ධයන් අතර පවතින්නේ ඊට 
හාත්පසින්ම වෙනස් වූ ආකල්පයකි. එනම් ‘පින් මඳ 
පුතුන් සියයක් ලදුවත් නිසරු, ගුණ නැණ බෙලෙන් 
යුතු පුතුමය ඉතා ගරු’ ආකල්පය යි. 

ගැහැනු දරුවන්ට ඉගැන්විය යුතුය යන මතය සිංහල බෞද්ධයෝ ඉතා ඉහළින් පිළිගනිති. එයට හේතුව කාන්තාවට ඇති සමාජ මට්ටම සිංහල බෞද්ධ සමාජය තුළ ඉතා ඉහළින් තිබීමයි. 
එවන් සමාජයක් තුළ අතිශයින්ම පෞද්ගලික කරුණු පිළිබඳව තීරණ ගැනීමේදී කාන්තාවට නිදහසක් සහ බලයක් ලැබේ. එබැවින් තමන් දරුවන් කී දෙනෙක් ලබාගත යුතුද යන තීරණය ගනු ලබන්නේ කාන්තාව විසිනි. 
එවන් තත්ත්වයක් තුළ සිංහල කාන්තාවන් පවුල් සැලසුම් ක‍්‍රම භාවිතය සඳහා යොමු වීම අරුමයක් නොවේ.
සිංහල බෞද්ධ සමාජයක් තුළ පවුල් සැලසුම් භාවිතය 
වැනි අතිශයින්ම පෞද්ගලික වූ කරුණක් පිළිබඳව 
තීරණ ගැනීමේදී කාන්තාව බලවත් වූ අතර මුස්ලිම් 
සමාජය තුළ ඒ පිළිබඳව තීරණ ගැනීම පැවරුණේ 
පවුලේ ප‍්‍රධානි යා වූ පිරිමින්ට ය. මෙය ද මුස්ලිම් 
කාන්තාවන් අතර පවුල් සැලසුම් ක‍්‍රම භාවිතය 
අඩුවීමට හේතුවක් විය.

විද්‍යානුකූලව පෙනීයන තවත් විශේෂ කරුණක් තිබේ. එනම් මුස්ලිම් සමාජය තුළ ජනගහනය වැඩිවීමට ප‍්‍රධාන හේතුව පවුල් සැලසුම් ක‍්‍රම භාවිතය නොව මුස්ලිම් කාන්තාවන් අඩු වයසින් විවාහ වීම බවයි. කාන්තාවකට දරුවන් බිහිකිරීමේ හැකියාව ලැබෙන කාල සීමාව සාපල්‍යතා වයස ලෙස හැඳින්වේ. එය සාමාන්‍යයෙන් වයස අවුරුදු පහළොවත් හතළිස් පහත් (15 – 45) අතර කාලය ලෙස දැක්විය හැකිය. එය සාමාන්‍යයෙන් අවුරුදු තිහකි. සිංහල කාන්තාවන්ගේ විවාහ වීමේ වයස පසුගිය දශක කිහිපය තුළ ශීඝ‍්‍රයෙන් ඉහළ ගියත් මුස්ලිම් කාන්තාවන් සඳහා එය එසේ සිදු වුණේ නැත. 
සිංහල සමාජය තුළ විවාහවීමේදී කාන්තාවන්ගේ 
උගත්කමට සහ රැකියාවට වැඩි සැලකිල්ලක් ලැබෙන 
අතර මුස්ලිම් සමාජය තුළ එම සැලකිල්ල 
ලැබෙන්නේ කාන්තාවන්ගේ අඩු වයසට සහ 
රූපාලංකාරයට මිස උගත්කමට නොවේ.

කාන්තාවන් විදේශගත වීම ද දරුවන් බිහිකිරීම (ජනගහනය) අඩු වීමට තවත් හේතුවකි. මෙසේ විදේශගත වන කාන්තාවන්ගෙන් බහුතරය සිංහල සහ දෙමළ මිස මුස්ලිම් අය නොවෙන බව ද සැලකිල්ලට ගත යුතුව තිබේ. 
විදේශගත වන බොහෝ කාන්තාවෝ අවිවාහකයෝ ය. සිංහල සහ දෙමළ බොහෝ කාන්තාවන් විදේශගත වන්නේ තමන්ට විවාහ වීම සඳහා අවශ්‍ය කරන මුදල්හදල් (දෑවැද්ද) සොයා ගැනීම සඳහා ය. ඔවුන් විදේශගත වී මුදලක් ඉතිරි කර ගන්නා විට ඇයගේ සාපල්‍යතා වයසින් හරි අඩකටත් වඩා ගෙවී ගොස් හමාරය.
සිංහල කාන්තාවන් අතර දරුඵල අඩුවීමට තවත් 
හේතුවක් තිබේ. එනම් ඔවුන් අධ්‍යාපනය කෙරෙහි 
වැඩි බරක් තැබීමයි. 
සිංහල සමාජයේ පවතින ආකල්පයක් නම් තම දරුවන් හොඳින් ඉගෙනගෙන වෛද්‍යවරයකු හෝ ඉංජිනේරුවකු වනු දැකීමයි. නොඑසේ නම් රජයේ රැුකියාවක් කරනු දැකීමයි. එබැවින් උසස් අධ්‍යාපනයෙන් පසු රැුකියාවක් ලබාගෙන විවාහවීමට යෑමේදී තම සාපල්‍යතා වයසින් වැඩි කොටසක් ඒ සඳහා ඔවුනට කැපකිරීමට සිදු වේ. එබැවින් ඔවුන්ට ලැබෙන දරුවන් ප‍්‍රමාණය අඩු වේ.
මුස්ලිම් සමාජය තුළ පූජකවරුන් (බෞද්ධ ස්වාමින්වහන්සේලා හෝ පල්ලියේ පියතුමන්ලා මෙන්) නැතිවා මෙන්ම පල්ලියේ ආගම දේශනා කරන මවුලවිවරු ද විවාහ වී සාමාන්‍ය දිවි පෙවෙතක් ගෙවන පුරවැසියෝය. එබැවින් පූජ්‍ය පක්ෂයට ඇතුළු වී විවාහ නොවීම නිසා ජනගහනය බෝවීම අඩුවීම පිළිබඳ ගැටලූවක් ද මුස්ලිම් සමාජය තුළ දක්නට නො ලැබේ.
බොදුබල සේනාවේ හිමිනමක මුස්ලිම් වෛද්‍යවරුන් වැඩිදෙනෙක් පශ්චාත් උපාධිය (විශේෂඥතාව) සඳහා දැන් තෝරාගන්නේ ‘නාරිවේදය’ බවත් ඔවුන් එසේ කරනු ලබන්නේ සිංහල කාන්තාවනට වඳ සැත්කම් අදහසින් බවත් ප‍්‍රකාශ කරන අයුරු මුහුණු පොතේ මා දැක තිබේ. 
එවැනි ප‍්‍රකාශයක් තුළ කිසිදු පදනමක් නැත. පශ්චාත් උපාධි සඳහා තමන්ට කැමති විෂයක් තෝරාගැනීමට ඕනෑම වෛද්‍යවරයකුට නිදහස තිබේ. 
ඒ සඳහා විෂයයන් තෝරා ගනු ලබන්නේ විභාගවලදී ඔවුන් දක්වන දක්ෂතාවන් මතය. 
ශී‍්‍ර ලංකාවේ විශ්වවිද්‍යාලවල (වෛද්‍ය පීඨවල) හා පශ්චාත් උපාධි ආයතනයේ නාරිවේදය පිළිබඳව මහාචාර්යවරුන් බහුතරය සිංහල බෞද්ධ විශේෂඥ වෛද්‍යවරුන් මිස මුස්ලිම්වරු නොවෙති. 
එබැවින් නාරිවේදය විශේෂඥතාව සඳහා තෝරාගැනීමේදී මුස්ලිම් වෛද්‍යවරුන්ට විශේෂ වරප‍්‍රසාද ලැබීමට ඉඩකඩක් නොමැත. 

බොදුබල සේනාව මගින් කරනු ලබන වගකීමෙන් 
තොර මෙවැනි ප‍්‍රකාශ නිසා ජනතාව කුපිත වෙනවා
පමණක් නොව සිංහල මුස්ලිම් ජන කොටස් දෙක
අතර ක්‍රෝධය සහ වෛරයද වර්ධනය වේ.


-සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා