Pages

Sunday 19 June 2016

තව ලැජ්ජ නැතිව 21 න් යවන්න යනවා...

සෙරන්ඩිබ් ඔටුවා ආයෙම පණ ගහල එන්නයි යන්නේ.
යහ පාලනේ යම පාලනයක් වෙද්දි කටපුක වහන් ඉඳල කොහොමද....?

තව ලැජ්ජ නැතිව 21 න් යවන්න යනවා...
ඕකට මොකටද ඇමතිවරියක්...

                                                        ගරු කටයුතු ඇමැතිතුමිය

අපි ඔව්වා කලිං කිව්වා....
දැං හෝල් සේල් ඇදගෙන නාමු බොලල්ලා...













"දැනට විදේශ රැකියාවලට යන කාන්තාවන්ගෙන් බහුතරය විවාහකය. එයින්ද සාතිශය බහුතරයක් මවුවරුන්ය. 

මේ හේතුව නිසා පවුල් ආරවුල් ඇතිවීම, පවුල් සබදතා ලිහී විසිරියාම, බලා වයස්කාර දරුවන් අපයෝජනය, ලිංගික අපරාධ, අධික මත් ලොල්ත්වය, පොරැෂ වර්ධනයේ ගැටලු වැනි සමාජ ප්‍රශ්න රැසක් වර්ධනය වී ඇති බව සමීක්ෂණ වාර්තා පෙන්වා දී ඇත. 

එසේම සමීක්ෂණ අනුව පෙනී යන්නේ ලංකාවෙන් විදේශගතවන කාන්තාවන් අතුරින් 90%ක් පමණ ගෘහසේවිකාවන් ලෙස රැකියා ඉලක්ක කරගෙන බවයි. එවැනි සේවිකාවන් හිරිහැරයට ලක්වීම ගැන විදේශ සේවා නියුක්ති කාර්යාංශයට වාර්ෂිකව පැමිණිලි සංඛ්‍යාව 5000 ඉක්මවා යන බව පෙනී යයි. ලෝකයේ ගෘහස්ත ශ්‍රමිකයන් ලෙස රැකියාවට යන ප්‍රමාණයද ඉහළ ගොස් ඇත. එයින් 80%ක්ම කාන්තාවන් බව සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.

එහෙත් ආණ්ඩුව මෙහිදී සලකා බලන්නේ විදේශ විනිමය උපයාගැනීම පැත්තෙන් පමණකි. ඒ බව විදේශ රැකියා ඇමතිවරිය දක්වන කරුනු පැහැදිලි කිරීමෙන් ම සනාථ වේ. 

කාන්තාවන් පිටරට යැවීම යනු හුදෙක් ගමන් බලපත්‍රයක් ලබාගෙන වෙනත් රටක රැකියාවක් කර මෙරටට විදේශ විනිමය එවීමක් ලෙස අර්ථ ගන්වා ගැනීම මෙහි දක්නට ලැබේ. 

එම ක්‍රියාවලියෙන් සමාජමය වශයෙන් ලැබෙන ප්‍රතිඵලය නොසළකා උපයන රියාල්, ඩිනාර්, ඩොලර්, පවුම් හෝ වෙනත් මුදල් කන්දරාවක් ගැන ආණ්ඩුවේ ගණන් බැලීම විසින් පීඩිත ජනයාට හිමිවන පංගුව කුමක්දැයි සලකා බැලිය යුතුය."

කාන්තාවන් වහල් සේවයට යැවීමට එරෙහි වෙමු.


වහල් සේවයට යැවීමේ ආදිනව උදාහරණ එක්ක ළඟදීම එනවා......


-සෙස්ස පස්සට ෴
- සෙරන්ඩිබ් ඔටුවා