Pages

Wednesday 24 April 2024

තෙවරක්පෙරුණු තෙවරප්පෙරුම


දැන් දැන් පාලිත තෙවරප්පෙරුම මිය ගිය ආකාරය ගැන අලුත් විස්තර එනවා.
ඔහු මිය ගිහින් තියෙන්නෙ නීති විරෝධිව, ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන රැහැන් වලින් විදුලිය අරන්.
සරලවම මේක ජාතික ධනය හොරකමක්. පොදු දේපළ පනත යටතේ ඇප නොදිය හැකි අපරාධමය වරදක්.
ඔහු හොරාට විදුලිය අරන් තියෙන්නේ වල් ඌරන් ඝාතනය ඉලක්ක කරලා.
එතන දඩමස් ජාවාරමකුත් තියෙනවා.
ඒකත් නීති විරෝධි වගේම සදාචාරාත්මක විරෝධි වැඩක්.
පස් පවෙන් එකක් කැඩෙනවා.
වල් ඌරො ඉලක්ක කළාට මිනිහෙක් වුණත් මිය යෑමේ අවදානමක් එතන තියෙනවා.
පොල් ගෙඩියක් ඇහිදගන්න එන මිනිහෙක් වුණත් උගුලට අසු විය හැකියි.
පාලිත තෙවරප්පෙරුමට වුණෙණෙ ඒක.
හොඳම වැඩේ ඒක නෙවෙයි.
මේ ඉඩම පාලිත තෙවරපේරුමට අයිති ඉඩමක් නෙවෙයි.
විදෙස්ගත වෛද්‍යවරයෙකුට අයිති ඉඩමක්.
පාලිත තෙවරප්පෙරුම ඒක අල්ලගෙන තියෙන්නෙ බලහත්කාරයෙන්.
දේශපාලන බලය සහ චන්ඩිකම පාවිච්චි කරලා.
ඉඩම අයිතිකාරයාට අරන් දෙන්න ආපු රාජ්ය සේවකයන්ට පවා පහර දීලා එලවගෙන.

නිතීවිරෝධි වගේම දැඩි සමාජ විරෝධි වැඩක්.
හැබැයි මේ දේවල් එලිවෙමින් තියෙද්දි, මහ සමාජය මේ තොරතුරු රිජෙක්ට් කරනවා.
ඒ දේවල් එලි කරන මිනිස්සුන්ට බනිනවා.
මේ දේවල් වැරදි බව දැන දැනත්, ඒක හිතාමතාම හංගනවා.
ඒකට හේතුව තමයි පාලිත තෙවරප්පෙරුම මහ සමාජයට ප්‍රොජෙක්ට් කරපු ඉමේජ් එක.
පාලිත ප්‍රොජෙක්ට් කළේ සමාජයට අභියෝග නොකරන, දුර්වලයෙකුගේ ප්‍රතිරූපයක්.
අර සාමාන්‍ය මිනිස්සු ඉල්ලනවා වගේ සරමක් ඇඳන්, ගස් උඩ නැගලා ඉන්න රූපයක්.
එහෙම මිනිස්සුන්ට සාමාන්‍ය මිනිස්සු කැමතියි.
තමන්ට වඩා උඩින් ඉන්න මිනිස්සුන්ට සාමාන්‍ය මිනිස්සු අකමැතියි. එහෙම මිනිස්සුන්ට ගහලා බිමට දාන පුරුද්දක් මහා සමාජයට තියෙනවා.
හැබැයි තමන්ට වඩා යට ඉන්න (බව පෙන්වන) මිනිස්සුන්ට සමාජය ආදරෙයි.
මෙතන මිනිස්සුන්ට වැදගත් පාලිත ප්‍රොජෙක්ට් කරපු බිම නිදාගන්න, අව්වේ සෙරෙප්පු නැතුව ඇවිදින, සරමක් ඇඳන් ඉන්න චරිතය මිසක් එතන පිටිපස්සෙ ඉඳන් පාලිත කරපු දේවල් නෙවෙයි.
ඒවා මිනිස්සුන්ට අදාළ නැහැ.
මිනිස්සුන්ට අභියෝගයක් නොවී, මිනිසුන්ගේ ඊර්ෂ්‍යාවට ලක් නොවී, අනුකම්පාවට ලක් වූ නිසා ඔවුන් පාලිතට ආදරෙයි.
හැබැයි පාලිත කරපු සමාජ විරෝධි වැඩ කිසිවක් නොකර, හොඳට ඇඳලා, ලස්සනට මිනිහෙක් හිටියා නම් සමාජය ඔහුට වෛර කරනවා.
තමන්ට වඩා ඉහළින් ඉන්න, තමන්ට අභියෝගයක් වෙන මිනිස්සුන්ට සමාජය පහර දෙනවා.
පාලිත කරපු පව් මිනිසුන් විසින්ම වසා දමනවා.
ඔහු ඉතාම හොඳ, ගුණ යහපත් මිනිසෙක් විදියට බෞතිස්ම කරනවා.
පාලිත එහෙම නැති බව සමහර විට ඔවුනුත් හිත යටින් දන්නවා.
හැබැයි ඇමතිවරුන්ගේ විදුලි බිල් ගැන කතා කරපු මිනිස්සුම, ලක්ෂ ගාණක පාලිත හොරකම් කරපු විදුලිය නොසලකා හරිනවා.
පස් පව් ගැන කතා කරන මිනිස්සු, පාලිතගේ ඌරන් ඝාතනය නොසලකා හරිනවා.
වෛද්‍යවරයෙකුගේ ඉඩම මංකොල්ල කෑම නොසලකා හරිනවා.
ඒ සියල්ල පාලිත මහා සමාජයට එලිපිට අභියෝගයක් නොවී, ඔවුන්ගේ ඊර්ෂ්‍යාවට පාත්‍ර නොවී, ඔවුන්ගේ ජීවිතයට වඩා සැපපහසු ජීවිතයක් ගත නොකරන බව පෙන්වීම නිසයි....

උපුටාගැනීමකි.

 මේ විතරක්ද ?

මඟුල් ගෙදරක ගිහිං කාන්තාවක් ඩාන්ස් කිරීම ප්‍රතික්ෂේප කළා කියලා T 56 අරගෙන ට්‍රැක්ටරයකින් ඇවිත් අහසට වෙඩි තියලා එතන ගිනි විච්ඡුම්බරයක් කළ බව මගේ මිතුරු මාධ්‍යවේදියෙකු කිව්වා.
ප්‍රමෝෂන් වැඩ වලට කැමරා අරං ගියාට මේවට නං ගෙනියන්නෙ නෑ..
එහෙම පජාත වැඩ තව ඇති.
හැබැයි මහා සමාජය ඒවා වහනවා.

-සිතන්නා...

Thursday 18 April 2024

කුලය හා සර්වෝදයේ “විප්පලය”- නන්දන වීරරත්න

රැඩිකල් කියන පත්තර වල පළ  ෙනාවන  ෙතාරතුරු ඩිජිටල් මාධ්‍ය හරහා එළියට එන කාලයක්...

                                                                    ඒ. ටී. ආරියරත්න
1958 කුරුනෑගල දිස්ත්‍රි්‍රියේ ‘කනතොලුව' [රෝඩි] ගම්මාන් පටන් ගත් සර්වෝදයේ ග්‍රාම සංංවර්ධනය, ගම් 15000 ට පැතුරුණු බව රාජ්‍ය ගෞරව සහිතව ආදාහනය කිරීමට නියමිත ආචාර්ය ඒ. ටී. ආරියරත්න වෙනුවෙන් ලියවෙන පුරසාරම්වල තියෙනව. මම ලංකාවේ සෙසු කුල ගම්මානවල ඇවිදි ගියේ 1970 ගණන්වල අග ඉඳලයි. ඒ කියන්නේ සර්වෝදය සිය ග්‍රාමෝදය “විප්පලය” ආරම්භ කර අවුරුදු 20ට පසුවයි. ඒ ගම්මානවලට ‘කනතොලුව’ ඇතුළත්. මම ‘කනතොලුවට' ගියේ 1992 විතර. වෙලා තිබුණු එකම වෙනස බොහෝ ගාඩි ගම්මානවල වගේම එහිත් එකල සිටි රජයේ නිලධාරීන් මැදිහත් වූ කසාද බැදීම් හා ඔවුන්ට ගොවි කුලයට අයත් වාසගම් සහිත නව උප්පැන්න ලබා දීම පමණයි.
කුලවාදයට විරුද්ධධවතීරණාත්මක විරෝධතා ව්‍යාපාරයක් තිබුණේ සමසමාජ ව්‍යාපාරය තුළ පමණයි. සර්වෝදය හා අනෙකුත් ආගමික සංවිධාන කළේ කුල බෙදිම් ’හිඟන්නාගේ තුවාලය’ කර ගනීම විතරයි. සමසමාජ ව්‍යාපාරය දුර්වල වෙද්දි ගම්වල ඒ තැන ගන්න සර්වෝදය හා වෙනත් රාජ්‍ය නොවන සංවිධාන [NGO] කුල ගම්මානවලට ගියත් ඒවා එන්.ජී. ඕ රැඟුම් හැටියට අවසන් වුණා. එයට හොඳම උදාහරණ ආරියරත්නගේ සර්වෝදයෙන් මෙන්ම ඔහුගේ සොහොයුරියගේ පුතා හර්ෂ කුමාර නවරත්නගේ ‘සේවා ලංකා ආයතනයෙන්' ගන්න පුළුවනි. ඒ සංවිධාන දෙකම පවුල් සමාගම්. එවායේ ප්‍රධාන නායකයෝ වගේ මුල්‍ය පාලකයෝත් පවුලේ සමීප ඥාතීන්. ඉතින් වරිග සභා හැටියට පවතින සංවිධාන කොහොමද සමාජයට සමානාත්මතාව දෙසා බාන්නේ...?

මේ රාජ්‍ය නොවන සංවිධාන නායකයන් ගැනැත් යමක් ලියන්න ඕන. සර්වෝදයට මම වැඩ නොකළත් මම ‘රාවයට’ ලියන්න යන කොට එහි සර්වෝදයේ පෙකෙණි වැල යන්තමට තිබුණ. එක දවසක් මම රාවය කන්තෝරුවේ ඉන්න වෙලාවක තරුණ හමුදා සෙබෙළෙක් කර් මණ්ඩලය අසලට ඇවිත් කතාවක් කීව. එයාට වෙන අසාධාරණයක් ගැන.
එයා මෙහෙම කීව.

"මම විවාහවෙල ඉන්නේ සර්වොදයේ නායක ආරියරත්න දරුකමට හදා ගත්තු දුවත් එක්ක. මම අවුරුද්දේ වැඩිහරියක් ඉන්නේ උතුරු පැත්තේ යුධ බිම්වල. මම ගෙදර නැති අතරේ මගේ බිරිඳ එක්ක අයථා සම්බන්ධයක් ආරියරත්න පවත්වාගෙන යනව. මට මේකට විසඳුමක් නෑ. මේ කතාව පත්තරේට දාන්න."

‘රාවය’ ඔහුට කන් දුන්න. ඒත් ඒ ැන කිසිම දෙයක් ලිව්වේ නෑ. සෙබළා ඔහුගේ දුක කියා පිටත් වුණාම, එවකට නියොජ්‍ය කතෘ උපාලි කොළඹගේ මෙහෙම කීව.
“ඩොක්ටර් ආරියරත්න, කිසිම ස්ත්‍රියකට බලහත්කාරකම් කරන්නේ නෑ. ඕනෑම දෙයක් කරන්නේ කැමැත්ත ඇතිව. ඩොක්ටර් ලඟ ඒක පරීක්ෂා කරන විදිහක් තියෙනව. ඒ පරීක්ෂාවෙදි ස්ත්‍රියක් රැව්වත් එයා එතනින් එහාට යන්නේ නෑ”

සමහරවිට උපාලි ඒ කතාව කියන්නේ ඇත්තේ මේව අලුත් දේවල් නොවෙයි කියන්නයි. රාජ්‍ය නොවන සංවිධානවල නායකයෝ, බෞද්ධද, ක්‍රිස්තියානිද, කතෝලිකද කියල වෙනසක් නෑ. ඔවුන් ස්වකීය පුද්ගලික වුවමනාවන් සපුරා ගන්න ඒවායේ අරමුදල් හා සේවකයන් යොදා ගන්නව.

                                    හර්ෂ කුමාර නවරත්න

සර්වෝදයේ සිටි එක් නායකයෙක් චිත්‍රපට නිෂ්පාදකයෙක් වුණා. එහි එක් ප්‍රධාන අරමුණක් වුයේ ඔහු වඩාත්ම අසා කරන නිළිය වසඟයට ගැනිමට. එයා ඒ වෙනුවෙන් චිත්‍රපටි 2 – 3 හැදුව, ආසාව ඉටු කර ගන්න.

(හර්ෂ කුමාර නවරත්න අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයි, රඟපාපු නිළියයි හොයා ගත්තොත් comment එකක් දාන්න.- -සිතන්නා...)
- ප්‍රවීණ මාධ්‍යවේදී නන්දන වීරරත්න ලියූ සටහනක්

-සිතන්නා...

Monday 1 April 2024

පිටකැසීමේ විචාර

 

                     

මහර නවකතා, චිත්රපට මට ගන්නම දෙයක් නැති අසාර්ථක ප්රකාශන වෙද්දි ප්රවීණ කලාකරුවන් ඇතුළු ආචාර්ය මහාචාර්යවරුන් ඒවා අතිශයින් වර්ණනා කරමින් යුගයේ බිහි වූ විශිෂ්ටතම කෘති ලෙස හඳුන්වද්දී මට මගේ රසඥතාව ගැන යළි හිතා බලන්න වෙනවා.

ඒ හංදා මගේ අදහස් විමසා පොත් එවීමෙන් වළකින ලෙසත්, මට චිත්රපට නරඹන්නට ආරාධනා නොකරන ලෙසත් මගේ මිතුරන්ගෙන් ඉල්ලා සිටින්නට කැමතියි.

එක්කෝ මං මැට්ටෙක්. නැත්නම් අනෙක් සෙට් එක අමු තක්කඩි.

මෙහෙම කියන්න හේතු වුණු කාරණා හතරක් කියන්නම්.

1. මගේ මිත්‍රයෙක් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා. එකල මෙන්ම අදත් ඔහු ඉන්නේ විදෙස්ගතවයි.
එකල මා පුවත්පතකට චිත්‍රපට විචාර ලියමින් හිටියා. මා මේ චිත්‍රපටය ගැන මට දැනෙන දේ ලිව්වා. හොඳ මෙන්ම නරකත්.
ඔහු මා එක්ක අමනාප වුණා.
ඔහුගේ හිතවතුන් චිත්‍රපටය බෙහෙවින් අගය කළා.

2. මගේ තරුණ කාලේ ඒ වන විට පොත් කිහිපයක් පළ කොට තිබූ ලේඛකයෙකුගේ අලුත් පොත ගැන ප්‍රසිද්ධ වේදිකාවේ අදහස් දක්වන්නට මට ආරාධනා ලැබුණා. මට පොත දිරෙව්වෙම නෑ. මා පොත ගැන දැඩි විවේචනයක් එල්ල කළා. 
එදා පැවැත් වූ අනෙක් දේශන වලදී පොත බෙහෙවින් අගය කළා.
ඔහු මා එක්ක අමනාප වුණේ නැහැ.

3. මෑතකදී මගේ මිතුරෙක් චිත්‍රපටයක් නිර්මාණය කළා. චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් නැරඹීමට මට ආරාධනා කළා.   එය සිනමාත්මක වැඩක්. ඒත් අඩුපාඩු කිහිපයක් මා දැක්කා. ඒ්වා සකස් කරගන්නේ නම් චිත්‍රපටය වඩාත් හොඳ මට්ටමකට ගෙන එන්නට හැකිය කියන අදහසින් තමයි  ෆේස්බුක් හි ඉතා කෙටි අදහසක් ලිව්වේ.
ඔහුගේ හිත රිදී තිබුණ නිසා මගේ අදහස ඉවත් කළා.

 මේ ගැන වෙනත් අයගේ වර්ණනාත්මක ස්වරූපයේ අදහස් පළ වී තිබුණා. 
ඔවුන් මා දුටු අඩුපාඩු දැක්කාද, නොදැක්කා සේ සිටියාද කියා දන්නේ නැහැ. හැබැයි චිත්‍රපටය නරඹා පහළට එද්දී වෙනත් විචාරකයෙකු මගේ එක් අදහසකට එකඟ බව කිව්වා. ඒත් ඔහු ඒ බව ප්‍රසිද්ධියේ කියන එකක් නැහැ.


4. කිසිදා මට හමු වී නැති නවක ලේඛකයෙකු තමන් ලියූ නවකතාවක(?) පිටපතක් මට එවා අදහස් විමසුවා. මගේ අදහස් දැනගන්නට අවශ්‍ය බව නැවත නැවත සිහිපත් කළා. ඒ පොත මගේ පොත් අතර සැඟවී තිබී අමාරුවෙන් සොයා ගත්තා.
එම පොත නවකතාවක් නොවන බවත්, හුදු ජීවන තොරතුරු වාර්තා කිරීමක් බවත් මා පෞද්ගලිකව ලියා යැව්වා.
ඔහු ඉන් සතුටට පත් වූයේ නැහැ.

මා එලෙස සිතන්නේ පොත ගැන වර්ණනා කරමින් ප්‍රවීණයින් ලියූ ප්‍රසශ්ති මට කියවන්නට එවූ නිසයි. එසේම මේ පොත කිසියම් තරඟයකින් ප්‍රථම ස්ථානය ලැබූවක් බවද වැඩිදුරටත් සඳහන් කොට තිබුණා.

හිතවතුන්ගේ පිටකසන විචාර නිර්මාණකරුවා ගෙඩි පිටින් ගත්තොත් ඒ ඔහුගේ විනාශයේ ආරම්භයයි. ඒ වගේම නාඳුනන කෙනෙකුගේ පොතක් ගැන අදහස් පළ කරන්නැයි ඉල්ලා සිටි විට පොත උඩින් පල්ලෙන් පෙරළා ඔසවා තබන ප්‍රවීණයින් කරන්නේ හානියක්.


-සිතන්නා...

Tuesday 26 March 2024

අන්තෝජටා බහිජටා

 මේ ප්රශ්න කිරීම වගේම තොරතුරු සඳහන් කිරීම කිසිවෙකු හෝ කිසිදු වෘත්තියක් අපහසුතාවට පත් කිරීමට නොවේ. අදාළ විශේෂඥයින්ගේ උපදෙස් සඳහාය.


භෞත චිකිත්සාව...

මගේ ගෙල පෙදෙසේ අසනීපයකට භෞත චිකිත්සාව නොහොත් තේරෙන සිංලෙන් කිව්වොත් ෆිසියෝතෙරපි (Physiotherapy )
නිර්දේශ කළා. විවිධ තැන් වල විවිධ මිල. ඒක නොවෙයි ප්රශ්නය. එක් එක් තෙරපිස්ට් ගේ තෙරපි රටාව වෙනස් වීම. හා ඒක කමක් නෑ කියමුකො. ඒත් එකෙක්කෙනා දෙන ව්යායාම වෙනස් විතරක් නොවේ එක්කෙනෙක් නිර්දේශ කළ ව්යායාම දැන්ම කරන්නෙපා කියලත් කියනවා. මේ හැමෝම KDU හෝ පේරා ග්රැජුවේට්ලා. පස් දෙනෙක් භෞත චිකිත්සා කළා. පස් ආකාරයක්.
මොන භූත චිකිත්සාවක්ද මංදා..
"මං මස්ල් රිලැක්ස් කළාම ආයෙ ස්ටිෆ් වෙලානෙ.." හොඳටම කරන තෙරපිස්ට් නෝනා කිව්වා.
"ඉතිං මං මොකද කරන්නෙ..එක එක දවසට එක එක්කෙනානෙ ඉන්නෙ.."
===============


වෛද්ය ප්රතිකාර...

ඕක මොකක්ද...දොස්තරලත් එකම ලෙඩේට විවිධ ප්රතිකාරනෙ කරන්නෙ. සමහරු කලින් දොස්තර දුන්නු බේත් විසිකරල දාන්න කියනවත් එක්ක.
මේ අසනීපෙදිත් එහෙමයි. එක දොස්තර කෙනෙක් ගත්තු එක්ස් රේ බලලා ඔය පැත්තෙන් අරං බෑ..මේ පැත්තෙන් අරගෙන එන්න කියලා අනෙක් දොස්තර කියපි. දුන්නු බේත් වෙනස් කරපි.
මේ අසනීපෙ විතරක් නොවෙයි. ගොඩක් වෙලාවට වෛද්යවරුන් දෙන්නෙක් ළඟට ගියොත් දෙවිදිහක්. තුන් දෙනෙක් ළඟට ගියොත් තුන් විදිහක්.

=======================
ෆිසියෝතෙරපිස්ට්ලා, දොස්තරලා අහිතක් හිතන්න කාරි නෑ...ඇයි ඒ මදිවට ඉංජිනේරුවෝ ...



ඉංජිනේරු උපදෙස් ...

හිතවතෙක් ගෙයක් හදන්න ප්ලෑන් ඇඳලා, ආකිටෙක්ට් සැලසුම් සකස් කරලා ඩිසයින් එක ස්ට්රක්චරල් ඉංජිනේරුවෙකු ලවා කරවා ගත්තා.
වැඩබිම බාර ගත්තු සිවිල් ඉංජිනේරුවා කිව්වා යෝජිත කම්බි ලොකු වැඩියි. 16 ට 12 දාන්න පුළුවන් ...10 ට 8 දාන්න පුළුවන් කියලා. ඊට පස්සෙ ඒ බව මට කිව්වා. මං නමට ඉංජිනේරුවට ඕවා තේරෙන එකක් යැ. සැක හැර දැනගන්න පේරා Structural ඉංජෙකුට පෙන්නුවා.

"වැඩියි තමයි මචං. ගොඩක් නොවේ ටිකක්.
ඉන් ඩීටේල් කැල්ක්යුලේට් කළොත් 16 කීපයක් 12 කළෑකි. හැබැයි සේවිං එක 10% විතර.
ඕක ඔහොමම කරහං" කිව්වා.

10% සේවිං එකත් ලක්ෂ 5 ක් විතර.
කෝකටත් කියලා අමාත්යංශයක ඔවැනි ගණනය කිරීම් චෙක් කරන ජූනියර් පේරා ඉංජෙකුට පෙන්නුවා. පෙන්නුවාමත් නොවේ...කතාවට ගිහිං මේ අලකලංචිය කිව්වම බලෙන් ඉල්ලන් බැලුවා.

"හපොයි...මේ කම්බි සයිස් මදි. ෆුටින් එකත් මදි" කිව්වා. මයි ෆුට්...☹️

-සිතන්නා...

Friday 22 March 2024

නික්ම ගිය මහාචාර් ය චන්ද්‍රසිරි පල්ලියගුරු

 

ලංකාවේ මෙතෙක් පළවූ සිනමාව ගැන සාරගර්භ හා දුර්ලභ දැනුමක් ගෙනා චිත්‍රපට සඟරාව වන්නේ ඈෂ්ලි රත්නවිභූෂණ ගේ ආසියානු සිනමා කේන්ද්‍ද්‍ර මගින්, ඔහුගේම සංස්කාරකත්වයෙන් යුතුව පළ වූ "සිනෙසිත්" සඟරාවයි. 1985 වසරේ නිකුත් වූ "සිනෙසිත්" සඟරාවේ පළමු කලාපයට එවකට කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්ද්‍ද්‍රරි පල්ලියගුරු ලියූ "දේශපාලන සිනමාවේ මූලිකාංග" නමින් වූ ලිපිය මගේ නෙත ගැටුණේ ඉන් වසර කීපයකට පසුව "සිනෙසිත්" සඟරා සියලු කලාප සන්තක කොට ගනිද්දීය.

ඉනුත් වසර 12 කට පසු මගේ පශ්චාත් උපාධි නිබන්ධය සඳහා "ලාංකික සිනමාවේ දේශපාලන ප්‍රවණතා" මැයෙන් අයන කටයුතු කරන්නට පෙළඹුණේ ඉහත කී ලිපියයි.
එවිට මගේ උපදේශකයා වූයේද ආචාර්ය චද්‍රරසිරි පල්ලියගුරුමය. ලාංකික සිනමාවේ බිහිවූ දේශපාලන චිත්‍රපට පිළිබඳ අධ්‍යයනයේදී එතෙක් චන්ද්‍ද්‍රරි පල්ලියගුරු, ගාමිනී වේරගම වැන්නන් ගෙන ආ ප්‍රවාදය හරස් විය. ගාමිණී ෆොන්සේකා කිසිසේත්ම දේශපාලන සිනමාකරුවෙකු නොවන බව මා තර්කානුකූලව ගෙන හැර පෑවද පල්ලියගුරු ආචාර්යතුමා ඊට එකඟ නොවීය.

අවසානයේ ගුරු ගෞරවය රඳවා ගෙන මගේ පශ්චාත් උපාධි අධ්‍යයනය අතැර දැමුවෙමි.

ඉනුත් වසර 5 ට පසුව එකී අධ්‍යයනය නැවත ආරම්භ කළේ ආචාර්ය ආරියරත්න ඇතුගල යටතේය. එකී අධ්‍යයනය සම්පූර්ණ කිරීමේදී ලාංකික සිනමාවේ සිටි එකම දේශපාලන සිනමාකරුවා ධර්මසේන පතිරාජ බව මගේ තීන්දුව විය. "ලාංකික සිනමාවේ පතිරාජ ලකුණ" නමින් කෘතියක් පළ කළේ මේ නිබන්ධය ඇසුරිණි.

තමන්ගේ මතයට එරෙහි වූ ශිෂ්‍යයා ගැන මහාචාර්ය පල්ලියගුරු උරණ වූයේ නැත. ඉන් පසු හමු වූ බොහෝ අවස්ථාවල හිස මඳක් ඇල කොට දුක සැප විමසන්නට අමතක කළේ නැත. එතුමන් මෙරට බුද්ධිමතුන් විශාල පිරිසකට නිසි මඟ හෙළිපෙහෙළි කළ දක්ෂ ගුරුවරයෙකි. චන්ද්‍රසිරි පල්ලියගුරු යනු නිහතමානී බවේ සංකේතයකි.

දැවැන්ත ගල් කුළුණු එකින් එක ඇද වැටෙන්නට පටන් ගෙන තිබේ. මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරුගේ අභාවය ඊට සාක්ෂි දරයි.

-සිතන්නා...

Tuesday 12 March 2024

මැලේසියාවේ යාඤා ගෘහයක මුත්‍රා කිරීම

ගේ YouTube චැනලය වන කතා කෝච්චියෙන් මෙවර ඉදිරිපත් කරන්නේ වෙනස් ආකාරයක කතා දෙකක්.



පළමු කතාවට පාදක වන්නේ "නොනිමි ගමන {Endless Journey}" කෙටි චිත්‍රපටය ඇමෙරිකාවේ ‌ලොස් ඇන්ජලීස් හි තිරගත වූ අවස්ථාවේ නැවතී සිටි Sheraton හෝටලයේ දී දුම් පානය කොට දඩයකට ලක් වීම

ඒ අකරතැබ්බයක් අවසානයේ කොළඹ අලුත්කඩේ උසාවියේ නඩුවක් සඳහා පෙනී සිටින්නට ගිය විට අලුත් කඩේ උසාවි බිමේ වවුල් වසුරු තලියක් මත ඇද වැටීම

ඒ අකරතැබ්බෙන් පසු පිටකොටුවේ බෝ ගහ අසල උඩුකය නිරුවතින් ඇඳුම් මාරු කිරීම


දෙවැනි කතාවෙන්

මැලේසියාවේ යාඤා ගෘහයක මුත්‍රා කිරීමේ අති බිහිසුණු අවස්ථාව විස්තර කෙරෙනවා.

-සිතන්නා...

Thursday 7 March 2024

225 පමණක් නොව රටේ වැඩි දෙනා හොරු

 



හොරු ගැන හොරෙකුගෙන් .....

ගී පදමාලා, සාහිත්‍ය කෘති හොරු ගැන ෆේස්බුක් පෝස්ට් දෙකක් දැම්මම නොහිතපු හොරු එළියට ආවා. ඒ වගේම සමහරු හොරකම වහන්න උත්සහ කළා. නිකං වෙන්න බෑ ..ඔය කිව්වට ෂුවර් නෑ වගේ අදහස් තිබුණා.

මේ ලියන්නෙ ඒ ගැන නොවෙයි. ඒ එක්කම හිතේ මතු වුණු කාලාන්තරයක් තිස්සේ තියෙන අදහසක්.

ඉහත සඳහන් නිර්මාණ හොරු ඉන්නවා. ඒ වගේම ශිෂ්‍යයින්ගේ පර්යේෂණ මංකොල්ල කාලා තම නම යොදා ප්‍රකාශන එළිදක්වන ආචාර්ය මහාචාර්යවරුන් ඉන්නවා.

ඊටත් එහා කියන්නෙ මා ඇතුළු සමස්ථ සමාජයේ වැඩිදෙනා කිසියම් හොරකමක්, හොර වැඩක් කරලා තියෙනවා. එහෙම නොවෙන කෙනෙක් ඉන්නව නං කලාතුරකින්.

මං ප්‍රසිද්ධ හොරෙක්.
පොත් හොරකම් කරලා තියෙනවා.
බස්, කෝච්චි වල හොරෙන් ගිහිං තියෙනවා. චාන්ස් එකක් ආවොත් තවමත් යනවා.
මාර්ග නීති කඩලා පොලිස්කාරයින්ට පගාව දීලා හොරකමට උදව් කරනවා.
පුතාව තර්ස්ටන් එකට දාන්න හොර ඇඩ්රස් හැදුවා. ඉස්කෝලෙට පගාව දුන්නා.
පස්සෙ කාලෙක මං ඡන්ද නාම ලේඛනයේ ලියාපදිංචි වෙලා නොතිබුණ නිසා පුතාට පුරවැසි හැඳුනුම්පත ගන්න ග්‍රාමසේවකට පගාව දීලා ඒක කර ගත්තා.

මෙතන ලියන්න බැරි හොර උප්පැන්න සහතික හැදීම, පෞද්ගලික වාසියක් සඳහා මගේ පෞද්ගලික තොරතුරු රැගත් කාර්යාල ලිපි ගොනුවක් හොරකම් කිරීම් වගේ හොරකම් කරලා තියෙනවා.

ඇයි හොර අත්සන්. ඉස්කෝලෙ යද්දි තාත්තගෙ අත්සනෙන් පටන් අරං විවිධ අත්සන්. මං පට්ට හොරෙක් කියන්න ඔය මදෑ..

ගොඩක් අය දරුව පාසලට දාන්න හොර වැඩ කරනවා.
ආණ්ඩුවේ කන්තෝරුවල පහළම පියන්ගේ ඉඳන් හොරකම් කරනවා.
ෆයිල් එකක් යට ගහන්න, යට තියෙන එකක් උඩට ගන්න සල්ලි ගන්නවා.
ලිපිකරුවා ඉක්මනින් වැඩක් කරන්න සල්ලි ගන්නවා.
ආර්.එම්.වී, අයිඩෙන්ටිටි කාඩ්, පාස්පෝට් කාර්යාල වගේ තැන්වල
ප්‍්‍රසිද්ධියේ හොරකම් කරනවා. මේ ළඟදි ඕස්ට්රේලියාවේ ඉඳං ආව මගෙ මිතුරෙක් මගේ උපදෙස් මත පෝලිමේ ගිහිං පාස්පෝට් කීපයක් අලුත් කරගන්න යද්දි නිලධාරියා ළඟට ඇවිත් කිව්වේ රු. 4000/- දෙන්න. දවල් 2 වෙද්දි වැඩේ කරල දෙන්නම් කියලා. රෑ 9 ට දෙනව කිව්ව පාස්පෝට් දවල් 2 ට ගත්තා.

එතනින් එහාට කොන්ත්‍ත්‍රාත්කාරයා හොරකම් කරනවා. කරපු වැඩවලට චෙක් එක ගන්න නිලධාරීන්ට සල්ලි දෙන්න ඕනෑ. ඩ්‍රැයිවර්ලා තෙල් අදිනවා. හොර රනින් චාට් ලියනවා.

ඇයි ඇඟිලි සලකුණු යන්ත්‍්‍රයක් නැත්තං පැමිණීමේ රෙජිස්ටරයේ බොරු වෙලාව දාලා අත්සන් කරනවා.

බස් කොන්දොස්තරලා මාටියා ගහනවා.
රස්සාව ගන්න දොළපිදේණි දෙනවා. උසස්වීම් ගන්න ඇඟ දෙනවා. ටෙලිනාට්‍ය පෙන්නගන්න අනුමත කරන්නාට ලොකු ගාණක් දෙන්නෝනෑ. හැම රූපවාහිනී චැනල් එකකම. පත්තරේ කවියක්, ලිපියක් දාගන්න දොළපිදේණි දෙන අවස්ථා තියෙනවා.

වාසි ලබාගන්න කිරිමුට්ටි ලොක්කගේ ගෙදරට අදිනවා.
ගීත, චිත්‍රපට හොරකම් කරනවා. ඔරිජිනල් එක නැතිව පයිරේට් කොපි විකුණනවා. ප්‍රකාශකයින් කර්තෘට හොරෙන් නැවත මුද්‍රණ ගහනවා. පොත් කඩකාරයෝ පොත් විකුණලා සල්ලි නොදී හොරකම් කරනවා. ඒවා මටත් වෙලා තියෙනවා. කර්තෘට කර්තෘභාගය දෙන්න ඕනෙ
ප්‍රකාශකයෝ කර්තෘගෙන් සල්ලි අරං පොත් ගහනවා.
හොර වෙද්දු ඉන්නවා. හොර බේත් දෙනවා. බේත් වලින් හොරකම් කරනවා.
පාරක තොටක යන්න බෑ මාළ කඩනවා.
පාරෙ නවත්තලා ගිය වාහන ඇරලා සුද්ධ කරනවා. වාහනත් හොරකම් කරනවා.

විභාග ප්‍රශ්න පත්ර හොරකම් කරලා විකුණනවා. හොරට වෙන කෙනෙක් දාලා විභාග ලියනවා. අඩුම තරමෙ හොරාට කොපි කරනවා.

කඩෙන් ඇඳුම් හොරකම් කරනවා. කඩෙන් බඩු උස්සනවා.

මේ අල්පයයි. ඒකයි කිව්වෙ සමස්ථ සමාජයෙන් වැඩිදෙනා හොරු. ජීවිත කාලයේ කිසිදු හොරවැඩක් නොකරපු කෙනෙක් හොයන එක නොමළ ගෙයකින් අබ ඇටයක් හොයනවා වගේ.

හොරට ඡන්දෙ දානවා. ඡන්දෙන් හොරු පත්කරගන්නවා. ඡන්ද නාම යෝජනාත් හොරට ටිපෙක්ස් කරනවා.

ඊට පස්සෙ 225 ම හොරු කියනවා. හොරු එළවමු කියනවා. එළෙව්වත් පත්කරගන්න වෙන්නෙත් හොරුම තමයි. සමාජයේ ඉන්න දෙකෝටියක්ම හොරු. ඒ හොරුන්ගෙ නියෝජිතයොත් හොරු.

-සිතන්නා...

Wednesday 28 February 2024

පයිරේට් ද? ඔරිජිනල් ද?

 


"බඹරු ඇවිත්" අලුත් ප්‍රින්ට් එක යූටියුබ් දාලා කියලා අපේ මිත්‍රයින් කම්පාවෙනවා දැක්කම මෙහෙම ලියන්න හිතුණා.

===================
අපි විදෙස් ෆිල්ම් බලන්නෙම පයිරේට් කොපි නේද ?.
හැබැයි යූටියුබ් නං බලන්නෑ. YTS(yifi), Piratebay වගේ වගේ සයිට් වලින් බාගත කරගෙන බලන්නේ.

ඒ හංදා මේක අපේ සිංහල සිනමාව ගැන අතිශය සංවේදී මාතෘකාවක් වුණාට පොදුවේ ගත්තම කොහොමත් සිද්ධ වෙන දෙයක්.

මීට විරුද්ධව අදහස් තියෙන බව දැන දැනම මේ ලියන්නේ පවතින යථාර්ථය ගැනයි.

ගොඩක් සද්දෙ දාන අයත් බලන්නෙ පයිරේට් කොපි. එහෙම නොවෙන්න අපට විදෙස් ෆිල්ම් බලන්න වෙන්නෙම නෑ.

ඔරිජිනල් බලන්න හිටියොත් අපට විදෙස් චිත්‍රපට කීයෙන් කීයක්ද බලන්න ලැබෙන්නේ....?

පයිරේට් ද? ඔරිජිනල් ද?

-සිතන්නා...

Monday 19 February 2024

සෞඛ්‍ය සේවයේ ජරාජීර් ණ වෘත්තීය සමිති

 

හුගිය කාලේ කළ කී දේ නිසා රුක්ෂාන් බෙල්ලන වෛද්‍යවරයාට මං කොහෙත්ම කැමති නෑ. ඔහුගෙ දේශපාලන අරමුණු වලටත් එකඟ නෑ..

එත් සෞඛ්‍ය සුළු සේවකයන්ගේ අධානාග්‍රාහී වැඩවැරුම් හා පාරම්බෑම් ඉදිරියේ ඔහුගෙ පෙනී සිටීම අගයනවා.

ඔය ඇටෙන්ඩන්ට්ලා, පිරිසිදු කරන්නන් හා කම්කරුවන් රොහල්වල මාෆියාවක් ගෙනියනවා. එකාට එකා සම්බන්ධව ලෙඩ්ඩු සූරාකනවා. ඇඳක් ගන්න, බෙඩ්ෂීට් දාගන්න, රෝද පුටුවක් ගන්න, ට්‍රොලියකින් ගෙනියන්න, පිරිසිදු කිරීමක් කරගන්න පගාවක් දෙන්නම ඕනේ.
අතමිට මොලවන්නම ඕනේ.
පසුගිය වසර 5 තුළ මා හෘද සැත්කමටත්, මගේ පියා අවසන් කාලයේත් දින කිහිපය බැගින් කොළඹ මහ රෝහලේ නේවාසිකව ඉද්දී මේ අත්දැකිම් ලැබුවා. මා ඒ මාෆියාවට ගොදුරු වුණා. වැටුප් ලබන ඔවුන් හිතන්නේම තමන්ට අතයට මුදලක් ගෙවිය යුතුම බවයි. අප ඊට අනුගත වන්නේ රෝගියා ගැන හිතලයි.

වෛද්‍යවරුන්, හෙදියන් ලබන දීමනා හෝ පහසුකම් මේ කාණ්ඩවල අය ඉල්ලීම විහිළුවක්. මේ සටන් කණ්ඩායමේ සංයුතියත් කිසිම ගැලපීමක් නෑ. මට පේන්නේ වෘත්තීය සමිති නායකයින්ට සටන් උපක්‍රම තේරෙන්නෙත් නෑ.

ඔව් ඉතිං...මතකනෙ. සමන්ප්‍රිය කියන අප්‍රිය නායකයෙක් සියල්ල පාවා දීලා දවස් කිහිපයකට මංත්‍රී වෙලා කාර් පර්මිට් එකක් අරං වෘත්තීය සටන් නිමා කොට පෞද්ගලික අවශ්‍යතා ඉෂ්ඨ කරගත් හැටි.


බෙල්ලන වෛද්‍යවරයා කියන විදිහ සාහසික වගේ පෙනුණත් ඒ ඇත්ත. රෝහල්වල කම්කරු හා ඇටෙන්ඩන්ඩ් සේවා පෞද්ගලීකරණය කළොත් මීට වඩා සේවයක් සැලසේවි.

-සිතන්නා...


Thursday 8 February 2024

බෑ කියලා බෑ එළුවෝ..CO ගෙ ඕඩර් ස්


නාවික හමුදාවේ මා ගත කළ වසර 5 ක කාලයේදී මා ලද වෙනස් ආකාරයන්ගේ අත්දැකීම් කතා කෝච්චියෙන් විටින් විට ගෙන එනවා.

තවත් එවන් අත්දැකීම් කීපයක මතක..

හරියට පීනන්නත් බැරිව ගැඹුරු මුහුදේ යටට ඇදී ගිය දවසක්..

මහ රෑ ගැඹුරු මුහුදේ හොරබඩු වල්ලමක් පස්සේ...

ඩෙල්ෆ්ට් දූපතේ එළුවන් මංකොල්ලය...


බෑ කියලා බෑ එළුවෝ..CO ගෙ ඕඩර් ස්


-සිතන්නා...