Pages

Friday 29 August 2014

සිසුවියන්ට උම්මා... විදුහල්පති නෝනලාට සුම්මා





සුගිය දිනෙක ජනාධිපති පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ ගායකයකු වන ඉරාජ් වීරරත්න සමග ඞී.එස් සේනානායක විදුහල, විශාඛා විදුහල, සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල ඇතුළු රටේ ප‍්‍රධාන විදුහල් කිහිපයකට ගියේ ය. ඒ තමන්ගේ තාරුණ්‍යයට හෙටක් සංවිධානයට අනුබද්ධ කාල්ටන් ස්පෝර්ට්ස් ක්ලබ් විසින් සංවිධානය කරන කාල්ටන් රගර් තරගාවලිය පාසල්වල ප‍්‍රචාරණය කරන්නට ය.

පළමු ප‍්‍රශ්නය, කාල්ටන් රග්බි තරගාවලිය පාසල්වල ප‍්‍රචාරණය කරන්නේ කුමකට ද යන්න ය.

ඊළඟට පහත ප‍්‍රශ්න ද පැන නැ‍ගෙයි.

එය හා පාසල් අධ්‍යාපනය අතර ඇත්තේ කවර සම්බන්ධයක් ද?

ඒ සඳහා පාසල් වේලාව තුළ දේශපාලන පක්‍ෂයක මන්ත‍්‍රීවරයකුටත්, ගායකයකුටත් පාසල්වලට ඇතුළු වන්නට අවසරදුන්නෝ කවරහු ද?

විදුහල්පතිවරු අවසර දුන්නෝ නම් ඒ කවර පිළිගත් නිර්ණායක යටතේ ද?

එලෙස පිටත සිට ක‍්‍රීඩා තරගාවලියක් ප‍්‍රචාරණය කරන්නට එන ඕනෑම කෙනකුට විදුහල්පතිවරු අවසර දෙන්නෝ ද?

ඕනෑ ම පක්‍ෂයක පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකුටත් එසේ ඉඩ ලබා දෙන්නෝ ද?

බාලිකා පාසලකට පැමිණ ප‍්‍රචාරණයේ යෙදෙන්නටත්, සිසුවියන් සමග ඔවුන්ගේ පාසල් කාලයට නොගැළපෙන ගී ගයන්නටත් සිය පාසලේ සිසුවියන් කැඳවා එකතු කර දීමෙන් විදුහල්පතිනියන් පෙන්වන, සිය සිසුවියන් පිළිබඳ ව වූ ආකල්පය කුමක් ද?

ඇත්ත තිත්ත ය. නාමල් රාජක්‍ෂ මහතාට ඒ ඉඩ ලැබෙන්නේ හුදෙක් ඔහුගේ පාර්ලිමේන්තු මන්තී‍්‍රකම නිසා ම නොවේ. ජනාධිපතිවරයාගේ පුත‍්‍රයා වීම නිසා ය.


නාමල් රාජපක්‍ෂ මහතා පාසලකට පැමිණෙන බව දැනුම් දුන් විට එය සාදරයෙන් පිළිගැනෙන්නේ හේතු දෙකක් නිසා ය.

එකක්, ඔහුගේ ඇතුළුවීම ප‍්‍රතික්‍ෂෙප කරන්නට විදුහල්පතිවරුන්ට හෝ අධ්‍යාපන බලධාරීන්ට හෝ ඇති බිය යි.

දෙවැන්න, ජනාධිපති පුත‍්‍ර මන්ත‍්‍රීවරයා පිළිගෙන අවශ්‍ය පහසුකම් සැලසීමෙන් තමන්ගේ හොඳ නම වර්ධනය කර ගත් පසුව ඒ වෙනුවෙන් ලැබෙන ප‍්‍රතිලාභ, වරදාන ගැන ඇති වන ඇල්ම යි.

මේ සියල්ලෙන් පෙනෙන්නේ අපේ රාජ්‍ය සේවයේ කශේරුවට හානි වී ඇති තරම පමණක් නොවේ. රටේ ප‍්‍රධාන පෙළේ බාලිකා විදුහල් දෙකක් වන විශාඛා විදුහලේත්, සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේත් විදුහල්පතිනියන් දෙදෙනා රාජ්‍ය බලයේ නාමයෙන් පිටතින් එන ඕනෑම කුණුකන්දලකට සිය භාරයේ සිටින සිසුවියන් නිරාවරණය කිරීමට දක්වා ඇති නොසැලකිල්ලයි.

එවැන්නක් විදුහල්පතිනි භූමිකාවට තරම් වේ ද?


සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ දී ලද අවසරයෙන් ගායකයා කළේ තමන්ගේ ජනප‍්‍රිය ගීයක් ගායනා කරන්නට සිසුවියන්ට ද ආරාධනා කිරීම යි. 

ඉරාජ් වීරරත්න  ගායනා කරමින් සිසුවියන්ට අත්වැල් අල්ලන්නට ආරාධනා කළ තමන්ගේ ගීතයක අශික්‍ෂිත පද වැල මෙසේය:

කළු නෝටි කෙල්ල.. ස්විටි මැණික මාගේ
මං ඔන්න එනවා උම්මා උම්මා ඕනේ

නුඹ නැති දිපේ රස නෑ නෝනේ
තුරුලට පැනපං මාගේ
පපුවම මාගේ ගින්දර වාගේ
මං හරි හැන්ඩ්සම් නෝනේ
රොමියෝ ජුලියට් වාගේ
අපි දෙන්නා ...ආ.....
මයෙ කළු කෙල්ලේ ආදරේ දල්ලේ
උඹ මගෙ පණ මයි හිතුණා
මල් මදහාසේ අතුරයි දැසේ
ලෝකෙට රහසේ ඉඳපන් පහසේ

ආ කෝ කිස් අවුරුදු
මේ මිස් අතේ නෑ මුදු
එනවද මාගේ ළයට වස්තු
හඳහන බලලා හදමු පෝරු
ඉකිබිචි මහත පිට්ටු
සාරි ඇඳන් දාලා වළලු
ස්වීටි මැණික නටනවා බං

අත අල්ලා දුන්නා තොත්තු.....

මෙවන් අසංවර ගීත බාලිකා පාසලක නොව බාලක පාසලක වුව ගායනා කළ යුතු නැති තරමේ අශික්‍ෂිත ඒවාය.
කෝ කිස් අවුරුද්
හසේ
ලේ
නෙ
වාසනාවකට පාසල් දැරියනට මේ විකාරයට විරෝධය පාන්නට කශේරුවක් තිබිණ. ඔවුහු සිය ගැහැනුකමේත් පාසලේත් අභිමානය වෙනුවෙන් මේ අපයෝජනයට විරුද්ධ වූහ. 

සැණෙකින් විරෝධය පැතිරිණ. 

මන්ත‍්‍රීවරයාටත්, ගායකයාටත් පල්ලම් බහින්නට සිදු විය. 

පිටකොන්දක් තිබූ ඒ දැරියන්ටත් ඔවුන්ට එක්වූ ගුරුවරුන්ටත් අපි ගෞරව කරමු.

(රාවය පුවත් පතේ කතුවැකියක් ඇසුරිණි.)



-සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා

Tuesday 19 August 2014

"නාමල්ගේ ලියුමට කැම්පස් යන්නත් පුළුවන්" නොහොත් ක්ෂණයෙන් රෙද්ද කඩාගත් ක්ෂණිකා නෝනා....



විශ්වවිද්‍යාලවලට ප‍්‍රථම උපාධිය සඳහා සිසුන් තේරීමේ වගකීම මෙන්ම එහි ස්වාධීනත්වය ඇත්තේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවටය. එම වගකීම ප‍්‍රතිපාදන කොමිෂන් සභාවට පැවරුණේ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත යටතේය. ඒ අනුව උසස් පෙළ විභාගයෙන් ඉහළම ලකුණු ලබන සිසු සිසුවියන්ට සාධාරණ ක‍්‍රමවේදයකින් විශ්වවිද්‍යාල ප‍්‍රවේශය හිමිකරදීම එම ආයතනයට පැවරී ඇති වගකීමයි. කොමිෂන් සභාව නිල සාමාජිකයන් සත්දෙනකුගෙන් සමන්විතය. ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති තනතුරට මෙන්ම කොමිෂන් සභාවට නිල සාමාජිකයන් පත්කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාටය. ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරිය ලෙස කටයුතු කළ මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරිය ලෙස පත්කර තිබේ.



 කතා නායිකාව

ප‍්‍රතිපාදන කොමිසමේ සභාපතිනිය කියන පරිදි, ‘මානුෂික හේතු මතමෙම කතා නායිකාව විශ්වවිද්‍යාලයට ඇතුළත් කරගෙන ඇතිවා සේ ම මානුෂික හේතු මත ඇයගේ නම අපි මේ ලිපියට ඇතුළත් නොකරමු. කරන්දෙණිය, යක්කඩුව පදිංචි ඇය 2010 වසරේ උසස් පෙළට පෙනී සිටින මුත් විශ්වවිද්‍යාලයට ඒමට තරම් සුදුසුකම් නොලබන්නීය. එබැවින් විශ්වවිද්‍යාලයට ඒමේ අරමුණින්ම ඇය දෙවන වර එනම් 2011දීද උසස් පෙළ විභාගයට පෙනී සිටියාය. 2011 වසරේ පැවති අපොස සහතික පත‍්‍ර (උසස් පෙළ) විභාගය සඳහා පාසල් අයදුම්කරුවෝ එක් ලක්ෂ දෙදහස් පන්සියයක් පමණ පෙනී සිටියහ. ඉන් විශ්වවිද්‍යාල ප‍්‍රවේශයට සුදුසුකම් ලැබූ සංඛ්‍යාව අසූ දහසකට ආසන්නය. අපේ කතා නායිකාවද එහිදී කලා ධාරාව යටතේ පෙනීසිටිමින් සිංහල සහ බෞද්ධ ශිෂ්ටාචාරය යන විෂයයන් සඳහා A සාමාර්ථයන්ද, තර්ක ශාස්ත‍්‍රය සහ විද්‍යාත්මක ක‍්‍රමය සඳහා ක්‍ සාමාර්ථයද ලබා ගත්තාය. ඇයගේ ඉසෙඞ් ලකුණු වූයේ 1.4012ය. එය විශ්වවිද්‍යාල ප‍්‍රවේශය සඳහා ප‍්‍රමාණවත් අගයකි. එහෙත් මොනයම් හේතුවක් මත හෝ සිසුවිය විශ්වවිද්‍යාල ප‍්‍රවේශයට අයදුම් නොකළාය.

විශ්වවිද්‍යාල ප‍්‍රවේශ අයදුම් පත‍්‍රය මුද්‍රණය කරන්නේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවය. රුපියල් 500ක් ගෙවා එම අයදුම්පත‍්‍රය මිලදී ගැනීම අයදුම්කරුවන්ගේ වගකීමකි. පළමුවර විශ්වවිද්‍යාල සුදුසුකම් නොලබද්දී ඇය දෙවන වර ලියනුයේ විශ්වවිද්‍යාලයට යෑමේ බලාපොරොත්තුවෙනි. එහෙත් ඊට සුදුසුකම් ලැබුවද ඇය ඊට ඉල්ලූම් නොකරන්නීය. ඉන් දෙවසරක්ම ඉක්ම ගිය තැන 2013 වසරේ අගෝස්තු මස 27දාතමින් යුතුව ඇය විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ අතිරේක ලේකම්වරයකුට අභියාචනයක් යොමු කළාය.

එලෙස අභියාචනයක් ඉදිරිපත් කරන ඇය 2011දී තමාට විශ්වවිද්‍යාල ප‍්‍රවේශයට අයදුම් කිරීමට නොහැකිවීමේ හේතු ඉදිරිපත් කළාය. ඒ තම පියා වරින්වර අසනීපවීම නිසායැයි ද පොත් කඩවලින් සොයනු ලැබූවත් අලෙවි වී තිබූ නිසාඅයදුම්පත‍්‍රය මිලට ගැනීමට නොහැකි වූයේයැයිද කියන ඇය අතපසුවීම ගැන අනුකම්පා කර සාධාරණයක් ඉටුකර දෙන ලෙසද සිය අභියාචනයෙන් ඉල්ලා තිබුණි.

නාමල්ගේ මැදිහත්වීම












සිසුවිය විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කිරීමට මාස දෙකකට පෙර උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම්වරයාට මෙම සිසුවියගේ ඉල්ලීමට අදාළව ලිපියක් ලැබී තිබිණ.



එකී ලිපිය පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂගේය. ඊට අත්සන යොදා ඇත්තේ නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයාගේ සම්බන්ධීකරණ ලේකම් සරත් අමරවීරය. 

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, පෞද්ගලික ලේකම් නො. 20, වෝර්ඞ් පෙදෙස, කොළඹ 07 යන ලිපිනයට ලැබෙන මෙම ලිපිය කියවා බලා ඊට උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා යොදන සටහන කියවීම වටී. එහිදී ඔහු රැවුළත් කැඳත් දෙකම බේරාගනු ලබන්නේ නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා බෙල්ල මැදටම හිරකරමිනි. 

කී සටහන මෙසේය. මේ ගැන නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීතුමා මට කිහිපවිටක් දුරකතනයෙන් කතා කළා. මේ ළමයා ගෙන්වා බලන්න. කළ හැකි උපකාරයක් කරන්න

මෙම සිසුවිය අවශ්‍ය කඩඉම් ලකුණුවලට වඩා වැඩි ලකුණු ලබාගෙන තිබුණා. ඒ අනුව ඇයගේ අභියාචනය සලකා බලා මානුෂීය හේතූන් මත අවස්ථාව සලසා දුන්නායැයි විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනිය මාධ්‍යවලට ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළද සිසුවියගේ අභියාචනය ප‍්‍රතිපාදන කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමටත් පෙර මෙම අභියාචනය දේශපාලනඥයකුට ඉදිරිපත්වීම ගැටලූවක් වන්නේය. සභාපතිනිය මානුෂික හේතු ගැන කතා කළද මෙය මානුෂික මුහුණුවරක් ගන්නේ නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයාගේ ඉල්ලීමකට උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ සටහනක්ද ඇතිව කොමිෂන් සභාවේ අතිරේක ලේකම් ආචාර්ය ප‍්‍රියන්ත පේ‍්‍රමකුමාර මහතාගේ නමට සටහනක් දමන නිසා බව පැහැදිලිය.

මෙම කොමිෂන් සභාවේ නියෝජිතයන් පත්කරනු ලබන්නේ ජනාධිපති නම් එකී නියෝජිතයන්ට ලිපිය එනුයේ උසස් අධ්‍යාපන ඇමතිගේ සටහනකින් නම් උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට එම ලිපිය එනුයේ ජනපති පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් නම් මානුෂික නොවීකෙසේද? ඒ අනුව කඩිමුඩියේ එනම් සැප්තැම්බර් 5 වැනිදා දාතමින් සිසුවියගේ අභියාචනයට දීර්ඝ විස්තරයක් සහිත ලිපියක් සකස් කර ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත. අතිරේක ලේකම් ආචාර්ය ප‍්‍රියන්ත පේ‍්‍රමකුමාර සහ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් නිශාන්ති පළඟසිංහ යන දෙදෙනා එම විස්තරාත්මක ලිපියට අත්සන් තබා ඇත.

ඒ අනුව 2011 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාල ප‍්‍රවේශයට අයැදුම් නොකර ඉන් දෙවසරකට පසු ඉදිරිපත් කළ අභියාචනය මත ඇය 2011/2012 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීම කොමිෂන් සභාව අනුමත කර ඇත.

මානුෂිකවීමට ඇති ඉඩ

මෙහි ඇති අපූර්වත්වය නම් නියමිත දිනට පෙර විශ්වවිද්‍යාල ප‍්‍රවේශය සඳහා අයදුම් කිරීමට නොහැකි වූ සිසු සිසුවියන් 22ක්ද ඒ වනවිට ප‍්‍රතිපාදන කොමිෂන් සභාවට අභියාචනා ඉදිරිපත් කර තිබීමය. ඒ අතරින් කිහිපදෙනකුම ඉහත සිසුවිය ඉදිරිපත් කර තිබූ කරුණුම සඳහන් කර තිබීමය. එහෙත් ඔවුන් ඇතුළු ඉහත 22ගෙන් කිසිවකු සම්බන්ධයෙන් මානුෂික නොවූඅභියාචනා කමිටුව නාමල් මන්ත‍්‍රීවරයාගේ ලියුම බලා කරන්දෙණිය සිසුවියට පමණක් මානුෂිකවූයේකෙසේද

සිසුවියගේ අයදුම් පත‍්‍රය ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ලබා ගන්නේ 2013 වසරේ ඔක්තෝබර් මස 07 වැනිදාය.  

එම අයදුම්පතට අදාළව කොමිෂන් සභාව තීරණය කරන්නේ 2011/12 අධ්‍යයන වර්ෂය සඳහා ඇය විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීමටය. මේ නම් ආශ්චර්යයක් නොවේද?

ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ඇය එම අධ්‍යයන වර්ෂයට ඇතුළත් කිරීමට තීරණය කිරීමෙන් පසුව ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් නිශාන්ති පළඟසිංහ මහත්මිය 2014 ජනවාරි මස 07 වැනිදා සිසුවියට යවන ලිපියද අපූරුය.

‘880 වන විශ්වවිද්‍යාල කොමිෂන් සභා රැුස්වීමේදී තීරණය කර ඇති පරිදි 2011/12 අධ්‍යයන වර්ෂය සඳහා රුහුණු විශ්වවිද්‍යාලයේ කලා පාඨමාලාවෙන් 2012/2013 අධ්‍යයන වර්ෂය සඳහා රුහුණු විශ්වවිද්‍යාලයේ කලා පාඨමාලාව හැදෑරීමට අවස්ථාවක් ලබාදීමට තීරණය කරන ලදි.

එබැවින් ඔබගේ ලියාපදිංචි කටයුතු සම්බන්ධයෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී වෙත 2014.01.16 දින වාර්තා කරන මෙන් දන්වා සිටිමි.යනුවෙන් එම අපූරු ලිපියෙහි සඳහන්ය.

 



අපබ‍්‍රංස 

ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරිය කටයුතු කර ඇත්තේ ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ තීරණවලට අනුවද? එකී තීරණවලට අනුව කටයුතු කළේ නම් කොමිෂන් සභාවේ තීරණයට අනුව 2011/12 අධ්‍යයන වර්ෂය වෙනුවට 2012/13 අධ්‍යයන වර්ෂයට සිසුවිය ඇතුළත් කළේ කෙසේද යන්න ගැටලූවකි.

කොමිෂන් සභාව කුමක් කීවද ඔවුහු මෙම සිසුවිය ගත්තේ නාමල් රාජපක්ෂගේ ලිපිය නිසාය. ඊට උසස් අධ්‍යාපන ඇමතිවරයාද ඇඟ බේරාගත් සටහනද ඔවුහු උපයෝගී කොට ගත්තෝය. ගුරුන් හිටගෙන කරන දේ මේ අනුව ගෝලයෝ දුව දුව කර ඇති සැටියකි. සිසුවිය මෙම සිද්ධියේදී අහිංසකයැයි නොපෙනෙන්නේ ඇයද අවශ්‍යතාව සඳහා අල්ලා ගතයුතු ඉහළම අත්ත අල්ලාගෙන ඇති බැවිනි. නුවර මෝටර් රථ රේස් පැවැත්වීමට මේ අවස්ථාවේ පමණක් ඉඩ දුන් මහා නායක හිමි මෙන්ම කොමිෂන් සභාවේ සභාපතිනිය මෙවර පමණක් මානුෂික වූවායැයි කාට කිව නොහැකිද? පෙනෙන්නට ඇත්තේද එයමය. මේ ආශ්චර්යයට යන රාජපක්ෂලාගේ ගමනය. හෙට දවසේ විශ්වවිද්‍යාල සුදුසුකම් නැති ළමයකු වුව විශ්වවිද්‍යාලයට රාජපක්ෂලාගේ ලියුමකට ඇතුළත් කර ගත්තද මානුෂික හේතු මත කරබාගෙන සිටිය යුතුය. ඒ තත්ත්වයට ඉඩදිය යුතුද?

ඔව්ද නැද්ද කියන්න  



- ආචාර්ය ර්මාල් රංජිත් දේවසිරි  
(විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ හිටපු සභාපති)

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විදියට අපිට හරිම සරල ප‍්‍රශ්න ටිකක් තමයි විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවෙන් අහන්න තියෙන්නේ. හැබැයි මේ ප‍්‍රශ්න සරල වුණාට ඉතාම සංකීර්ණයි. මේ ප‍්‍රශ්නවලට ලබාදෙන උත්තර මත බොහෝ දේ වටහාගන්න පුළුවන්. අපි කියන්නේ අපිට මේ ප‍්‍රශ්නවලට ඔව් නැහැ බැහැ කියලා සරල උත්තර ලැබුණාම ඇති. 

ඒ ප‍්‍රශ්න තමයි,..
මානුෂික හේතු මත ශිෂ්‍යාවක් විශ්වවිද්‍යාලයට ඇතුළත් කරගත්තාද? එහෙම බඳවාගත්තා නම් ඉතාම හොඳයි. එහෙමනම් එවැනි මානුෂික හේතු තිබූ අය පසුගිය වසර දහය තුළ කීදෙනෙක් අභියාචනා ඉදිරිපත් කරලා තියෙනවාද? ඒ කීදෙනෙක් මානුෂික හේතු මත විශ්වවිද්‍යාලයට අරගෙන තියෙනවාද? එහෙම අරගෙන නැත්නම් ඒ අය ඉදිරිපත් කරපු කරුණු මේ තරම් මානුෂික නැද්ද? මේ බඳවාගත් ළමයා සමග ඒ වසරේදීම අභියාචනා ඉදිරිපත් කළ ළමුන් විසි දෙකක් ඉන්නවාද? ඒ අයගේ ප‍්‍රශ්න මේ තරම් මානුෂික නැද්ද? ඒ බව සලකා බැලූවාද? මේ අයදුම්පතට සම්බන්ධව නාමල් රාජපක්ෂ හෝ ඔහුගේ සම්බන්ධීකරණ ලේකම් එවූ ලිපියක් ඇත්ද? එම ලිපියෙහි උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා තමාට නාමල් මන්ත‍්‍රීවරයා කිහිප වතාවක්ම දුරකතනයෙන් කතා කළ බවට දැනුම් දුන් සටහනක් තබා ඇත්ද? ශිෂ්‍යාවගේ ඉල්ලූම්පත එස්.බී. අමාත්‍යවරයාගේ ලියුමට කොපමණ කාලයකට පෙර ඉදිරිපත් වන්නේද? ඒ ලියුම ආවේ කවදාද? ශිෂ්‍යාවගේ ඇපීල් එක ඉදිරිපත් කළේ කවදාද? මෙතෙක් අභියාචනා කර ඇති ළමුන් අතරින් මේ ශිෂ්‍යාවට පමණක් මානුෂික වූ හේතු අනෙක් අභියාචනා අතරින් වෙන් කරන්නේ කෙසේද? එය නිවැරදිව පහදන්න හැකිද? මේ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙන්නැයි අපි කාරුණිකව ඉල්ලමු.
මානුෂීය හේතූන් මත ගත්තා  


                              

      මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම 
(විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනිය)




මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනි ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය මාධ්‍යයට දක්වා තිබුණේ මෙවැනි අදහසකි.


නියමිත කාලයට පසුව අයදුම්පත් ඉදිරිපත් කර තිබුණද මානුෂීය හේතූන් මත එම සිසුවිය විශ්වවිද්‍යාලයට ඇතුළත් කරගත්තා.


රාවය-2014 අගෝස්තු 14



-සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා