පසුගිය දිනෙක ජනාධිපති පුත්
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ගායකයකු වන ඉරාජ් වීරරත්න සමග ඞී.එස්
සේනානායක විදුහල, විශාඛා විදුහල, සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල
ඇතුළු රටේ ප්‍රධාන විදුහල් කිහිපයකට ගියේ ය. ඒ තමන්ගේ තාරුණ්‍යයට හෙටක් සංවිධානයට
අනුබද්ධ කාල්ටන් ස්පෝර්ට්ස් ක්ලබ් විසින් සංවිධානය කරන කාල්ටන් රගර් තරගාවලිය
පාසල්වල ප්‍රචාරණය කරන්නට ය.
පළමු ප්රශ්නය, කාල්ටන් රග්බි තරගාවලිය පාසල්වල ප්‍රචාරණය කරන්නේ කුමකට
ද යන්න ය.
ඊළඟට පහත ප්‍රශ්න ද පැන නැගෙයි.
එය හා පාසල් අධ්‍යාපනය අතර ඇත්තේ
කවර සම්බන්ධයක් ද?
ඒ සඳහා පාසල් වේලාව තුළ දේශපාලන
පක්ෂයක මන්ත්රීවරයකුටත්, ගායකයකුටත්
පාසල්වලට ඇතුළු වන්නට අවසරදුන්නෝ කවරහු ද?
විදුහල්පතිවරු අවසර දුන්නෝ නම් ඒ
කවර පිළිගත් නිර්ණායක යටතේ ද?
එලෙස පිටත සිට ක්‍රීඩා තරගාවලියක් ප්‍රචාරණය
කරන්නට එන ඕනෑම කෙනකුට විදුහල්පතිවරු අවසර දෙන්නෝ ද?
ඕනෑ ම පක්ෂයක පාර්ලිමේන්තු
මන්තී්රවරයකුටත් එසේ ඉඩ ලබා දෙන්නෝ ද?
බාලිකා පාසලකට පැමිණ ප්රචාරණයේ
යෙදෙන්නටත්, සිසුවියන්
සමග ඔවුන්ගේ පාසල් කාලයට නොගැළපෙන ගී ගයන්නටත් සිය පාසලේ සිසුවියන් කැඳවා එකතු කර
දීමෙන් විදුහල්පතිනියන් පෙන්වන, සිය
සිසුවියන් පිළිබඳ ව වූ ආකල්පය කුමක් ද?
ඇත්ත තිත්ත ය. නාමල් රාජක්ෂ
මහතාට ඒ ඉඩ ලැබෙන්නේ හුදෙක් ඔහුගේ පාර්ලිමේන්තු මන්තී‍්‍රකම නිසා ම නොවේ.
ජනාධිපතිවරයාගේ පුත්‍රයා වීම නිසා ය.
නාමල් රාජපක්ෂ මහතා පාසලකට
පැමිණෙන බව දැනුම් දුන් විට එය සාදරයෙන් පිළිගැනෙන්නේ හේතු දෙකක් නිසා ය.
එකක්, ඔහුගේ ඇතුළුවීම ප්රතික්ෂෙප
කරන්නට විදුහල්පතිවරුන්ට
හෝ අධ්‍යාපන බලධාරීන්ට හෝ ඇති බිය යි.
දෙවැන්න, ජනාධිපති පුත්‍ර මන්ත්‍රීවරයා පිළිගෙන අවශ්‍ය පහසුකම්
සැලසීමෙන් තමන්ගේ හොඳ නම වර්ධනය කර ගත් පසුව ඒ වෙනුවෙන් ලැබෙන ප්රතිලාභ, වරදාන ගැන ඇති වන ඇල්ම යි.
මේ සියල්ලෙන් පෙනෙන්නේ අපේ රාජ්‍ය
සේවයේ කශේරුවට හානි වී ඇති තරම පමණක් නොවේ. රටේ ප්‍රධාන පෙළේ බාලිකා විදුහල්
දෙකක් වන විශාඛා විදුහලේත්, සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේත්
විදුහල්පතිනියන් දෙදෙනා රාජ්‍ය බලයේ නාමයෙන් පිටතින් එන ඕනෑම කුණුකන්දලකට සිය භාරයේ
සිටින සිසුවියන් නිරාවරණය කිරීමට දක්වා ඇති නොසැලකිල්ලයි.
එවැන්නක් විදුහල්පතිනි භූමිකාවට
තරම් වේ ද?
සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ දී
ලද අවසරයෙන් ගායකයා කළේ තමන්ගේ ජනප්‍රිය ගීයක් ගායනා කරන්නට සිසුවියන්ට ද ආරාධනා
කිරීම යි.
ඉරාජ් වීරරත්න ගායනා කරමින්
සිසුවියන්ට අත්වැල් අල්ලන්නට ආරාධනා කළ තමන්ගේ ගීතයක අශික්ෂිත පද වැල මෙසේය:
කළු නෝටි කෙල්ල.. ස්විටි මැණික මාගේ
මං ඔන්න එනවා උම්මා උම්මා ඕනේ
නුඹ නැති දිපේ රස නෑ නෝනේ
තුරුලට පැනපං මාගේ
පපුවම මාගේ ගින්දර වාගේ
මං හරි හැන්ඩ්සම් නෝනේ
රොමියෝ ජුලියට් වාගේ
අපි දෙන්නා ...ආ.....
මයෙ කළු කෙල්ලේ ආදරේ දල්ලේ
උඹ මගෙ පණ මයි හිතුණා
මල් මදහාසේ අතුරයි දැසේ
ලෝකෙට රහසේ ඉඳපන් පහසේ
ආ කෝ කිස් අවුරුදු
මේ මිස් අතේ නෑ මුදු
එනවද මාගේ ළයට වස්තු
හඳහන බලලා හදමු පෝරු
ඉකිබිචි මහත පිට්ටු
සාරි ඇඳන් දාලා වළලු
ස්වීටි මැණික නටනවා බං
අත අල්ලා දුන්නා තොත්තු.....
මෙවන් අසංවර ගීත බාලිකා පාසලක
නොව බාලක පාසලක වුව ගායනා කළ යුතු නැති තරමේ අශික්ෂිත ඒවාය.
වාසනාවකට පාසල් දැරියනට මේ
විකාරයට විරෝධය පාන්නට කශේරුවක් තිබිණ. ඔවුහු සිය ගැහැනුකමේත් පාසලේත් අභිමානය
වෙනුවෙන් මේ අපයෝජනයට විරුද්ධ වූහ.
සැණෙකින් විරෝධය පැතිරිණ.
මන්ත්‍රීවරයාටත්, ගායකයාටත් පල්ලම් බහින්නට සිදු
විය.
පිටකොන්දක් තිබූ ඒ දැරියන්ටත් ඔවුන්ට එක්වූ ගුරුවරුන්ටත් අපි ගෞරව කරමු.
(රාවය පුවත් පතේ කතුවැකියක් ඇසුරිණි.)
-සෙස්ස පස්සට ෴
/* මෙවන් අසංවර ගීත බාලිකා පාසලක නොව බාලක පාසලක වුව ගායනා කළ යුතු නැති තරමේ අශික්සිත ඒවාය. */
ReplyDeleteසහතික ඇත්ත. ඕක නෙමේ කියන්න තිබුණේ මෙන්න මේ සින්දුව.
කුමරියක පා සළඹ සැලුනා
වසා සිටි නෙතු පියන් ඇරුනා
කුමර බඹසර අසපුවේ මා
සමවැදී උන් දැහැන් බිඳුනා
කුමරියක පා සළඹ සැලුනා...
උකුළ ලැම හස මලවි කරළිය
මුවාකල ඇගෙ දුහුල් සළු තිර
විවර කෙරුවා මනස් සළෙලුන්
උමතු වූ දෙනුවන් රැහැන් ඇද
මෙමා අබියස මැවුනු තුසිතය
සුරන් නැළවූ සුයාමය
කුමරියක පා සළඹ සැලුනා
නිසල ජීවන තපෝ වනමැද
හැඟුම් ගජසෙන් යදම් බිඳවැද
තළා සිඳ කම්පණය කරවයි
ළපලු තුරුවැල් කැකුළු මල් පෙති
මෙමා හඬවයි බිඳුනු තුසිතය
සුරන් නැළවූ සුයාමය
කතන්දරකාරයව තාරුණ්‍යයට හෙටක් උපදේශක කරගත්ත නං ගොඩ නේද?
ReplyDeleteඑහෙම නැතිනම් ඔය ඉරාජ් ගේ සින්දුව මෙන්න මෙහෙම සම්භාව්‍ය එකක් කරමු.
ReplyDeleteකළු එතනෝ කට සැර කළු එතනෝ
මගේ සුන්දර නිල්මිණ කළු එතනෝ
මම එන්නෙමි ඔබව සොයා
ලවනේ ඔබ පහස පතා
ඔබ නැති රට මට නීරසයි ප්‍රියේ
එනුමැන මා තුරුලට හනික රැයේ
මගේ හදවත උුණුසම ඔබ වෙත දෙන්නම්
මගේ පුළුල් උරේ ඔබ සතපාලා
ඉසුරුමුණියේ පෙම් යුවලද අප දෙන්නා
කළු එතනෝ මගෙ ආදර දීපශිකා
ඔබ මගේ ප්‍රාණය හා සමයි ප්‍රියේ
මුදු සිනහව පැතිරුණු ඔබ නෙතගේ
සැමදා මගේ තුරුලේ රැදෙණු ප්‍රියේ
;-)
දැං වැඩේ මේකනේ....සම්භාව්‍ය වුණාම තේරෙන්නෙ නෑනෙ....ඉතිං හොඳයි නොකිව්වොත් සවුත්තු වෙනවනේ...ඒ හංද මේ සිංදුව නං හොඳයි වගේ....:)
ReplyDeleteමුන් රෙදි අඳින්නේ ලැජ්ජාවට නොවෙයි . මැස්සෝ වහනවට .
ReplyDelete