Pages

Saturday 13 September 2014

සම්මාන සහ අවමාන නොහොත් ලේඛකයන්ගේ පුක බිම ඇනීම



ක එක විදිහේ සම්මාන තියෙනවා ය.

නැටුම් සම්මාන ය.

ගැයුම් සම්මාන ය.

රැඟුම් සම්මාන ය.

සිනමා සම්මාන ය.

සාහිත්‍ය සම්මාන ය.

කවි පොත් සම්මාන ය.

කෙටිකතා පොත් සම්මාන ය.

නවකතා පොත් සම්මාන ය.

එක එක විදිහේ සම්මාන ය.

එක එක විදිහේ සම්මාන දෙන අය ය.

දේස පාලුවෝ ය.

පොත් මුදලාලිලා ය.

පොත් ප්‍රකාශකයෝ ය.

විශ්ව විද්‍යාල කාරයෝ ය.

ජපුර කියනවා ය.

සංස්කෘතික අමාත්‍යාංශය කියනවා ය.

ගොඩගේ කියනවා ය.

ස්වර්ණ පුස්තක කියනවා ය.

දෙන්නේ එක එක විදිහේ සම්මාන ය.

සහතික දෙනවා ය.

කුසලාන දෙනවා ය.

ඵලක දෙනවා ය.

සල්ලිත් දෙනවා ය.

දහදාහ දෙනවා ය.

විසිපන්දාහ දෙනවා ය.

පණස්දාහ දෙනවා ය.

ලක්සෙත් දෙනවා ය.

ලක්ස පහත් දෙනවා ය.


දෙන කොට අතට අත දෙනවා ය.

බදාගෙන ඉඹ ගන්නවා ය.

දොහොත් මුදුන් දී වඳිනවා ය.

කොන්ද නමා ගෙන වඳිනවා ය.

ආචාර සමාචාර පවත්වනවා ය.

සම්මාන ගන්නවා ය.

ලැබෙන බවත් කලින්ම දන්නවා ය.

කලින්ම දන්න අය දන්න කියන අයටත් 
එන්න කියනවා ය.

නොලැබුණ අය ගහ බැණ ගන්නවා ය.

දෙස් දෙවොල් තියනවා ය.









අඬා දොඩා වැලපෙනවා ය.

පත්තර වල වසුරු හෙළනවා ය.

අභියෝග කරනවා ය.

විනිසුරෝ එතකොට විනිසොරෝ වෙනවා ය.

සම්මාන ලැබුණාම විනිශ්චය හරියට හරි ය.

නොලැබුණාම විනිශ්චය අජ පල් ය.

මුං දන්නේ මොනවාද කියා අසනවා ය.

සම්මාන දෙන්නේත් එක එක විදිහට ය.

මුණ බලලත් දෙනවා ය.

නමටත් දෙනවා ය.

කල්ලිවාදයටත් දෙනවා ය.

සල්ලිවලටත් දෙනවා ය.

ගෝලයන්ටත් දෙනවා ය.

ගුරන්ටත් දෙනවා ය.

මහන්සි වුණාමත් දෙනවා ය.










හාංසි වුණාමත් දෙනවා ය.

සම්මාන වලට බණින අය
සම්මාන ලැබුණාම කට පුක වහ ගන්නවා ය.









කට පුක වහගෙන සම්මාන ගත් අය
නොලැබුණාම පතුරු යන්න බණිනවා ය.









මේව බල බල ප්‍රකාශකයෝ පොත් විකුණා ගන්නවා ය.

කඩකාරයෝ සීයට හතළිහක් වට්ටම් ගන්නවා ය.

පොත් මුදලාලිලා දෙන්න තියෙන
සීයට දහයත් නොදී හෙට්ටු කරනවා ය.

පොත් විකුණුනාම එන්න කියනවා ය.

බිල හැදුවාම එන්න කියනවා ය.

කෝල් එක්ක දීලම එන්න කියනවා ය.

මේ දවස් වල හරිම කෝඩෙ කියනවා ය.

හැබැයි තට්ටු පිට තට්ටු බිල්ඩිං නම් ගහනවා ය.

පොත් මුදලාලිලයි කඩකාරයොයි පෝසත් වෙනවා ය.

ලේඛකයන් සොච්චමක් ගෙන හෝ නොගෙනම

පස්ස බිම ඇන ගන්නවා ය.



-සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා