Pages

Monday 8 December 2014

රට විරුවොද ? රට කෑවද? නොහොත් විදෙස්ගත ශ්‍රමිකයින් ගොනාට ඇන්දීමේ කලාව......

මුහුණු පොතේ පළවූ අදහස් මෙවර වාලුකා සිතුවිලි වලට එක් කරන්න සිතුවා.....

රට විරුවොද ? රට කෑවද?

රට විරුවන යයි මුදල් කාබාසිනියා කරන වැඩසටහන් රටට ඕනමද?

එහෙම නැත්තම් මේ වගේ අසරණ කම නිසා රට යන දුප්පත් යට සරණක් වන ක්‍රමවේදයක් නිර්මාණය කිරීමද ඕනකරන්නේ ?

ගීතයෙන් තම හැකියාවන් ඔප්නන්වීම කිසිදු අයුරකින් පහත හෙළීමක් නොවේ.එත් අප සිතන්න ඕන මුලිකත්වය දිය යුත්තේ කුමකටද කියා .
රටේ දහසකුත් දියණිවරුන් , අම්මාවරුන් දුක් විදිද්දීදී අතලොස්සක් මෙවන් මුදල් කාබාසිනියා කිරීම අඔබ අනුමත කරන්නේද ?

ඔබේ අදහස් මොනවා වගේද ?

අපට ඕන රට විරු real ස්ටාර් ද නැත්තම් මෙවන් ශෝකී කතා නැවත නැවත ඇතිවීම වැළැක්වීමද ??





·        Lankika Janathawa Bahrainhi ඔබ දන්නවද ලංකාවේ දළ

   ජාතික අදායමෙන් වැඩිම දායකත්වය සපයන්නේ කුමන අදායම් 

   මාර්ගයද කියා ?

ඔබට හැකිනම් එකින් එක ගණනය කරන්න ඔය රට විරු 

   වැඩසටහනට ගිය මුදල
   
පටන් ගන්න මෙලෙසින් 

1) ගුවන් ටිකට් පත්

2) නවාතැන් පහසුකම්

3) උත්සව ශාලා ගාස්තු
 
4) අහර පාන

5) මුද්‍රණ කටයුතු
 
6) ප්‍රවාහන ගාස්තු
 
7) උත්සව ශාලා අලංකරණ ගාස්තු
 

8) පටිගතකිරීම්/ශබ්ද පාලක උපකරණ ගාස්තු
 
ආදී ඇතුළු මෙකි නොකී සැගවුණු ගාස්තු එමටයි
  
  
·  Lankika Janathawa Bahrainhi 

 ගායකයෙක් බිහිකිරීමද , බඩගින්නේ මැරෙන්න යන කීප දෙනෙක්

 බේරා ගැනීමද වඩා වැදගත් යන්න ඔබ තීරණය කරන්න .වඩාත් සුදුසු

 දෙය මුලින් කරන්න .එවිට එවිට කැලේ පිපුන මල් ලස්සනට පීදිලා

 ලෝකෙටම සුවඳ දෙවි.




·    Suneth Abe Abedheera 
කලාව කා වෙනුවෙන් දජනතාවට

    වින්දනය වෙනුවෙන් හෝ නිදහසක් ඇත්ද?. ශ්‍රමය තුට්ටු දෙකට

    සූරාකෑමට හසුකර උපයන මුදලින් පාලකයන් ජනතාවට මැජික්

    සංදර්ශන පෙන්නන පසුගාමී සමාජයක් ...


අපි ඒ සමාජ යාන්ත්‍රනය දුවන දැතිරෝදයි. අපි මත මල නොකෑම

පිණිස ( උන්ගේ යාන්ත්‍රණය පහසු කිරීම පිනිස) අපි මත හෙලන

ලිහිස්සි වලින් අපි සංතෘප්ත වන්නේ නම් මේ වහල්කම 

කෙදිනකවත් ඉවරයක් නොවනු ඇත.



·    Gamini Leelarathna 
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැඩ 

    පිළිවෙලවත් මැදපෙරදිගට ගුවන්තොටේදී ලැබෙන සත්කාරගැනවත්

    මගේ කිසිම පැහැදීමක් නැත........!

නමුත් එකක් නැති නිසා අනෙක් ඒවාත් අවශ්‍ය නැහැ කියන මතය මම

අනුමත නොකරමි. අප ලෝකයට අනුගත විය යුතුමය. ඒවගේම

දක්ෂතාවයක් ඇති අතලොස්සක් සඳහා මෙයින් යම් දිරි දීමක්

වෙනවාට සැකයකුත් නැත......!

දුප්පත් කම්කරුවන්ගේ මුදල් වලින් බාල් නැටීම ලංකාවට පමණක්ම

වෙන් වූ දෙයක්ද නොවන්නේය....!




·    Lankika Janathawa Bahrainhi 

නිවැරදි ඇගයීමක් සිද්ද උනානම් රියල් ස්ටාර් ලංකාව තුළින්ම රට

එන්න කලින්ම පුදිනවා .

නැති බැරි කම තුළ රට යන අපේම සහෝදරියන්ගේ

සුභ සාධනය ඉහළ දමන එකද මුලින් කළ යුත්තේ

නැතහොත් රියල් ස්ටාර් කෙනෙක් බිහිකිරීමද මුලින්

කළ යුත්තේ මහත්තයෝ ?


මෙතුලින් නිකරුනේ වැය වන මුදල ඔබද, මමද ,තවත් විදෙස් ගත 

දුප්පතුන් රාශියකගේ දහඩිය හා කදුළු මිශ්‍ර වුවක් තුළින් උපයා 

ගත්තක්.එම ඉපයීමට නිසි තැන දී රියල් ස්ටාර් ලා 1000ක් බිහි වුවත්

කම් නෑ .

එත් බඩට බත් ඇටයක් නැතිව ,පිපාසයට වතුර උගුරක් නැතුව දහ දුක්

විදින ලංකික සහෝදරියන්ගේ කඳුළ මනසේ හොල්මන් කරනවා.

සුළු පිරිසගේ බඩ වඩා ගැනීමට නොයෙක් මාදිලියේ වචන හරඹයන් හා

සංදර්ශනයන් පෙන්වමින් දුප්පතුන් මුලා කරන කැරට් අලය තවම

තේරුම් අරන් නැහැ .



·     Lankika Janathawa Bahrainhi 

මුලින්ම විය යුත්තේ රියල් ස්ටාර් තේරීමද ? අසරණ වූ කාන්තාවන්ගේ

සමාජ සුභ සාධනයද?


·   Gamini Leelarathna // මුලින්ම මිය යුත්තේ රියල් ස්ටාර් 

    තේරීමද ? අසරණ වූ කාන්තාවන්ගේ සමාජ සුභ සාධනයද? //

මේසියවසේ ඕවා බෙදා වෙන්කරගෙන කරන්න බැහැ. සියලුදෙයම

 ක්ෂණික වෙලා. මමහැමදාම කියන්නා වගේ වැඩ බිමේ වැඩ කරන

 මිනිසාට අද ගෙදර යද්දී ළමයිනට කොත්තුවක් ගෙන යාමට හැකියාව 

ඇති සේ ක්ෂණික වින්දනයක පහස ගැන්මට කරන මෙවන්දේ රස 

විඳීමට අප දැන් පුරුදු විය යුතුයි!



·   Michael Meegahagedara රට විරුවන් යයි 

   හඳුන්වන්නේ   කියන කියන වෙලාවට,කියන කියන

   තැනට වාහනයකින් යා හැකි   විදේශ ශ්‍රමිකයන්ට

   පමණද?සියලුම විදේශ ගත ශ්‍රමිකයන් මේ සඳහා

   අනුගත කිරීමට මම එකඟ නොවෙමි.කීප දෙනකුට

   හැර බොහෝ දෙනෙකුට සම්මාදම් විය නොහැකි

   නිසා රට විරු කෑල්ල වැදගත්    වන්නේ නැත.රට

   විරු යන්න යොදන්නේ වංචනික ලෙසයි.


 -සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා






Monday 1 December 2014

තානාපති කෝලම


තට සැර යටියයි
උරයට දවුල් බෙරයයි
තද මහළු වයසයි
වරෙන් ගුරුනේ රාජ පනතයි

ඔය කිව්වෙ කෝලං නැටිල්ලෙදී කාරියකරවන රාළ ඇතුළු ගායක කණ්‌ඩායම කෝලං උපතේ කවි ගායනා කොලාට පස්සේ මුලින්ම අණබෙර කෝලං සබයට එන්නට කලියෙං ගායනා කොරන පොත් කවියක්.

වේශධාරී රංගනය නැත්නම් කෝලං නැටීම අති පුරාණයේ පටන් පැවත එන කලාවක් නෙ ආයිබං.

ඔය බයිස්කෝප්, රූපපෙට්ටි වගේ විච්චූරණ එන්නට කලියෙං ජනීජනයාට කලා රසය වගේම විනෝද ආශ්වාදය ලබා දෙන්නටත් මේ කෝලං නැටීම් උදව් වුණා.

ඒ වගේම සිරිලංකාව පරදේශක්කාරයන්ගේ යටත් විජිතයක්‌ වෙලා තිබුණු සංදියේ පාලකයන්ගේ නොමනා කිරියාවන් විවේචනය කොරන්ඩ අඬබෙරකරු, හේවායන්, මුදලි, ආරච්චි, පොලිස්‌, ලියන අප්පු, ජසයා වගේම ලෙන්චිනා වගේ චරිත ගෙනහැර පෑවේ වෙස්මුහුණු යොදා ගෙන නොවැ.

ඉතිං ඔය වෙස්මූණූකාරයො අදත් හැම තැනම.

වාලුකා කාන්තාරෙ මුතු දූපත කියල වෙනසක් නෑ බොලල්ලා.
කෝලංකාරයො බොහොමයි. වෙස්මූණූකාරයොත් අහුමුලුවල.

මෙහෙ කෝලංකාරයො එක එක ආකාරෙ කෝලං නටාගෙන ඉන්න අව්අස්සේ මෙන්න බොලං දැං අවුරුදු දෙකකට විතර කලිං කඩංපාත් වුණේ නැතෑ තානාපති කෝලම.

තානාපති කෝලම විතරක් නං මදෑ. ඇඹේනිගෙ කෝලමත් නටන්න ගත්තෙ නැතෑ.

කෝලම නටන්න පටන් ගත්තෙ දූපත්වාසීන් හැමට සෙත සදනවය කියල තමයි. හැබැයි ඔය කොයි මුදලිත්, ආරච්චිලත් සබේට එන්නෙ ඔහොම බයිල කියාගෙන නොවෙන්නං.

හැබැයි ඉතිං පහුපහු වෙනකොට කොහු කොහු වෙනව කියන්නැහේ වටේ ඉන්න ලියන අප්පුල, ජසයල වගේම ලෙන්චිනාලත් වෙස් මූණු දාගෙන මේ තානාපති ඇත්තන්ව අල්ලෙ නටවන්න ගත්තෙ නැතෑ.

ඔන්න පටන් ගත්ත තානාපති කෝලම.




ඔය ටයි කෝට් ගහ ගත්තු ලෝකෙටම ඉර පායන්නෙ තමන් හින්දයි කියල හිතන් ඉන්න සමිති, සමාගම්, සමාජ, සංවිධානවල සට්ටම්ඹියොත් තානාපති කෝලම පස්සෙන් වැටිල එතනම ලැගගෙන හිටියලු. 

කෝලමේ ඇටයො වෙලා උන්නලු.

කෝලමට උපදෙසුත් දුන්නලු.

එක එකාව කෙටෙව්වලු.

එක එකාට චරිත සහතික දුන්නලු.

කෝලමත් ඒවා ගෙඩි පිටින් ගිල්ලලු.

කෝලමට ගිල්ලන්න බැරි ගුලි ඇඹේනියන්ට ගිල්ලුවලු. 
එතකොට ඇඹේනියොත් තානාපති කෝලම අල්ලෙ නටවල එක එක  කෝලං නැටුවලු.

බොහෝමයක් ඔටු රටවල අහිංසක, අසරණ, අගතියට පත් ඇත්තියන්ට මේ කෝලං වලින් විතරක් නොවෙයි අන්තේවාසිකයන්ගෙන් පවා ලැබෙන පිළිසරණක් නෑලු.

කාරියාලයට මුණ ගැහෙන්න ආවමත් කරදරකාරයෝ කියල පන්න ගන්නවලු. පරුෂ වචනයෙන් බනිනවලු.   

මෙහෙට ඇවිත් මෙච්චර කල් මිනිස්සු කීයක් එක්ක බුදිය ගත්තද කියල අහනවලු.

අපහාස කොරල රස්තියාදු කොරල පන්න ගන්නවලු.


කොකාගෙ සුද පෙනෙන්නෙ ඉගිලෙන විටයි කිව්වලු. 

නැත්තං හැංගි හැංගි වෙස් බැන්ඳත් නටන්න වෙන්නෙ එළිපිට කිව්වලු. 

එහෙමත් නැත්තං පුහුල් හොරා කරෙන් දැනේ කිව්වලු.

ඒ මදිවට මෙහෙමත් ආප්තෝපදේශයක් තියෙනවලුනේ.කුම්බලා මාලු කෑව නම් විඳෝපං බළලෝ කියල.

ඔන්න විඳවල විඳවල කට්ටිය බේද බින්න කොරල තානාපති කෝලම යන්න යනවලු.

පැදුරටත් නොකියාම යන්න යනවලු.

මේව මුතු දූපතේ විතරක් නොවෙයි කොයි කොයි දීපංකරේ රස්සාවල් කොරන ඇත්තන්ටත් පාඩමට ගන්න පුළුවනි. හැබැයි ඉතිං ඕනැකොමක් තියේ නං විතරයි බොලල්ලා.

දැං ඉතිං මේ ගොට්ට අල්ලපු, කෝලමටත් වඩා කෝලමක් වෙච්චි උන්දැල දතකට මදිනව නැතෑ ඊළඟ කෝලමත් නටන්න.


අලුතෙන් එන තානාපතිත් කෝලං නටයිද කෝලංකාරයොයි, වෙස් මූණුකාරයොයි අල්ලෙ නටවයිද කියලයි ආයිබං සෙරන්ඩිබ් ඔටුව ඇහැ කන ඇරගෙන  බලං ඉන්නෙ.

නටපු නාඩගමකුත් නැතෝ......
බෙරේ පළුවක් නොවෙයි බෙරේමත් නැතෝ....


 -සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා