Pages

Sunday 19 March 2017

Huකමුද ?-500 දෙන්නම්




"හුකමුද-500 දෙන්නම්"

මේ වැඩිහිටි යෝජනාවක් වගේ පෙනෙන අඩුහිටි එකක්.

කොටින්ම ඉස්කෝලෙ 10 පංතියෙ පිරිමි ශිෂ්‍යයෙක් ගැහැනු ශිෂ්‍යාවන්ට කරන යෝජනාවක්.

සමහරු සදාචාරසම්පන්නව මේ මුල් වචනෙ කියවල නැට්ට කෙලිං කරගන්න ඉස්සර මේක කියවන්න. මේ සත්‍ය කතාවක්. මට කිව්වෙ ඉස්කෝල ගුරුවරයෙක්.



සිරි ලංකාවෙ වයඹ පළාතෙ මිශ්‍ර පාසලක 10 වසරෙ පංතියක ගැහැනු දරුවෝ විටින් විට අඬනව දවස් කීපෙක ඉඳන් පංති බාර තරුණ ගුරුවරය දැක්ක.

ළමයින්ගෙන් ඒකට කාරණේ ඇහුවම එකෙක්වත් උත්තරේ දෙන්නෙ නෑ. තක්බීර් වෙලා බලං ඉන්නව. ළමයින්ව තනිවම තමන් ළඟට ගෙන්නල ඇහුවමත් කරන්නෙ අඬන එකමයි.

මේක පිරිමි ගුරුවරයෙකුට කියන්න බැරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නිසා මේ පිරිමි ගුරුවරය කොන්ත්‍රාත්තුව තවත් තරුණ ගුරු මහත්මියකට බාර දුන්න.

ඒ ගැන විමර්ශනය කළ තරුණ ගුරුවරිය මා පෙර කී තරුණ ගුරුවරය ළඟට ඇවිත් මෙහෙම කිව්ව.

" සර්....හේතුව හොයා ගත්ත. එක පිරිමි ළමයෙක් ගෑනු ළමයින්ට ඉන්න දෙන්නෙ නෑ. නරක යෝජනා කරනව"

"මොකක්ද මිස් යෝජනාව ?"

" අනේ සර් මං කොහොම කියන්නද... ඒක අමු කුණුහරුපයක්"

"අපි වැඩිහිටියොනෙ. ඉතිං මට කියන්න බැරි ඇයි. ඒ තරං දරුණුද ?

ගුරුවරය හිතුවෙ "කිස් එකක් ඉල්ලනව", නැත්නම් "ඔයාගෙ තනේ හරි පුක හරි මිරිකන්න ආසයි" කියනව වගේ දෙයක් කියලයි.

කඩප්පුලි කොලේලො ඔය වගේ ඒව කියල ගෑනු ළමයි අපහසුතාවට පත් කරල අහුවෙලා මීට කලිං දඬුවම් කරලත් තියෙන නිසයි එහෙම හිතුවෙ.

තරුණ ගුරුවරිය කියන්නෙ නැතුව ඇඹරි ඇඹරි ඉද්දි ඔතනින් යන්න ආව පෙන්ෂන් ගන්න ඔන්න මෙන්න ඉන්න හොඳ කටකාර ගුරුවරියක්.

" අනේ ටීචර්..පොඩි උදව්වක් කරන්න. මේ මිස් කියන්නෙ මොකක්ද කියල අහල මට කියන්න"

පොඩ්ඩක් පැත්තකට ගිය තරුණ ගුරුවරිය තම වැඩිහිටි ගුරුමහත්මියට
රහසින් විස්තරේ කිව්ව. වැඩැහිටි ගුරුවරිය විස්තරේ අහල ඔලුවෙ අත ගහගත්ත. 

"සර්.... මේ ළමය කොහොම ඔයාට කියන්නද? මටත් ඔයාට කියන්න විචිකිච්ඡාවයි.  ඒත් නොකිය බැහැනෙ. ඔයාගෙ 10 පංතියෙ ඉන්න සමන්(අපි ඔහුට සමන් යැයි කියමු.) ගෑනු ළමයින්ට ළඟට කතා කරල අහනවලුනෙ "හුකමුද-රුපියල් 500 ක් දෙන්නම්" කියල.

ගුරුවරය  කොයි තරම් කෝප වුණාද කිව්වොත් සමන්ව ගුරු විවේකාගාරයට ගෙන්නුව. දොර වැහුව. හොඳ පොල්ලක් අරං හොඳටම ගැහුව "තෝ ආයෙම ගෑනු ළමයින්ට වලත්තු කතා කියනවද" අහ අහ. අනෙක් ගුරුවරුත් තක්බීර් වෙලා බලං උන්නෙ මේ තරුණ ගුරුවරය කවදාවත් එහෙම දඬුවම් කරනව දැකල නැති හංදයි.


ගුරුවරය ගහන ගමං ඇහුවෙ කවුද මේ කතාව අහන්න කියා දුන්නෙ කියලයි. මුලින් පිළි නොගත්තත් අන්තිමේට සමන් පිළිගත්ත එහෙම කිව්ව බවත්, ඒ කතාව කියා දුන්නෙ ගමේ අයිය කෙනෙක් බවත්.

මේ අයිය පාසල් හැර ගොස් කුලී රස්සා කරන්නෙක් බවත්, උපකාරක පංති හමාර වී සවස ගෙදර යද්දී කඩමංඩියෙදී මේ අයියා මුණ ගැහෙන බවත් සමන් වැඩිදුරටත් පිළිගත්ත.  

සාමාන්‍යයෙන් වෙනදත් මෙහෙම අවස්ථාවල කරන විදිහට ශිෂ්‍යයා කියූ දේ ඔහු ලවාම ලියවා අත්සනත් ගත්තෙ පස්සෙ නෑ ..බෑ.. නොකියන්නයි.

අවසානයෙ ගුරුවරුන් අතර වූ සාකච්ඡාවකින් පස්සෙ සමන්ගෙ දෙමාපියන් පසුවදාම ඉස්කෝලෙට ගෙන්නල මේ ආශ්‍රයේ භයානකකම පෙන්වා දෙන්න හැමෝම තීරණය  කළා.

සමන්ගේ පියා ‍ ටේලර් කෙනෙක්. අම්මා රැකියාවක් කරන්නේ නෑ. සමන් එකම පුතා.

සමන්ගෙ තාත්ත ආවෙ චන්ඩි පාට් එකෙන්. "සර් ල එක එක ළමයින්ගෙ කියුං බස් අහල මගෙ ළමයට හොඳටම ගහල. එන්න නොකිව්වත් අද මං එනවම තමයි. එහෙම පුළුවනිද මේ විදිහට ගහන්න. මට හරි නම් පොලෝසි යන්න වුණත් පුළුවනි.

ගුරුවරය කොයි තරම් කිව්වත් සමන්ගෙ තාත්ත පිළිගත්තෙ නෑ තම දරුව මේ වගේ යෝජනා කරනව කියල.

" සර්... මේක මට කොහෙත්ම පිළිගන්න බෑ. මගෙ දරුව කුණුහරුප කියනව තියා දන්නෙවත් නෑ. ඔය වගේ කතා කොහෙත්ම දන්නෙ නෑ. අපි එයාව හදන්නෙ මලක් වගේ. ගෙදරින් පිට කිසිම තැනක යන්න දෙන්නෙ නෑ. කිසිම නරක ළමයෙක් ආශ්‍රය කරන්නෙ නෑ." තාත්තයි, අම්මයි දෙන්නම පරසක්වල ගහන්න පටං ගත්ත.

"දැං එතකොට මමද ගෑනු ළමයින්ට කුණුහරුප කිව්වෙ" ගුරුවරය කෝපයෙන් ඇහුව. 

අවසානයේ සමන් දෙමාපියන් ඉදිරිපිට තබා විමසන්න තීරණය කළා.

"ඔව් සර්....ඕකව ගේන්න. මේක වෙන්නම බෑ. කාගෙ හරි බොරු චෝදනාවක්"

දෙමාපියන් ඉදිරියේ සමන් මුලින් පිළි නොගත්තත් කලිං දවසෙ ලියල අත්සන් කළ ලියවිල්ලත් පෙන්නල ප්‍රශ්න කරද්දි සියල්ල පිළිගත්තෙ දෙමාපියන් මහ හඬින් හඩමින් කම්පා වෙද්දි.

"කවුද ඔය අයිය ?" තාත්ත ඇහුව.

"ජනකයිය..." 

"මොනාද බොල මේ කියන්නෙ. අර..කුඩු ජනක...? කොහාමද ඌ අයිය කෙනෙක් වෙන්නෙ. අනේ සර් බලන්න..ඔය ජනක කියන එකා කුඩුකාරයෙක්."

සමන්ගෙ තාත්තයි අම්මයි තුෂ්නිම්භූත වෙලා. 

අපේ මිත්‍ර ගුරුතුමා කියනව "කතාව මේකයි. කුඩු ජනක සමන්ට කුඩු උරන්නත් දීල. සමන් කියන්නෙ එක දවසයි කියල. ඒත් කවුද ඇත්ත, නැත්ත දන්නෙ. ඒ මදිවට බ්ලූ ‍ෆිල්ම් පෙන්නල. ගල් කපල මදිවට පුකෙත් ඇරල. ගෑනු ළමයින්ගෙන් අහන්න ඕනෙ ඒවත් කියා දීල. මේව කරල තියෙන්නෙ ගෙදරත් එක්කරගෙන ගිහිං."

අම්මල, තාත්තල තමන්ගෙ දරුවන් සාන්ත දාන්ත තීන්ත කූඩු විදිහට හිතාගෙන උන්නට මදි. ඔවුන් ගැන හොයා බලන්නත් ඕනෙ නේද?


-සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා



12 comments:

  1. හෆොයි... සෙස්ස පස්සටම කොරලා නේද හිටන්?

    ReplyDelete
    Replies
    1. මූ පස්සටම කොරගෙන කෙල්ලන්ගෙ ඉස්සරහටම කොරන්නනෙ දඟලල තියෙන්නෙ හිටං.

      Delete
  2. Anonymous20:05

    සැර වැඩි නැද්ද ඔටුවෝ.

    ReplyDelete
    Replies
    1. සැර නං වැඩි ඇති. ඒත් මෙහෙම දේවල් වෙනව කියල දෙමාපියන්ගෙ ඔලුවටම වදින්න සැරටම කියල දැම්මා.

      Delete
  3. Anonymous10:11

    අපේ පංතියෙත් හිටිය ඔය ජාතියේ බුවෙක්
    උනු.් එහෙම උනේ ඔය වගේ සීන් හින්දද දන්නෑ

    ReplyDelete
    Replies
    1. කොතනක හරි වැරදුණාම තමයි ඔහොම හැසිරෙන්නේ.

      Delete
  4. පරිසර සාධක!

    අපි හැමෝම කුණුහරුප ඉගෙන ගත්තේ සමාජයෙන් තමයි, නැතුව දෙමව්පිය ගුරුවරුන්ගෙන් යැ?

    විශ්වවිද්‍යාලටෙ ගියාම සීනියර්ස්ලත් ආවා අපිට කුණුහරුප කවි කියලා දෙන්න!

    ;-)

    ReplyDelete
    Replies
    1. ඇත්ත. හැබැයි දෙමාපියන් ගොඩක් වෙලාවට හිතන්නෙ තමන්ගෙ දරුව බෝ පැළයක් කියලයි. එහෙම නොවී ටිකක් හොයා බලන්න ඕනෙ කියන එකයි මට කියන්න ඕනෙ වුණේ.

      Delete
  5. Anonymous00:04

    මට පෙන්නන බෑ ඉස්කෝල වල ලමයිට තඩිබාන ගොබ්බ ගුරුවරු. සමහරු මහ ලොකුවට ෆේස්බුක් එකේ දානවා, ගුරුවරු ගහපු නිසා තමයි අපි හැදුනේ කියලා.
    බලන්න මේ සිද්දියේදී අපචාරයකට ලක්වෙලා ඉන්න ලමයෙක්, කොච්චර මානසික පීඩාවකින්ද ඉන්න ඇත්තේ? ගුරුවරයා හැමෝම ඉස්සරහා ගැහුවම ඒ ලමයාගේ මනසට වෙන බලපෑම.
    හරි හමන් ගුරුවරයෙක් නම් සිද්දිය ගැන හොයලා බලලා අදාල අංශවලට හා, දෙමව්පියන්ට දැනුම් දෙන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. මාත් ළමයින්ට ගහනවට නං කැමති නෑ. ඒත් සමහර ‍වෙලාවට නොගහත් බෑ. මේ වගේ කුප්ප වැඩ නැත්තං යට යනව. මෙතනදිත් ගැහුවෙ නැත්තං ළමය පිළි ගන්නෙ නෑම තමයි.

      Delete
  6. දරුවන් අපයෝජනය වීම දැන් සාමාන්‍ය දෙයක් වෙලා. දෙමාපියන් අවධානයෙන් ඉන්න එක ඉතාම වැදගත්. ගුරුවරු හොයල බලන එක අත්‍යවශ්‍යයි. හැබැයි දරුවන්ට ගහනවට වඩා සාර්ථක, මනෝවිද්‍යාත්මක දඬුවම් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. හැබැයි දඬුවම් නොකර බැරි කඩප්පුලි වැඩත් කරනව නේද? දැං මේකෙදි ගැහුවෙ නැත්තං පිළිගන්නෙම නෑ කියලයි කියන්නෙ.

      Delete