මහාචාර්ය වෙන්න ඕනෙ සුදුසුකම් මොනවද කියල අහන්න වෙන්නෙ මේං මේ වගේ කතන්දර ඇහුවමයි අායිබං......
මේ පත්තර කෑල්ලෙ තියෙන ප්‍රශ්න කිරීම කරල තියෙන්නෙ විශ්වවිද්‍යාල කතිකාචාර්ය කෙනෙක්මයි ඕං.
මේකෙන් කියවෙන්නෙ මහාචාර්ය පට්ටම් හිතවත්කම්වලටල මුට්ටි ඇල්ලුවම බෙදා දෙන්න පුළුවනි කියලද?
මෙහෙම නැතිව දක්ෂතා මත මහාචාර්ය උසස්වීම් දෙන බව කවුරුත් දන්නවනෙ.
හැබැයි ගොඩක් අය හිතං ඉන්නෙ මහාචාර්ය වෙන්න ආචාර්ය උපාධියක් ඕනෙ...නැත්නං මහාචාර්ය කියන්නෙ ආචාර්ය පට්ටමේ ඊළඟ උසස්වීම කියල. ඒත් ඒක එහෙම නොවේ බොලල්ලා. ආචාර්ය පට්ටම් විතරක් නොවේ උපාධියෙ පළමු පෙළ සාමාර්ථ නැති මහාචාර්යලත් කොයි තරම් වෙද්ද...?
මේ පත්තර කෑල්ලෙ කියන විදිහට මහාචාර්ය පට්ටම් පිනාචාර්ය විදිහටත් ගන්න පුළුවන් වගේ නේද ....?
-සෙස්ස පස්සට ෴
- සෙරන්ඩිබ් ඔටුවා
වර්තමාන පේරාදෙනි විශ්ව විද්‍යාල උපකුලපති තැන්පත් මහාචාර්ය උපුල් දිසානායක බැච් මිස් වෙච්චි හාදයෙක්!
ReplyDeleteතව කුමන කතාද?
අර ඒ කාලෙ රැග් කරල දැන් රැග් කරන උන් දඬුකෙඳේ ගහන මහාචාර්යතුමාද හිටං...?
Deleteඔවු..
Deleteආන්න එයා තමා!
මහාචාර්ය පදවිය දීමේ ක්‍රමය කෙසේ වෙතත් මේ ලියුම්කරුනම් වැස්සකටවත් විශ්ව විද්‍යාලයක පලාතකවත් ගිහින් නැති බවනම් කියන ගොං කතාවලින් පෙනෙනව
ReplyDeleteවැස්සකට යන්නෙ ඉතිං කූඩාරමකට නොවැ. අනෙක විශ්ව විද්‍යාලයක පලාතකවත් ගිහින් නැති වුණාම කියමුකො. ඒකෙන් ප්‍රශ්නෙ අහෝසි වෙනවද?
Delete// මහාචාර්ය පදවිය දීමේ ක්‍රමය කෙසේ වෙතත් මේ ලියුම්කරුනම් වැස්සකටවත් විශ්ව විද්‍යාලයක පලාතකවත් ගිහින් නැති බවනම් කියන ගොං කතාවලින් පෙනෙනව //
Deleteමොකද්ද මෙතන තියෙන ගොන් කතාව?
ලන්කාවෙ රාජ්ය විශ්ව විද්යාල වල ආචාර්ය මන්ඩලේ ඇත්ත තත්වේ මීටත් වඩා කුජීතයි!
සෙස්ස පස්සට තිබ්බෙ ඒකම නොවැ සා රසතුමෝ...
Deleteරටට බණ දෙසනල යහපාලනේ ගේන්න කඹුරල දැං කුජීත වෙලා ඉන්න සම-හරක් මහාචාර්ය ගොල්ලන්ගෙ පැටිකිරිය එහෙමත් දන්නව නැතැයි.
මහාචාර්ය පදවියට පත් වෙන්න පළමු උපාධිය පළමු පෙළ සාමාර්ථයක් අවශ්‍ය බව සඳහන් වන්නේ කුමන චක්‍රලේඛයේද? ඒ වගේම ආචාර්ය උපාධියක් නොමැතිව මහාචාර්ය පදවිය නීත්‍යානුකූලවම ගන්නත් පුළුවන්.
ReplyDeleteඑහෙම බෑ කිව්වෙ නැහැනෙ. අර ලියුමෙ තියෙන්නෙ හිතවත්කමටත් දෙනව කියලයි.
Deleteමේකේ අනිත් පැත්ත ගැන හිතලා බැලුව ද? කවරෙකු හට මහාචාර්ය පට්ටම දෙන්න එපා කියලා හිතෙනවා නම් recommendation එක ලබා ගන්න තරහාවුනු කෙනෙකුට යවන්න පුළුවනි.
ReplyDeleteනොවෙන්නං හිටං...දෙන්න වලේම කපන්නත් හැක....හැන..හැක...
Deleteඑහෙම වෙලා තිබේ හිටන්..
Deleteවරක් පේරාදෙනි සමාජවිද්යා අන්සේ ජේශ්ට කතිකාචාර්ය වරයෙකු මහාචාර්ය තනතුරක් ඉල්ලලා එයාගේ ඉල්ලුම්පත්තරේ ඇසෙස් කරන්න යවපු මහාචාර්ය තුමා ඉල්ලුම් පත්තරේ සඳහන් ලන්ඩන් විශ්වවිද්යාලේ පස්චාත් උපාදිය තිබේ කියන දේ ඇත්තද කියලා ලන්ඩන් විස්වවිද්යාලෙන් අහලා යැවුවා...
බඩු බනිස්...
අන්තිමේදී ජේශ්ට කතිකාචාර්ය තුමා ට රස්සාවත් නැති වුනා...
අනේ ඉතින් දී රනිල් තුමා අගමැටි වුනාම යන්තන් මිනිහා පරන රස්සාව හදා ගත්තා හිටන්!
අග+මැටිත් ලේසි පාසු තුමෙක් නොවේ එහෙනං....
Deleteවිශ්වවිද්‍යාලයක මහාචාර්යකම යනු රැකියාවේ තනතුරකි. ඒ නිසා ම එය තාවකාලික එකකි.
ReplyDeleteසේවයෙන් විශ්‍රාම ගන්නා විට ඒ මහාචාර්ය තනතුර අහිමි වේ.
මීට අමතරව සම්මාන මහාචාර්යකම් සහ විශ්‍රාම යෑමේ දී ලබා දෙන ගෞරව මහාචාර්යකම් [professor emeritus] සේවයේ නැතුව වුවද භාවිතා කළ හැක.
මහාචාර්ය සරච්චන්ද්‍ර මහාචාර්ය ලෙසම මිය ගියේ සහ සුනිල් ආරියරත්න මහාචාර්ය ලෙස විශ්‍රාමිකව ඉන්නේ ද, එදා මහාචාර්ය නලින් ද සිල්වා අද විශ්‍රාමිකව ආචාර්ය නලින් ද සිල්වා වෙන්නේ ද එලෙස ය.
මා දන්නා කාලයේ (1995) ලංකාවේ විශ්ව විද්‍යාලවල මේ රැකියාවේ තනතුරක් ලෙස මහාචාර්යකම ලබා ගත හැකි ක්‍රම දෙකක් විය.
1. තමන් ගේ කුසලතා අනුව (merit)
මේ සඳහා, පර්යේෂණ පත්‍රිකා, ප්‍රකාශන, සේවා කාලය යනාදිය මත ලකුණු දී අදාල කඩ ඉම පසු කළ පසු මුලින් ම සහාය මහාචාර්ය තනතුර ලබා දේ. මහාචාර්ය සහ ජ්‍යෙෂ්ඨ මහාචාරය් වෙන්නට තවත් වැඩි කුසලතා පෙන්විය යුතුය.
2. සේවා කාලය මත පමණක් (service)
එය ද, එක වසරකට ලකුණක් වැනි ක්‍රමවේදයකට ලකුණු දී කෙරුණු පත්විම් විය.
මේ සම්බන්ධයෙන් ලංකාවේ විශ්වවිද්‍යාලවල ඇති එක් ප්‍රශ්නයක් නම්, සහාය මහාචාර්ය තනතුර ලබා ගත් අයගෙන් අති මහත් බහුතරයට ඒ ක්‍ෂණයකින් සහාය යන පදය අමතක වී යෑමයි!
සහාය කෑල්ල භාවිතා වෙන්නෙම නෑ නේද?
DeleteThis is probably the current scheme for appointing professors.
ReplyDeleteThere is a marking scheme for evaluating publications of the candidates as well.
http://www.ugc.ac.lk/attachments/666_Circular916.pdf