Pages

Saturday 5 July 2014

මුස්ලිම් ජනගහනය ඇත්ත හා බොරුව



විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ රාවය 
පත්තරේට ලියා තිබූ ලිපියකින් උපුටා ගත් කොටස් 
මේ බ්ලොග් එකට දාන්නේ නිවී හැනහිල්ලේ හිතා
බලන්නයි.

වෛද්‍ය වෘත්තිය මිනිසාගේ පෞද්ගලික සහ පවුල් සංස්ථාව සමග
අතිශයින්ම සමීප වූ වෘත්තියකි. රජය මගින් සපයනු ලබන සෞඛ්‍ය
සේවාව තුළ තමන්ට කැමති වෛද්‍යවරයා තෝරාගෙන ප‍්‍රතිකාර
ගැනීමට අවස්ථාවක් නොලැබේ. රජයේ ප‍්‍රතිපත්තිය වන්නේ ද ජාති, 
ආගම් භේදයකින් තොරව රජයේ රෝහල් මගින් ජනතාවට සෞඛ්‍ය 
සේවාව සැපයීමයි. එහෙත් පසුගිය වසර කිහිපය තුළ අන්තවාදී ව්‍යාපාර 
ඇති කළ මුස්ලිම් විරෝධි ප‍්‍රචාරයන් නිසා මුස්ලිම් වෛද්‍යවරුන් ද 
අපහසුතාවට පත් වූ බව පෙනේ. එයට හේතුව මුස්ලිම් වෛද්‍යවරුන් 
ජාතිවාදී ලෙස කි‍්‍රයාකරමින් සිංහල ජාතිය බෝවීම වැළැක්වීම සඳහා 
පවුල් සැලසුම් ක‍්‍රම බලහත්කාරයෙන් සිංහල මව්වරුන් වෙත ලබා 
දෙනවායැ’යි ප‍්‍රචාරය කිරීමයි. ඊට අමතරව මුස්ලිම්වරුන් අතර තම 
ජාතියේ ජනගහනය වර්ධනය කර ගැනීම සඳහා විශේෂ ව්‍යාපාරයන් 
දියත් කර ඇති බවත් ප‍්‍රචාරය කර තිබේ.

ශී‍්‍ර ලංකාවේ ජනගහන වර්ධන ඉතිහාසය දෙස නැවත හැරී බැලීමේදී 
මුස්ලිම් (ඉස්ලාම්), බෞද්ධ, හින්දු සහ කතෝලික ජනගහනයේ වර්ධන 
වේගයට වඩා වැඩි බව පෙනේ. එයට හේතුව විවිධ ආගමික කොටස් 
අතර පවතින සංස්කෘතිකමය හේතුවක් මිස ජාතිවාදී ව්‍යාපාරයක 
ප‍්‍රතිඵලයක් නොවන බව පෙනේ.

ශී‍්‍ර ලංකාවේ අඩුම ජනගහන වර්ධන වේගයක් සටහන් වන්නේ කතෝලිකයන් අතර ය. 
ඊළඟට පිළිවෙළින් සිංහල, හින්දු සහ මුස්ලිම් ලෙස සඳහන් ලෙස කළ හැකි ය. 
කතෝලික පල්ලිය පවුල් සංවිධානයට (ස්වභාවික 
උපත් පාලන ක‍්‍රම හැර) විරුද්ධ වුවත් වැඩිම පවුල් 
සංවිධාන ක‍්‍රම භාවිත වන්නේ කතෝලිකයන් අතරය. 
එයට හේතුව කතෝලිකයන් අතර උගත්කම 
(අධ්‍යාපනය ලැබූවන්ගේ ප‍්‍රතිශතය) වැඩිවීමය. 

පැරණි සිංහල සංස්කෘතිය තුළ ද දරුවන් විශාල සංඛ්‍යාවක් තැනීමේ අවශ්‍යතාව තිබුණි. එයට හේතුව වැවත් දාගැබත් මුල්කර ගත් සිංහල බෞද්ධ සංස්කෘතිය ගොඩනැගී තිබුණේ කෘෂිකාර්මික සමාජයක වීමයි. එදා ගොවිතැන් කිරීම සඳහා වැඩි මිනිසුන් ප‍්‍රමාණයක් සිටීම සම්පතක් විය. වැඩි දරුවන් සංඛ්‍යාවක් සිටින පවුල් ගමේ පොහොසත් සහ බලවත් පවුල් බවට පත්විය. 
එහෙත් අද සිංහල බෞද්ධයන් අතර පවතින්නේ ඊට 
හාත්පසින්ම වෙනස් වූ ආකල්පයකි. එනම් ‘පින් මඳ 
පුතුන් සියයක් ලදුවත් නිසරු, ගුණ නැණ බෙලෙන් 
යුතු පුතුමය ඉතා ගරු’ ආකල්පය යි. 

ගැහැනු දරුවන්ට ඉගැන්විය යුතුය යන මතය සිංහල බෞද්ධයෝ ඉතා ඉහළින් පිළිගනිති. එයට හේතුව කාන්තාවට ඇති සමාජ මට්ටම සිංහල බෞද්ධ සමාජය තුළ ඉතා ඉහළින් තිබීමයි. 
එවන් සමාජයක් තුළ අතිශයින්ම පෞද්ගලික කරුණු පිළිබඳව තීරණ ගැනීමේදී කාන්තාවට නිදහසක් සහ බලයක් ලැබේ. එබැවින් තමන් දරුවන් කී දෙනෙක් ලබාගත යුතුද යන තීරණය ගනු ලබන්නේ කාන්තාව විසිනි. 
එවන් තත්ත්වයක් තුළ සිංහල කාන්තාවන් පවුල් සැලසුම් ක‍්‍රම භාවිතය සඳහා යොමු වීම අරුමයක් නොවේ.
සිංහල බෞද්ධ සමාජයක් තුළ පවුල් සැලසුම් භාවිතය 
වැනි අතිශයින්ම පෞද්ගලික වූ කරුණක් පිළිබඳව 
තීරණ ගැනීමේදී කාන්තාව බලවත් වූ අතර මුස්ලිම් 
සමාජය තුළ ඒ පිළිබඳව තීරණ ගැනීම පැවරුණේ 
පවුලේ ප‍්‍රධානි යා වූ පිරිමින්ට ය. මෙය ද මුස්ලිම් 
කාන්තාවන් අතර පවුල් සැලසුම් ක‍්‍රම භාවිතය 
අඩුවීමට හේතුවක් විය.

විද්‍යානුකූලව පෙනීයන තවත් විශේෂ කරුණක් තිබේ. එනම් මුස්ලිම් සමාජය තුළ ජනගහනය වැඩිවීමට ප‍්‍රධාන හේතුව පවුල් සැලසුම් ක‍්‍රම භාවිතය නොව මුස්ලිම් කාන්තාවන් අඩු වයසින් විවාහ වීම බවයි. කාන්තාවකට දරුවන් බිහිකිරීමේ හැකියාව ලැබෙන කාල සීමාව සාපල්‍යතා වයස ලෙස හැඳින්වේ. එය සාමාන්‍යයෙන් වයස අවුරුදු පහළොවත් හතළිස් පහත් (15 – 45) අතර කාලය ලෙස දැක්විය හැකිය. එය සාමාන්‍යයෙන් අවුරුදු තිහකි. සිංහල කාන්තාවන්ගේ විවාහ වීමේ වයස පසුගිය දශක කිහිපය තුළ ශීඝ‍්‍රයෙන් ඉහළ ගියත් මුස්ලිම් කාන්තාවන් සඳහා එය එසේ සිදු වුණේ නැත. 
සිංහල සමාජය තුළ විවාහවීමේදී කාන්තාවන්ගේ 
උගත්කමට සහ රැකියාවට වැඩි සැලකිල්ලක් ලැබෙන 
අතර මුස්ලිම් සමාජය තුළ එම සැලකිල්ල 
ලැබෙන්නේ කාන්තාවන්ගේ අඩු වයසට සහ 
රූපාලංකාරයට මිස උගත්කමට නොවේ.

කාන්තාවන් විදේශගත වීම ද දරුවන් බිහිකිරීම (ජනගහනය) අඩු වීමට තවත් හේතුවකි. මෙසේ විදේශගත වන කාන්තාවන්ගෙන් බහුතරය සිංහල සහ දෙමළ මිස මුස්ලිම් අය නොවෙන බව ද සැලකිල්ලට ගත යුතුව තිබේ. 
විදේශගත වන බොහෝ කාන්තාවෝ අවිවාහකයෝ ය. සිංහල සහ දෙමළ බොහෝ කාන්තාවන් විදේශගත වන්නේ තමන්ට විවාහ වීම සඳහා අවශ්‍ය කරන මුදල්හදල් (දෑවැද්ද) සොයා ගැනීම සඳහා ය. ඔවුන් විදේශගත වී මුදලක් ඉතිරි කර ගන්නා විට ඇයගේ සාපල්‍යතා වයසින් හරි අඩකටත් වඩා ගෙවී ගොස් හමාරය.
සිංහල කාන්තාවන් අතර දරුඵල අඩුවීමට තවත් 
හේතුවක් තිබේ. එනම් ඔවුන් අධ්‍යාපනය කෙරෙහි 
වැඩි බරක් තැබීමයි. 
සිංහල සමාජයේ පවතින ආකල්පයක් නම් තම දරුවන් හොඳින් ඉගෙනගෙන වෛද්‍යවරයකු හෝ ඉංජිනේරුවකු වනු දැකීමයි. නොඑසේ නම් රජයේ රැුකියාවක් කරනු දැකීමයි. එබැවින් උසස් අධ්‍යාපනයෙන් පසු රැුකියාවක් ලබාගෙන විවාහවීමට යෑමේදී තම සාපල්‍යතා වයසින් වැඩි කොටසක් ඒ සඳහා ඔවුනට කැපකිරීමට සිදු වේ. එබැවින් ඔවුන්ට ලැබෙන දරුවන් ප‍්‍රමාණය අඩු වේ.
මුස්ලිම් සමාජය තුළ පූජකවරුන් (බෞද්ධ ස්වාමින්වහන්සේලා හෝ පල්ලියේ පියතුමන්ලා මෙන්) නැතිවා මෙන්ම පල්ලියේ ආගම දේශනා කරන මවුලවිවරු ද විවාහ වී සාමාන්‍ය දිවි පෙවෙතක් ගෙවන පුරවැසියෝය. එබැවින් පූජ්‍ය පක්ෂයට ඇතුළු වී විවාහ නොවීම නිසා ජනගහනය බෝවීම අඩුවීම පිළිබඳ ගැටලූවක් ද මුස්ලිම් සමාජය තුළ දක්නට නො ලැබේ.
බොදුබල සේනාවේ හිමිනමක මුස්ලිම් වෛද්‍යවරුන් වැඩිදෙනෙක් පශ්චාත් උපාධිය (විශේෂඥතාව) සඳහා දැන් තෝරාගන්නේ ‘නාරිවේදය’ බවත් ඔවුන් එසේ කරනු ලබන්නේ සිංහල කාන්තාවනට වඳ සැත්කම් අදහසින් බවත් ප‍්‍රකාශ කරන අයුරු මුහුණු පොතේ මා දැක තිබේ. 
එවැනි ප‍්‍රකාශයක් තුළ කිසිදු පදනමක් නැත. පශ්චාත් උපාධි සඳහා තමන්ට කැමති විෂයක් තෝරාගැනීමට ඕනෑම වෛද්‍යවරයකුට නිදහස තිබේ. 
ඒ සඳහා විෂයයන් තෝරා ගනු ලබන්නේ විභාගවලදී ඔවුන් දක්වන දක්ෂතාවන් මතය. 
ශී‍්‍ර ලංකාවේ විශ්වවිද්‍යාලවල (වෛද්‍ය පීඨවල) හා පශ්චාත් උපාධි ආයතනයේ නාරිවේදය පිළිබඳව මහාචාර්යවරුන් බහුතරය සිංහල බෞද්ධ විශේෂඥ වෛද්‍යවරුන් මිස මුස්ලිම්වරු නොවෙති. 
එබැවින් නාරිවේදය විශේෂඥතාව සඳහා තෝරාගැනීමේදී මුස්ලිම් වෛද්‍යවරුන්ට විශේෂ වරප‍්‍රසාද ලැබීමට ඉඩකඩක් නොමැත. 

බොදුබල සේනාව මගින් කරනු ලබන වගකීමෙන් 
තොර මෙවැනි ප‍්‍රකාශ නිසා ජනතාව කුපිත වෙනවා
පමණක් නොව සිංහල මුස්ලිම් ජන කොටස් දෙක
අතර ක්‍රෝධය සහ වෛරයද වර්ධනය වේ.


-සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා

19 comments:

  1. Anonymous03:27

    වාලුකා ,
    මේ වගේ සිල්ලර මාතෘකා ගැන කතා කරනවාට වඩා වහබ්, සලාෆි, ISIS ක්‍රියාකාරිත්වයන් වගේ දේවල් වලින් ලංකාවට වන/වියහැකි බලපෑම් ගැන අදහස් සාකච්චා කිරීම වටිනවා නේද?

    ReplyDelete
    Replies
    1. මේ කතා සිල්ලර කියල හිතන ඈයො තමයි නොවෙන්නං මනුස්ස කං අතෑරල කෙලින්න ගත්තෙ...

      Delete
    2. Anonymous14:14

      හිටහන්කෝ තව අවුරුදු පහ හයක් ඔහොම පිටරටට වෙලා බ්ලොග් ලිය ලිය ලංකාවට නෙමෙයි තවත් අරාබියකට තමයි නිවාඩු යන්න වෙන්නේ. හම්බු වෙන සොච්චම් පඩියට ඔහොම හම්බයොන්ට කඩේ යන්න එපා වාලුකා ! අර නලියා හොඳයි කඩේ ගියත් අපේ එකෙක්ට !

      Delete
    3. මෙහෙම ගියොත් මොන අවුරුදු 5-6ක්ද කොලුවෝ.....
      නිවාඩු එන්නවත් රටක් ඉතුරු වෙන එකක් නැහැ.
      එක වතාවක් අවුරුදු 30 ක යුද්ධයකින් හොඳට කෑවා. මේ වතාවෙ ඉල්ලන් කන්න යන කෑම දිරවගන්න ලේසි වෙන එකක් නැහැ.
      ජාතිවාදෙ අවුස්සන්න ලේසියි. විඳවන්න තමයි අමාරු ළමයෝ...

      අනෙක ඉතිං ඔටුව නං පඩියට කඩේ යන්නෙ නැහැ. හැබැයි ඔය වීරයො ටික නටන තරමක් නටන්නෙ වාළුකා කාන්තාරෙ දහදුක් විඳින අපේ සහෝදරියන් එවන විදේශ විනිමයෙන් කියල නං කියන්නම වෙනවා...

      Delete
  2. Anonymous05:02

    //ශී‍්‍ර ලංකාවේ ජනගහන වර්ධන ඉතිහාසය දෙස නැවත හැරී බැලීමේදී
    මුස්ලිම් (ඉස්ලාම්), බෞද්ධ, හින්දු සහ කතෝලික ජනගහනයේ වර්ධන
    වේගයට වඩා වැඩි බව පෙනේ.//

    While the article is written with good intentions, this statement is not correct. If one looks at the census reports, overall greater increase in population seems to be among Sinhalese.
    An analysis of the census is found here http://www.anvermanatunga.com/2012/12/06/lankawa-muslim-ratak-sinhala/

    ReplyDelete
  3. Anonymous08:45

    //ශී‍්‍ර ලංකාවේ අඩුම ජනගහන වර්ධන වේගයක් සටහන් වන්නේ කතෝලිකයන් අතර ය//

    මොනවද මේ පිස්සු හුටං ? කතෝලික කියන්නේ ජන වර්ගයක්ද?

    ජනවර්ග වල උපත් වේගය අඩු වැඩිවීම ගැන කෝ සංඛ්‍යා ලේඛන?

    ReplyDelete
    Replies
    1. කතෝලික කියන්නෙ ජනවර්ගයක් කියල දොස්තරමහත්තය කියල නෑ නේද ආයිබං...

      Delete
  4. Anonymous14:17

    ඔය සිංහල බවුද්ධ අයගෙ වැඩි කොටසක් යාවත් කාලීන කරන්නම බැහැ.හරියට ක්‍රැක් කරපු සොෆ්ට්වෙයා වාගෙ.

    ReplyDelete
  5. වර්ෂය ඉස්ලාම් බෞද්ධ
    1881 7.17% 61.53%
    1891 7.05% 62.40%…
    1901 6.90% 60.06%
    1911 6.91% 60.25%
    1921 6.72% 61.57%
    1931 6.67% 61.55%
    1946 6.56% 64.51%
    1953 6.69% 64.33%
    1963 6.84% 66.18%
    1971 7.11% 67.27%
    1981 7.56% 69.30%
    2001 7.20% 73.80%
    2013 9.70% 70.20%
    මූලාශ්‍රය – ජන හා සංඛ්‍යාෙල්ඛන දෙපාර්තමේන්තුව

    පසුගිය දින වල බෞද්ධ යැයි කියා ගන්නා සංවිධාන වලින් තැන් තැන් වල බෙදා දී තිබූ පත්‍රිකා වල සඳහන් වූ ආකාරයට මෙරට ඉස්ලාම් භක්තිකයින් විසින් අත්පත් කරගනිමින් තිබේ…

    මෙහි 1891(7.05%) ට සාපේක්ෂව 1971(7.11%) දක්වාම ඉස්ලාම් ප්‍රතිශතය පෙර තිබුණාට වඩා අඩු අගයක් පෙන්නුම් කර ඇති අතර 1971(7.11%) දී 1881-91 දශකයේ (පෙර පැවති) ප්‍රතිශතයට ආසන්න වී තිබේ….

    ඊට සමගාමීව 1891(62.40%) ට වඩා 1901(60.06%)බෞද්ධ ජනගහන ප්‍රතිශතය අංශක 2 කින් පමණ පසු බැස ඇති අතර 1946 වන විට එම අගය නැවත 1891 තිබුණාටත් වඩා අංශක 2 කින් ඉහළ නැංවී ඇත… ඒ 64.51% ක් වශයෙනි… එතැන් සිට ක්‍රමයෙන් බෞද්ධ ගහණය 2001 වර්ධනය වී ඇති අතර 2013 වන විට එම අගය 3.6% කින් අඩු වී ඇත…

    එහෙත් 2001 – 2013 කාලය අතරතුර ඉස්ලාම් ප්‍රතිශතය 2.5% කින් ඉහළ ගොස් ඇත…

    හින්දු ජනගහනය මෙම කාලයේදී (2001-13) 8.5% සිට 12.6% දක්වා වර්ධනය වී ඇත…(4.1%ක වර්ධනයකි)

    2013 සංගනනය සුවිශේෂී වන්නේ තිස් අවුරුදු යුද්ධයකට පසුව උතුරු නැගෙනහිර ප්‍රදේශ ඇතුලත්ව දිවයින පුරාම සංගනනය ක්‍රියාත්මක කිරීමයි…

    ඒ අනුව හින්දු සහ ඉස්ලාම් ජනගහන ප්‍රතිශතය ඉහළ යාමට සහ ඒ අනුව සියයට අගයක් ලෙස බෞද්ධ ජනගහනය අඩුවීමේ සම්භාවිතාවක් ඇත…

    මුස්ලිම් ව්‍යාප්තවාදයක් පිළිබඳ කතා කරන අය සංඛ්‍යාෙල්ඛන පරිස්සමින් කියවා බලා තේරුම්ගනිත්වා…!

    ආගමික සංහිඳියාව විනාශ නොකරත්වා…!

    ReplyDelete
  6. Anonymous20:07

    Blog Liyana hama ekama wage Muslim ewunta GOTTA allanne mokada kiyala matanam terenne naha.

    ReplyDelete
    Replies
    1. Anonymous21:43

      sinhala wachana ingiris akuru walin type kalama kiyawanna amaru nisa, ingiris walin liyanawa.

      The reason the in SL access to internet is limited (but recently more and more gain internet access due to smartphones). When you look at the demographic with access to internet there is a higer percentage of educated people who can think for themselves, rather than repeating the filth fed by ITN and rupavahini.
      This free thinking allows them to analyse the situation and come to their own conclusions. Major consensus among the crowd seems to be ganasara and BBS are racists fueled by the rajapaksha gov, who go in and try to provoke muslims in to another war, so that government can take the heat off of them on other issues such as rising food costs and illegal activities by politicians. If they can create another common enemy like LTTE then they can focus general populations anger towards that.

      Delete
    2. I salute you for your brave comment with a reasonable analysis.

      Delete
  7. Anonymous22:50

    //ඔය සිංහල බෞද්ධ අයගෙ වැඩි කොටසක් යාවත් කාලීන කරන්නම බැහැ.හරියට ක්‍රැක් කරපු සොෆ්ට්වෙයා වාගෙ.//
    This is a good answer for you which has been posted by a reader.

    ReplyDelete
  8. කෝ තාම කවුරුවත් කුනුහරුපයක්වත් කියල නෑනෙ.

    ReplyDelete
    Replies
    1. කුණුහරප නං කප්පරක් ආවා හෙනහුරු ළමයෝ...
      හිරිකිත හිංද දැම්මෙ නෑ......
      සේරම එවල තිබුණෙ අති උතුම් සිංහල බෞද්ධයොම තමයි....

      Delete
  9. අනේ මන්ද ඔටුවෝ

    මටනං මුස්ලිම් ශ්‍රී ලංකාවක රුවගුන දැන්ටමත් දැනෙනව

    දිනපතා ඒක විදිනව

    ඒ අස්සේ ඔයාල මෙහෙම කියනව

    නැ කියුවහම සමහරක් හිතවත්තු තරහවෙනව

    ඔහොම යං

    ReplyDelete
  10. ඔටුවට තේරෙන්නෙම නැත්තෙ ඔය “මුස්ලිම් ශ්‍රී ලංකාව“ වගේ කතා තමයි ඕං....
    දැං එතකොට මෙච්චර කල් ලංකාව මොන ලංකාවක්ද ? නැත්තං තමුන්නැහෙල හිතං ඉන්නෙ ලංකාව මොන ලංකාවක් වෙන්න ඕනැ කියලද ? එතකොට ඉන්දියාව මොන ඉංදියාවක්ද ? අමෙරිකාව...එංගලන්තය....ඕස්ට්‍රේලියාව....වගේ රටවල් ඉස්සරහින් දාන්නෙ මොනවද ?

    ReplyDelete
    Replies
    1. අමෙරිකාව...එංගලන්තය....ඕස්ට්‍රේලියාව

      කසාද නීතී දෙකක් තියනවද . මම දන්නැ දැනගන්න අහන්නේ

      තේරෙන්නෙම නැතුව නෙවෙයි ආයුබොවන්ඩ

      තේරෙන්නෙම නැ වාගේ ඉන්නව

      මේක මටනං සිංහල ශ්‍රී ලංකාව

      ඔයාට වෙන මොකක්හරි උනාට මටත් එහෙම වෙන්න ඕනද

      තරහවෙන්ඩනං එපා ඕං

      Delete
    2. අනේ ඔහොමම හිතාගෙන ආතල් ගන්න...අපෙන් බාධාවක් නෑ...

      Delete